patta ban...digatama liyapan..
coolshano Well-known member Sep 1, 2007 14,334 623 113 N/A Feb 4, 2015 #221 patta ban...digatama liyapan..
rRASHENTHA Well-known member Aug 31, 2007 1,651 316 83 Earth Feb 4, 2015 #223 rep++++++++ ඔන්න සැලකුවා. Reactions: max_xx
Gatapolos Well-known member Apr 19, 2014 3,205 858 113 Troll-Land Feb 4, 2015 #224 monada ban me nam ? hollywood kathawak wage. sinhala nam tikak dala liyapanko
G ggktharu87 Junior member Feb 12, 2009 114 6 18 Feb 5, 2015 #225 aaa.. eka misak.. mama eth beluwa mokada me wenna yanne kiyala..
dhanu77 Well-known member Nov 18, 2008 2,802 220 63 Feb 5, 2015 #226 ela ela dan nikan amuthuma gammak enawa
keshara Well-known member Sep 20, 2006 2,039 418 83 Feb 5, 2015 #227 dapiyoooo itiri tika hodama kalla lagin nawattala tiyenne dapankooooo
Satan_at_Hell Well-known member Nov 10, 2014 3,975 2,207 113 Adelaide Feb 5, 2015 #228 daapanko ada episode 1..
sudu appooo Member Jul 31, 2013 271 15 0 කිරිඇල්ල Feb 6, 2015 #231 BUMP kathawa daamukoooooooooooooooooooooooooo
max_xx Well-known member Sep 4, 2010 1,150 359 83 Marawila Feb 6, 2015 #233 හිතුවක්කාර ආදරය - 20 වෙනි දිගහැරුම මා තරමක් අසීරුවට පත්කල අමිලගේ එම ප්‍රස්න කීපයෙන් අනතුරුව අපි දෙදෙනාම නිවස් බලා ගියේ නිදිමත ගතිය අපට තදින්ම දැනුන නිසාය. පෙර දින හරි ආකාරව නින්දක් නොලැබුන නිසාදෝ මා ඇඳ මතට පැමින විගසම නින්දට වැටුනේ තප්පර කීපයක් ඇතුලතය. ගෙවීගිය දිනයේ පැයක පමන කාල්යක් නිදාගත් නිසාත් ඇඟට දනුන වෙහෙස නිසාත් මා අවදිවන විට පසුදින පාන්දර පහ පමන වී තිබුනේය. රාත්‍රී ආහරය නොගෙන සිටි නිසා තදින්ම දැනෙන්නට වූ බඩගින්න හෙතුවෙන් තේ කොප්පයකුත් සාදාගෙන මම එළියේ බන්කුවක් මත වාඩි වී සිටියේ අළුත් දවසක අළුත් බලාපොරොත්තු සමගය. නමකින් විස්තර කිරීමට නොදැන සිටියත් පාන්දර අහසේ දීප්තිමත්ව පායා තීබු එම තරුව දෙස මදක් නිහඬව බලා සිටියේ, අනෙක් තරු කීපය අතර එය ආඩම්බරව බැබලෙන අයුරුය. පාන්දර අහසට අමුතුම අලන්කාරයක් ගාම්භීරත්වයක් එක් කිරීමට එයට හැකිවිය. "පුතේ.. මොකද මේ, මෙතනට වෙලා කරන්නෙ. අසනීපයක්වත්ද" "නැහැ නැහැ අම්මෙ. මම මේ දැන් ටිකකට කලින් ඇහැරියෙ. බඩගිනි දැනුන නිසා තේ එකක් හදාගෙන මෙතන්ට ආවා. අම්ම නිදි නිසා කරදර කරන්න ගියෙ නැහැ" "මම ඊයෙ ඔයාව ඇහැරවන්න ගොඩක් උත්සහ කලා. මොනවහරි කාල නිදියන්න කියලා. පස්සෙ ඔයාගෙ තාත්ත මට කෑගැහුවා ඔයාට නිදියගන්න දෙන්න නැගිට්ට වෙලාවට මොනව හරි කයි කියලා" "හම්ම්.. අම්මෙ.. මම ඉමාෂව දැක්ක ඊයෙ" "මොනවා.. ඒ කොහොමද" "එයා නමින් පියුමි. නම විතරයි අම්මෙ වෙනස්. අනෙක් හැමදේම ..." "ඒක තමා එහෙනම් මේ කවදාවත් නැතිව තරුවක් දිහා බලාගෙන භාවනා කරන්නෙ." "එහෙම එකක් නැහැ අම්මෙ. ඒත් එයා මට ඉමාෂව මතක් කරනවා. අනේ මන්දා ඒ මතකයන් අමතක කරල ඉන්න හදනකොට ආයෙ ආයෙමත් මතක් කරන්නෙ ඇයි කියලා" "පිස්සා.. උන්න වගේම ඉන්න. ඉමාෂයි ඔය ළමයයි දෙන්නෙක්. ඔච්චර හිතට වද දෙනවනම් ඉතින් ඒ ළමය එක්ක කතා කරල බලන්න. යාළුවෙක් කරගන්න. හැබැයි තමන්ව පාලනය කරගෙන තමන්ගෙ හැඟීම් පාලනය කරගන්න. හැමදේම ලිමිට් එකක් තියාගන්න" "ඒ ළමය ඉමාෂ වගේ උනාට අම්මෙ ඉමාෂව බලාපොරුත්තුවෙන් මම එයාට ලන් උනොත් ඒක හොඳ නැහැ නේද. ඒක ඒ ළමයට කරන අසාදාරණයක් නේද" "අනේ මේ මට තේරෙන්නෙ නැහැ ඕව. මොනදේ කලත් ඔය ඉගෙන ගන්න වැඩේ හරියට කරන්න." පියුමි ගැන අම්මා සමග කතා කිරීමෙන් අනතුරුව මාගේ සිතට යම් සහනයක් ලැබුනද එය මට නොදැනුනේ ඊයේ දිනයේදී අමිල මාගෙන් ඇසූ පැනයන් නිසාය. මගෙ ජීවිතයේ බ්‍රයන්ගේ අඩුව අමිල විසින් පුරවූවද අමිලගේ ප්‍රස්න සඳහා මට පැහැදිලි උත්තරයක් ලබාදීමට නොහැකිය. ඒ අමිලගේ මිතුදමට ද්‍රෝහිවීමක් නිසා නොව එහ් ඇති බැරෑරුම් තත්වය නිසාය. කෙසේ නමුත් මට අමිලට මුහුන දීමට සිදුවනවා ඇත. අමිලගේ ප්‍රස්නවලට පිළිතුරුදීමට සිදුවෙනවා ඇත. දුක,සතුට සමග දිනෙන් දින ජීවිතය ගෙවෙද්දී මා අසලට පැමිනි මේ පියුමි නැමති නන්නාදුන චරිතය මගේ සිතට මගේ සිහින වලට අභියෝගයක් කිරීමට සමත් විය. අම්මා මට පැවසූ පරිදි ඇය හා කතාකල යුතුය. ඇයහා මිතුදමක් ගොඩනැගිය යුතුය. නමුත් ඇය කොහේ සිටීද කාගෙ කවුරුන්ද මා නොදන්නා නමුත් ඇය හා කතාකිරීමට තිබූ ආසාව නිසාත් ඇයව දැකීමට මසිත තුල තිබූ දැඩි කැමැත්ත නිසාත් මුල් දිනයේ ඇය දුටු ස්ථානයේ මදක් වෙලා දවසක් දෙකක්ම කාලය ගතකලේ සාම්ප්‍රදායක පෙම්වතෙකු ලෙසය. "මම උඹට කිව්වනෙ යාළුවා, අපි රෑ වෙලා පනිමු මේකට. පැනල ස්ටුඩන්ට් ඩීටේල්ස් ෆයිල් එක උස්සමු. ඊට පස්සෙ කෙල්ල ගැන සම්පූර්ණ විස්තරේ බලාගන්න පුලුවන්නෙ බන්. අනික ඒකෙ තියනවනෙ එයා ක්ලාස් එන දවසත්." "හොඳට උන්න උඹට මොකෝ මේ උනේ. විකාර අදහස් දෙන් නැතිව හිටහන්" ගත වූයේ තවත් තප්පර කීපයකි. ඈ මගේ නෙතු මානයේ දිස් වන්නට විය. තාලයකට තබනා පියවරවල් ඒ තාලයටම නැලවෙන ඇගේ හැඩැති ඉඟ නිසා මා මදකට මියැදුනෙමි. පාට කර තිබූ ඇගේ තොල්, රිද්මයකට නැලවෙන ඒ ආඩම්භරකාර ඇස්, මා මත් කල නිසාදෝ සුහ උදෑසනක් යැයි මගේ මුවගින් පිටවූයේ මට නොදැනිවමය. මා අසල මදකට නැවතී සිහින් සිනහවකින් ආඩම්භර බැල්මක් හෙලූ ඇය ඇගේ පන්ති කාමරය වෙත පිය නැගුවේ නිහඬවම. එම නිහඬ බව හිමිහිට මා හට රිදුම් එක්කරන්නට විය. "එක්ස්කියුස් මී අයියා.. සොරි ගුඩ් මොර්න්ං නොකිය ගියාට... ගුඩ් මොර්නිං.. ආ තව එකක් ඊයෙ ටිකක් සැර උනාට තරහ නැහැනෙ. ඔයා සීනියර් කෙනෙක් කියල මම දැනගෙන හිටියෙ නැහැ" "ඒකට කමක් නැහැ පියුමි" "ආ ... නමත් මතකයි එහෙනම්.. ඔයාගෙ නම මොකක්ද" "දිනූක ... සිනෙත් දිනූක" "ම්ම්ම්ම්.. ඊයෙ ළඟට ඇවිල්ල නම්බර් එක දීල ගියාම හිතුවෙ නැහැ මෙච්චර ඩීසන් කොල්ලෙක් කියලා. පස්සෙතමා ඔයා ගැනැ දැනගත්තෙ" "ඒ කියන්නෙ මම ගැනත් හොයල වගේ" "අපෝ.. එහෙමමත් නෑ ඉතින්. මට නම්බර් එක දීල ගියාම මගෙ යාළුොතමා ඔයාගෙ වතගොත හොයල තියෙන්නෙ.හරි හරි පස්සෙ කතාකරමු විස්තර. මම දැන් යනවා පන්තියට" ඇය එසේ කියමින් මා අසලින් නොපෙනී ගියේ මා සිත සතුටට පත්කරමින්ය. ඒ මා ආදරයකල ඉමාෂාව ජීවමානව මා දකිනා නිසාය. නමුත් ඉමාෂා නිසා මා සිත ඇයට ඇලුම් කිරීම පිළිබඳව මට දෙවරක් සිතිය යුතුව ඇත. අමිලගේ මතය වූයේද එයමය. "මොකෝ උනේ පියුමි.. මිනිහ එක්ක කතා කලාද." "හම් " "මොකෝ උඹ හම් හම් ගාන්නෙ. කොහොමද මිනිහ පැණි හැලුවද" "අනේ පව් බන්. ඒ කොල්ල අහින්සකයි මචන්. මාත් එක්ක කතා කලෙත් ගොඩක් සන්වරශීලීව" "ඔන්න ඔන්න.. මේකිගෙ හිතේ කැමැත්තක් තියනව වගේ ඒ කොල්ලට" "අනේ මේ මගෙන් මොකුත් අහගන් නැතිව ඉඳපන්" "මම දන්නවනෙ පියුමි උඹ ගැන. අනේ පව් බන් අහින්සක කොල්ල. මාත් එක්ක හරි සන්වරෂීලිව කතාකලේ ... ඕව කොලු මායම් බන්" "අනේ ඕක නවත්තමු දැන්" "අහ් මෙයාට තියන අමාරුව බලාපල්ලකො. කොල්ලව අල්ලල ගිහින් වගේ මේකිට" "උඹල මට මොනව කිව්වත් ඒ කොල්ලගෙ ස්ටයිල් එකට ආසයි මන්. සෝබන නැහැනෙ අනෙක් උන් වගේ. කතාකරද්දි උනත් බලහන්.. මාර ගති" රොෂෙන්ගෙන් ලැබුනු ඇමතුමත් සමගම මම අමිල සමග ඔවුන් සිටිනා තැනට ගියේ ගැහැණු ළමයෙකුගේ සිත දිනා ගන්නා අයුරු අමිල දුන් දේෂනයත් සමගය. හිහ දිනා ගැනීම කෙසේ වෙතත් නොමැරී සිටීමට මහත් උත්සයයක් දැරිය යුතුබව මම ඔහුගේ දේෂනා වලින් තේරුම්ගිය එකම කාරනයවිය. "මොකෝ මේ දෙන්නම සිනාමුසු මුහුණින්" "කැමරා කෙල්ල සෙට් වේගන එන්නෙ දිනුකට" "නෑ ... සමරමු මේ සතුට් අද හවසට, මොකෝ කියන්නෙ අමිල" "ඩිලා මේ.. එහෙම දෙයක් නැහැ බන්. අමිලයගෙ බොරු ඔය. ඒක නෙමේ රොෂෙන් ඇයි ඔයා හදිසියෙන් වගේ කතා කලේ" "පොඩි අවුලක් තමා බන්. මැප් එක ආයෙ ටිකක් වෙනස් කරන්න වෙනවා. එතකොට තව මට මේක අද එකිනෙකට වෙනස් ඔපරේටින් සිස්ටම් එක්ක චෙක් කරන්න ඕන. උඹල දෙන්නට තාමා පුළුවන් ඒකට සුදුසු බැක්ග්‍රවුඩ් එකක් හදල දෙන්න. හැබැයි රියල් වගේ වැඩේ ඕන. අනික අදත් අපිට නයිටක් ගහන්න වෙයි. උඹල දෙන්නට එන්න පුළුවන් නේද" "අපෝ ඕක මොකක්ද බන්. අපි දෙන්න එන්නම්" "අද අපිට වර්ලස් නෙට්වර්ක් එකක් දාගන්න බැරි වෙයිද" "බැරි වෙන එකක් නැහැ රොෂෙන්. අපි දෙන්න වැඩේ සෙට් කරල දෙන්නම්." "උඹල දෙන්න ඉන්න එක ලොකු දෙයක් බන් අපිට. උඹල දෙන්නට බැරිද ටිකක් ලැබ් එක සෙට් කරන්න අද රෑට ඕන විදිහට." "ඒකට අවසර ගන්න වෙයි නේද යාළුවා. අනික ළමයි ප්‍රැට්ටිකල් කරනවා ඇති." "මම අවසර ගත්තා. ඉස්සරහම තියන මැෂින් හතර ගන්න කිව්වා" "හරි එහෙනම් මමයි දිනුකයි යන්නම් බලන්න. හවස හය වෙනකොට සෙට් වෙමු. ඒ වෙද්දි අපි ලැබ් එක රෙඩි කරල තියන්නම්" ලැබ් එක වේලාසනින්ම සූදානම් කරන රාජකාරියට මා එක වරම කැමති වූයේ රාතියේදී මට මගේ සම්පූර්ණ සහයෝගය ලබාදිය හැකි නිසාත් ඉමාෂා එහි ඇති යන සිතුවිල්ල මා තුල තුබූ නිසාත්ය. මාගේ ඒ සිතුවිල්ල නිවරැදි කරමින් ඇය එහි සිටියේය. ඔවුනට අද දින පන්ති සූදානම් කරතිබුනේ ලැබ් එක ඇතුලෙහිමය. ඇය අසල රැඳීමට එය මට තවත් වාසියක් විය. නමුත් අපෙගේ රාජකාරිය පැය භාගයකට පමන ප්‍රමාද කිරීමට සිදුවුයේ ඔවුනට උගන්වමින් සිටි ප්‍රියන්ත ගුරුමහතාගේ ඉල්ලීමක් සමගය. "මේ ඉන්නෙ අපේ මේ ආයතනයෙ ඉන්න තරු දෙකක් තමා. ටැලන්ටඩ් කොල්ලො දෙන්නෙක්. ඔයාලටත් මොනව හරි තියනවනම් නොතේරෙන මේ අයියල දෙන්නගෙන් අහගන්න." ප්‍රියන්ත ගුරුමහතාගෙන් නොසිතූ වෙලාවක ලැබූ ඒ ප්‍රසන්සාවට නිහතමානීව ස්තූති කල අප දෙදෙනා එම ස්ථානයෙන් පිටව ඉයේ ඔවුනට ඔවුන්ගේ රාජකාරිය නිමකිරීමට ඉඩ සලසවමින්ය. මෙමෙ සියලුම දේ සිදුවන අතරතුරදී මාගේ නෙතු රැඳී තිබුනේ ඇය වෙතය. මාගේ සිත තිබුනේ ඇය වෙතය. නමුත් මට නොතේරුනු කරුන වූයේ මා එහි සිටිනා විට ඇගේ ඇස් දීප්තිමත්ව දිලිසුනේ ඇයිදැයි යන්නය. ඇගේ ඇස් පැවසූ ඒ කතාව කුමක්ද යන්නය. හිතුවක්කාර ආදරය ඊළඟ මොහොතට ..
හිතුවක්කාර ආදරය - 20 වෙනි දිගහැරුම මා තරමක් අසීරුවට පත්කල අමිලගේ එම ප්‍රස්න කීපයෙන් අනතුරුව අපි දෙදෙනාම නිවස් බලා ගියේ නිදිමත ගතිය අපට තදින්ම දැනුන නිසාය. පෙර දින හරි ආකාරව නින්දක් නොලැබුන නිසාදෝ මා ඇඳ මතට පැමින විගසම නින්දට වැටුනේ තප්පර කීපයක් ඇතුලතය. ගෙවීගිය දිනයේ පැයක පමන කාල්යක් නිදාගත් නිසාත් ඇඟට දනුන වෙහෙස නිසාත් මා අවදිවන විට පසුදින පාන්දර පහ පමන වී තිබුනේය. රාත්‍රී ආහරය නොගෙන සිටි නිසා තදින්ම දැනෙන්නට වූ බඩගින්න හෙතුවෙන් තේ කොප්පයකුත් සාදාගෙන මම එළියේ බන්කුවක් මත වාඩි වී සිටියේ අළුත් දවසක අළුත් බලාපොරොත්තු සමගය. නමකින් විස්තර කිරීමට නොදැන සිටියත් පාන්දර අහසේ දීප්තිමත්ව පායා තීබු එම තරුව දෙස මදක් නිහඬව බලා සිටියේ, අනෙක් තරු කීපය අතර එය ආඩම්බරව බැබලෙන අයුරුය. පාන්දර අහසට අමුතුම අලන්කාරයක් ගාම්භීරත්වයක් එක් කිරීමට එයට හැකිවිය. "පුතේ.. මොකද මේ, මෙතනට වෙලා කරන්නෙ. අසනීපයක්වත්ද" "නැහැ නැහැ අම්මෙ. මම මේ දැන් ටිකකට කලින් ඇහැරියෙ. බඩගිනි දැනුන නිසා තේ එකක් හදාගෙන මෙතන්ට ආවා. අම්ම නිදි නිසා කරදර කරන්න ගියෙ නැහැ" "මම ඊයෙ ඔයාව ඇහැරවන්න ගොඩක් උත්සහ කලා. මොනවහරි කාල නිදියන්න කියලා. පස්සෙ ඔයාගෙ තාත්ත මට කෑගැහුවා ඔයාට නිදියගන්න දෙන්න නැගිට්ට වෙලාවට මොනව හරි කයි කියලා" "හම්ම්.. අම්මෙ.. මම ඉමාෂව දැක්ක ඊයෙ" "මොනවා.. ඒ කොහොමද" "එයා නමින් පියුමි. නම විතරයි අම්මෙ වෙනස්. අනෙක් හැමදේම ..." "ඒක තමා එහෙනම් මේ කවදාවත් නැතිව තරුවක් දිහා බලාගෙන භාවනා කරන්නෙ." "එහෙම එකක් නැහැ අම්මෙ. ඒත් එයා මට ඉමාෂව මතක් කරනවා. අනේ මන්දා ඒ මතකයන් අමතක කරල ඉන්න හදනකොට ආයෙ ආයෙමත් මතක් කරන්නෙ ඇයි කියලා" "පිස්සා.. උන්න වගේම ඉන්න. ඉමාෂයි ඔය ළමයයි දෙන්නෙක්. ඔච්චර හිතට වද දෙනවනම් ඉතින් ඒ ළමය එක්ක කතා කරල බලන්න. යාළුවෙක් කරගන්න. හැබැයි තමන්ව පාලනය කරගෙන තමන්ගෙ හැඟීම් පාලනය කරගන්න. හැමදේම ලිමිට් එකක් තියාගන්න" "ඒ ළමය ඉමාෂ වගේ උනාට අම්මෙ ඉමාෂව බලාපොරුත්තුවෙන් මම එයාට ලන් උනොත් ඒක හොඳ නැහැ නේද. ඒක ඒ ළමයට කරන අසාදාරණයක් නේද" "අනේ මේ මට තේරෙන්නෙ නැහැ ඕව. මොනදේ කලත් ඔය ඉගෙන ගන්න වැඩේ හරියට කරන්න." පියුමි ගැන අම්මා සමග කතා කිරීමෙන් අනතුරුව මාගේ සිතට යම් සහනයක් ලැබුනද එය මට නොදැනුනේ ඊයේ දිනයේදී අමිල මාගෙන් ඇසූ පැනයන් නිසාය. මගෙ ජීවිතයේ බ්‍රයන්ගේ අඩුව අමිල විසින් පුරවූවද අමිලගේ ප්‍රස්න සඳහා මට පැහැදිලි උත්තරයක් ලබාදීමට නොහැකිය. ඒ අමිලගේ මිතුදමට ද්‍රෝහිවීමක් නිසා නොව එහ් ඇති බැරෑරුම් තත්වය නිසාය. කෙසේ නමුත් මට අමිලට මුහුන දීමට සිදුවනවා ඇත. අමිලගේ ප්‍රස්නවලට පිළිතුරුදීමට සිදුවෙනවා ඇත. දුක,සතුට සමග දිනෙන් දින ජීවිතය ගෙවෙද්දී මා අසලට පැමිනි මේ පියුමි නැමති නන්නාදුන චරිතය මගේ සිතට මගේ සිහින වලට අභියෝගයක් කිරීමට සමත් විය. අම්මා මට පැවසූ පරිදි ඇය හා කතාකල යුතුය. ඇයහා මිතුදමක් ගොඩනැගිය යුතුය. නමුත් ඇය කොහේ සිටීද කාගෙ කවුරුන්ද මා නොදන්නා නමුත් ඇය හා කතාකිරීමට තිබූ ආසාව නිසාත් ඇයව දැකීමට මසිත තුල තිබූ දැඩි කැමැත්ත නිසාත් මුල් දිනයේ ඇය දුටු ස්ථානයේ මදක් වෙලා දවසක් දෙකක්ම කාලය ගතකලේ සාම්ප්‍රදායක පෙම්වතෙකු ලෙසය. "මම උඹට කිව්වනෙ යාළුවා, අපි රෑ වෙලා පනිමු මේකට. පැනල ස්ටුඩන්ට් ඩීටේල්ස් ෆයිල් එක උස්සමු. ඊට පස්සෙ කෙල්ල ගැන සම්පූර්ණ විස්තරේ බලාගන්න පුලුවන්නෙ බන්. අනික ඒකෙ තියනවනෙ එයා ක්ලාස් එන දවසත්." "හොඳට උන්න උඹට මොකෝ මේ උනේ. විකාර අදහස් දෙන් නැතිව හිටහන්" ගත වූයේ තවත් තප්පර කීපයකි. ඈ මගේ නෙතු මානයේ දිස් වන්නට විය. තාලයකට තබනා පියවරවල් ඒ තාලයටම නැලවෙන ඇගේ හැඩැති ඉඟ නිසා මා මදකට මියැදුනෙමි. පාට කර තිබූ ඇගේ තොල්, රිද්මයකට නැලවෙන ඒ ආඩම්භරකාර ඇස්, මා මත් කල නිසාදෝ සුහ උදෑසනක් යැයි මගේ මුවගින් පිටවූයේ මට නොදැනිවමය. මා අසල මදකට නැවතී සිහින් සිනහවකින් ආඩම්භර බැල්මක් හෙලූ ඇය ඇගේ පන්ති කාමරය වෙත පිය නැගුවේ නිහඬවම. එම නිහඬ බව හිමිහිට මා හට රිදුම් එක්කරන්නට විය. "එක්ස්කියුස් මී අයියා.. සොරි ගුඩ් මොර්න්ං නොකිය ගියාට... ගුඩ් මොර්නිං.. ආ තව එකක් ඊයෙ ටිකක් සැර උනාට තරහ නැහැනෙ. ඔයා සීනියර් කෙනෙක් කියල මම දැනගෙන හිටියෙ නැහැ" "ඒකට කමක් නැහැ පියුමි" "ආ ... නමත් මතකයි එහෙනම්.. ඔයාගෙ නම මොකක්ද" "දිනූක ... සිනෙත් දිනූක" "ම්ම්ම්ම්.. ඊයෙ ළඟට ඇවිල්ල නම්බර් එක දීල ගියාම හිතුවෙ නැහැ මෙච්චර ඩීසන් කොල්ලෙක් කියලා. පස්සෙතමා ඔයා ගැනැ දැනගත්තෙ" "ඒ කියන්නෙ මම ගැනත් හොයල වගේ" "අපෝ.. එහෙමමත් නෑ ඉතින්. මට නම්බර් එක දීල ගියාම මගෙ යාළුොතමා ඔයාගෙ වතගොත හොයල තියෙන්නෙ.හරි හරි පස්සෙ කතාකරමු විස්තර. මම දැන් යනවා පන්තියට" ඇය එසේ කියමින් මා අසලින් නොපෙනී ගියේ මා සිත සතුටට පත්කරමින්ය. ඒ මා ආදරයකල ඉමාෂාව ජීවමානව මා දකිනා නිසාය. නමුත් ඉමාෂා නිසා මා සිත ඇයට ඇලුම් කිරීම පිළිබඳව මට දෙවරක් සිතිය යුතුව ඇත. අමිලගේ මතය වූයේද එයමය. "මොකෝ උනේ පියුමි.. මිනිහ එක්ක කතා කලාද." "හම් " "මොකෝ උඹ හම් හම් ගාන්නෙ. කොහොමද මිනිහ පැණි හැලුවද" "අනේ පව් බන්. ඒ කොල්ල අහින්සකයි මචන්. මාත් එක්ක කතා කලෙත් ගොඩක් සන්වරශීලීව" "ඔන්න ඔන්න.. මේකිගෙ හිතේ කැමැත්තක් තියනව වගේ ඒ කොල්ලට" "අනේ මේ මගෙන් මොකුත් අහගන් නැතිව ඉඳපන්" "මම දන්නවනෙ පියුමි උඹ ගැන. අනේ පව් බන් අහින්සක කොල්ල. මාත් එක්ක හරි සන්වරෂීලිව කතාකලේ ... ඕව කොලු මායම් බන්" "අනේ ඕක නවත්තමු දැන්" "අහ් මෙයාට තියන අමාරුව බලාපල්ලකො. කොල්ලව අල්ලල ගිහින් වගේ මේකිට" "උඹල මට මොනව කිව්වත් ඒ කොල්ලගෙ ස්ටයිල් එකට ආසයි මන්. සෝබන නැහැනෙ අනෙක් උන් වගේ. කතාකරද්දි උනත් බලහන්.. මාර ගති" රොෂෙන්ගෙන් ලැබුනු ඇමතුමත් සමගම මම අමිල සමග ඔවුන් සිටිනා තැනට ගියේ ගැහැණු ළමයෙකුගේ සිත දිනා ගන්නා අයුරු අමිල දුන් දේෂනයත් සමගය. හිහ දිනා ගැනීම කෙසේ වෙතත් නොමැරී සිටීමට මහත් උත්සයයක් දැරිය යුතුබව මම ඔහුගේ දේෂනා වලින් තේරුම්ගිය එකම කාරනයවිය. "මොකෝ මේ දෙන්නම සිනාමුසු මුහුණින්" "කැමරා කෙල්ල සෙට් වේගන එන්නෙ දිනුකට" "නෑ ... සමරමු මේ සතුට් අද හවසට, මොකෝ කියන්නෙ අමිල" "ඩිලා මේ.. එහෙම දෙයක් නැහැ බන්. අමිලයගෙ බොරු ඔය. ඒක නෙමේ රොෂෙන් ඇයි ඔයා හදිසියෙන් වගේ කතා කලේ" "පොඩි අවුලක් තමා බන්. මැප් එක ආයෙ ටිකක් වෙනස් කරන්න වෙනවා. එතකොට තව මට මේක අද එකිනෙකට වෙනස් ඔපරේටින් සිස්ටම් එක්ක චෙක් කරන්න ඕන. උඹල දෙන්නට තාමා පුළුවන් ඒකට සුදුසු බැක්ග්‍රවුඩ් එකක් හදල දෙන්න. හැබැයි රියල් වගේ වැඩේ ඕන. අනික අදත් අපිට නයිටක් ගහන්න වෙයි. උඹල දෙන්නට එන්න පුළුවන් නේද" "අපෝ ඕක මොකක්ද බන්. අපි දෙන්න එන්නම්" "අද අපිට වර්ලස් නෙට්වර්ක් එකක් දාගන්න බැරි වෙයිද" "බැරි වෙන එකක් නැහැ රොෂෙන්. අපි දෙන්න වැඩේ සෙට් කරල දෙන්නම්." "උඹල දෙන්න ඉන්න එක ලොකු දෙයක් බන් අපිට. උඹල දෙන්නට බැරිද ටිකක් ලැබ් එක සෙට් කරන්න අද රෑට ඕන විදිහට." "ඒකට අවසර ගන්න වෙයි නේද යාළුවා. අනික ළමයි ප්‍රැට්ටිකල් කරනවා ඇති." "මම අවසර ගත්තා. ඉස්සරහම තියන මැෂින් හතර ගන්න කිව්වා" "හරි එහෙනම් මමයි දිනුකයි යන්නම් බලන්න. හවස හය වෙනකොට සෙට් වෙමු. ඒ වෙද්දි අපි ලැබ් එක රෙඩි කරල තියන්නම්" ලැබ් එක වේලාසනින්ම සූදානම් කරන රාජකාරියට මා එක වරම කැමති වූයේ රාතියේදී මට මගේ සම්පූර්ණ සහයෝගය ලබාදිය හැකි නිසාත් ඉමාෂා එහි ඇති යන සිතුවිල්ල මා තුල තුබූ නිසාත්ය. මාගේ ඒ සිතුවිල්ල නිවරැදි කරමින් ඇය එහි සිටියේය. ඔවුනට අද දින පන්ති සූදානම් කරතිබුනේ ලැබ් එක ඇතුලෙහිමය. ඇය අසල රැඳීමට එය මට තවත් වාසියක් විය. නමුත් අපෙගේ රාජකාරිය පැය භාගයකට පමන ප්‍රමාද කිරීමට සිදුවුයේ ඔවුනට උගන්වමින් සිටි ප්‍රියන්ත ගුරුමහතාගේ ඉල්ලීමක් සමගය. "මේ ඉන්නෙ අපේ මේ ආයතනයෙ ඉන්න තරු දෙකක් තමා. ටැලන්ටඩ් කොල්ලො දෙන්නෙක්. ඔයාලටත් මොනව හරි තියනවනම් නොතේරෙන මේ අයියල දෙන්නගෙන් අහගන්න." ප්‍රියන්ත ගුරුමහතාගෙන් නොසිතූ වෙලාවක ලැබූ ඒ ප්‍රසන්සාවට නිහතමානීව ස්තූති කල අප දෙදෙනා එම ස්ථානයෙන් පිටව ඉයේ ඔවුනට ඔවුන්ගේ රාජකාරිය නිමකිරීමට ඉඩ සලසවමින්ය. මෙමෙ සියලුම දේ සිදුවන අතරතුරදී මාගේ නෙතු රැඳී තිබුනේ ඇය වෙතය. මාගේ සිත තිබුනේ ඇය වෙතය. නමුත් මට නොතේරුනු කරුන වූයේ මා එහි සිටිනා විට ඇගේ ඇස් දීප්තිමත්ව දිලිසුනේ ඇයිදැයි යන්නය. ඇගේ ඇස් පැවසූ ඒ කතාව කුමක්ද යන්නය. හිතුවක්කාර ආදරය ඊළඟ මොහොතට ..
coolshano Well-known member Sep 1, 2007 14,334 623 113 N/A Feb 6, 2015 #234 Ado patta mqchan... pls me kellawa maranna epa...
sudu appooo Member Jul 31, 2013 271 15 0 කිරිඇල්ල Feb 6, 2015 #236 elaaaaa... digatama yamu... supiri
DAstoner Well-known member Jun 4, 2009 1,587 333 83 මේ ලෝකේ Feb 6, 2015 #237 එළ එළ මචෝ...දිගටම ඇදගෙන පලයන්..
Satan_at_Hell Well-known member Nov 10, 2014 3,975 2,207 113 Adelaide Feb 7, 2015 #239 හ්ම් .. ඔහොම යන්.. ඔහොම යන්...