ආදරය කියන්නෙ හරි පුදුම දෙයක්. සමහර වෙලාවට අපි පතන ආදරයම අපිට ලැබෙනවා. සමහර වෙලාවට අපි දිවි පරදුවට තියල කාට හරි ආදරේ කරනකොට ඒ කෙනා වෙන කෙනෙකුගෙ ආදරයක් පතනවා. අපි එකම ආදරයක් පතල හෙම්බත් උනාම අපි පතපු ආදරේ ඔන්න ආයෙමත් කොහොම කොහොම හරි අපි ළඟට එනවා. එතකොට අපි ඒ ආදරේ කරපු හිතත් අරගෙන ගොඩාක් දුරකට ගිහිල්ල ඉවරයි.
මට දැනෙන විදිහට ආදරය කියන්නෙ ලස්සන දෙයක්. අපිම තමා ඒකට එක එක ලේබල් අලවගෙන බොරු ආටෝප ජීවිතයකට මුලපුරන්නෙ. මාත් ඒ වගේ ලස්සන ආදරයකට උරුමකම් කීවා. හැබැයි බොහොම ටික කාලයකට. ඉතින් ඒ කාලෙ ගොඩාක් දේවල් මගේ ජීවිතයට ආව වගේම මගේ ජීවිතයෙන් ගොඩාක් දේවල් මිස් උනා. ඒක මට තේරුනේ ඒ ලස්සන ආදරය මගේ මේ හදවත රිදවල ගියාට පස්සෙ. ඒ වෙනකොට ඉතින් වෙන්න ඕන ඒව වෙලා ඉවරයි. මට ආදරෙයි කියල මගේ ළඟ දැවටිලා මගේ අතින් අල්ලාගෙන මගේමයි නේද කියල අහල, මට ඔයාව එපා මම ඔයාට ආදරේ කලේ බොරුවට ටයිම් පාස් කරන්න කියල තවත් කෙනෙකුගේ තුරුලට වෙලා ඉන්නකොට තවත් කෙනෙකුගේ අතින් අල්ලගෙන ඉන්නකොට, මේ හිතට දුක නොදැනුනාම නෙමේ.. ඉවසගෙන හිටියා. ඒ මගෙන් ඔයාට වරදක් වෙයි කියන බයට. මගෙන් ඔයාට නපුරක් වෙයි කියල බයට. ඒත් ඉතින් මම තවමත් ජීවත් වෙනවා ඔයා නැතිව. ඔයාගෙ මතකයන් එහෙන් මෙහෙන් ටිකක් විතර මට වදයක් උනාට මම අද ඔයා ළඟ හිටියාටත් වඩා හොඳට ඉන්නවා. මම අද ඉන්න තැන ගැන මම ගොඩාක් සතුටු වෙනවා. හැබැයි මම එකම එක දෙයක් ඔයාගෙන් ඉගෙන ගත්තා. ඒ වෙන මොකවත් නෙමේ, ඕනෑම දෙයකට යන්න දෙන්න පුලුවන් තරමට ඇලුම් කරන්න.. යන්න දෙන්න පුලුවන් තරමට ආදරය කරන්න ..

- max_xx -
[/QUOTE]

me tika ube namth ekka fb damma awulak naane

හැම පාරම අලුත් එපිය ගැන නොටිෆයි කරාට තුති හොදේ.. 