හිතුවෙවත් නැති දවසක...

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
avatar116719_1.gif
avatar116719_1.gif
avatar116719_1.gif
avatar116719_1.gif



:confused:
:confused::confused:
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇයි බං එහෙම කැත වැඩක් කලේ.. අන්තිමට තෝ ඔය කෙල්ලව බැන්ඳෙ නැත්තං හොයාගෙන ඇවිත් මරනවා තෝව..:angry:

    තව කොටසක් ඕනි උම්මො..:love:
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ado eka dikata tikak dapan apita thrill eke kiyawanna, bota type karanna bari nan scan karala ewapan type karala dennam.....
     

    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    :dull:අර 23ක් තියන හිටපු එක නැති වෙන හැටි ගැබුරින් විග්‍රහ කරන්නයි තිබුනේ.අපරාදේ:dull:
    :love:එල එල පුතේ ඉතුරු ටිකත් දාපන්:love:
    :baffled:යොවුන් ආදරේ මට නැති:baffled:
    :love::love::love:
    :love::love:
    :love:

    එහෙම විග්‍රහ කලා නම් මට අද කතා දාන්න වෙන්නෑ බන්....
    යොවුන් වේලත් අපිට නෑ තාම
    ආදරේ
     

    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    ඇයි බං එහෙම කැත වැඩක් කලේ.. අන්තිමට තෝ ඔය කෙල්ලව බැන්ඳෙ නැත්තං හොයාගෙන ඇවිත් මරනවා තෝව..:angry:

    තව කොටසක් ඕනි උම්මො..:love:

    හෙට දාන්නම් තව කෑල්ලක්,, එක දවසට එකයියියි,,,,, ඉස්සරහට බලමු මොකද වෙන්නේ කියලා මචන්.. උඔලා හිතන කිසි දෙයක් වෙන්නේ නැති බව විතරක් මතක තියාගනින් සුදු,,,,
     

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo

    :yes::yes::yes:

    කොල්ලට හොඳ හැකියාවක් තියෙනව මචං..
    යෞවුන් ආදර කතා වලට තමා මාත් කැමති..



    ඔව් අනිවර්යෙන් හොද හැකියාවක් තියෙනවා. මම ආසම උබ දාපු එවගෙන් සොදුරු නවොදය මචන්. පට්ට කතාව.
     
    Last edited:

    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    හත්වෙනි නොහිතු දවස

    "ඉෂී ඇයි මේ හදිස්සියේ අපි අද හවස meet වෙන්න නේ හිටියේ ?"

    ඉෂි හිටියේ මොකක්දෝ බයක් මුනේ තියාගෙන ඒ එක්කම හිතාගන්න බැරි අමුතු සතුටකුත් තිබ්බා කියල මට හිතුනා

    "හවස් වෙනකම් බලාගෙන ඉන්න බැරි නිසා මම ආවේ චේනු මට ඔයාට කියන්න ගොඩක් වැදගත් දෙයක් තියනවා.ඔයා half day එකක් දාලා එන්නකෝ දැන්"

    "ඔයාට පිස්සුද ඉෂී මොකද වෙලා තියෙන්නේ?දැන් කොහොමද මම එන්නේ ?ඔයා දැන් ගෙදර යන්න හවසට නිම්මිලාගේ ගෙදර යනවා කියල හරි එලියට එන්න මම හවසට ඔයාව meet වෙන්නම්.හැමවෙලම ජිවිතේ සැහැල්ලුවට අරගෙන පොඩි එකෙක් වගේ හැසිරෙන්න එපා ඉෂී."

    "චේනු මේක ගොඩක් වැදගත් දෙයක් ඔයාට මම වෙනුවෙන් එක half day එකක් ගන්න බැරිද?"

    "half day එක ගන්න බැරි කමක් මම දැන් කියුවද දැන් ඇයි මේ plane එකක් නැතුව මෝඩයෙක් වගේ මෙතනට දුවගෙන ආවේ කියලයි මම අහන්නේ "

    "චේනු මට ඔයා එක්ක වාද කරන්න බැහැ කියන දේ අහල එන්නකෝ මම ඔයාට හැමදේම කියන්නම් "

    ඉෂී බැගෑපත් වුනා.මම එයාට එහෙම ඉන්න කියල නිවාඩුව දාලා ආවා. අපි වෙනදට යන hotel එකටමයි එදත් ගියේ එත් වෙනදා වගේ ඉෂී වැඩිය කතා බහකලේ නැහැ ලොකු වෙනසක් තිබ්බ.ලොකු ප්‍රශ්නයක් ඔලුවේ තියාගෙන ඉන්නවා වගේ දැනුනේ..room ගිහිල්ලත් ඉෂී සද්දයක් නැහැ.

    "ඉෂී මොකද සද්ද නැත්තේ?දැන් මොකක්ද වැදගත් දෙයක් කියන්න තියනවා කියලා නේද මාව ඇදගෙන ආවේ?ඉතින් කියන්න "

    "අද උදේ මාව ටිකක් අසනීප වුනා චේනු"

    "ඕකද ඉෂී ඔයාගේ ඔච්චර වැදගත් කතාව ඕක මොකක්ද ඕනිම මනුස්සයෙක් අසනිපවෙනවා තමයි එක සාමාන්‍ය දෙයක් "

    "හ්ම්ම් ඔව් ඇත්ත ඕනි මනුස්සයෙක් සාමාන්‍ය විදියට අසනීප වෙනවා තමයි හැබැයි මට තියෙන්නේ අසනීපයක් නෙමෙයි චේනු.මම pregnant "

    "මොකක් මොනවද මේ ඔයා කියන්නේ ?ඔයාට පිස්සුද ඉෂී?"

    "මම කියන්නේ ඇත්ත චේනු ටික දවසක ඉඳල අසනීප ගතිය තිබ්බ නිසා මම doctor කෙනෙක් ලඟට ගියා එතනදි තමයි මමත් දැනගත්තේ චේනු අපි ඉක්මනට marry කරමු නැත්තම් ඉස්සරහට ප්‍රශ්න ගොඩකට මුණ දෙන්න වෙයි.ඔයා දැන් මාත් එක්ක ගෙදර යන්න එන්න අපි ගිහින් අම්මියි,තාත්තියි එක්ක කතා කරමු එයාල අපිව තේරුම් ගනීවි චේනු අපිට වෙන විසදුමක් නැහැ "

    "මොනවා මොනවද ඉෂි මේ කියන්නේ ඔයාට පිස්සුද මට දැන්ම කොහොමටවත් ඔයාව marry කරන්න බැහැ..මම next week ඇමරිකා යන්න ඉන්නේ එක කියන්නයි මම අද හවසට ඔයාට එන්න කියුවේ. ඉෂී එක මගේ හීනයක් මට මගේ හීනේ අතාරින්න බැහැ.අනිත් එක ඉෂි ඔයා පොඩ්ඩක් කල්පනාවෙන් ඉන්න එපැයි ඔයා බබෙක් නෙමෙයි නේ.මම හැමදාම ඔයාට කියනවා කල්පනාවෙන් වැඩ කරන්න කියල .ඔයා කිසිම වගකීමක් ඇතුව නෙමෙයි වැඩකරන්නේ.මට මේ වෙලාවේ කරන්න කිසිම දෙයක් නැහැ ඔයාගේ වගකීමක් නැති කම නිසා තමයි මේ ඔක්කොම මලකරදර ඔයා ඕනි දෙයක් කරගන්න.මට මේ වෙලාවේ වැඩියෙන්ම වටින්නේ මගේ ඉගෙනීම.මොකද මම මේ අවස්තාව එනකම් තමයි මෙච්චර කැපකිරීම් කලේ මගේ ජිවිතේ.ඔයාගේ වගකීමක් නැති කම නිසා මට බැහැ ඉෂී මගේ ජීවතේ වටිනාම දේ අත්හරින්න"

    "හ්ම්ම් ඒ කියන්නේ ඔයාට මට වඩා මගේ මේ බඩේ ඉන්න ඔයාගේ දරුවාට වඩා වටිනා දේවල් ඔයාගේ ජිවිතේ තියනවා ? "

    "ඔව් ඉෂී මට මේ වෙලාවේ හැමදේටම වැඩිය වටින්න මම අවුරුදු ගානක් තිස්සේ කැපවීම් කරලා ගත්ත මේ අවස්ථාව මේක මගේ life එකට golden chance එකක් ඉෂී.අපි වෙන විදියක් බලමු මේ ප්‍රශ්නේ විසඳගන්න "

    "හ්ම්ම් ඔව් චේනු අපි වෙන විදියක් බලමු ඔයා ඔයාගේ golden chance එක miss කරන්න එපා .චේනු මාව bus holt එකට drop කරනවද?මට ටිකක් තනියම ඉන්න ඕනි places"

    "ඔහොම ඉන්න මම ත්‍රිවිල් එකට call කරන්නම්,thanks ඉෂී අනික් මෝඩ ගෑනු වගේ බොරුවට අඩන්නේ දොඩන්නේ නැතුව මාව තේරුම් ගත්තට"


    ඉෂී මට මොකුත් කියුවේ නැහැ හැබැයි ජිවිතේ මම පලවෙනි වතාවට දැක්ක අහිංසකම හිනාවෙන් ඒ වෙලාවේ මට සංග්‍රහ කළා,ත්‍රිවිල් එක එහෙනකම් අපි දෙන්න අතරේ වැඩි කතාබහක් තිබ්බේ නැහැ.මගේ ඔලුවත් යකාගේ කම්මල වගේ ඇත්තට මට ඕනි කමක් තිබ්බේ නැහැ මේ වෙලාවේ අනවශ්‍ය බරක් මගේ ඔලුවට දාගන්න.එනිසයි මම ඉෂීට කියුවේ දැන්ම marry කරන්න බැහැ කියල.ගිහිල්ල ඇවිල්ලා මම කොහොමත් marry කරන්නේ ඉෂී ව එනිසා මට පසුතැවෙන්න දෙයක් තිබ්බේ නැහැ මොකද මගේ ඔලුව සපුරනයෙන්ම තිබ්බේ බලලොබයෙන්,තණ්හාවෙන් පිරිලා

    මම ෂේනාරාට call කරලා වෙලා තියන දේ කෙටියෙන් පැහැදිලි කරලා ඉෂිව ඩොක්ටර් කෙනෙක් ලඟට අරගෙන යන්න කියුවා යන වියදම් වලට මම ඉෂිගේ එකවුන්ට් එකට සල්ලි දාලා තියන්නම් කියල මොකද ඒ දේ ඉෂි එක්ක කතා කරන්න පුළුවන් කමක් මට තිබ්බේ නැහැ මේ වෙලාවේ ඉෂි එක්ක කතා කරන එක මටත් අනාවශ්‍ය බරක් නිසා එයාගේ හිත චුට්ටක් තනියම හදාගන්න නිදහස දීලා මම මගේ ගමනේ වැඩ කටයුතු ලෑස්ති කරගෙන පිටත් වුනා.අඩුම තරමේ යන දවසේවත් call එකක් දුන්නේ නැහැ අනවශ්‍ය බොළඳ ඇඩිලි දෙඩිලි වලට අකමැති නිසා
    මම ගිහින් දවස් දෙකකින් විතර ඉෂිට call එකක් දෙන්න බලද්දී එයාගේ mobile එක වැඩ කලේ නැහැ .පස්සේ මම landline එකට ගත්ත එක answer කරන්නෙත් නැහැ.office එකට ගත්ත ඉෂී වැඩට ඇවිල්ල නැහැලු .අසනිපයක්වත් ද එත් දෙයියනේ ගෙදර ඉන්න අනික් මිනිස්සුන්ට call එකක් ආවම answer කරන්න බැරිද මම හිතින් බැන බැන ඊළඟ දවසේ කැම්පස් එකට ගෙනියන්න අවශ්‍ය කරන ලියකියවිලි ටික හදල තිබ්බ.ඉෂි ගැන පුංචි කලබලයක් හිත ඇතුලේ හොල්මන් කලට මම එක වැඩිය ගානකට ගත්තේ නැහැ හෙට උදේට call එකක් ගන්නවා කියල හිතාගෙන කලින්ම නිදාගන්න ගියා


    පහුවදා උදේම මම කැම්පස් එකට ගියේ හරිම ආසාවෙන් .එත් මගේ ගමනේ විස්තරයක් කියන්නවත් මට ඉෂිට කතා කරගන්න බැරි උනා .මම දන්නා කියන හැමෝට call අරගෙන බැලුවත් ඒ කිසිම කෙනෙක් ඉෂි ගැන කිසිම විස්තරයක් දැනගෙන හිටියේ නැහැ.මම ඇවිල්ල මාස හයක් යනකම් මට ලංකාවට යන්න පුළුවන් කමක් තිබ්බෙත් නැහැ මම හිතන්නේ මම ඒ කාලය ඇතුලත call නොකරපු කෙනෙක් නැහැ ඉෂි ගැන හොයන්න එත් ඒ කිසිම කෙනෙක් ඉෂි ගැන කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ.ඇත්තටම මට තේරුම් ගන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ ඉෂිට මොකද සිද්ද උනේ කියල .කැම්පස් එකේ පලවෙනි හයමසේ ඉවර වෙච්ච ගමන් මම ලංකාවට ඇවිල්ල ඉෂිව හොයන්න නොගිය තැනක් නැහැ ඉෂි විතරක් නෙමෙයි ඉෂිගේ මුළු පවුලම අතුරුදහන් වෙලා තිබ්බේ හිතාගන්නවත් බැරි විදියට ළඟම නෑදෑයෙක් වත් දැනගෙන උන්නේ නැහැ එයාලට මොකද උනේ කියන්න


    ඉෂිගේ අතුරුදහන් වීමට වගකියන්න ඕනි සිතුවිල්ලෙන් ගැලවෙන්න මම කලේ මගේ දවසේ පැය 24 පැය 18 වැඩිය වැඩ කරන්න පුරුදු වෙච්ච එක .ඊට පස්සේ ආයේ මම ලංකාව ගියෙත් නැහැ හැබැයි මම ඉෂිගේ ළඟ හැමදාම ජිවත් උන අපි ජිවිතේ වින්ද මතක අතර ඉඳගෙන මාස ගණන් විදෙව්වා හැම තප්පරෙකම මගේ ඇස් ඉස්සර අපි අන්තිමට මුණ ගැහිච්ච දවසේ ඉෂිගේ ඇස්දෙකේ තිබ්බ බැල්ම මැවී මැවී පෙන්න ගත්තා..ඇත්තටම මම අසීමාන්තික විදියට ජිවිතේ තනිවුනා ඒ තනිකම කොච්චරද කියනවා නම් මට ජිවිතේ බෙදාගන්න කෙනෙක් ඉන්න එක වදයක් වෙන තරමට මම තනි වුනා හැබැයි මට මගේ හිත කියුව එකම දේ තමයි ඉෂිට මම ළඟ ඉන්නම ඕනි වෙලාවේ මම ඉෂිව මගැරියා කියන වැරැද්ද එකට මට සමාව දීගන්න මට බැරි වුනා.ඉෂී ඉෂිගේ පවුලේ අය මෙහෙම එකපාරට අතුරුදහන් උනේ ඇබෝෂන් කරන්න ගිහිල්ල ඉෂිගේ ජිවිතේට මොකක් හරි අනතුරක් වෙලාද කියලත් තවත් වෙලාවකට මගේ හිත මට දොස් කියන්න ගත්තා

    නොහිතු දවසක හෙටත් සෙට් වෙමු
     
    Last edited:

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    [FONT=&quot]හිතුවෙවත් නැති දවසක හිතන්නැතුවම ළංවුනා[/FONT]
    [FONT=&quot]අතීතයේ දුර ඈතක ආදරේ මග වැරදුණා
    :rolleyes::yes::sorry:
    [/FONT]
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කෙල්ල තමා ඉල්ලං කෑවෙ.. එදා ට්‍රිප් එක දවසෙ ඒකිමයි ඌව බලෙන් කාමරේට ඇද ගත්තෙ..:angry: දැන් ඉතිං මොනා කරන්නද.. කොල්ලා හරි.. ඉගෙනීම මූලිකයි ඉගෙනගන්න කාලෙට හැමදේටම වඩා..:love:
     

    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    අටවෙනි නොහිතු දවස

    මනා ....අපි ඌ ට පදේ ගහන්නේ ඌ සදා single කියලා අවුරුදු ගානකින් ලංකාවට එන්න මම තීරණය කලේ මනොජ්ගේ wedding එක කියල ඌ වරෙන් කියල call පිට call දුන්න නිසා .. මම දැනට වැඩකරන company එකත් එක්ක හරිම busy life එකක් තමයි මට තියෙන්නේ ගෙදර මිනිස්සු එක්කවත් හරියට මුණ බලලා කතාකරන්න වෙලාවක් නෑ ..මම හිතන්නේ අද මනාගේ wedding එකේදී තමයි අවුරුදු ගානකට පස්සේ අපේ ගැන්සිය සෙට් වෙන්න යන්නේ .මම හිතන්නේ කෙල්ලෝ රොත්ත නම් ඔක්කොම කසාද බැඳලා ළමයිබමයි අතින් කටින් එල්ලගෙන ඇති.ඉෂිත් ඇවිල්ල ඉදීවිද දන්නේ නැහැ වගේ විකාර බහුබූත ඔක්කොම හිත හිත holle එකට ඇතුල්වුනේ අදුරන කියන මුණක් හොයන්න ඇස් දෙක කරකවන ගමන් .

    "අඩෝ.....චෙනුවා....යකෝ තෝව අදුරගන්නත් බැහැ නේ කොහොමද බන් කෝ උඹ විතරද ආවේ?"

    මම ටිකක් වෙලා බලාගෙන හිටියේ ඒ කවුද කියල හරියටම අදුරගන්න

    "අඩෝ අඩෝ උඹ අහපන් බලන්න මුසලයා මචන් උඹ කවුද කියල උඹල ඉතින් මවු බිම අමතක කරලා KFC ,pizza කකා ඇමරිකාවට කත් අදිද්දී අපිට නිකමට call එකක්වත් දුන්නේ නැහැ නේ "

    " අනේ නැහැ මසිත් උඹලව එහෙම අමතක වෙනවද ඉතින් කොහොමද ?උඹ මහත් වෙලා බන් එකයි අදුරගන්න වෙලා ගියේ "

    "නැතුව නැතුව දැන් ඉතින් අපි කන්නේ වළලු දාපු අත් දෙකකින් උයපු කෑමනෙ ..."

    "අඩෝ උඹ බැන්දද නිකන්වත් call එකක් දුන්නේ නැහැ නේද "

    "මචන් සමාවෙයන් දන්නේ නැද්ද හදිස්සි තීරණ "

    "එල එල කෝ ඉතින් වයිෆ් අදුන්වල දීපන් මට "

    "හංසි ... චුට්ටක් එන්නකෝ බබවත් අරගෙන එන්න "

    "හංසි මේ ඉන්නේ චෙනුක..මේ මචන් මගේ ආදරණිය කෙල්ල මේ ඉන්නේ මගේ චුටි දඟයා.."

    "hello හංසි .. ලස්සනයි බන් පොඩි එකා "

    "මම යන්න කලින් එන්නම්කෝ නංගියා ගෙවල් පැත්තේ ඇවිල්ල යන්න රසට උයනවා කියලා අපේ මසිත් කියුවා.."

    "අනිවාර්යෙන් එන්න අයියේ ඇවිල්ල යන්න "

    "මචන් මසිත් මම මනා එක්ක කතා කරලා එන්නම් "

    "ok ..කොල්ලා අද අපේ මනාට සවුදිය පුරන්න එපැයි "


    මම couple එක ඉන්න තැනට ලංවෙද්දිම මනා මාව දැක්කා ඌ නම් ඉස්සර වගේමයි කිසිම වෙනසක් නැහැ මු වගේ වාචාල කටක් තියන එකෙක්ට ඒ වගේ ලස්සන කෙල්ලෙක් කොහොම සෙට් වුනාද මන්දා

    "චේනුවා මම හිතුවේ නැහැ බන් කියුවට උඹ එවි කියල මනා මාව දැක්ක ගමන් බදාගත්තා "

    එත් මනාට එතනින් එහාට කතා කරන්න හම්බුනේ නැහැ මොකද කෙල්ල කතා කරන්න ගත්තා

    "මට අදුන්වලා දෙන්නේ නැද්ද මනෝජ් යාලුවවා hi අයියේ මම නිලූ කෙල්ල නම් මනා වගේම කටර් එකක් "

    "මම චෙනුක එහෙනම් ඔයාලා දෙන්නටම සුබපැතුම් "

    මම උන් දෙන්නට wish කරලා ටිකක් පැත්තකට වෙන්න තියන table එකකින් වාඩිවුනා.එත් එක්කම කවුද lady කෙනෙක් මට කතාකළ
    එක පාරටම මතකෙට ආවේ නැති උනාට නිම්මිගේ කටහඬින් මම අදුරගත්තා

    "කොහොමද චෙනුක "

    " වරදක් නැහැ නිම්මි වැඩත් එක්ක කලේ ගෙවෙනවා අදුරගන්න බැරි වුනා මට එකපාරට මත්වෙලා උඹ."

    "බබා ලැබුනට පස්සේ බන් මහත් වුනේ "

    "උඹත් බැන්දා ද බන් "

    මම ඇහුවේ ටිකක් පුදුමෙන් වගේ

    " හේ හේ බැඳලා දැන් අවුරුද්දක චුටි කෙලි පැටියෙකුත් ඉන්නවා "

    "අම්මටසිරි එහෙමද කෝ පොඩි එකා එක්කන් ආවේ නැද්ද "

    "නැහැ බන් මම තනියම ආවේ මනා නිසා ආවේ නැත්තම් වැඩ එක්ක නිවාඩුවක් නැහැ "

    "ඉෂි ගැන ආරංචියක් නැද්ද බන් අනේ මන්දා බන් උඹල දෙන්න හිටපු විදියට මෙලහට බැඳලා ළමයිනුත් ඉන්න ඕනි .මොනවා උනත් ඉෂි කලේ කැත වැඩක් ඒකිට උඹව එපානම් කෙලින් කියල අයින් වෙන්න තිබ්බ මෙහෙම දෙයක් නොකර දැන් කොහේ ඉන්නවද දන්නේ නැහැ පස්සේ හරි ඒකිට කතා කරන්න තිබ්බ මෙහෙම හැංගිලා නොයිඳ "

    "නිම්මි ඉෂිගේ වරදක් නැහැ වැරැද්ද කලේ වරද කලේ මු "

    "මෙච්චර දෙයක් කරලා මෙච්චර කාලයක් ගිහිල්ල මෙවෙනකම් කතා නොකරපු එකිව උඹ තාම සුද්ද කරනවනේ බන් ෂේනාරා "

    "mr .දිසානායක යෙහෙන් වැජබෙනවා වගේ නේද අර අහිංසක කෙල්ලට ආතක් පාතක් ,යන එනේමක් නැති කරලා තමුසෙලා වගේ මිනිස්සුන්ට ඉර හඬ පායනවනේ ශික් මම ඒ අහිංසකිගේ හොඳම යාලුවා වෙලා තමුසෙට ඒ කෙල්ල යාලුවෙන්න දුන්න එක ගැන මටම ලැජ්ජයි හලෝ .දැන් වත් කියනවා කට ඇරලා ඒ අහින්සකි වැරදි නැහැ කියලා තමුසේ සුදනා වෙන්නේ නැතුව "

    "ඒ ෂේනාරා උඹට පිස්සුද බන් මේ කෑගහන්නේ ඉෂි ගියා කියලා මු මොනවා කරන්නද ?අනික ඉෂී හරි යාලුවෙක් නම් උඹට හරි ඉන්න තැනක ඉඳල call එකක් හරි දෙන්න තිබ්බනේ බන් නිකන් කෑගහන්න එපා "

    "දැක්කා නේද තමුසේ දුන්න නම්බුනාමේ තරම ඉෂි තමුසෙව පන වගේ විශ්වාස කලාට .අනේ මේ මසිත් උඹ දන්නේ නැත්තම් මුගෙන් අහගනින් මොකද උනේ කියල මම බොරුවට නෙමෙයි කෑගහන්නේ ඒකිට අපිට මුණ දෙන්න බැරි කලේ මෙන්න මු .මම අදවත් මේ දේ උඹලට නොකීවොත් මට මැරෙන මොතකදිවත් සැනසීමක් ලැබෙන එකක් නැහැ"

    නැහැ බන් මසියා ,නිම්මි...ෂේනාරාගේ කේන්තිය සාදාරනයි මම ලංකාවෙන් යන්න ඉද්දි ඉෂිට මගෙන් දරුවෙක් ලැබෙන්න උන්න ඒ වෙලාවේ මගේ එකම ටාගට් එක තිබ්බේ ඇමරිකා යන එක එතැනදී මට ඉෂි දෙවැනි තැනට දාන්න පුළුවන් උනා මම යන්න කලින ෂේනාරාට call කරලා ඉෂිව ඩොක්ටර් කෙනෙක් ලඟට ගෙනියන්න කියුවා ඇබෝෂන් එකක් කරන්න .අඩුම තරමේ මම ලංකාවෙන් යද්දී ඉෂිට යනවා කියල call එකක්වත් දුන්නේ නැහැ .හැබැයි ඊටපස්සේ කවදාවත් මට එයාට කතා කරන්න බැරි උනා.ඊටපස්සේ ඉෂි ගැන ඉෂිගේ අම්මලා ගැන කිසිම ආරංචියක් නැති උනා කිසිම කෙනෙක්ට කිසිම දෙයක් නොකියා ඉෂි සදහටම අතුරුදහන් උනා ෂේනාරාට බනින්න දීපං එයාගේ කේන්තිය "

    "මොකකක් එහෙම දෙයක් උනා නම් ඇයි උඹ ඒකිව මගැරියේ? මම නම් හිතුවේ නැහැ චේනුක .මේ අවුරුදු ගානට මම අර අහිංසක කෙල්ලට කොච්චර බැනල ඇත්තද උඹව අතරමං කළා කියල සික් උඹෙයි මගෙයි යාළුකම ගැනත් මට දැන් ලැජ්ජයි බන් "

    "මසියා මාව එහෙම අහකට දාන්න එපා බන් ඊටපස්සේ මම ඉෂිව කොච්චර හෙව්වද බන් "

    "අවශ්‍යම කරන වෙලාවේ ළඟ නැතිව අනික් හැම වෙලේම ළඟ උන්නත් වැඩක් නැහැ චේනුක උඹව ඒකිට ඕනිම කරන වෙලේ උඹ සතෙක් වගේ ඒකිව දාලා ගිහින් පස්සේ ඇවිල්ල හොයල වැඩක් නැහැ "

    "මම දන්නවා නිම්මි "

    "දැනගෙන වැඩක් නැහැ චේනුක උඹ දැන් කොහෙද ඉන්නේ අද හෙට අනිද්දා යන්නේ නැහැ නේ වරෙන් අපේ ගෙවල් පැත්තේ ඇවිල්ල යන්න නිදහසේ පොඩ්ඩක් කතා කරන්න අපි යනවා දැන්"

    "හ්ම්ම් මම එන්න බලන්නම් මසියා "

    හැමෝටම එන්නම් කියල පොරොන්දු උනාට මම අද රෑ ලංකාවෙන් පිටත් වෙන්න ලැස්ති වෙලයි ආවේ .හදිස්සියේ කැනඩාවේ තියන මම වැඩකරන company එකේ visit එකට මමයි යන්න ඕනි .අල්ලප සල්ලාප මැද්දේ වෙලාව ගෙවිලා ගියා දැනුනෙවත් නැහැ ගොඩක් කාලෙකින් දැකපු නැති ගොඩක් දෙනෙක්ව මනා නිසා දකින්න හම්බවුනා


    නොහිතු දවසක හෙටත් සෙට් වෙමු
     
    Last edited:

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    කෙල්ල තමා ඉල්ලං කෑවෙ.. එදා ට්‍රිප් එක දවසෙ ඒකිමයි ඌව බලෙන් කාමරේට ඇද ගත්තෙ..:angry: දැන් ඉතිං මොනා කරන්නද.. කොල්ලා හරි.. ඉගෙනීම මූලිකයි ඉගෙනගන්න කාලෙට හැමදේටම වඩා..:love:
    10312559_10204142993356182_5715132774649520565_n.jpg
     

    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    නමවෙනි නොහිතු දවස

    පැය දහයක් ,දොළහක් fly කරට පස්සේ දැනෙන අමාරුව කොයි තරම්ද කියල මම අමුතුවෙන් කියන්නවත් මගේ boring ගමන කියල තේරුමකුත් නැහැ.පහුවදා උදේ 10 විතර මම ඇහැරුනේ මගේ mobile එක ring වුන සද්දෙට .company visit එකට මාව එක්කන් යන්න දැන් කෙනෙක් එහෙන් පිටත් වුනා එයා මාව Toronto airport එකේදී meet වෙනවා කියල තමයි මට call එක ආවේ .මම ඇහැරිලා දඩින් බිඩින් ගාලා ලැස්ති වෙලා යන්න පිටත් වුනේ මම නැවතිලා ඉඳපු hotel එකේ ඉඳලත් පැයක විතර දුරක් airport එකට තියන නිසා

    මම කියපුවෙලවට හරියටම පැය දෙකක් කලින් එතන දැන් ඉතින් කාපන්කෝ කට්ට උදේට කන්නවත් නැතුව ආපු නිසා මම කැෆේ එකකුත් අරගෙන beanch එකකින් වාඩිවුනේ පැයදෙකක් කාලේ කන්න තියන නිසා..ඊයේ දවස ඇතුලත මගේ ජිවිතේ මම අමතක කරයි කියල හිතේ කොනකට තල්ලු කරලා තිබ්බ මතකයන් ඔක්කොම එලියට ඇදුනා .මම මගේ ඔක්කොම යාළුවන්ට වැඩිය සාර්ථක මිනිහෙක් සල්ලි,බලය මේ හැමදේකින්ම හැබැයි උන් එක්ක ඉද්දි මට දැනුන එකම දේ තමයි මම තනිවෙච්ච මිනිහෙක් කියන එක.උන් ඔක්කොම බැඳලා ළමයි හදාගෙන ලස්සනට ජිවිතේ ගෙවනවා ඊයේ මට තේරුණා එකම දේ තමයි උන් තමන්ට ලැබුන හැමදෙකිම ජිවිතේ උපරිම විදිනවා කියන එක ...

    බලයට,සල්ලිවලට තිබ්බ ලෝබකමට මම මගේ ජිවිතේ එකපැත්තකට කලේ මහා ලොකු අසාධාරණයක් නේද කියල මට වද දෙන්න පටන් අරගෙන .වගකීම් ,plan ගැන කතාකරන මම ජිවිතේ ඉෂ්ටකරන්න තිබ්බ ලොකුම වගකීම පැහැරහැරපු මිනිහෙක් කියන පිළිකුල මට මම ගැනම ඇති වුනා..මට කොච්චර දේවල් තිබුනත් මගේ කියන හැඟීමෙන් ඒ දේවල් බෙදාගන්න අද මේ ලෝකේ කිසිම කෙනෙක් නැති අසරණයෙක් නේද මම කියන හැඟීම නැති කරගන්න බැරිවුනා

    hello ..i'm නිකී

    මම ඇත්තටම පියවි ලෝකෙට ආවේ ඒ කට හඬත් එක්ක ඒ එක්කම බැලුවේ මේ නොදන්නා රටේ මාව දන්නා කෙනා කවුද කියල .හපොයි ඒ මම දන්නා කෙනෙක් නෙමෙයි පුංචි පණ්ඩිත කෙල්ලක් කම්මැලි කමට මාත් කතාකරන්න ගත්තා මම හිතන්නේ අවුරුදු 6 විතර ඇති ඒ පණ්ඩිත කෙල්ලගේ වයස

    hi i'm චේනුක what are you doing hear alone.

    can i call u uncle?

    yaa sure නිකී

    i'm not alone i'm with my daddy. uncle are you for srilanka?

    yes නිකී i'm

    can i talk with you sinhala

    its ok ..නිකී
    "uncle ඔයා ඇයි කල්පනා කරන්නේ ඔයා ඔයාගේ චුටි දුව ව තනියම අම්මි එක්ක තියලද මෙහෙ ආවේ?ඔයාට එයාල නැති නිසා පාලුයිද ?"

    "හ්ම්ම්ම් ඔව් දුව "

    "ඉතින් ඔයා call කරලා කියන්නකෝ ඔයාට එයාලාව ගොඩක් miss කරනවා කියල .අපේ තාත්ති නම් එහෙමයි "

    "කෝ දැන් ඔයාගේ තාත්ති?"

    "එයා මට අයිස් ක්‍රීම් ගෙන්න ගියා "

    "ඔයා හොඳට සිංහල කතාකරනවනේ නිකී කවුද කියල දෙන්නේ?"

    "අම්මි තමයි uncle .මේ ඔන්න ඔයා කියන්න එපා අම්මිට මමයි කරදර කලේ කියල ඔයාට "

    "හේ හේ නෑ නෑ මම කියන්නම් මමයි ඔයා එක්ක කතාකලේ කියල හරි නේ "

    "ok uncle .ඔයා ලංකාවට ගිහින් තියනවද?"

    "ඔව් මම චුටි කලේ හිටියේ ලංකාවේ ඉගෙනගෙන තමයි මෙහෙ ආවේ "

    "හ්ම්ම්ම් එකනේ අපේ අම්මිටත් තිබ්බේ එහෙම කරන්න නේ මට "

    "කොහොමද "

    "මාව චුටි කාලේ මෙහෙ ගේන්නේ නැතුව ලොකු වුනාම මෙහෙට එන්න දෙන්න නේ "

    "ම්ම්ම් එකනේ නේද ඔයා ආසද ලංකාවට ?"

    "ඔව් එත් මම කවදාවත් ගිහිල්ල නැහැ අම්මිගෙන් ඇහුවහම යමු කියනවා හැබැයි යන්නේ නැහැ හරි නෝටියි අනේ අපේ අම්මියා.."

    "ඒ කියන්නේ ඔයා වැඩියෙන් ආදරේ තාත්තිට එහෙම නේද?"

    "ෂු ....කෑගහන්න එපා අනේ අම්මි තරහවෙයි මම එක්ක ...එයා තමයි ලෝකේ ඉන්න හොඳම තාත්තියා "

    කියල කෙල්ල හරිම කපටි හිනාවක් දැම්මා ..


    නොහිතු දවසක හෙටත් සෙට් වෙමු
     
    Last edited:

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    "ෂු ....කෑගහන්න එපා අනේ අම්මි තරහවෙයි මම එක්ක ...එයා තමයි ලෝකේ ඉන්න හොඳම තාත්තියා "

    :sorry::sorry::sorry::sorry: