හත්වෙනි නොහිතු දවස
"ඉෂී ඇයි මේ හදිස්සියේ අපි අද හවස meet වෙන්න නේ හිටියේ ?"
ඉෂි හිටියේ මොකක්දෝ බයක් මුනේ තියාගෙන ඒ එක්කම හිතාගන්න බැරි අමුතු සතුටකුත් තිබ්බා කියල මට හිතුනා
"හවස් වෙනකම් බලාගෙන ඉන්න බැරි නිසා මම ආවේ චේනු මට ඔයාට කියන්න ගොඩක් වැදගත් දෙයක් තියනවා.ඔයා half day එකක් දාලා එන්නකෝ දැන්"
"ඔයාට පිස්සුද ඉෂී මොකද වෙලා තියෙන්නේ?දැන් කොහොමද මම එන්නේ ?ඔයා දැන් ගෙදර යන්න හවසට නිම්මිලාගේ ගෙදර යනවා කියල හරි එලියට එන්න මම හවසට ඔයාව meet වෙන්නම්.හැමවෙලම ජිවිතේ සැහැල්ලුවට අරගෙන පොඩි එකෙක් වගේ හැසිරෙන්න එපා ඉෂී."
"චේනු මේක ගොඩක් වැදගත් දෙයක් ඔයාට මම වෙනුවෙන් එක half day එකක් ගන්න බැරිද?"
"half day එක ගන්න බැරි කමක් මම දැන් කියුවද දැන් ඇයි මේ plane එකක් නැතුව මෝඩයෙක් වගේ මෙතනට දුවගෙන ආවේ කියලයි මම අහන්නේ "
"චේනු මට ඔයා එක්ක වාද කරන්න බැහැ කියන දේ අහල එන්නකෝ මම ඔයාට හැමදේම කියන්නම් "
ඉෂී බැගෑපත් වුනා.මම එයාට එහෙම ඉන්න කියල නිවාඩුව දාලා ආවා. අපි වෙනදට යන hotel එකටමයි එදත් ගියේ එත් වෙනදා වගේ ඉෂී වැඩිය කතා බහකලේ නැහැ ලොකු වෙනසක් තිබ්බ.ලොකු ප්‍රශ්නයක් ඔලුවේ තියාගෙන ඉන්නවා වගේ දැනුනේ..room ගිහිල්ලත් ඉෂී සද්දයක් නැහැ.
"ඉෂී මොකද සද්ද නැත්තේ?දැන් මොකක්ද වැදගත් දෙයක් කියන්න තියනවා කියලා නේද මාව ඇදගෙන ආවේ?ඉතින් කියන්න "
"අද උදේ මාව ටිකක් අසනීප වුනා චේනු"
"ඕකද ඉෂී ඔයාගේ ඔච්චර වැදගත් කතාව ඕක මොකක්ද ඕනිම මනුස්සයෙක් අසනිපවෙනවා තමයි එක සාමාන්‍ය දෙයක් "
"හ්ම්ම් ඔව් ඇත්ත ඕනි මනුස්සයෙක් සාමාන්‍ය විදියට අසනීප වෙනවා තමයි හැබැයි මට තියෙන්නේ අසනීපයක් නෙමෙයි චේනු.මම pregnant "
"මොකක් මොනවද මේ ඔයා කියන්නේ ?ඔයාට පිස්සුද ඉෂී?"
"මම කියන්නේ ඇත්ත චේනු ටික දවසක ඉඳල අසනීප ගතිය තිබ්බ නිසා මම doctor කෙනෙක් ලඟට ගියා එතනදි තමයි මමත් දැනගත්තේ චේනු අපි ඉක්මනට marry කරමු නැත්තම් ඉස්සරහට ප්‍රශ්න ගොඩකට මුණ දෙන්න වෙයි.ඔයා දැන් මාත් එක්ක ගෙදර යන්න එන්න අපි ගිහින් අම්මියි,තාත්තියි එක්ක කතා කරමු එයාල අපිව තේරුම් ගනීවි චේනු අපිට වෙන විසදුමක් නැහැ "
"මොනවා මොනවද ඉෂි මේ කියන්නේ ඔයාට පිස්සුද මට දැන්ම කොහොමටවත් ඔයාව marry කරන්න බැහැ..මම next week ඇමරිකා යන්න ඉන්නේ එක කියන්නයි මම අද හවසට ඔයාට එන්න කියුවේ. ඉෂී එක මගේ හීනයක් මට මගේ හීනේ අතාරින්න බැහැ.අනිත් එක ඉෂි ඔයා පොඩ්ඩක් කල්පනාවෙන් ඉන්න එපැයි ඔයා බබෙක් නෙමෙයි නේ.මම හැමදාම ඔයාට කියනවා කල්පනාවෙන් වැඩ කරන්න කියල .ඔයා කිසිම වගකීමක් ඇතුව නෙමෙයි වැඩකරන්නේ.මට මේ වෙලාවේ කරන්න කිසිම දෙයක් නැහැ ඔයාගේ වගකීමක් නැති කම නිසා තමයි මේ ඔක්කොම මලකරදර ඔයා ඕනි දෙයක් කරගන්න.මට මේ වෙලාවේ වැඩියෙන්ම වටින්නේ මගේ ඉගෙනීම.මොකද මම මේ අවස්තාව එනකම් තමයි මෙච්චර කැපකිරීම් කලේ මගේ ජිවිතේ.ඔයාගේ වගකීමක් නැති කම නිසා මට බැහැ ඉෂී මගේ ජීවතේ වටිනාම දේ අත්හරින්න"
"හ්ම්ම් ඒ කියන්නේ ඔයාට මට වඩා මගේ මේ බඩේ ඉන්න ඔයාගේ දරුවාට වඩා වටිනා දේවල් ඔයාගේ ජිවිතේ තියනවා ? "
"ඔව් ඉෂී මට මේ වෙලාවේ හැමදේටම වැඩිය වටින්න මම අවුරුදු ගානක් තිස්සේ කැපවීම් කරලා ගත්ත මේ අවස්ථාව මේක මගේ life එකට golden chance එකක් ඉෂී.අපි වෙන විදියක් බලමු මේ ප්‍රශ්නේ විසඳගන්න "
"හ්ම්ම් ඔව් චේනු අපි වෙන විදියක් බලමු ඔයා ඔයාගේ golden chance එක miss කරන්න එපා .චේනු මාව bus holt එකට drop කරනවද?මට ටිකක් තනියම ඉන්න ඕනි places"
"ඔහොම ඉන්න මම ත්‍රිවිල් එකට call කරන්නම්,thanks ඉෂී අනික් මෝඩ ගෑනු වගේ බොරුවට අඩන්නේ දොඩන්නේ නැතුව මාව තේරුම් ගත්තට"
ඉෂී මට මොකුත් කියුවේ නැහැ හැබැයි ජිවිතේ මම පලවෙනි වතාවට දැක්ක අහිංසකම හිනාවෙන් ඒ වෙලාවේ මට සංග්‍රහ කළා,ත්‍රිවිල් එක එහෙනකම් අපි දෙන්න අතරේ වැඩි කතාබහක් තිබ්බේ නැහැ.මගේ ඔලුවත් යකාගේ කම්මල වගේ ඇත්තට මට ඕනි කමක් තිබ්බේ නැහැ මේ වෙලාවේ අනවශ්‍ය බරක් මගේ ඔලුවට දාගන්න.එනිසයි මම ඉෂීට කියුවේ දැන්ම marry කරන්න බැහැ කියල.ගිහිල්ල ඇවිල්ලා මම කොහොමත් marry කරන්නේ ඉෂී ව එනිසා මට පසුතැවෙන්න දෙයක් තිබ්බේ නැහැ මොකද මගේ ඔලුව සපුරනයෙන්ම තිබ්බේ බලලොබයෙන්,තණ්හාවෙන් පිරිලා
මම ෂේනාරාට call කරලා වෙලා තියන දේ කෙටියෙන් පැහැදිලි කරලා ඉෂිව ඩොක්ටර් කෙනෙක් ලඟට අරගෙන යන්න කියුවා යන වියදම් වලට මම ඉෂිගේ එකවුන්ට් එකට සල්ලි දාලා තියන්නම් කියල මොකද ඒ දේ ඉෂි එක්ක කතා කරන්න පුළුවන් කමක් මට තිබ්බේ නැහැ මේ වෙලාවේ ඉෂි එක්ක කතා කරන එක මටත් අනාවශ්‍ය බරක් නිසා එයාගේ හිත චුට්ටක් තනියම හදාගන්න නිදහස දීලා මම මගේ ගමනේ වැඩ කටයුතු ලෑස්ති කරගෙන පිටත් වුනා.අඩුම තරමේ යන දවසේවත් call එකක් දුන්නේ නැහැ අනවශ්‍ය බොළඳ ඇඩිලි දෙඩිලි වලට අකමැති නිසා
මම ගිහින් දවස් දෙකකින් විතර ඉෂිට call එකක් දෙන්න බලද්දී එයාගේ mobile එක වැඩ කලේ නැහැ .පස්සේ මම landline එකට ගත්ත එක answer කරන්නෙත් නැහැ.office එකට ගත්ත ඉෂී වැඩට ඇවිල්ල නැහැලු .අසනිපයක්වත් ද එත් දෙයියනේ ගෙදර ඉන්න අනික් මිනිස්සුන්ට call එකක් ආවම answer කරන්න බැරිද මම හිතින් බැන බැන ඊළඟ දවසේ කැම්පස් එකට ගෙනියන්න අවශ්‍ය කරන ලියකියවිලි ටික හදල තිබ්බ.ඉෂි ගැන පුංචි කලබලයක් හිත ඇතුලේ හොල්මන් කලට මම එක වැඩිය ගානකට ගත්තේ නැහැ හෙට උදේට call එකක් ගන්නවා කියල හිතාගෙන කලින්ම නිදාගන්න ගියා
පහුවදා උදේම මම කැම්පස් එකට ගියේ හරිම ආසාවෙන් .එත් මගේ ගමනේ විස්තරයක් කියන්නවත් මට ඉෂිට කතා කරගන්න බැරි උනා .මම දන්නා කියන හැමෝට call අරගෙන බැලුවත් ඒ කිසිම කෙනෙක් ඉෂි ගැන කිසිම විස්තරයක් දැනගෙන හිටියේ නැහැ.මම ඇවිල්ල මාස හයක් යනකම් මට ලංකාවට යන්න පුළුවන් කමක් තිබ්බෙත් නැහැ මම හිතන්නේ මම ඒ කාලය ඇතුලත call නොකරපු කෙනෙක් නැහැ ඉෂි ගැන හොයන්න එත් ඒ කිසිම කෙනෙක් ඉෂි ගැන කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ.ඇත්තටම මට තේරුම් ගන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ ඉෂිට මොකද සිද්ද උනේ කියල .කැම්පස් එකේ පලවෙනි හයමසේ ඉවර වෙච්ච ගමන් මම ලංකාවට ඇවිල්ල ඉෂිව හොයන්න නොගිය තැනක් නැහැ ඉෂි විතරක් නෙමෙයි ඉෂිගේ මුළු පවුලම අතුරුදහන් වෙලා තිබ්බේ හිතාගන්නවත් බැරි විදියට ළඟම නෑදෑයෙක් වත් දැනගෙන උන්නේ නැහැ එයාලට මොකද උනේ කියන්න
ඉෂිගේ අතුරුදහන් වීමට වගකියන්න ඕනි සිතුවිල්ලෙන් ගැලවෙන්න මම කලේ මගේ දවසේ පැය 24 පැය 18 වැඩිය වැඩ කරන්න පුරුදු වෙච්ච එක .ඊට පස්සේ ආයේ මම ලංකාව ගියෙත් නැහැ හැබැයි මම ඉෂිගේ ළඟ හැමදාම ජිවත් උන අපි ජිවිතේ වින්ද මතක අතර ඉඳගෙන මාස ගණන් විදෙව්වා හැම තප්පරෙකම මගේ ඇස් ඉස්සර අපි අන්තිමට මුණ ගැහිච්ච දවසේ ඉෂිගේ ඇස්දෙකේ තිබ්බ බැල්ම මැවී මැවී පෙන්න ගත්තා..ඇත්තටම මම අසීමාන්තික විදියට ජිවිතේ තනිවුනා ඒ තනිකම කොච්චරද කියනවා නම් මට ජිවිතේ බෙදාගන්න කෙනෙක් ඉන්න එක වදයක් වෙන තරමට මම තනි වුනා හැබැයි මට මගේ හිත කියුව එකම දේ තමයි ඉෂිට මම ළඟ ඉන්නම ඕනි වෙලාවේ මම ඉෂිව මගැරියා කියන වැරැද්ද එකට මට සමාව දීගන්න මට බැරි වුනා.ඉෂී ඉෂිගේ පවුලේ අය මෙහෙම එකපාරට අතුරුදහන් උනේ ඇබෝෂන් කරන්න ගිහිල්ල ඉෂිගේ ජිවිතේට මොකක් හරි අනතුරක් වෙලාද කියලත් තවත් වෙලාවකට මගේ හිත මට දොස් කියන්න ගත්තා
නොහිතු දවසක හෙටත් සෙට් වෙමු