අවසාන නොහිතු දවස
"ඉතින් නිකී කියන්නකෝ ඇයි තාත්තිට වැඩියෙන් ආදරේ කියල ?"
"අපේ අම්මි හොඳයි... මම එයාටත් ආදරෙයි හැබැයි තාත්ති තමයි මගේ හොඳම යාළුවා එනිසා ඉතින් මම තාත්තිට ටිකක් වැඩියෙන් ආදරෙයි.මම එහෙම කියුවා කියලා අපේ අම්මිට එහෙම කියන්නේ එපා එයා අඬයි හොඳේ uncle"
"හ්ම්ම් නැහැ නැහැ මම කියන්නේ නැහැ බයවෙන්න එපා"
පුංචි එකී මගේ ලඟින්ම වැඩිවෙලා ගිරවි වගේ කියවනවා නන්නාදුනන රටේ එකපාරට එහෙම කතා කරපු පොඩි එකා මට මෙච්චර හුරුපුරුදු විදියටහිතට දැනෙන්නේ ඇයි කියලා මටම පුදුමයි .. හ්ම්ම් සමහර විට ඉෂී ට ලැබෙන්න උන්න දරුවා උන්න නම් මේ වයසේ වෙන්න ඇති කියලත් මට නිකමට වගේ හිතුනා ...
"චුටි දු ඔයා මොනවද මෙතන කරන්නේ කෝ තාත්ති ?"
ඒ සද්දේ එක්කම මම සද්දේ ආපු දිහා හැරිලා බැලුවා ඒ මම හිතන්නේ මගේ ඇස් අවුරුදු ගානක් දකින්න පෙරුම්පුරපු දෙයක් එත් මෙහෙම අහම්බයකින් මෙච්චර දුර රටකදී ඒ අවස්ථාව මට ලැබෙයි කියල මම හිතුවේ නැහැ.ජිවිතේ ඇරෙන්න මගේ ළඟ හැමදේම තිබ්බ .දැන් මම ඇස් දෙකෙන් දකින්නේ මගේ ජිවිතේ නේද කියල මට දැනුනේ දැන් ..
"චුටි දු "
"අම්මියා "
"මොකද මෙතන කරන්නේ කෝ තාත්ති ?අනේ මම දන්නේ නැහැ ඔයාගේ තාත්ති නම්...... ඔයා කියනවා වගේ එයාට නම් මෙලෝ හසරක් තේරෙන්නේ නැහැ "
"අම්මි තත්තිට බනින්න එපා මමයි එයාට කරදර කලේ අයිස් ක්රීම් ඉල්ලලා "
"තාත්තියි දුවයි දෙන්නම එකයි "
"අම්මි මේ බලන්නකෝ මට uncle කෙනෙක් හම්බවුනා එයා චුටි කාලේ ඉගෙනගෙන තියෙන්නේ ලංකාවේ එයා ලොකුවෙලා තමයි මෙහෙ ඇවිල්ල තියෙන්නේ "
"uncle .. uncle... මේ මගේ අම්මියා "
ඔන්න එතකොට තමයි එයා මගේ දිහා බැලුවේ එයාගේ ඇස් වෙනස් වුන හැටි මම බලාගෙන උන්නා නීකි අර පණ්ඩිත කෙලි පොඩ්ඩගේ අම්මා වෙන කෙනෙක් නෙමෙයි මම හිතා මතා අත්හැර ගත්ත මගේ ජිවිතේ ඉෂාන්කා ... එහෙම නැත්තම් ඉෂි ...
"චේනු "
"ආආආආ අම්මි මේ uncle ව අදුරනවද "
"ම්ම්ම් ... අහ් මේ ඔව් දු මේ අම්මිගේ ඉස්කෝලේ යන කාලේ යාලුවෙක් "
"wow හරි ෂෝක් නේ...."
"අන්න තාත්ති....
තාත්ති....තාත්ති... මේ බලන්නකෝ අම්මිට අම්මිගේ ඉස්කෝලේ යාලුවෙක් හම්බවෙලා "
"hello ගිහාන් සමරනායක "
"චේනුක දිසානායක "
"ඇත්තද අම්මි මේ බට්ටි කියන්නේ ?"
"ඔව් තාත්ති මේ මගේ ඉස්කෝලේ යන කලේ යාලුවෙක් "
"චේනුක මෙහේද වැඩ කරන්නේ එහෙම නැත්තම් ඇවිල්ල යන්න ආවද ?"
"නැහැ ගිහාන් මම ඉන්නේ ඇමරිකා මෙහෙ ආවේ office එකේ visit එකකට "
"එහෙමද එහෙනම් යමු අපේ ගෙදර ලන්ච් අරගෙන පොඩ්ඩක් කතා කරන්න බැරියැ පරණ යාලුවා එක්ක "
"නැහැ තාත්ති චේනු අදම ආපහු යන්න ඕනිලු එයාට දැන් වෙලාවක් නැහැලු මාත් කතා කළා "
"හයියෝ එහෙමද "
"තාත්ති මට බාත් රුම් යන්න ඕනි.."
"ඉන්න දූ මම එක්කන් යන්නම් "
"නෑ නෑ අම්මි ඔයා යාලුවා එක්ක කතාකරන්න මම දු එක්ක යන්නම් "
"ඉෂි මට සමාවෙන්න මම ඔයාව කොච්චර හෙව්වද ඇයි ඔයා මෙහෙම කිසිදෙයක් නොකියා යන්න ගියේ "
"පල නොකියා පලා බෙදුවට පස්සේ බලු කුක්කෙක්වත් ඉන්නේ නැහැ නේ චේනු.අනික ඔයාට ඔයාගේ ජිවිතේ වටිනා දේවල් තිබ්බේ සල්ලිවල,ඉගෙනීමේ මිසක් මගේ ළඟ නෙමෙයි නේ.ඔයා මගේ ගැන කවදාවත් හිතුවේ නැහැ නේ චේනු .මම ඔයාට සමාව දීලා ගොඩක් කල් මගේ හිතේ ඔයාගේ ගැන පුංචි තරහක්වත් නැහැ මොකද දන්නවද ඔයා මාව ඒ විදියට අතරමං කලේ නැත්තම් මට මගේ ජිවිතේ වටිනාම දේවල් නැති වෙන්න තිබ්බ. මොකද ඔයා ජිවිතේ සතුට සල්ලි වලින් හෙව්වා මිසක් මිනිස්සුන්ගේ වටිනාකමක් තිබ්බේ නැහැ නේ ."
"බනින්න ඉෂි බනින්න ඔයා මට ඔහොම බැනල මදි .ඉෂි කෝ අපේ දරුවා?"
"දරුවෙක් ජාතක කල පලියට ඒ දරුවා අපේ වෙන්නේ නැහැ චේනුක ඇයි ඔයාගේ සල්ලි වලට දරුවෙක්ගේ අඩුව පුරවන්න බැරි උනාද ?"
"නීකි කියන්නේ මගේ දරුවාද ඉෂි මට කියන්න "
"නිකන් බොළඳ චරිත රඟපාලා මගේ අහිංසක කෙල්ලගේ ජිවිතේ විනාශ කරන්නේ නැතිව ඉන්න චේනුක .ඔව් ඒ ඔයාගෙන් ජාතක වුන මගෙයි ගිහාන්ගෙයි දරුවා ඒ දරුවට මගේ දරුවා කියන්න ඔයාට අයිතියක් නැහැ එයාට මේලෝකේ ඉන්න හොඳම තාත්ති ඉන්නවා ඒ තැන ගන්න ඔයාට කවදාවත් බැහැ.මිට අවුරුදු ගානකට කලින් ඔයා අතරමං කරලා විනාශ කරලා ගිය මගේ ජිවිතේට ආයේ වසන්තය ගෙනාවේ ගිහාන් .එයා මාව විතරක් නෙමෙයි මගේ පවුලේ අයවත් වෙන්න ගිය අවනම්බුවෙන් බේරාගෙන අනුන්ට දාව ඉපදිච්ච දරුවෙක් තමන්ගේ පන කරගෙන ඒ දරුවට පුංචි හරි වෙනස් කමක් වෙයි කියල තමන්ගේ ලෙයින් ජාතක උන දරුවෙක් එපා කියන උත්තම ගනයේ චරිතයක් .මම යන්නම් චේනුක .ගිහානුයි දු යි බලාගෙන ඉන්නවා .පරිස්සමින් ඉන්න .සල්ලි වලට ජිවිතේ කරන්න බැරි ගොඩක් දේවල් ආදරේට,සෙනෙහට කරන්න පුළුවන් චේනුක .පුළුවන් නම් එක උදව්වක් කරන්න මට ආයේ කවදාවත් මගේ දරුවාව හම්බවෙන්න උත්සහා නොකර ඉන්න මට අන්න ඒ උදව්ව විතරක් කරන්න.bye චේනුක "
"හ්ම්ම්ම් මම ආයේ එයාගේ මුනට එයාව මුණ ගැහෙන්න එන්නේ නැහැ කියල මම පොරොන්දු වෙන්න.bye ඉෂි "
ඉෂි ගිහානුයි එයාගෙයි මගෙයි දුව නීකිගෙයි ලඟට යනකම් මම ඒ රූපේ දිහා බලාගෙන උන්නා..ගිහාන් ඈත ඉඳල මට අත වැනුවේ හරිම ලෙන්ගතු විදියට හ්ම්ම්....ගිහාන් කියන්නේ කොච්චර වාසනාවන්ත මනුස්සයෙක්ද. ඒ වාසනාව මිට කාලෙකට කලින් මගේ ලඟට ඇවිල්ල මගේ ළඟ හිඟමන් ඉල්ලුවා අනේ මාව ඔයාගේ කරගන්න කියල එදා මම අන්ධයෙක් වගේ ඒ මැණිකට පයින්ගහල අද ජිවිතේ තනිකම උපරිමයෙන් භුක්තිවිදිනවා සින්නකර අරගෙන.පුංචි නීකි එයාගේ අම්මයි තාත්තයි මැද්දේ අතේ එල්ලිලා යන ගමන් මගේ දිහා බල බල මාව නොපෙනී යනකම් අත වැනුවා..හ්ම්ම් ඒ නොපෙනී ගියේ මගේ ජිවිතේ නේද කියල අයේ අමුතුවෙන් හිතන්න දෙයක් නැහැ .ජිවිතේ හැමදේම ප්ලෑන් වලට,සල්ලිවලට ,නම්බුවට කරන්න බැහැ කියලා මම තේරුම් ගනිද්දී මට මගේ ජිවිතේ නැතිවෙන්න ඕනි හැමදේම නැති වෙලා මම හුදෙකලා මිනිහෙක් වෙලා
හිතුවෙවත් නැති දවසක හිතන්නැතුවම ලංවුණා
අතීතයේ දුර ඈතක ආදරේ මග වැරදුනා
අපි අපිම අද ආයෙම හමුවුනා ඒ පාරේම ....
ලියපු මම මයියා.....
ආයේ සෙට් වෙමු එහෙනම් " එකමත් එක රටක " කියන කතාවෙන්. හිතුවෙවත් නැති දවස ඉවරවෙනකම් චෙනුකගේ දොස් ඉෂිගේ ගුණ වගේම කතාවේ අඩුපාඩු පෙන්නපු හැමෝටම ස්තුතියි කතාව ලියනවට වැඩිය මම සතුටු වෙන්නේ ඔයාලගේ කමෙන්ට් කියවල එහෙනම් ජයවේවා.. !!