හිතුවොත් පුලුවන්

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,125
    12,017
    113
    බලන බලන හැම අතම ප්‍රශ්නවලින් අපි හෙම්බත් වෙලා ..දකින දකින හැමෝම වගේ විවේචන...විවේචන...!
    කවදා ඉවරයක් වෙයිද? ඉතිං මේවයින් ගොඩ ඒන්න පුලුවන්ද ? බැරිද? අපි අසරණයිද?

    මට ලස්සන ෆිල්ම් ඒකක් හම්බවුනා...මේක ටිකක් බලලා..ඔබම තීරණයක්
    දැන් ඉතින් මෝටිවේසන් ගගා ඒන්න හදන්න ඒපා..
    කැමැති වුන් බලලා මොරාල් අප් කරගමු. වැඩක් නැත්නම් ඊලග ත්‍රෙඩ් ඒකට යන්න ...

    සත්‍ය කතාවක් ඇසුරින් සැකසුනි


    ............................

    Copied From Baiscopelk.com

    නැගෙනහිර අප්‍රිකාවේ පිහිටි දූෂිත ආණ්‌ඩුවක් සහිත දුප්පත් රටක්. නිමක් නැති ඉඩෝරයත් සමග පැමණි සාගතයක්. කර කියා ගැනීමට දෙයක් නොමැතිව අසරණ වූ ජනතාවක්. මේ සියල්ලට අභියෝග කරමින් ජීවිතය ජයගැනීමට වෙර දරන කොලු ගැටයෙක්.

    විලියම් කම්ක්වම්බා කියන්නේ මලාවි වල “කසුන්ගු” කියන ගමේ ගොවි පවුලක ඉපදුන අවුරුදු 13 ක කොල්ලෙක්. මෙයාට කැඩිච්ච රේඩියෝ එහෙම හදන්න පුළුවන්. මෙයා කුණු ගොඩෙන් එලෙක්ට්‍රොනික් කෑලි අරන් ඇවිල්ලා එක එක ගැජමැටික් හදන්න ගොඩක් දක්ෂයි. ඉස්කෝලෙ යන්නත් ගොඩක් ආසයි. මෙයාලට ආර්ථික අපහසුතා ගොඩක් තියෙනවා. මේ නිසා මෙයාව සැරයක් ඉස්කෝලෙනුත් එලවනවා, ගාස්තුව ගෙවාගන්න විදිහක් නැතුව. ඔහොම යනකොට 20′ දශකයේ මැද වෙනකොට මෙයාලා ඉන්න ප්‍රදේශයට සාගතයක් එනවා. ඉතින් මේ අවුරුදු දහතුනේ කොලු ගැටයා මේ සාගතේට අභියෝග කරන විදිහ, එයා මේකට හොයාගන්න විසඳුම මොකක්ද කියලා දැනගන්න කැමැතියිම්, චිත්‍රපටය නරඹන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා.

    බඩගින්න මිනිස්සුන්ව මරණ විදිහ, මිනිස්සුන්ව තිරිසනුන් කරන විදිහ, ආණ්ඩුවල තියෙන වගකීම් විරහිත කම නිසා මිනිස්සුන්ට විඳින්න වෙන දුක් වගේ දේවල් ඉතාම තියුණු ලෙස මේ චිත්‍රපටය තුලින් ප්‍රේක්ශකයා වෙත ගෙනහැර දක්වනවා. ලංකාවේ අපිටත් ගොඩක් වැදගත් පණිවිඩ කීපයක්ම මේ චිත්‍රපටය ඇතුලේ තියෙනවා. ඉතින් මම ඔයාලටත් ආරාධනා කරනවා අනිවාර්යයෙන්ම මේ විශිෂ්ඨ සිනමා නිර්මාණය නරඹන්න කියලා.


    උපුටා ගැනිම
    https://www.baiscopelk.com/the-boy-who-harnessed-the-wind-2019-sinhala-subtitles/
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    හිරුනිකා කියනවා ඩී ඒ රාජපක්ශ ටිකක් ඉවසන් හිටියනම් මේ රටට මෙහෙම වෙන්නෑලු... ඒ කිව්වෙ මොකක්ද🤭🤭🤭
     
    • Haha
    Reactions: JokerFan