හින්දු-අරාබි ඉලක්කම්
අරාබි ජාතිකයෝ විවිධ වෙළඳාම් කටයුතු සදහා සම්බන්ධ වූ සෑම රටකින්ම බොහෝ දේ උපුටා ගත්හ. ඔවුහු ගී‍්‍රසියෙන් පමණක් නොව ඉන්දියාවෙන් ද බොහෝ විෂයයන් උකහා ගත්හ. එකල අරාබි ජාතිකයින්ට ඔවුන්ගේම යැයි කිව හැකි අක්‍ෂර මාලාවක් හා අංක සංකේත ක‍්‍රමයක් ද විය. නමුත් ඔවුන්ගේ අංක ක‍්‍රමය විධිමත් නොවීය. සංස්කෘත ග‍්‍රන්‍ථ අරාබි බසට පරිවර්තනය වූ පසු අංක දහයකින් පමණක් සියලු සංඛ්‍යා ලිවීමේ ආශ්චර්යයමත් ඉන්දියානු අංක ක‍්‍රමය අරාබිවරුන්ගේ සිත් ගත්තේය. ගුබාර (දූවිලි මත ලියන අංක) අංක නමින් හැඳින් වූ එම ඉන්දීය අංක සංකේත ඔවුහු දිගටම භාවිතා කරන්නට වූහ. කි‍්‍ර. ව. 970 දී ඉන්දියා අංක අරාබි ග‍්‍රන්‍ථවල පැහැදිලිවම දක්නට ලැබේ. නමුත් ඔවුහු පසුව ඉන්දීය ඉලක්කම් වෙනුවට අරාබි ඉලක්කම්ම යොදා ගත්හ. සංකේතය වෙනස් වුවත් ස්ථානීය අගය එලෙසම පැවැතුණි.කි‍්‍ර. ව. 10 වන සියවසේ දී අරාබි ග‍්‍රන්‍ථවල සටහන් වී ඇති ඉන්දීය හා අරාබි අංක සංකේතවල ආකාරය ඉහත දැක්වේ.
සිරියාව වැනි බටහිර ආසියාවේ රටවල කි‍්‍ර. ව. 7 වන සියවසේ දී හින්දු ඉලක්කම් පැතිරී ගියේය. සිරියානු පඬිවරයෙකු වන ‘සොබොක්ත්’ ඉන්දියානු අංක නවයකින් යුක්ත වීම ගැන ප‍්‍රශංසාවෙන් කතා කර තිබේ. ඔහු අංක 9 ක් ගැන කතා කර තිබෙන්නේ ‘0’ (බිංදුව) අංකයක් ලෙස නොසැලකූ නිසාය. ඉන්දු ඉලක්කම් අරාබියට යන්නට ඇත්තේ ද සිරියාව හරහාය. ඉන්දු ඉලක්කම් අරාබි ජාතිකයින් මාර්ගයෙන් යුරෝපයට ද පැතිරී ගියේය. පළමුවෙන්ම ස්පාඤ්ඤයේ මේ නව අංක ක‍්‍රමය අරාබි ජාතිකයින් විසින් ප‍්‍රසිද්ධ කරන ලදී. අරාබි දේශවල මුලින්ම භාවිතා කළ ඉන්දියානු ඉලක්කම් විකාශනය වූයේ අශෝක සෙල් ලිපිවල එන බ‍්‍රාහ්මී අංක වලිනි.දහනව වන සියවසේ දී පමණ ස්පාඤ්ඤයේ දී ලතින් භාෂාවෙන් ලියන ලද පොත්වල එන අංක සංකේතවල බ‍්‍රාහ්මී අංකවල ලක්‍ෂණ දක්නට ලැබේ. යුරෝපීය පඬිවරයකු විසින් ලියන ලද ‘ඔරිජින්ස්’ නමැති ග‍්‍රන්‍ථයේ ද හින්දු ඉලක්කම් අගය කර දක්වා තිබේ. එම ඉන්දීය අංක යුරෝපයේ ප‍්‍රචලිත කිරීම සඳහා ‘ලියනාඩෝ පිබොනකි’ නමැති ඉතාලි ජාතික ගණිතඥයා දැඩි උත්සාහයක් ගත්තේය.ඉන්දියාවේ ඉපදී අරාබි ජාතිකයින් මගින් යුරෝපයට පැමිණි හින්දු ඉලක්කම් කි‍්‍ර. ව. 1500 න් පසු මනා හැඩහුරුවක් ගත්තේය. ඒ මුද්‍රණ ශිල්පය බිහි වී අච්චු අකුරු සහ අච්චු ඉලක්කම් සකසා ගත් බැවිණි. නමුත් හින්දු අංක යුරෝපය පුරා පැතිරී යාමට කාලයක් ගතවිය. එසේ වූයේ යුරෝපීයයන් ආසියානු හින්දු ඉලක්කම් වලට වඩා රෝම, ගි‍්‍රක, ලතින් අංක ක‍්‍රමවලට වැඩිපුර පි‍්‍රය කිරීම නිසයි. දහහත්වන සියවසෙන් පසු රෝම ඉලක්කම් යටපත් වී හින්දු ඉලක්කම් යුරෝපීයයන් අතර මුල්තැනට ආවේය. ඔවුන් ඒ ඉලක්කම් හැඳින්වූයේ ‘අරාබි ඉලක්කම්’ ලෙසිනි. ඒ ඔවුන් ඒ ඉලක්කම් හඳුනාගත්තේ අරාබි ජාතිකයින් මාර්ගයෙන් නිසාය. අරාබි ජාතිකයෝ ඒ ඉලක්කම් හැදින්වූයේ ‘හින්දසෙ’ (ඉන්දියාවෙන් පැමිණි) යන නමිනි.
source http://www.danuma.lk/sinhala/index.php?option=com_content&view=article&id=19164:2010-06-10-04-10-57&catid=52:knowledge&Itemid=143&lang=si