~~ හිනාවක් යයිද ~~

STU26015

Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    මෙය තරමක් ගම්බද පෙදෙසක සිදුවූ සිදුවීමකි.

    මහත් වෙහෙසක් දරමින් එළදෙනක් ඇදගෙන යමින් සිටි කුඩා දැරිය දුටු කාන්තාව මහත් අනුකම්පාවෙන් දැරිය ඇමතුවාය.
    "දෙයියනේ! මොකක්ද ඔය ළමය ඔය කරන්නේ???"
    "මම මේ අපේ එලදෙනව ගොනා ගාවට එක්කන් යන්නයි හදන්නේ!" දැරිය පිලතුරු දුන්නාය.
    "බලන්න ඕක ඔයා වගේ පොඩි ළමයෙකුට කරන්න පුළුවන් වැඩක්ද? ඇයි ඔය වැඩේ ඔය ළමයගෙ තාත්තට කරන්න බැරිද?" කාන්තාව ඇසුවේ මදක් තරහිනි.
    "බෑ නෝනා අපේ තාත්තට ඒක කරන්න බෑ! ඒක ගොනෙක්ම තමා කරන්න ඕන!"


    හොඳනම් රෙපක් ගහගෙනම යමුද යාලු...:D
    හැබැයි මේව උස්සපුව :yes:
     
    Last edited:

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    හෙලෝ.... හෙලෝ...... ආ.... පුතා මම දැන් ගේ ලඟටම ඇවිල්ලා ඉන්නේ අම්මිට කියන්න ගේට්ටුව අරින්න කියලා"
    පුතා - "හා තාත්තී..."
    "හෙලෝ.... හෙලෝ.... පුතා කෝ ඔයා අම්මිට කිව්වේ නැද්ද ගේට්ටුව අරින්න කියලා. ‍මම මේ ගේට්ටුව ලඟ ඉන්නේ"
    පුතා - "මම කිව්වා"
    "ඉතිං"
    පුතා - "මම යනකොට අම්මි ගේ කාමරේ දොර වහලා. මම දොරට තට්ටු කරහම අම්මී ඇහුවා "මොකද කියලා" එතකොට මම කිව්වා "තාත්තී ලඟම එනව කිව්වා ගේට්ටුව ඇරල තියන්න කිව්වා කියලා"
    "ඉතිං.."
    පුතා - "කාඹරේ ඇතුලේ ලොකු කලබලයක් වගේ ඇහුනා... ඊට පස්සේ දඩීං.... ගාලා කව්ද බිම වැටුනා... ඊට පස්සේ ජනේලේ අරින සද්දේ ඇහුනා..."
    "ඊට පස්සේ"
    පුතා - "මම කාමරේ දොර ඇරල බලනකොට අම්මී බිම වැටිලා හිටියා. එයාගේ ඔලුව හොඳටම තුවාල වෙලා එයාට සිහි නැහැ. මම ඇරල තිබුන ජනේලෙන් පහල බැලුවා. කව්ද පිස්සෙක් වතුර අස්කරපු පූල් එකට උඩ තට්ටුවේ ඉඳල පැනලා"

    "ඔහ්! මොන පූල් එකද? මොන උඩ තට්ටුව ද? අපේ ගෙදර පූල් එකක් නැහැනේ. වෙරි සොරි පුතා රෝන්ග් නම්බර් :lol::lol:
     
    Last edited:

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    මම දවසක් ටවුන් එකේ තියන ටිකක් ලොකු කඩයකට ගියා සිල්ලර බඩු ටිකක් ගන්න, ඒ කඩේ සිල්ලර වෙලඳාම වගේම තොග වෙලඳාමත් කෙරෙනව, ඈත ගම්වල මුදලාලිල තමන්ගෙ පොඩි කඩේට ඕනි සිල්ලරබඩු ටික මෙතනින් අරන් යනව,
    මම ගිය දවසෙ මේ කඩේ හිටියෙ මුදලාලිත් තවත් කඩයකට බඩු ගෙනියන්න ආපු මුදලාලි කෙනෙකුත් කඩේ වැඩ කරන පොඩි කොල්ලෙකුත් විතරයි, මේ කොල්ල අවුරුදු 14ක්,15ක් විතර පෙනුමතියන හොඳට දුවල පැනල කෑගහල වැඩ කරන කටකාර ඇම්ඩෙක්. මම යනකොටම බඩු ටික චෙක් කරන්න ගත්ත, කොල්ල බඩු තොගේ බල බල කියනව, මුදලාලි "හරි" කියනව,

    කොල්ල - සන්ලයිට් කැට 15යි...
    මුදලාලි - හරි...

    කොල්ල - ලය්ෆ්බොය් 10යි...
    මුදලාලි - හරි...

    කොල්ල - ලක්ස් කැට 10යි...
    මුදලාලි - හරි...

    කොල්ල - සිග්නල් පෙට්ටි 10යි...
    මුදලාලි - හරි...

    කොල්ල - සුදු කැකුලු 10යෙ කවර 10යි...
    මුදලාලි - හරි...

    කොල්ල - රතු කැකුලු 10යි...
    මුදලාලි - හරි...
    කොල්ල - පරිප්පු...


    කොල්ල - තේ කොල පැකට් 20යි...
    මුදලාලි - හරි...

    කොල්ල - අරව පැකට් 10යි...
    මුදලාලි - අරව! මොනවද යකෝ අරව ?
    කොල්ල - අර අරව...
    මුදලාලි - ආහ්, හරි, 10යි...


    හැබෑට මොනවද මේ අරව...?(අදිසි උපකාරකය - ගංජ නෙමෙයි, වැඩිහරියක් එන්නේ රෝසපාට පැකට්වල)
     
    Last edited:
    • Like
    Reactions: libero

    Snoooxx

    Banned
  • Oct 22, 2017
    183
    20
    18
    මේක කියවලා ඉවර උනා විතරයි!කරන්ට් ගියා හරිම අසුබයි! xD