හිමිනමක් ගව මස් වෙළෙඳ සැලක ටෙණ්ඩරයක් මිල&#3495

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    හිමිනමක් ගව මස් වෙළෙඳ සැලක ටෙණ්ඩරයක් මිල&#3495

    64533_308183492658097_16694328_n.jpg

    ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ගව මස් අළෙවි සැලක ටෙණ්ඩරයක් බෞද්ධ හිමිනමක ටෙණ්ඩර් පටිපාටිය නියමිත ආකාරයට අනුගමනය කරමින් මිලට ගෙන ඇතැයි වාර්තා වේ.

    එය මිලට ගෙන ඇත්තේ ගාල්ල, තල්ගස්වල සුජාත බෞද්ධ මධ්‍යථානයේ වැලිවැව සුජාත නමැති හිමියෝ බව අප වාර්තාකරු පවසයි.

    නාගොඩ ප්‍රාදේශිය සභාවෙන් තල්ගස්වල ප්‍රදේශයේ මේ වනවිටත් වසර 10 ක කාලයක සිට පවත්වාගෙන යන ගවමස් අලෙවි සැලක් සඳහා 2014 වර්ෂය සඳහා ඉදිරිපත් කර තිබු ටෙණ්ඩරයකින් වැඩි ම මුදලක් ලෙස රුපියල් තුන් ලක්ෂ විසිපන්දහසකට ලන්සුවක් තැම්පත් කර තිබූ හෙයින් එය එම හිමියන්ට ලබාදිමට තිරණය කළ බව නාගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති විලේගේ හේමචන්ද්‍ර සඳහන් කරයි.

    එම මස් ඇත්තේ සිය පන්සලට මීටර් ගණනාවක් ඈතින් බවත් එම මස් කඩය නතර කරන ලෙස සියළු දෙනාගෙන් ඉල්ලූ බවත් එය ඉටු නොවීම හේතුවෙන් තමා එම ටෙණ්ඩරයෙන් මිල දී ගත් බව එම හිමියෝ පැවසූහ.

    නාගොඩ ශසනාරක්ෂක බල මණ්ඩලයේ හිමිවරු, දහම් පාසල් හිමිවරු ද මේ පිළිබඳ ඉල්ලීමක් කළ ද වගකිව යුත්තන් එය වහන්නේ නොමැති බවත් ඒ හේතුවෙන් එම ටෙන්ඩරය ගෙන ගවමස් කඩය වසා දමා ඒ වෙනුවෙන් ප්‍රාදේශීය සභාවට කඩය පවත්වාගෙන යන බව පවසා එලෙස එය වසා දමා එම මුදල් ලබාදීමට තීරණය කළ බව උන්වහන්සේ සඳහන් කළහ.
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    මේ හාමුදුරුවෝ දේශපාලුවොන්ට ගොට්ට අල්ලන කෙනෙක් නෙමෙයි. මිනිස්සුන්ගේ හයියෙ එකතුවෙනුයි ඔක්කොම කරන්නේ.උදවු කරන්න කැමති එලකිරියන්ස්ලා ඉන්නවා නම් මට හාමුදුරුවෝ කන්ටැක් කරලා දෙන්න පුළුවන්.
    පුද්ගලිකව අදුරන්නේ නැහැ.පන්සලට ගියා වෙසක් පෝය දවසේ...
     
    Last edited:

    cool_sl80

    Member
    Feb 17, 2012
    147
    43
    0
    මචං ප්‍රථම වතාවට නෙවෙයි.. මීට කලින්,

    1. වැල්ලවාය (මට මතක විදියට )
    2. අම්බලන්තොට (මේක නම් මට 100% ශුවර්)

    යන නගරවල තිබුනු ටෙන්ඩර් පවා මෙහෙම අරගෙන දැන් මස්කඩ වහලා තියෙනවා..
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    කියන්න වදන් නෑ..
    මෙන්න නියම මොලේ තියෙන හිමිවරු...
    ගිනිතියන්න ඕන නැහැ.. ගහමරා ගන්න ඕන නැහැ..
    මොලෙන් ගේම දෙන්නේ..

     

    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    කියන්න වදන් නෑ..
    මෙන්න නියම මොලේ තියෙන හිමිවරු...
    ගිනිතියන්න ඕන නැහැ.. ගහමරා ගන්න ඕන නැහැ..
    මොලෙන් ගේම දෙන්නේ..


    :yes: