හිමිනමක් ගව මස් වෙළෙඳ සැලක ටෙණ්ඩරයක් මිලට
ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ගව මස් අළෙවි සැලක ටෙණ්ඩරයක් බෞද්ධ හිමිනමක ටෙණ්ඩර් පටිපාටිය නියමිත ආකාරයට අනුගමනය කරමින් මිලට ගෙන ඇතැයි වාර්තා වේ.
එය මිලට ගෙන ඇත්තේ ගාල්ල, තල්ගස්වල සුජාත බෞද්ධ මධ්‍යථානයේ වැලිවැව සුජාත නමැති හිමියෝ බව අප වාර්තාකරු පවසයි.
නාගොඩ ප්‍රාදේශිය සභාවෙන් තල්ගස්වල ප්‍රදේශයේ මේ වනවිටත් වසර 10 ක කාලයක සිට පවත්වාගෙන යන ගවමස් අලෙවි සැලක් සඳහා 2014 වර්ෂය සඳහා ඉදිරිපත් කර තිබු ටෙණ්ඩරයකින් වැඩි ම මුදලක් ලෙස රුපියල් තුන් ලක්ෂ විසිපන්දහසකට ලන්සුවක් තැම්පත් කර තිබූ හෙයින් එය එම හිමියන්ට ලබාදිමට තිරණය කළ බව නාගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති විලේගේ හේමචන්ද්‍ර සඳහන් කරයි.
එම මස් ඇත්තේ සිය පන්සලට මීටර් ගණනාවක් ඈතින් බවත් එම මස් කඩය නතර කරන ලෙස සියළු දෙනාගෙන් ඉල්ලූ බවත් එය ඉටු නොවීම හේතුවෙන් තමා එම ටෙණ්ඩරයෙන් මිල දී ගත් බව එම හිමියෝ පැවසූහ.
නාගොඩ ශසනාරක්ෂක බල මණ්ඩලයේ හිමිවරු, දහම් පාසල් හිමිවරු ද මේ පිළිබඳ ඉල්ලීමක් කළ ද වගකිව යුත්තන් එය වහන්නේ නොමැති බවත් ඒ හේතුවෙන් එම ටෙන්ඩරය ගෙන ගවමස් කඩය වසා දමා ඒ වෙනුවෙන් ප්‍රාදේශීය සභාවට කඩය පවත්වාගෙන යන බව පවසා එලෙස එය වසා දමා එම මුදල් ලබාදීමට තීරණය කළ බව උන්වහන්සේ සඳහන් කළහ.