හිසකෙස්_රැක_ගැනීමට_අත්_බෙහෙත්
හිසකෙස් රැක ගැනීමට අත් බෙහෙත්
මේක ගැහැණු පිරිමි කියල බේදයක් නැහැ. ඕන කෙනෙකුට ගැලපෙනවා
හිසකෙස්වල ස්වභාවය අනුව අපට හිසකෙස්වල නීරෝගිමත් පැවැත්මට යම් යම් උපදෙස් අනුගමනය කළ හැකියි. හිසකෙස්වල ස්වභාවය අනුව බිත්තර සුදුමදය හෝ කහමදය ගල්වන්නට පුළුවන්. තෙල් අධික කෙස් කලබක් නම් බිත්තර සුදුමදය ද වියළි කෙස් කලඹක් නම් බිත්තර කහමදය ද සාමාන්‍ය කෙස් කලඩක් නම් බිත්තරයක් සම්පූර්ණයෙන් වුවද භාවිත කළ හැකියි.
උළුහාල් තම්බාගත් වතුර කෝප්පයක් ගෙන එය නිවෙන්නට හැර බිත්තර කලවම්කර හිස්කබලේ සිට කොණ්ඩය අග දක්වාම හොඳින් ආලේපකර විනාඩි හතළිස් පහක් යනතුරු තබා මඳ රස්නය වතුරෙන් හිස්කබල හොඳින් සෝදන්න. එවිට කොණ්ඩයේ රෝගී ස්වභාවය මඟහරවා ගත හැකියි.
* කරපිංචා කොළ මිටක්, උළුහාල් ටිකක් රත්මල් සමඟ දමා උතුරවා එය පැයක් පමණ තිබෙන්නට හරින්න. ඉන්පසු මෙයට දෙහි ස්වල්පයක් එකතු කරන්න. තෙල් අධික සහ ඉස්හොරි පැතිරී ඇති හිසකට මෙය ගැල්වීමෙන් එම තත්ත්වය මඟහැරී යයි.
ඉතා අධික ලෙස වියළි බවක් දක්වන කෙස් කලඹකට කෝමාරිකා සාරය, බිත්තර කහමදය සහ පොල්කිරි ස්වල්පයක් එකට එකතුකර හිසකෙස්වල ආලේපකර පැයක පමණ කාලයක් සිට මඳ රස්නය ඇති වතුරෙන් හිසකෙස් සෝදන්න. මෙය සතියකට දෙවරක් කිරීමෙන් ඉතා හොඳ ප්‍රතිඵල අත්කරගත හැකියි.
* ඉස්හොරි මඟ හරවා ගන්නට -
නිවෙසේදීම සකසාගත හැකි අත් බෙහෙත්වලින් හිසකෙස්වලට අහිතකර බලපෑමක් නොවන අයුරින් ඉස්හොරි ඉවත්කර ගන්නට පුළුවනි. මේ සඳහා අතින් පොඩි කරගත් තක්කාලි හිස්කබලට දමා පිරිමැද විනාඩි විස්සක් තබා සෝදා හරින්න.
* කොහොඹ දලු අඹරා එයට පොල්කිරි ටිකක් දමා හිස්කබලේ තවරා හොඳින් පිරිමැද විනාඩි 10 ක් පමණ තබා සෝදා හරින්න.
* වියළි නෙල්ලි මිටක් ගෙන රැයක් වතුරේ පෙඟෙන්නට දමා තබා උදේට තම්බා සියක්කා තේ හැඳි කාලක් දමා හිස සෝදන්න.
* කෙස් කලඹ වියළි නම් පොල්කිරි ස්වල්පයක් හිසට දමා හොඳින් පිරිමදින්න.
* හෙනාපැක් එක ද ඉස්හොරිවලට සුදුසු ප්‍රතිකාරයක්. මීකිරි, බිත්තර සුදුමද සමඟින් කළවම්කර එය හිස ගල්වා විනාඩි 10 ක් පමණ තබා සෝදා ඉවත් කරන්න.