හිස්හොරි වලට තිත

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    ඔය ෂැම්පු වල ආපහු හිස්සොරි ඇතිකරන කෙමිකල් ටිකකුත් තියනවලු බන්. ඒකලු ෂැම්පු ගානකල් අඩුවෙලා ආපහු මතුවෙන්නෙ :baffled:
    එහෙම එකක් නෙමෙයි යකො
    ඕව දාලා හේදුවට එවෙලෙට යනවා.
    ආපහු උබ ඇවිල්ලා ඔළුව තියන්නෙ කලින් කොට්ටෙ ම නම් කලින් කැප් එක කලින් හෙල්මට් එක නම් ඒකෙ තියෙන ඉස්හොරි බිජ වැටිල ආපහු හැදෙනවා.
    ඒකයි ආපහු හැදෙන්නෙ.
    කලින් පනාව පවා අයින් කරලා දාලා බෙඩ්ෂීට් කොට්ට උර හෝදලා ඕවා දාලා ජීවිතේ පටන් ගනින් එතකොට හරියාවි
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    එහෙම එකක් නෙමෙයි යකො
    ඕව දාලා හේදුවට එවෙලෙට යනවා.
    ආපහු උබ ඇවිල්ලා ඔළුව තියන්නෙ කලින් කොට්ටෙ ම නම් කලින් කැප් එක කලින් හෙල්මට් එක නම් ඒකෙ තියෙන ඉස්හොරි බිජ වැටිල ආපහු හැදෙනවා.
    ඒකයි ආපහු හැදෙන්නෙ.
    කලින් පනාව පවා අයින් කරලා දාලා බෙඩ්ෂීට් කොට්ට උර හෝදලා ඕවා දාලා ජීවිතේ පටන් ගනින් එතකොට හරියාවි
    හිස්සොරි බීජ මොකද්ද බන් ඒ. අදමයි ඇහුවෙ

    මම දන්න විදියට හිස්සොරි කියන්නෙ ඔලුව වේලුනාම ගැලවිල යන උඩ සිවිය :confused:
     

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    හිස්සොරි බීජ මොකද්ද බන් ඒ. අදමයි ඇහුවෙ

    මම දන්න විදියට හිස්සොරි කියන්නෙ ඔලුව වේලුනාම ගැලවිල යන උඩ සිවිය :confused:
    ඒකෙ මොනව හරි තියෙනව ෆන්ගස් එකක් වගේ දෙයක්. ඩොකෙක් තමයි මේ කතාව කිව්වෙ
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,628
    113
    colombo
    අඩේ පට්ට බන් , මටත් ඔය ලෙඩේ තියෙනවා බන් නාලා පහු වෙනිදා නෙවේ, උදේ නෑවොත් හවස් වෙද්දි ඉස්සොරි . ඒ මදිවට පොඩි පොඩි බිබිලිත් දාලා බන් ඔලුවේ (කුරුලෑ වගේ) 😭😭😭 , හැමදාම නෑවත් හරි යන්නෙ නෑ. මන් ඒවා කුරුලෑ මිරිකනවා වගේ ඇගිල්ලෙන් තද කරනවා. නලල දෙපැත්තේ කොන්ඩේ තියෙන හරියේ තියෙන බිබිලි නම් බල බලා මිරිකනවා, ඔලුවේ නිකන් තියෙන ඒවා නිය පොත්තෙන් මිරිකනවා

    හරිම වදයක් බන්, ගාන්න තියෙන ශැම්පො ඔක්කොම ගෑවා. මේකත් ගාලා බලන්න ඕන අද ඉදන්ම :love: :love: :love: :love:

    ඉස්සොරි නම් මොන ඩොකෙක්ට ද බන් පෙන්නන්න ඕන???

    mama nam pennuwe ithin ape town eke inna normal doctor kenekuta ban

    e bibili pupuranna epa yako mama uda comment eke kiyala thiyena widihata meka gapan

    Ketaconazole
    ඕක ගාන්න ඕන රත්තරන් බඩු එහෙම ගලවලා..
    ඒවට වැටුනම සවුත්තුවෙනවලු
    apita ithin mona raththaranda :/
    Oka gana eka naqaththala balapan aiyth enawada kiyala.
    man meka dan gana eka nathara karala godak kal dan oluwata mokuth noda nikanma nanawa normal shampoo wath ganne na
    bade gindara tiyanakn oya mokuth gaanakn witarai. nwththuwama aye enwa


    nawaththala ban thiyenne dan naha
     
    • Love
    Reactions: The Hacker

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    mama nam pennuwe ithin ape town eke inna normal doctor kenekuta ban

    e bibili pupuranna epa yako mama uda comment eke kiyala thiyena widihata meka gapan


    apita ithin mona raththaranda :/

    man meka dan gana eka nathara karala godak kal dan oluwata mokuth noda nikanma nanawa normal shampoo wath ganne na



    nawaththala ban thiyenne dan naha
    උබ පරණ කොට්ට උරේ පරණ කැප් හෙල්මට් තාම පාවිච්චි කරනවා ද?
    නවත්තල කොච්චර කල් ද?
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,628
    113
    colombo

    උබ පරණ කොට්ට උරේ පරණ කැප් හෙල්මට් තාම පාවිච්චි කරනවා ද?
    නවත්තල කොච්චර කල් ද?

    dan nawaththala sathi dekak withara wenawa , caps nam na . helmets uth na , kotta ure nam ekama thama
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,807
    8,143
    113
    Kotahena
    photo-2021-01-17-20-58-05.jpg
    meka
    කැරි ගේ අත

    ඕක ගාල උබලට අඩු උනේ නැත්තන් එකට අවුලක් ගන්න එපා..

    ඕක හරියන්න නම් උබ ගේ එකෙක් වෙන්න ඕන ඇති..

    උබ දැන් ඕක උබට ලියල දීපු දොස්තරගේ කටට ගත්තේ නැද්ද ?
     
    Last edited:
    • Haha
    Reactions: The Hacker

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,454
    25,707
    113
    ලංකාවේ ඇති සියළුම ඒවා ගෑවා, ආයේ මතුවෙනවා. හැබැයි බඩ විරේකයක් කරපුවාම ටික කාලයක් හැදෙන්නේ නෑ..... පහු ගිය ටිකේ ත්‍රිපලා බිව්වා, අඩු වුණා. අව්ලක් නෑ ආයේ ආපුවාම ඕක ගහනවා.

    මම පාවිච්චි කරපු වා පල්ලෙහා දාන්නම්.....

    CandidB lotion /cream
    Microal shampoo /cream
    Keto plus shampoo
    Nizoral shampoo
    Beclamine loation
    beprogel
    HOE brand shampoo

    තව වැඩිම වුන කාලේට කොන්ඩිස් / කහ / දෙහි ගාලා loation වගේ එකක් ගෑවහමත් අඩු වෙනවා.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,290
    1
    59,350
    113
    Kaduwela
    හිස්හොරි සුලබ රෝග තත්ත්වයක්. මෙය ගැහැනු පිරිමි යන දෙකොටසටම පොදුය. විශේෂයෙන්ම තරුණ තරුණියන්ට මෙය ඇතිවීමෙන් කායික අපහසුතාවන්ට වඩා මානසික අසහනයට පත්වේ. එයට හේතුව හිසෙහි කැසීමත්, සුදු පැහැති සියුම් පතුරු ආකාරයෙන් හිසේ හම ගැලවී යෑමත්ය. සමහර විට අධික කැසීම නිසා පසුව වෙනත් ආසාදනවලට ලක්වීමේ අවදානමද පවතී.


    හේතු
    සාමාන්‍යයෙන් හමේ අපිචර්මය නමින් හඳුන්වන මතුපිට ස්තරයේ Horney Layer නම් කොටස නිරතුරුවම ගැලවී ඉවත්වේ. මෙසේ හමේ මතුපිට සෛල පරිණත වී මියගොස් ගැලවී යෑමට මසක පමණ කාලයක් ගතවෙනවා. එහෙත් හිස්හොරි (Dandruff) තිබෙන අයගේ මේ සිදුවීම ඉතා ඉක්මනට සිදුවෙනවා. දින දෙකේ සිට හත (2-7) දක්වා කෙටි කාලයකදී මෙසේ සෛල මැරී ඉවත් වී යනවා. ඒ විතරක් නෙවේ මේ සෛල ඉතා විශාල වශයෙන් ඉවත් වෙනවා. මේ නිසා මේවා සුදුපාට සියුම් පොතු ආකාරයෙන් අපිට දකින්න පුළුවන්. එසේම මේ නිසා හිසෙහි සමෙහි කැසීම්ද හටගන්නවා.

    නිතර සේදීම
    හිස් හොරි ඇතිවීමට ප්‍රධාන හේතුව වන්නේ හිසෙහි අපිරිසුදු බවයි. හිස දිනපතා හොඳින් සෝදා පිරිසුදු කරනව නම් හිස්හොරි ඇතිවෙන්නේ නැහැ.
    මීට අමතරව හිසේ ස්පර්ශ වන විවිධ විෂ රසායනික ද්‍රව්‍යද මේ සඳහා බලපානවා. උදාහරණ වශයෙන් සැර Hair Gell,, ෂැම්පු වර්ග, Hair dye වර්ග දක්වන්න පුළුවන්.


    මානසික ආතතිය
    මානසික ආතතියද මෙයට බලපානවා. සීත සෘතුවලදී හිස්හොරිවල රෝග ලක්ෂණ වැඩිවෙනවා. එම නිසා සීතලද හිස්හොරි ඇතිවීමට හේතුවෙනව කියලා කියන්න පුළුවන්. සමහර අයට වැඩිපුර දහදිය දමනවා. ඒ අයට හිස්හොරි ඇතිවීමේ අවදානමත් තියෙනවා. තෙල් සහිත (Oily Skin) සමක් ඇති අයට වැඩිපුර හිස්හොරි ඇතිවෙන්න පුළුවන්.


    ආහාර
    පර්යේෂණවලින් හෙළිදරව් වෙලා තිබෙනවා ලුණු, කුළුබඩු හා සීනි ආහාර වැඩිපුර ගන්නා අයටත්, වැඩිපුර මත්පැන් පානය කරන අයටත් හිස්හොරි අවදානම තිබෙන බව.


    මේ අනුව පෙනී යන දෙයක් නම් ඉස්හොරිවලට ඉහත දක්වා ඇති කරුණුවලින් එකක් හෝ කිහිපයක බලපෑම තිබෙන්න පුළුවන් බවයි.

    පුස්වර්ග
    හිස්හොරිවලට බලපාන තවත් කාරණයක් තමයි හමේ ජීවත්වන පුස් වර්ගයක්. Malassezia Globosa නමින් හඳුන්වන යීස්ට් වර්ගයක් නිරෝගී අයගේ ද හිසේ සම ආශි්‍රතව ජීවත්වෙනවා. හිස්හොරි තිබෙන අයගේ මේ පුස්වර්ගය වැඩිපුර තිබෙනවා. ඒ නිසා හමේ ස්නේහ ස්‍රාවී ග්‍රන්ථිවලින් ස්‍රාවය වන තෙල් වැනි ස්‍රාවය. (Sebum) මත ක්‍රියා කර වැඩිපුර Oleic Acid නිපදවෙනව. මේ අම්ලය නිසා සමේ ඇතිවන ප්‍රදාහිත තත්ත්වය, සමේ සෛල වැඩිපුර හා ඉක්මනින් ගැලවී යෑමට හේතුවෙනවා.

    රෝග ලක්ෂණ
    හිස්හොරි නිසා හිසේ තදබල කැසීම් ඇතිවෙනවා. ඒ සමඟම සුදුපාට තුනී පොතු වැනි කොටස් ගැලවී යනවා. මේවා හිසෙහි මතුපිට කෙස් අතර වගේම ඇඳුම්වලත් තැන තැන තිබෙන්න පුළුවන්. මේ නිසා දැඩි මානසික අසහනයක්ද ඇතිවෙන්න පුළුවන්. අධික කැසීම නිසා හිසේ හම තුවාලවෙලා වෙනත් ආසාදන ඇතිවෙන්නත් හේතුවෙනවා.
    මෙහිදී අවධානය යොමු කළ යුතු තවත් වැදගත් කාරණාවක් වන්නේ මේ ආකාරයට සුදුපාට පොතු ආකාරයෙන් හමේ ඇතිවන වෙනත් රෝග තිබෙනවාද යන කාරණය.

    උදාහරණයක් වශයෙන් ඒ අයට පොතු කබර (Psoriasis) කියන රෝග තත්ත්වයද හිසේ හම ආශි්‍රතව තිබෙන්න පුළුවන්.
    Seborric dermatitis කියල තවත් රෝග තත්ත්වයක් තිබෙනවා. මීට සමාන ලක්ෂණ සහිතව. නමුත් මෙම රෝග තත්ත්තවය හිසේ පමණක් නොවේ වෙනත් තැන්වලත් තියෙන්න පුළුවන්. ඒ වගේම ඇතිවන පොතු තරමක් විශාලයි, තෙත් බවක් තිබෙනවා.
    ආයුර්වේද ප්‍රතිකාර
    ඉහත සඳහන් කළ ආකාරයට හිස්හොරි ඇතිවීමට විවිධ හේතු බලපානවා. ප්‍රතිකාරය පදනම් විය යුත්තේ එම හේතුවට ගැළපෙන ආකාරයටය. විශේෂයෙන් වෙළෙඳ පොළේ විවිධ ෂැම්පු වර්ග තිබෙනවා. එයින් සමහර ඒවා මඟින් රෝම කූපවලට බරපතළ ලෙස හානි සිදුවෙනවා. එයට හේතුව කෘත්‍රිම රසායනිකයන් ඒවා තුළ අඩංගු වීමයි.

    හිස්හොරි වලට ප්‍රතිකාර කිරීමේදී පහත කරුණු සැලකිල්ලට ගැනීම අවශ්‍යයි.
    • කෙස් හා හිසෙහි හම නිරතුරුව පිරිසුදුව තබා ගැනීම අවශ්‍යයි. එමඟින් දහදිය, විෂ ද්‍රව්‍ය මෙන්ම මියගිය සෛල ඉවත් වී හම පිරිසුදු වේ.
    • දිනපතා ක්‍රමානුකූලව හිස පීරන්න. මේ මඟින් මියගිය සෛල ඉවත්වීම මෙන්ම සමට හොඳ රුධිර සැපයුමක් ඇතිවෙනවා.
    • හිසෙහි හම දිනපතා ඇඟිලි තුඩුවලින් මසාජ් කරන්න. මෙමඟින් හිසට හොඳ රුධිර සැපයුමක් ඇතිවෙනවා. ඒ නිසා කෙස් හොඳින් වර්ධනය වෙනවා. දිනපතා හිස පීරීමට පෙර හා පසුව දෙවරක් මෙසේ හිස මසාජ් කරන්න.

    අත් බෙහෙත්
    ඉතා ආරක්ෂිත මෙන්ම ප්‍රතිඵල දායක අත්බෙහෙත් තිබෙනවා.
    • උළුහාල් තේ හැඳි 02ක් පමණ වතුර අඬු කෝප්ප 1/2ට පමණ පෙඟෙන්න දමා පසුදා උදේ ඒවා හොඳින් අඹරා හිසෙහි ගල්වන්න. ඇඟිලි තුඩුවලින් හිස මසාජ් කරන්න. මෙසේ කර පැය 1/2කට පමණ පසුව හොඳින් සෝදා හරින්න.
    • ස්නානය කරන අවස්ථාවේදී දෙහි යුෂ තේ හැඳි 01 ක් වතුර ස්වල්පයක මිශ්‍ර කර හිසෙහි ගල්වා මසාජ් කරන්න. සතියකට කිහිපවරක් මෙසේ කිරීමෙන් හිස්හොරි ඉවත්වේ. හිසකෙස්වල ඇලෙන සුලුගතිය ඉවත්වේ. එමෙන්ම දිලිසෙන සුළු කෙස් කලඹක් ඇතිවේ.
    • මුදවපු කිරි මේස හැඳි 01ක් හිස් කබලේ හමේ ගා ඇඟිලි තුඩුවලින් මසාජ් කරන්න. මේ සඳහා තරමක් ඇඹුල් වූ මීකිරි යොදාගත යුතුය. මෙසේ පැය 1/2 කට පසුව සෝදා හරින්න.

    • නෙල්ලි යුෂ හා දෙහි ඇඹුල් බින්දු කීපයක් මිශ්‍ර කර රාත්‍රි නින්දට පෙර හිසෙහි හමෙහි ආලේප කරන්න. මෙහිදී නිතර සෙම් රෝගවලට ලක්වෙන අයට මෙම ප්‍රතිකාර නුසුදුසු බව මතක තබා ගන්න.
    • හිස සෝදන අවස්ථාවකදී පිරිසිදු පොල් විනාකිරි ස්වල්පයක් (තේ හැඳි 01 පමණ) වතුර ස්වල්පයක් සමඟ මිශ්‍ර කර එය රෙදි කඩක පොඟවා හිස තදින් පිස දැමීමද හිස්හොරි සඳහා සුදුසු ප්‍රතිකාරයකි.

    ආහාර පාලනය
    බහුලව ලුණු, තෙල් හා සීනි ආහාරයට ගැනීමෙන් වළකින්න.
    නැතිනම් මාසයකට දින කිහිපයක් පලතුරු පමණක් ආහාරයට ගන්න. ටින් කළ ආහාර වර්ගවලින් හැකිතාක් වළකින්න.
    හැකිතාක් මල බද්ධය වැළැක්වීමට පියවර ගන්න. මඳ උණුසුම් ජලය වස්ති කිරීමද (enema) හිස්හොරි සඳහා නිර්දේෂිතයි.
    ක්‍රමයෙන් සරල සමබල ආහාර රටාවකට පුරුදුවන්න. මෙහිදී ද නැවුම් එළවළු, පලතුරු, පලාවර්ග අඩංගු ආහාරවලට ප්‍රමුඛත්වය දෙන්න. අධිකව ප්‍රෝටීන හා මේද බහුල ආහාරවලින් වළකින්න.
    දිනපතා මඳ හිරු රශ්මිය හිසට ලැබීමට සැලැස්වීමද වැදගත්ය.

    -උපුටා ගැනීමකි-
     
    • Like
    Reactions: DJLEOx78