මේ හීනෙ තේරුම මොකක්ද කියල මම දැකපු දවස්වලම තේරුම් ගන්න ට්‍රයි කලා. ඊට පස්සෙ නිකමට හිතුනා මේ ගේ ගිනිගන්න එකෙන් පෙන්නුම් කරන්නෙ ගෙදර ගෘහ මූලිකයට මොකක් හරි කරදරයක් වෙන දෙයක් ගැනදෝ කියල. ගෘහමූලිකය කියන්නෙ ඉතින් පියානෙ. බලපන් මේ කමෙන්ට් එක අදාල ත්‍රෙඩ් එකේ දැම්මෙ මැයි 19 මැයි 24 පියා හොස්පිට්ල් ඇඩ්මිට්. තාමත් ඇඳේනෙ ඉතින්. අන්තිමේ ඒ හීනෙත් ඇත්ත වුනා.. 
මම මේ ලඟදි හීනයක් දැක්කා. ඒක තමා මෙතුවක් කාලෙට දැකපු බය හිතෙනම හීනේ, වහිනවා පැලෙන්න. අපේ ගෙදර සිවිලිම කඩන් වැටෙනවා සාලේ මැදට. සිවිලිමේ ගහල තියෙන සීට් එකින් එක වැස්සට පෙඟිලා වගේ කඩන් වැටෙන්නේ. එක පාරටම එක සිවිලිම් කෑල්ලක් කඩන් වැටුනා ගිනි අරගෙන. හෙන වැස්සේ ගිනි ගන්නවත් එක්ක. එහෙම්මම දිව්වා කාමරේට. දුවද්දී ෆියුස් බෝඩ් එක පැත්තෙන් ඇහුනා අර ගෑස් එක ෆුල් ඕපන් කරලා ගින්දර දුන්නම එන සද්දේ තියෙන්නේ. හෝස් ගාල. ආන් ඒ සද්දේ. බලද්දී ෆියුස් බොක්ස් එක ගාව ඕපන් කරපු සංක්බොක්ස් එකකින් ගිනි ගන්නවා.
එහෙම්මම ඇහැරුනා. වැඩේ කියන්නේ ඒ හීනේ දැකපු දවසේ ඉඳන් තමා වැස්ස පටන් ගත්තේ එක දිගට දවස් තුනක්. ඒ කියන්නේ ගිය සතියේ. ඒ බබය වුන බයවිල්ල යකෝ ඇත්ත වගේමයි..![]()
