හීන_කුමාරී....

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සන්සුන් මා හිත ඉවසුම් නැති කල..
    නිල් නෙතු යුග හිමිකාරී.....
    සිත්තම් වී ඇති රුවට වශී වී...
    රැයක් පුරා මතකයේ සරාවී....
    තත්පරයක් පාසා හිත ඉල්ලන...
    ආදර හිත ඇය මට දේවී....
    ලැබුනොත් ඉන්නම් දිවිතුරා...
    සත්තයි ඔබයි මගෙ හීන කුමාරී....

    නෙතු යුග ගැටෙනා මොහොතක් පාසා...
    විදුලියක් ලෙසින් හිත හිරිවැටෙනා...
    නුඹෙ රුව දැකුමෙන් ලැබෙනා පහසින්...
    මේ තරමට මා නම් උමතු වෙලා...
    ආසයි ආයෙත් දකිනට ඇත්නම්...
    එක හැන්දෑවක තනිවීලා....
    ඉන්නම් රත්තරනේ මං රහසින්...
    ඔබෙ උනුහුම ලග නැවතීලා......

    සන්සුන් මා හිත.....

    අවසර ලැබෙනා තුරා සෙවිල්ලේ....
    මගෙ හිත තවමත් මග රැදිලා.....
    පිළිතුරු නොලැබෙන දිනයක් පාසා..
    නෑ මා ලග සැනසුම රැදිලා....
    ආසයි ආයෙත් දකිනට ඇත්නම්...
    කන්පෙති දෙතොලට ලගින් තියා...
    පවසන්නම් සසරේ යනෙන තුරා
    මගේ පණයි රත්තරං ඔයා....!

    සන්සුන් මා හිත.....

    5076b987c56c2c9d307b24e80887f883.jpg

     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    බැඳ ගන්නකන් විතරයි ඉතින් මේක...:rofl:
    "මගේ පණයි රත්තරං ඔයා....! "