හුඟක් දුක හිතුනා

asiriwasthu

Active member
  • Oct 22, 2013
    362
    55
    28
    හුඟක් දුක හිතුනා

    [FONT=&quot]මා මගේ බිරිඳ හා දරු දෙදෙනා සමග අද ( 2015-09-13 )උතුම් දළදා නමස්කාරය පිණිස සාධු සිතින් පැමිණියේ වසර එකහමාරක් පමණ වයසැති මගේ පුත්‍රයා වෙනුවෙන් උතුම් දළදා හාමුදුරුවන්වෙත වූ බාරයකින් නිදහස් වීම පිණිසය. ඒ, පා තබා ඇවිදීමට තරමක් ප්‍රමාද වූ මගේ දරුවා නිසි ලෙස ඇවිදීමට හැකියාව ලැබීමෙන් පසු උතුම් දළදා හාමුදුරුවන් වෙත පියනගා ගොස් ඔහු අතින් සමන් පිච්ච මල් වට්ටියක් පුජා කිරීමයි . [/FONT]

    [FONT=&quot]අපි දැඩිව විශ්වාස කරන පරිදි උතුම් දළදා හාමුදුරුවන්ගේ අනුහසින් මගේ දරුවා පා තබා පියනගද්දී එම බාරය ඔප්පු කිරීමට අපි අද දින පෙරවරු 9.30 පුජාව සඳහා අවශ්‍ය කළමනා ද රැගෙන සාධු සිතින් මග හසර ගෙවා එම අවස්ථාව එනතෙක් පෝලිමට වී සිටියෙමු. අපට අවස්ථාව ලැබුණු මොහොතේ මා මගේ කුඩා පුත්‍රයා අත වූ සමන් පිච්ච මල් වට්ටිය එම මොහොතේ උතුම් දළදා හාමුදුරුවන්ගේ රාජකාරියේ නිරතව සිටි ස්වාමීන් වහන්සේ වෙත බැතිසිතින් පිළිගන්වා “හාමුදුරුවනේ මගේ දරුවාගේ භාරයක් ඔප්පු කිරීමට .....”යයි කියනවාත් සමගම “ හරි දැන් යනවා..” යයි පවසා දරුවා අතින් එම සමන් පිච්ච මල් වට්ටිය උදුරා අසල වූ කසල බඳුනට විසිකලේ මා මවිතයට හා දැඩි කම්පනයට පත් කරමිනි .[/FONT]

    [FONT=&quot]මේ සිදුවීම දුටු අසල සුදු ඇඳු මින් රාජකාරියේ නිරතවූ පොලිස් නිලධාරි මහත්මයකු “ මහත්මයා උන් වහන්සේ එහෙම කලත් දළදා හාමුදුරුවන් ඔබේ දරුවාගේ පුජාව භාරගත්තා,ඔබ පුජා කලේ දළදා වහන්සේට මිසක් උන් වහන්සේට නොවෙයි නේ .. මෙතන ඔය වගේ දේවල් ඕන තරම් වෙනවා ...” ආදී තවත් බොහෝ දේ පවසා මා අස්වස්සවා කම්පිතව හා දෑසේ කඳුලින් සිටි අපට අස්වැසිල්ලක් නොවුනත් පෑරුණු අපේ සිත් සැදීමට කටයුතු කලේ පැසසිය යුතු අයුරිනි . [/FONT]

    [FONT=&quot]බෞද්ධයන් වේගයෙන් අන්‍යාගම් වැළඳගන්නා යුගයක බෞද්ධයාගේ මුදුන් මල්කඩ ලෙස සැලකෙන උතුම් දළදා හාමුදුරුවන්ගේ රාජකාරිය සඳහා විනීත සිල්වත් මහජන නමස්කාරය ඉවසන හා පුජාවක් මෙත්සිතින් භාරගැනීමට තරම් සුදුසු හික්මීමක පිහිටි ස්වාමීන් වහන්සේනමක් සංඝ ශාසනයේ නොමැති යයි මා නොසිතන අතර, මේ මොහොතේ එම කාරියේ නිරතව සිටියේ කුමන තනතුරක් දැරුවද උතුම් දළදා හාමුදුරුවන්ගේ රාජකාරියට හෝ දායක සිවූපසයට තරම් නොවූ චීවරධාරියකුගේ වෙස්ගත් වසලයකු බව ශාසනාලයෙන් සඳහන් කරමි .[/FONT]

    [FONT=&quot]මට සිදුවූ ශෝචනීය සිදුවීම පිලිබඳ වැරදීමකින් හෝ එම උතුම් කාරියේ නිරතව සිටි පාපතර චීවරධාරියා මගෙන් සමාව ගැනීමක් මා කිසිවිටෙකත් අපේක්ෂා නොකරන අතර,මා අපේක්ෂා කරනුයේ එම සිදුවීම පිලිබඳ එම චීවරධාරියා උතුම් දළදා වහන්සේගෙන් සමාව ගෙන මින් ඉදිරියට කටයුතු කරනු දැකීමයි .[/FONT]

    [FONT=&quot]ඒ.... , වසල වෙස්ගත් චීවරධාරියකුගේ මෙවන් අධම ක්‍රියාවක හේතුවෙන් සැදැහැවත් ආගමික පසුබිමකින් පැවතෙන අපට අපේ ආගමින් බැහැරවීමට හෝ උතුම් දළදා හාමුදුරුවන් නැමදීමෙන් මිදීමට හිතහදාගත නොහැකි බැවිනි . [/FONT]
     
    Last edited:
    • Like
    Reactions: Shadow.Walker

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඒ පොලිස් නිලධාරියට ගරු කරමි..මෙතන භික්ෂුවගේ රාජකාරිය කලේ එතුමා හන්දා.. වෙන කිසිවෙක් නොකියමි....
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    :( machang uba hithing oya pujawa karala iwarai :) mata mathaka widiyata mama harinam sithuvillama athi deyaka anisansa labenna :)
    sathuyi machang ube puthata awiddinna puluwan wechcha eka gana :) ee wagema ubata labanna wechcha athdakima gana dukai :( monawa karannada ban
    paga maruwek diyawadana nilame kamata inna dalada maligawe oyita wada hoda hamuduru kenek gana apita hithannawath ba :)
    jaya wewa machang :)
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    සිද්ධිය වී අවසන්ය.
    ඒ් ගැන අැලීමත්, ගැටීමත් නුසුදුසුය.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මහා නා යකුනේ .. මෙව්වා වෙන්නේ දැනුවත්වද? නොදනුවත්වද?
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    නිකන් බයිලා කියන්න එපා මචන්. මම හිතන්නේ උඹ කියන්නේ බොරුවක්. සිද්ධ වෙච්ච දේ වැඩි කරලා තමයි උඹ මෙතන කියල තියෙන්නේ. ඕක ඇත්ත උනත්, උඹේ මල් වට්ටිය ඇත්තටම විසි කරත්, හාමුදුරුවෝ වසලයෙක් වෙන්නේ කොහොමද? උඹ තමයි වසලයෙක් විදියට දැන් මෙතන පොස්ට් දාල තියෙන්නේ. හාමුදුරුවන්ට වසලයෝ කියන උඹල වගේ අය තමයි නියම වසලයෝ.

    දැන් උඹම කියනවනේ උඹට ළමයෙක් ඉන්නවා කියල. ඒ ළමය ගෙනාවේ කඩෙන් නෙවෙයිනේ. උඹ ඉතාම පිළිකුල් සහගත ග්‍රාම්‍ය වැඩක් ලෙස බුදු හාමුදුරුවොත් හඳුන්වපු ගෑණියෙක් එක්ක සංසර්ගයේ යෙදීම කියන ලජ්ජා සහගත වැඩේ කරලා නේද ඔය ලමයව හදාගත්තේ? දැන් එක උඹට අමතකද? ඒ වගේ පිළිකුල් සහගත වැඩ කරන උඹ, අඩුම තරමින් එහෙම දේවල් වලින් වත් වැළකුණ හාමුදුරුවන්ට "වසලයා" කියනවනම් ඊට වඩා විහිළුවක් තවත් නෑ.
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර

    මොකෙක්ද බන් මේ මානසික රෝගියා. ඕන තරම් වනචර වැඩ කරන චිවරධාරියෝ ඉන්නවා. මෙතන හිටපු චීවරධාරියාත් එහෙම එකෙක් ද කියල කියන්න දන්නේ නෑ. කොහොම උනත් මේ චීවරධාරියා වැඩකරපු විදිය නම් අන්තිමයි. මුන් වගේ එවුන් නිසා තමයි බුද්ධශාසනයත් පරිහානියට ලක්වෙන්නේ මොකද මේ වගේ පොඩි දේකට මෙහෙම කෝප අරන් බැනල එලෙව්වනම් කොහොමද මේ චීවරධාරියා අනුන්ට දහම් මග පෙන්වන්නේ? මෙහෙම කටයුතු කිරීම ඇත්තටම නිග්‍රහයක්.
    උඹත් වැරැද්දට වැරදියි කියල කියපන් නිකන් සුද්ද කරන්න යන්නේ නැතුව.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හපෝ.. ඇත්තටම දුක හිතුනා බං...:(
    ඒ වගේම අර පොලිස් නිලධාරියත් බලයෙන් ඔලුව උදුමුවා නොගත්ත ඇත්තටම හොඳ මනුස්සයෙක් වෙන්න ඇති...:)
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    මොකෙක්ද බන් මේ මානසික රෝගියා. ඕන තරම් වනචර වැඩ කරන චිවරධාරියෝ ඉන්නවා. මෙතන හිටපු චීවරධාරියාත් එහෙම එකෙක් ද කියල කියන්න දන්නේ නෑ. කොහොම උනත් මේ චීවරධාරියා වැඩකරපු විදිය නම් අන්තිමයි. මුන් වගේ එවුන් නිසා තමයි බුද්ධශාසනයත් පරිහානියට ලක්වෙන්නේ මොකද මේ වගේ පොඩි දේකට මෙහෙම කෝප අරන් බැනල එලෙව්වනම් කොහොමද මේ චීවරධාරියා අනුන්ට දහම් මග පෙන්වන්නේ? මෙහෙම කටයුතු කිරීම ඇත්තටම නිග්‍රහයක්.
    උඹත් වැරැද්දට වැරදියි කියල කියපන් නිකන් සුද්ද කරන්න යන්නේ නැතුව.

    දැන් මේ මල් වට්ටිය විසි කරා කියන සිද්ධියෙන් උඹ කොහොමද කියන්නේ මේ හාමුදුරුවෝ වනචර වැඩ කරනවා කියල? එහෙම කියන්න උඹට සාක්කියක් නැතිනම් බොරු චෝදනා කරන්නේ නැතුව ඉඳපන්. බ්‍රහ්මචරියාව රැකගන්න බැරි, ගෑනුත් එක්ක සංසර්ගයේ යෙදෙන, විලි ලජ්ජා නැති එකෙක් අඩුම තරමින් බ්‍රහ්මචරියාවවත් රකින කෙනෙකුට "වසලයා" කියන එක මොන විහිලුවක්ද?
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    දැන් මේ මල් වට්ටිය විසි කරා කියන සිද්ධියෙන් උඹ කොහොමද කියන්නේ මේ හාමුදුරුවෝ වනචර වැඩ කරනවා කියල? එහෙම කියන්න උඹට සාක්කියක් නැතිනම් බොරු චෝදනා කරන්නේ නැතුව ඉඳපන්. බ්‍රහ්මචරියාව රැකගන්න බැරි, ගෑනුත් එක්ක සංසර්ගයේ යෙදෙන, විලි ලජ්ජා නැති එකෙක් අඩුම තරමින් බ්‍රහ්මචරියාවවත් රකින කෙනෙකුට "වසලයා" කියන එක මොන විහිලුවක්ද?

    උඹ කියන්නේ කොහොමද ඒ චීවරධාරියා බ්‍රහ්මචරියාව රකිනවා කියල හරියටම. උඹට ඒ චිවරධාරියගේ උපන්දා සිට video surveillance footage, thought records තියෙනවද? නිකන් යනවා ඔයි යන්න. පන්සල්වල ඉන්නවා ඕන තරම් බඩු/කොල්ලෝ ගහන චිවරධාරියෝ. අර ගාල්ල පැත්තෙත් එකෙක් හිටියේ.
    කොහොම හරි උඹ නම් ඔය 'බ්‍රහ්මචරියාව' රැකගෙන හිටපන්. බැරිම නම් උපත් පාලන ක්‍රම වත් භාවිතා කරපන්. දරුවෝ එහෙම හදන්න එපා.

    ප.ලි.:font size=2 ට දාල ලිවවම කියව ගන්න බැරි කමක් නෑ.
     
    Last edited:

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    උඹ කියන්නේ කොහොමද ඒ චීවරධාරියා බ්‍රහ්මචරියාව රකිනවා කියල හරියටම. උඹට ඒ චිවරධාරියගේ උපන්දා සිට video surveillance footage, thought records තියෙනවද? නිකන් යනවා ඔයි යන්න. පන්සල්වල ඉන්නවා ඕන තරම් බඩු/කොල්ලෝ ගහන චිවරධාරියෝ. අර ගාල්ල පැත්තෙත් එකෙක් හිටියේ.
    කොහොම හරි උඹ නම් ඔය 'බ්‍රහ්මචරියාව' රැකගෙන හිටපන්. බැරිම නම් උපත් පාලන ක්‍රම වත් භාවිතා කරපන්. දරුවෝ එහෙම හදන්න එපා.

    ප.ලි.:font size=2 ට දාල ලිවවම කියව ගන්න බැරි කමක් නෑ.

    එහෙමනම් ලංකාවේ ඉන්න හැම මනුස්සයවම අරගෙන ගිහිල්ල හිරේ දාන්න වෙනවා. මොකද උන් හොරෙන් මිනී මරනවා වෙන්න පුළුවන්නේ. උන් එහෙම කරන්නේ නෑ කියන්න "උපන්දා සිට video surveillance footage, thought records" අරගෙන නෑනේ. :lol::lol:

    ගොන් කතා කියන්න එපා බන්.
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    එහෙමනම් ලංකාවේ ඉන්න හැම මනුස්සයවම අරගෙන ගිහිල්ල හිරේ දාන්න වෙනවා. මොකද උන් හොරෙන් මිනී මරනවා වෙන්න පුළුවන්නේ. උන් එහෙම කරන්නේ නෑ කියන්න "උපන්දා සිට video surveillance footage, thought records" අරගෙන නෑනේ. :lol::lol:

    ගොන් කතා කියන්න එපා බන්.

    ගොනුන්ට කියන්න තියෙන්නේ ගොන් කතා තමයි.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,870
    113
    canada
    මට නම් හිතෙන්නේ මෙහෙම දෙයක්. මමත් ලංකාවට ගිය වෙලේ දළදා හාමුදුරුවෝ වදින්න ගිය. ඔතන පුජාව වෙලාවට ලොකු පෝලිමක් තියෙනවා. සිය ගණනක් පෝලිමට තද වෙලා ඉන්නවා. අන්තිම හරියේදී සමාන්තර පෝලිම් හතරක් එක පෝලිමක් වෙනවා. බොහොම අමාරුවෙන් තමයි වදින්නේ. ගොඩක් කට්ටිය ඉන්න නිසා බොහොම සුළු කාලයක් ලැබෙන්නේ. හාමුදුරුවෝ මල් වට්ටියක් දුන්නහම මට මතක විදියට මල් ටිකක් ඇතුලට දමල ඉතිරිය අයින් කරනවා. එතන තත්පර කිහිපයකට වඩා ඉන්න දෙන්නේ නැහැ. ඉක්මනට යන්න කියනවා මොකද සියගණනක් පෝලිමේ ඉන්න නිසා. අපේ පුද්ගලික බාර හාර කියා කියා ඉන්න වෙලාවක් සුදුසු පරිසරයක් එතන නැහැ. හාමුදුරුවෝ අතින් සමහරවිට ගොඩක් කට්ටිය බලන් ඉන්න නිසා, අතපසුවීමක් වෙන්න ඇති.

    • Like
    Reactions: mayson baas

    ඕක තමයි මෙතන වෙලා තියෙන්නේ. මේ ත්‍රෙඩ් එක දාපු එකා තමන්ගේ පුරසාරම්, වැල් වටාරම් ටික එතන කියවගන්න වෙලාව හම්බ උනේ නැති එකට තරහ ගිහින් හාමුදුරුවන්ටත් බැනලා, එක දෙක කරලා මෙතනත් දාලා, බොරුවට පව් පුරවගන්න හදනවා.
     
    Last edited:
    • Like
    Reactions: BINGU_PUTHA

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,870
    113
    canada
    ඕක තමයි මෙතන වෙලා තියෙන්නේ. මේ ත්‍රෙඩ් එක දාපු එකා තමන්ගේ පුරසාරම්, වැල් වටාරම් ටික එතන කියවගන්න වෙලාව හම්බ උනේ නැති එකට තරහ ගිහින් හාමුදුරුවන්ටත් බැනලා, එක දෙක කරලා මෙතනත් දාලා, බොරුවට පව් පුරවගන්න හදනවා.

    :(:yes::yes:
    සුදුසු දේ සුදුසු තැන කරන්න ඕනේ. එච්චරයි.