හුඟක් දුක හිතුනා
[FONT="]මා මගේ බිරිඳ හා දරු දෙදෙනා සමග අද ( 2015-09-13 )උතුම් දළදා නමස්කාරය පිණිස සාධු සිතින් පැමිණියේ වසර එකහමාරක් පමණ වයසැති මගේ පුත්‍රයා වෙනුවෙන් උතුම් දළදා හාමුදුරුවන්වෙත වූ බාරයකින් නිදහස් වීම පිණිසය. ඒ, පා තබා ඇවිදීමට තරමක් ප්‍රමාද වූ මගේ දරුවා නිසි ලෙස ඇවිදීමට හැකියාව ලැබීමෙන් පසු උතුම් දළදා හාමුදුරුවන් වෙත පියනගා ගොස් ඔහු අතින් සමන් පිච්ච මල් වට්ටියක් පුජා කිරීමයි . [/FONT]
[FONT="]අපි දැඩිව විශ්වාස කරන පරිදි උතුම් දළදා හාමුදුරුවන්ගේ අනුහසින් මගේ දරුවා පා තබා පියනගද්දී එම බාරය ඔප්පු කිරීමට අපි අද දින පෙරවරු 9.30 පුජාව සඳහා අවශ්‍ය කළමනා ද රැගෙන සාධු සිතින් මග හසර ගෙවා එම අවස්ථාව එනතෙක් පෝලිමට වී සිටියෙමු. අපට අවස්ථාව ලැබුණු මොහොතේ මා මගේ කුඩා පුත්‍රයා අත වූ සමන් පිච්ච මල් වට්ටිය එම මොහොතේ උතුම් දළදා හාමුදුරුවන්ගේ රාජකාරියේ නිරතව සිටි ස්වාමීන් වහන්සේ වෙත බැතිසිතින් පිළිගන්වා “හාමුදුරුවනේ මගේ දරුවාගේ භාරයක් ඔප්පු කිරීමට .....”යයි කියනවාත් සමගම “ හරි දැන් යනවා..” යයි පවසා දරුවා අතින් එම සමන් පිච්ච මල් වට්ටිය උදුරා අසල වූ කසල බඳුනට විසිකලේ මා මවිතයට හා දැඩි කම්පනයට පත් කරමිනි .[/FONT]
[FONT="]මේ සිදුවීම දුටු අසල සුදු ඇඳු මින් රාජකාරියේ නිරතවූ පොලිස් නිලධාරි මහත්මයකු “ මහත්මයා උන් වහන්සේ එහෙම කලත් දළදා හාමුදුරුවන් ඔබේ දරුවාගේ පුජාව භාරගත්තා,ඔබ පුජා කලේ දළදා වහන්සේට මිසක් උන් වහන්සේට නොවෙයි නේ .. මෙතන ඔය වගේ දේවල් ඕන තරම් වෙනවා ...” ආදී තවත් බොහෝ දේ පවසා මා අස්වස්සවා කම්පිතව හා දෑසේ කඳුලින් සිටි අපට අස්වැසිල්ලක් නොවුනත් පෑරුණු අපේ සිත් සැදීමට කටයුතු කලේ පැසසිය යුතු අයුරිනි . [/FONT]
[FONT="]බෞද්ධයන් වේගයෙන් අන්‍යාගම් වැළඳගන්නා යුගයක බෞද්ධයාගේ මුදුන් මල්කඩ ලෙස සැලකෙන උතුම් දළදා හාමුදුරුවන්ගේ රාජකාරිය සඳහා විනීත සිල්වත් මහජන නමස්කාරය ඉවසන හා පුජාවක් මෙත්සිතින් භාරගැනීමට තරම් සුදුසු හික්මීමක පිහිටි ස්වාමීන් වහන්සේනමක් සංඝ ශාසනයේ නොමැති යයි මා නොසිතන අතර, මේ මොහොතේ එම කාරියේ නිරතව සිටියේ කුමන තනතුරක් දැරුවද උතුම් දළදා හාමුදුරුවන්ගේ රාජකාරියට හෝ දායක සිවූපසයට තරම් නොවූ චීවරධාරියකුගේ වෙස්ගත් වසලයකු බව ශාසනාලයෙන් සඳහන් කරමි .[/FONT]
[FONT="]මට සිදුවූ ශෝචනීය සිදුවීම පිලිබඳ වැරදීමකින් හෝ එම උතුම් කාරියේ නිරතව සිටි පාපතර චීවරධාරියා මගෙන් සමාව ගැනීමක් මා කිසිවිටෙකත් අපේක්ෂා නොකරන අතර,මා අපේක්ෂා කරනුයේ එම සිදුවීම පිලිබඳ එම චීවරධාරියා උතුම් දළදා වහන්සේගෙන් සමාව ගෙන මින් ඉදිරියට කටයුතු කරනු දැකීමයි .[/FONT]
[FONT="]ඒ.... , වසල වෙස්ගත් චීවරධාරියකුගේ මෙවන් අධම ක්‍රියාවක හේතුවෙන් සැදැහැවත් ආගමික පසුබිමකින් පැවතෙන අපට අපේ ආගමින් බැහැරවීමට හෝ උතුම් දළදා හාමුදුරුවන් නැමදීමෙන් මිදීමට හිතහදාගත නොහැකි බැවිනි . [/FONT]

Last edited:
machang uba hithing oya pujawa karala iwarai
mata mathaka widiyata mama harinam sithuvillama athi deyaka anisansa labenna 