හුණුගල් පොකුණට දැන් යන්න දෙනවා ද?

arrow Aiya

Well-known member
  • Jan 4, 2016
    1,061
    167
    63
    හුණුගල් පොකුණට දැන් යන්න දෙනවා ද?

    හුණුගල් පොකුණ කියපු ගමන්ම මුලින්ම අහන්නේ
    මචං දැන් යන්න දෙනවද?
    කෑම්ප් ගහන්න පුලුවන් ද?
    සමහරු නම් අහනවා බොන්නත් පුලුවන් ද කියලා?

    උත්තරේ තමයි දැන් ඔය එකකටවත් අවසර දෙන්නේ නෑ කියන එක. ඒක එහෙම කරගත්තෙත් අපිම තමයි.හුණුගල් පොකුනේ පලවෙනි Photos ටික සමාජ මාද්‍යට මුදාහරිනකන් ඇත්තටම එහෙම එකක් තියනවද කියලා ගමේ අයවත් දන්නේ නැති තරම්.

    අපි එතනට යද්දි මිනිස් පුලුටක් වත් වැදුනු නැති තැනක් වගේ එතන. පස්සේ ගිය සෙට් එකක එකෙක් මට කියනවා උන් යද්දි සෙට් එකක් බොනවලු. උන් එක්ක කෙල්ලො එහෙමත් ගිය නිසා ආපහු හැරිලා ආවා කිව්වා. ඊට පස්සේ දැක්කා හුණුගල් පොකුණ බලන්න යන්න සල්ලි එකතු කරනවා. උදේ කෑම දවල් කෑම එක්ක එක්කෙනෙක්ගෙන් මෙච්චරයි කියලා. ඉතින් ඕක තහනම් කරන එක අහන්න දෙයක් නෑ. ගොඩක් අය පොකුණේ ගැට්ට උඩ නැගලා Photos අරන් තිබ්බා. Pre shoot කරලා තිබ්බා කියන්න කණගාටුයි අපේ අයගෙම වැඩ නිසා මාස එකහමාරක් දෙකක් යද්දි රක්ෂිතයට යන්න තහනම් කලා.

    ඇත්තටම මිනිස්සු බලන්න යන එක හොදයි ගිහින් හැසිරෙන්න දන්නෙ නැතිකම මිසක්. (ගොඩක් අය) ඒ ගමෙ ටිකක් දුප්පත් මිනිස්සු ඉන්නේ. මිනිස්සු යන්න පටන් ගත්තට පස්සේ පොඩි පොඩි පෙට්ටි කඩ දෙකක් තුනක් දාගන පොල් රොටියක් ප්ලෙන්ටියක් එහෙම හදන්න ගත්තා විතරයි ඕක තහනම් කරද්දි. (වීඩියෝ එකේ අපි ගිය ගෙදර අය එතන කඩයක් දාලා තිබුනා) කොහොමහරි මම දාපු විඩියෝ එක නිසා එකෙක් ගිහින් එතන කොලයක් හරි දැම්මා නම් ඒකට මමත් වගකියන්න ඕන. ලංකාවේ ගොඩක් මිනිස්සු ඉන්න පරිසරයක් ගැන තඹ සතේට මායිම් කරන්නේ නෑ. දැං ඉන්න අපේ generation එකේ එවුන් නම් (ගොඩක් එවුන්) යන තැන ආරක්ෂා කරගන්න ට්‍රයි කරනවා. ඒත් තාම සමහරු බිලා බෝතල් කුඩු කරලා පාරට කෙලගහලා ගාබේජ් බෑග් ලයිට්කණු ලගින් තියලා යන ගමන් සිස්ටම් වෙනස් කරන්න කතා කියනවා. කොච්චර ලස්සනද කියලා

    මෙතනින් ගිහින් බලන්න..
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    lහොදයි එහෙම කරපු එක.පුලුවන්නම් ඒක කට්ටියට බලාගන්න පුලුවන් විදියට වටේට ලොකු වැටක් වගේ ගහල තිබ්බනම් හොදයි.