ඔව් ඉතින් මමත් ඉස්සර ඔහොම පාවිච්චි කළා. එන ගැටළු අපි නොදැනුවත්වම එන්නේ. මොකක් හරි සිද්දියක් උනාම උබේ ඔලුවට කවදාවත් එන්නේ නැහැ මේ ක්රැක් ටුල්ස් වලින් තමයි මේ දේ උනේ කියලා. උබ හිතන්නේ වෙන හේතුවක් නිසා මේ ගැටලුව කම්පියුටර් එකේ ආව කියලා. එතකොට උබ කරන්නේ ෆොර්මැට් කරල අපහු දාන එක. ඊට පස්සේ ආයෙත් ඕක ක්රැක් කරනවා. රිස්ක් එක නැති වෙන්නේ නැහැ.
අනෙක කම්පියුටර් එක සැහෙන ස්ලෝව් වෙනවා. සමහර වෙලාවට මේ ස්ලෝව් වෙන එක දන්නේ නැති වෙන්නත් පුළුවන්. තව ඉන්විසිබල් ප්රෝග්රම්ස් රන් වෙනවා. එතකොට තමා ඔය කට්ටිය බෙරිහන් දෙන්නේ මෙන්න ඩයලොග් එකෙන් SLT එකෙන් ඩේටා වලට වංචා කරනෝ කියලා.
පොටෝ ශොප් එහෙම අරගෙන දැම්ම ඉදන් ලැස්ති වෙනව වගේ අපේ අනාගත විධායක ජනාධිපති උතුමානන්ට මඩ ගහන්ඩ...ඒවට නම් ටිකාක් අමාරු වෙයි හොදේ...

... libgen එකෙන් සල්ලි දීල ගන්න තියෙන පොත් නිකන් දෙන්නෙ පොත් වල මොනා හරි ඉන්ජෙක්ට් කරල ඇති ... තව තියෙනව කියනව නම් ඕනෙ තරම් ෆ්රී දෙන දේවල්, මිනිස්සු හැමතිස්සෙම තමන්ගෙ මඩිය තර කරගන්නම හිතන්නෙ නෑ ... අතරින් පතර ඉන්නව හොඳ මිනිස්සු ... මට හිතෙන්නෙ උඹේ මොකක් හරි යටි අරමුණක් තියෙනව .. උඹ ෆොටෝෂොප් ඒජන්ට් කමක් ගන්නද හදන්නෙ මේකෙ ඉන්න එවුන්ට සල්ලි ගෙවල ෆොටෝෂොප් ගන්න තැනට දාන්නද යන්නෙ ... සල්ලි ගෙවන්න ඕනෙ අපේ එකෙක් දෙයක් හැදුවොත් උට සපෝර්ට් වෙන්න .. එහෙම නැතුව තියෙන තුට්ටු දෙකත් සුද්දට යන්න නෙමෙයි ... 


