අපේ පරණ ගෙදර කුලියට දෙන්න තියන නිසා පේන්ට් ගාන්න පේන්ට් බාස් කෙනෙක්ට දුන්නා. මේ සුකන්නා ගෙදර පේන්ට් කරද්දි බිමට මොකුත් ඉටි රෙද්දක්වත් දාලා නැ. පොළොව රතු සිමෙන්ති කපරාරුවක් තියෙන්නෙ. මූ නොසෑහෙන්න් තීන්ත හලලා තැනින් තැන සුදු ලප තියනවා. ෆ්ලෝ පේන්ට් ගාන්න කලින් මොලයක් තියන ඕනිම කෙනෙක් එක්කො බිම හෝදනවා. නැත්නම් භූමිතෙල් දාලා පිහදානවා. මේ සුකන්නා ඒ මොකුත් නොකර ෆ්ලෝ පේන්ට් එක ගාලා. දැන් ෆ්ලෝ පේන්ට් එක හරහා සුදු ලප පේනවා. දැන් මොකෝ කරන්නේ බන්? මට මූව මරන්න තරම් තරහයි. උකුවට ගෑවත් වැඩක් නෑ වේලෙද්දි ආයෙත් මතු වෙනවා. උපදෙසක් දෙන්න


