ගෙදර පුදුම විදිහට හූනෝ ඉන්නේ අප්පා. මහ කරදරයක් වෙලා දැන්. මුන්ව එලවන්න විදිහක් නැද්ද. කම්පියුටර් එකේ පවර් සප්ලයි එක 3-4 පාරක් මාරු කලා. i3 එකේ බෝඩ් එකත් ගිඑින් හූනු බෙට්ටක් වැඩිලා. කොච්චර සුද්ද කරත් වැඩක් නෑ ජරා කරනවා. දැන්නම් මරන්න හිතිලා තියෙන්නේ. ඇදුමක් හෝදලා දාලා තිබ්බත් ජරා කරනවා. කුස්සියේ පැන්ට්‍රි ටොප් එකෙත් ඒ වගේ. ඩස්ට්බින් එකත් සීල් වෙන්න වහන්න පුලුවන් එකක් තියෙන්නේ. බිත්තර කටු දැම්මා. ගම්මිරිස් ස්ප්‍රේ කලා ඒත් වැඩක් නෑ. මගේ යාලුවෙක් කීවා බේගොන් ගහන්න කියලා. දැන් ඒකත් කරන්න හිතිලා තියෙන්නේ. පොත් අස්සේ හිටන් හූනු බිත්තර. පොඩි එකාගේ සෙල්ලම් බඩු වලටත් හූනෝ ජරා කරනවා. බිත්ති දිගේ ජනෙල් පඩි වල උංගේ බෙටි. එලවන්න විදිඑක් කියපල්ලකෝ දන්න එකෙක්