හූ........

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ලෙඩ නිවාඩු

    අසංක: සර්, අද මට සනීප නැති නිසා වැඩකරන්න අමාරුයි.
    ප්‍රධානියා: මම ලෙඩ උනාම මගේ බිරිඳව සිප ගන්නවා. උත්සාහ කරලා බලන්න.

    පැය 2 කට පමණ පසු ඇමැතුමක්‌ ලැබිණි.

    අසංක: සර්, මට දැන් සනීපයි. ඔබගේ බිරිඳ ගොඩාක්‌ කාරුණිකයි.

    :lol::shocked:



    පාටකිරීම

    කවීෂා තම ලදරු පාසල් දරුවන්ට පාටකිරීම සඳහා තාරාවකු කුඩයක්‌ ඉහළගෙන සිටින ආකාරය දැක්‌වෙන පින්තූරයක්‌ ලබාදුන්නා.

    කවීෂා: පුතාලා තාරාවා කහ පාටිනුත් කුඩය කොළ පාටිනුත් ලස්‌සනට පාටකරන්න.

    පන්තියේ දඟකාරයා වන රුවන් තාරාවගේ රූපය දීප්තිමත් රතු පාටින් පාට කළ අකාරය කවීෂා දුටුවාය.

    කවීෂා: රුවන් ඔයා රතු පාට තාරාවෙක්‌ කීපාරක්‌ දැකලා තියෙනවාද?
    රුවන්: ටීචර්, හරියටම තාරාවෙක්‌ කුඩයක්‌ ඉහලගෙන ඉන්න හැටි දුටුවාර ගණනටම.

    :rofl::rolleyes:



    මුදල් වාසිය

    එක්‌තරා ආපනශාලාවකදී ලහිරුට හේෂාන් මුණ ගැසිණි.

    ලහිරු: උඹ ගොඩාක්‌ දුකින් වගේ.... මොකද උණේ?
    හේෂාන්: මගේ අම්මා නැතිවුණා. ඇය මට රුපියල් ලක්‍ෂ පහක්‌ ඉතුරු කරලා.
    ලහිරු: ඉතින්, සතුටින් ඉන්න ඕනනේ.
    හේෂාන්: ඊළඟ මාසයේ මගේ තාත්තා නැතිවුණා. එයා මට රුපියල් ලක්‍ෂ තුනක්‌ තියලා.
    ලහිරු: ගොඩාක්‌ හොඳයිනේ මචං....
    හේෂාන්: ඒත් ... ගිය මාසයේ මගේ නැන්දා නැතිවුණා. ඇය ලක්‍ෂ දෙකක්‌ තියලා ගිහින්.
    ලහිරු: ඉතින් උඹ තවත් දුක්‌වෙන්නේ ඇයි?
    හේෂාන්: මේ මාසයෙ ඒ මොකවත් නැහැ. මට සතයක්‌ වත් ලැබුණේ නැහැනේ.

    :no::growl:



    කල් ගියා වැඩියි

    මැදි වියේ සිටි ගුරුතුමිය පංතියට පැමිණෙන විට පිටුපස අසුනක වාඩි වී සිටි සිරිපාල සිටියේ අඩ නින්දේ පසුවෙමින් ය. අද ව්‍යාකරණ පාඩම ආරම්භ කරනවාත් සමඟ ඔහුට තදින්ම නින්ද ගියා. ඒ බව නොදත් ඈ පංතිය අමතා මෙසේ පැවසුවාය.

    " අද තියෙන්නෙ අතීත කාල, වර්තමාන කාල සහ අනාගත කාල යන කාල තුනට අයත් වාක්‍ය ගැන ඉගෙන ගැනීමයි. ඕනෑම වාක්‍යයක්‌ මේ තුනෙන් කොයි කාලයට අයිති වන්නේ ද කියා හඳුනා ගැනීමේ හැකියාවක්‌ මේ ළමයින්ට තියෙන්න ඕනෑ."

    ඉහත සඳහන් කාල තුනට අයත් වාක්‍ය ගැන පැහැදිලි විස්‌තරයක්‌ කළ ගුරුතුමිය, පංතියේ ඉදිරියෙන් පිහිටි අසුනක වාඩි වී සිටි ගුණදාසගෙන් මෙසේ ඇසුවාය.
    "මම ඊයේ ගෙදර ගියෙමි යන්න ගැන ගුණදාසට මොකක්‌ද කියන්න පුළුවන්."

    " ඒක අතීත කාලයට අයිති වාක්‍යයක්‌ ටීචර්"

    "හරියට හරි. ගුණදාසට තේරිලා තියෙනව මං උගන්නපු දේ."

    ඊට පසු ගුරුතුමිය මේ වන විට අවදි වෙමින් සිටි සිරිපාලගෙන් මෙසේ ඇසුවාය.
    "මම හෙට විවාහ වෙමි යන්න ගැන සිරිපාලට මොකක්‌ද කියන්න පුළුවන්."
    එවිට, ඇස්‌ පිසදමමින් අසුනෙන් නැගිට්‌ට සිරිපාල මෙසේ පැවසීය.
    "අයියෝ ඒකට කල් ගියා වැඩිනෙ ටීචර්"

    :shocked::rofl:



    දැන් නැන්දා

    ‘තමුසෙ අර කෙල්ලව බඳින්ඩ හිටියා නේද? ඇයි ඒක හරි ගියෙ
    නැද්ද?’ ප්‍රසන්න, වීරක්කොඩි ගෙන් ඇසුවේ දිවා ආහාරය ගනිමින් සිටියදීය.

    ‘කොහෙද අන්තිමේදී ඒකි මට අකැමැති වුණානෙ.’
    වීරක්කොඩි දුකින් කීවේය.

    ‘ඇයි තමුසෙ අර තමුසෙගෙ සල්ලිකාර මාමා ගැන
    එයාට කිව්වේ නැද්ද?’ ප්‍රසන්න පෙරළා ඇසීය.

    ඒක කියල නේන්නම් වැඩේ වැරැදුණේ අන්තිමේදී එයා මගෙ නැන්දා වුණා.

    :eek::growl:



    වැඩිමලා කවුද?

    කාන්තාවෝ දෙදෙනෙක් කුමක්දෝ ප්‍රශ්නයක් මත
    බස් නැවතුම් පොළක හිඳ එකිනෙකා හා බැණ ගන්නට වූහ.
    එහි සිටි කීප දෙනකු එය වළක්වන්නට උත්සාහ කළ ද
    එකෙකුට එකෙක් නොපරදින අයුරින් රණ්ඩුව පවත්වා ගෙන ගියෝය.

    මේ අතර පාරේ යමින් සිටි පොලිස් භටයෙක් කලබලය දැක
    එතැනට කඩා වැදුණේ ය. දබර කර ගන්නා කාන්තාවන්
    දෙදෙනා දෙස මදක් බලා සිටි හෙතෙම ඔවුන් අතරට පැන මෙසේ කීවේය.

    ‘මේ... මේ... ඔය දෙන්නගෙන් වයසින් වැඩිමලා ඉස්සෙල්ලා කතා කරනවා.’

    මෙය ඇසූ දෙදෙනාම වචනයක් වත් නොදොඩා දෙපැත්තට වූහ.

    :P:lol:



    අනුන්ගේ දේට කට දැමීම

    කරුණාවති උපාසකම්මා හවස් ජාමේ පන්සලට යද්දී පාලම
    යට කොලු ගැටයෙක් බිලී පිත්තකින් මාළු බාමින්
    සිටිනවා දැත කම්පා වෙමින් මෙසේ කීවාය.

    ’අනේ අප්පොච්චියේ, හැබෑටම ළමයෝ උඹට
    ලැජ්ජා නැද්ද මේ අහිංසක සත්තු මරන්ඩ’

    ’නෑ ආච්චියේ, උන් අනුන්ගේ දේවල්වලට කට නොදා
    ඉන්නව නම් ඔය මුකුත් ප්‍රශ්නයක් නෑ’

    කොළුවා ඇඟට පතට නොදැනී පිළිතුරු දුන්නේය.

    :baffled::shocked:



    පාඩුවේ තරම

    ’නෝනේ නංගි බලපන්කෝ බං අපේ අල්ලපු ගෙදර
    මිල්ටන් ඊයේ හවස වහලෙන් බිමට වැටුණා නෙ.’

    ඕපාදූප දෙඩීමෙහි ගජ සමතියක වූ රූපවතී දෙඇස් නටවා කීවාය.

    ’අනේ පව්! පද්මක්කට හරියට දුක ඇති’

    නෝනෙ නිකටට අත තබමින් කීවාය.

    ’දුක නැද්ද බං. ඒ මිනිහා වැටිලා තියෙන්නේ ඒ ගෑනි
    ගොඩාක් මහන්සි වෙලා හදා ගත්ත වම්බටු පාත්තිය උඩටනෙ.’
    රූපවතී පිළිතුරු දුන්නාය.

    :lol::rofl:







    Butyfull:lol::lol::lol::lol::lol:
     

    DJnet

    Well-known member
  • Apr 27, 2007
    4,563
    516
    113
    අන්තර්ජංජාලය
    00020468.gif
    HikiiiiiiiZZ.... LOL... maru thread eka bro... :lol::lol: ++REP :) :)