*අවදානම් කියල තියෙද්දිත් ගිය සති අන්තයේ කට්ටිය ගියා;හෙට රැස්විමේදි තීරණයක් ගන්න වේවි- හරිත අලුත්ගේ*-GMOA-
ගෙවුණු සති අන්තයේ අත්දැකීම් අනුව මෙම සති අන්තයේ බස්නාහිරින් පිටට යාම වැඩි විය හැකි නමුත් මෙම සති දෙක කළමනාකරණය කර නොගතහොත් ඉදිරි කාලය ඉතා අවදානම් සහගත විය හැකි හෙයින් මෙම සති දෙක කළමනාකරණය කරගැනීම වැදගත් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කළා.
එම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අළුත්ගේ මහතා අද (21) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ අවදානම ගැන කොතරම් පැහැදිලි කර තිබියදීත් ඇතැම් අය වගකීම් විරහිතව හැසිරෙන අයුරු ගෙවුණු සති අන්තයේ බස්නාහිරින් පිටට ගිය ප්‍රමාණයෙන් දැකගත හැකිව තිබුණු බවයි.
ජනතාවගේ වගකීම් විරහිත හැසිරීම නිසා ඉදිරි සති අන්තය සම්බන්ධයෙන් සාමූහික තීන්දුවක් ගැනීමට සිදුවෙනු ඇති බවයි හරිත අලුත්ගේ මහතා කියා සිටියා.
හෙට දිනය තුළ ජනාධිපති කාර්ය සාධක බලකාය රැස්වීමට නියමිත අතර එහිදී සිය සංගමයේ යෝජනා,සෞඛ්‍ය ආමාත්‍යංශයේ යෝජනා සහ සෙසු පාර්ශව වල යෝජනා අදහස් අනුව පවතින තත්ත්වය තුළ රටට ගැළපෙන තීරණයක් ගත යුතුව ඇති බවයි හෙතෙම පෙන්වාදුන්නා.
