වනජීවී එකේ සපෝට් එක නැතුව ජාතික වනෝද්‍යානයක් ඇතුලෙ ඔහොම දෙයක් කරන්න බෑ.ඔතන සීන් එක මේකයි.වනජීවී එකට ගන්න තරමක් ගන්නෙ ඇමතිලාගෙ මන්ත්‍රීලාගෙ ලිස්ට් වලින්.වනජීවී එකට මොකෙක් හරි ගද්දි බලන්න ඕනම දෙයක් තියෙනවා.ඒ තමයි ඒ මිනිහා සත්තු ගැන දක්වන ආකල්පය.සත්තුන්ට ආදරේ නැති මිනිහෙක් ඕකට ගැලපෙන්නෙම නෑ.එහෙම එකක් නෑනෙ.ලිස්ට් එකේ නම තිබුනද ගත්තා.එහෙම ගත්ත සත්තු ගැන හැඟීමක් නැති උන් ඔය වගේ වැඩ කරන උන්ට පොඩි ගතමන්ට් එකක් වෙනුවෙන් සපෝට් කරනවා වෙන්න පුලුවන්.ඇත්තටම වනජීවී එක කියන්නෙ ගොඩක් කාර්යබහුලම ආයතනයක් වෙන්න එපැයි.ඒත් සමාජ මතේ හැදිල තියෙන්නෙ වනජීවී එකට පැනගත්තොත් නිකම්ම ඉඳලා පඩි ගන්න පුලුවන් තැනක් විදියට.ඒකෙන්ම තේරුම් ගන්න පුලුවන්නෙ ඇතුලෙ උන්ගෙ කෙරුවාව.මීට අවුරුද්දකට වගේ කලින් යාල කැලේ ඇතුලෙ මහ හයියෙන් සින්දු දාගෙන වනජීවී ඩයල් එකක් යුනිෆෝම් එක පිටින්ම බීලා නටන වීඩියෝ එකකුත් ලීක් වෙලා තිබුනා.ඉතින් එහෙම උන්ට වනජීවීන් බාර දුන්නම වෙන දේ තමා මේ වෙලා තියෙන්නේ.