ගොඩක් ගෑනු ම තම බබාලට පට්ට ආස. ඒ නිසා ළමයා හම්බුනාම කැත වෙන එක වැඩිය හිතන් නෑ..geni paw nedda?
Lamaya hambunama geni patta widiyata keta weno, bada eno , stretch marks eno, issra tibba pirunu than deka den kadagena wetila, iri thalala, owa dakkama geniwat epa weno..
Hari asadaranai neda ?
මචන් උබට දැනෙන හැගිම කොයි වගෙද කියලා හිතාගන්න පුලුවන් මචන්. අපේ බබාව ලැබෙන්න ඉන්න කොට අපි දැනගත්තා බබත් ඒක්කම ෆයිබ්‍රොයිඩ් ගෙඩියක් ලොකුවෙනවා කියලා. බබාට වඩා පොඩ්ඩයි පොඩි ඒ ගෙඩිය. අන්තිමට VOG ලා දෙන්නෙක් ඒකතුවෙලා තමයි බබාවයි අම්මවයි ගොඩ ගත්තේ. වයිෆ්ගෙයි බබාගෙයි ජිවිත පට්ට රිස්ක් ඒකක තිබුනෙ. ඉතින් උබට තරම් නැතත් ඒ වෙදනාව මටත් දැනුුුනා.
උබලට ඉක්මනින්ම බබෙක් ලැබෙයි. උඩ අනික් උන් කියලා තියෙනවා වගේ ටිකකාලයක් ඉදලා අයෙමත් ට්‍රයි කරන්න. ඔනවට වඩා බලාපොරොත්තු , බැදිම් වැඩි කරගන්න ඒපා මචන් ඒතකොට අත්ඇරගන්න ගියාම අමාරු වැඩියි.
මචන් අපි ඒ කියන්නෙ මමයි වයිෆුයි නම් ලමෙක් හැදුවෙ / හදන්න ට්‍රයි කරේ ඇත්තටම කිවුවොත් සමාජේ අනිත් උන් කරන නිසා. හැබැයි අපි ඒක පිලිවෙලකට කරා. ඇත්ත උබ කියන කතාව හරි ලමයි කරදරයක් තමයි. බඩට ආවා කියලා දැනගත්ත දවසේ ඉදන් ඉපදනකන්ම කරදර තමයි. දැන ගත්ත දවසේ ඉදන් මාස ගානක් යනකන් ක්ලිනික් යන්නයි හොදම ඩොක්ටස්ලා හොයන්නයි සති ගානෙන් ගානට හරියට ලමයා හැදෙනවද කියලා ස්කැන් කර කර බලන්නයි. ඔය අස්සේ කැමති කැම හොයන්නයි (ඒක වෙනම කෝස් ඒකක්). බෙත් හොයන්නයි. දුවෙක් ද පුතෙක්ද කියලා දැනගන්නයි. ( ඒක නම් වැඩියෙන්ම දැන ගන්න ඔනි වටෙ පිටෙ ඉන්න අනික් උන්ට). ඉට පස්සෙ දුවෙක් නම් රෝස පාටිනුයි , පුතෙක් නම් නිල්පාටිනුුුයි බෙසමෙ ඉදන් හැමදෙම ලැස්ති කරන්නයි රටේ නැති වද ගොඩයි.
බබා ලැබෙනකම්ම ඉතින් වෙන දෙයක් ගැන සිහියක් නැ උබ කියනවා වගේ පුදුම කරදයක් තමයි විදින්න තියෙන්නෙ. කොහොමින් කොහොමහරි බබා හම්බෙන දවස තියෙනවා නෙද අන්න ඒදවස තමයි මචන් උබ මෙච්චර කල් ජිවත් උන දවස් වලින් වැඩිම පැයගානක් ගතවෙන දවස. වයිෆ්ව ලේබරුම් ගත්තට පස්සෙ මචන් විනාඩියක තප්පර 60 ක් නෙවයි 220ක් විතරයනවා. කොහාම හරි බලාගෙන ඉදලා ඉදලා ඔන්න නිවුස් ඒක ඒනවා බබා ලැබුනා අම්මත් සනිපෙන් කියලා. ඔන්න ඒතකොට තමයි අපේ හාට් ඒක නොර්මල් වෙන්නේ. අන්තිමට, අපේ අතට දරුවා ලැබෙනාවා නේද.. ඒ හැගිම මචන් විස්තතර කරන්න වචන නැ. අර මාස ගානක් විදපු දුක් ඔක්කොම අමතකයි ඒ බබාගේ ඇඩිල්ල ඇහැවුවම.
එදාට මචන් තව විශේෂ feeling ඒකක් දැනෙනවා. මම හිතන්නෙ නැ ඒක දරවෙක් හදන්නෙ නැතිව දැනෙනවා කියලා. ඒතමයි මචන් උබේ අම්මා තාත්තා උබට කොච්චර ආදරෙද කියන ඒක. මම දන්නෙ නැ අනිත් උන්ට කොහොමද කියලා ඒත් මචන් මට නම් ඒක විස්තර කරන්න තේරෙන්නැ. මගෙ අම්මා තාා මට කොච්චර ආදරේ කරනවද කියන ඒක මට ජිවිතේ පලවෙනි පාරට දැනුනෙ මගෙ දරුවා ලැබුන දවසේ.
ඉපදෙනකන් විතරක් නෙවෙයි මුල් මාස ටිකෙ පුදුම කට්ටක් කන්න ඔනි. දරුවා ඉපදිච්ච වෙලාවෙ ඉදලා shift ඒකට තමයි නිදා ගන්න වෙන්නෙ මාස ගානක් යනකන්. සමහරවිට අවුරුද්දක් ඒකහාමාරක් විතර. මොකද බබාලා නිදා ගන්නෙ පැයක් දෙකක් විතර අයෙ කිරි දිලා බඩ පුරවලා නිදි කරවන්න ඔනි. කිරි ඒන්නැත්නම් කිරි ගන්න ඔනි සකර් ඒකින් හරි අතින් හරි. පලවෙනි බබා නම් ඒකපාරටම කිරි එන්නෙ නැ ගොඩක් අම්මලට. අම්මලා මෙන්ටලි අවුට් යනවා. පලවෙනි බබා නම් ඉතින් දහසකුත් ප්‍රශ්න, කරදර. මාගලක් වගේ ලියන්න පුලුවන් කරදර ප්‍රශ්න නම්.
මොනවා උනත් උබ කියනවා වගේ දරුවො හදන ඒක කරදරයි තමයි හැබැයි මචන් ඒ කරදර ඇතුලේ තියෙනවා දවසගානේ අලුත්වෙන බලාපොරොත්තු. අහවල් වැඩේ කරන්නෙම බලාපොරොත්තු පොදි බැදගෙන. මෙන්සස් වෙන්න දවසක් පහු උනත් ඔන්න ටක් ගලා යුරින් ටෙස්ට් කරනවා. ලයින් ඒක කට්ට දෙක පාස් වෙච්ච දවසෙ ඉදන්ම ඉතින් දරුවා ගැන බලාපොරොත්තු ආසාවල් දුක් කරදර තමයි. දැන් දරුවට අවුරුදු 5කුත් ටිකක්. ඒදා ඉදන් මෙ අද දවසේ හවස උනත් වැඩට ගිහින් ගෙදර අවෙ "අප්පචිචි" කියාගෙන දුවගෙන ඒන දරුවා දකින බාලාපොරොත්තුවෙන්. බාලාපොරොත්තු අපිව ජිවත් කරවනවා මචන්. ලමෙක් දරුවෙක් කියන්නෙ ජිවිතේට බලාපොරොත්තු ගොන්නක්. ජිවත්වෙන්න හොද හේතුවක්.
උබෙ රිප්ලයි ඒකේ දෙවෙනි පැරා ඒකෙ තියෙන දෙවල් වලට මම මුකුත් කොටන්නෙ නැ.. ඒ ප්‍රශ්න ටික හෙන ගොන්
පට්ට වචන ටික
------ Post added on Mar 3, 2024 at 11:47 AM

