හොදට කන්න සැපට ඉන්න

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔන්න අද ගෙනාවේ ගෙදරට වෙලා කාල බිලා දියවැඩියාව , ෆැටි ලිවර් වගේ දේවල් හදාගෙන කන්නේ කොහොමද කියල කල්පනා කර කර ඉන්න උන්ට වැදගත් දෙයක්. මම මාස 3 ක ඉදන් ප්‍රක්ටිකලි කරලා තමා මේක කියන්නේ. නැතුව වෙන තැනක තියන දෙයක් නෙමේ.

    1645092655590.png




    මේක වෙන දෙයක් නෙමේ William Banting 1800 ගණන් වල හොයාගත්ත කේටෝ මෙතඩ් එක. සරලව කතාව මේකයි. අපි ලංකාවේ මොන කෑම කැවත් ඔකේ කබෝහයිද්රේට් ප්‍රමාණය 70% ක් ඉක්මවනවා. ඉතින් උබලා එකත් එක්ක තද තෙල් පාරකුත් දානවනේ. ඉතින් උබලාගේ හොදට ඔය වැඩිපුර තෙල් ටික ගිහින් ලිවර් එකේ ස්ටෝර් වෙනවා. දැන් ඒ එක්කම කාබ් ටිකත් ලොකුවට වැටෙනකොට කරනන් දෙයක් නැ එකත් තෙල් (triglycerides) වලට හරවලා අක්මාවේ සහ සයිල වල තැන්පත් කරනවා. මෙන්න මේක චප්ප චෝර වෙලා අක්මාවේ ඉඩ නැති වෙනවා. ඔය තත්වෙට නේ ෆැටි ලිවර් කියන්නේ

    සාමන්‍ය ඇගවල් හැදිලා තියෙන්නේ ග්ලුකෝස් පුච්චලා ශක්තිය ගන්න. මෙතන වෙන්නේ ඕනේ කරන්නේ 10 නම් 1000 ක් විතර තියනවා. ගබඩා පිරිලා. එකෙන් වෙන්නේ ඉන්සියුලින් වලට වැලේ වල නැති වෙනවා. Insulin resistance නැත්නම් ඉන්සියුලින් අහන්නේ නැති තත්වේ එන්නේ . ඒ කියන්නනේ දිය වැඩියාව. මේකේ අනික් අතුරු පලයක් තමා මෙටබෝලිසම් කියන එක හොදටම අඩු වෙන එක.


    "මෙටබෝලිසම්" කියන එක දැන් මට තේරෙන විදිහට නම් අප ඇගට දාන දේවල් සම්පුර්නව ශක්තිය කරන එක , අනවශ්‍ය දේවල් ලස්සනට ඇගෙන් අයින් කරන එකට. මේක වෙන්නේ නැ කියන්නේ එදිනෙදා ජිවිතේ ගෙවන්න හරිම අමාරුයි කියන එක. ඉතින් උබලට වෙලා තියෙන්නේ මෙන්න මේක.

    1645092472079.png


    දැන් අපි කරන්න ඕනේ ඇග ග්ලුකෝස් වලින් දුවවනවා වෙනුවට තෙල් වලින් දුවවන එක. එකට කරන්න තියෙන්නේ සරලවම කන කෑම එකේ කාබ් ප්‍රමාණය 25 % දක්වා අඩු කරන එක(හෝ ඊට වඩා අඩු කලාම ප්‍රතිපල වැඩි). මේ තත්වෙට අපි කියන්නේ කිටෝසිස් කියල. ඇගේ ඕනේ කරන ප්‍රමාණයට කාබ් නැති උනාම තෙල් ටික කිටෝන්(ketones) බවට හැරවිලා ශක්තිය දෙන එක. මේකත් ඉතාමත් හොද ශක්ති ප්‍රබෙදයක් ඩොක්ටර්ස් ලාට අනුව. මේ තත්වෙට කියන්නේ Ketosis state එක කියලා


    1645092358126.png



    හරි දැන් තමා වැදගත්ම දේ. අපි බලමු දේවල් ටිකක් මගේ ඇත දැකීම
    ==============================================
    1. උබලාට යකෙක් කන්න බඩගිනි එනවනේ. මේ කිටෝසිස් තත්වෙට අවාම කිසිම වෙලාවක අනවශ්‍ය බඩගින්නක් එන්නේ නැ . මට උදේ නැගිට්ටාම එනවා යකෙක් කන්න බඩගින්නක්. නැත්නම් රැ මැද එනවා . දැන් ඒ කිසිම එකෙක් නැ .

    2. ඉස්සර තිබ්බා අමුතු නිදිමතක් , මහා කම්මැලි ගතියක්. කෑම කව ගමන් නිදිමත . දැන් ඕවා කිසිම දෙයක් නැ .

    3. ඉස්සර තිබ්බ නිකන් ඔලුවේ ජෝල් ගතියක් . මේ කිටෝසිස් තත්වෙට අවාම හැම දේම හරි ක්ලියර්.

    4. ඇගේ බර අඩු වෙනවා. (10 KG අඩු උනා මේ 3 මාසෙට). ඇගෙන් 1 kg එකක් අඩු වෙනවා කියන්නේ හරි පහසුවක්.

    වැදගත් දේවල්.
    ============
    1. තමන්ගේ කෑම වෙලේ 1/5 ක් තමා කාබ් දාන්න ඕනේ. 1/5 ප්‍රෝටීන් 3/5 ක් තෙල් වර්ග. සිනි දාපු කෑම බැ . (කිටෝසිස් එනකන් ඉදපල්ලා. ඊටපස්සේ ගල් දැම්මත් කිසිම අව්ලක් නැ ). ප්‍රොසෙස් කල කෑම වර්ග ගන්නෙපා , එළකිරි කල් කිරි බොන්න එපා. ඒ වෙනුවට මුදවපු කිරි , යෝගට් , චීස් , බටර් වගේ දේවල් තම ගන්න කියන්නේ.කාබ් ගනනවා නම් කඩල , මුං ඇට , ආට පිටි වගේ දේවල් තමා හොදම. නිකන් පිටි වලින් හදපු කිසිම කෑමක් කන්නේපා

    1645092530055.png


    2. මේක කිටෝසිස් තත්වෙට ගෙන්න ටිකක් අමාරුයි. එකට කැපවීමක් තියෙන්න ඕනේ. ඔය කෑම වෙලා ගන්න ගත්තම බඩගින්නක් එනවා මැරෙන්න. ඉතින් වතුර බිලා ශේප් කරගන්න ඕනේ සති දෙකක් විතර. ඊට පස්සේ ඔයාට එනවා ඔලුවේ කැක්කුමක් එක්ක නිකන් උන වගේ ගතියක් සහ ඇග පන නැති ගතියක් . අන්න එක තමා සයින් එක කිටෝසිස් තත්වෙට හැරෙනවා කියන එක.

    1645093394688.png



    3. ඔයා කෑම හුගක් කාපු කෙනෙක් නම් කාබ් ප්‍රමානේ හුගක් අඩු කරන්න යන්නෙපා. මම නම් 1/5 තියාගෙන තම යන්නේ.

    4. කන්න ඕනේ කෑම වෙල් 3යි අතර මද කිසිම දෙයක් කන්න එපා. වතුර , සිනි මද වශයෙන් දාපු තේ එකක් වගේ බොන්න. කන එකේ කැලරි ගණන් ප්‍රමාණය කිසිම අව්ලක් නැ , කන්න ඕනේ ඇති වෙන්න අර අනුපාතෙට . බඩගින්න අවාම නැතුව කන්න එපා

    5. 12/12 තමා මම කරන්නේ. ඒ කියන්නේ පැය 12 ක් ඇතුලත කෑම වෙල් 3 ම කන්න ඕනේ. ඊට පස්සේ කිසිම දෙයක් කන්න එපා. කන එක අනුපාතෙට බඩ පිරෙන්න කන්න ඕනේ පුතේ. මස් මාළු බිත්තර් 4 ක් විතර දාල ලොකු සම්බෝලයක් (ෆැට් 3/5 දෙන්න ඕනේ නිසා ) කන්න. එළවලු වලින් කාබ් අඩුම ටික තෝරලා හදලා ගන්න. රටකජු එහෙම තෙල් වලට කියපු බඩුව . එකේ කාබ් තියන නිසා ලොකුවට ගන්න එපා(අර 1/5 හේ කාබ් අඩු කරලා ඕනේ නම් වැඩිපුර ගන්න ). මේක මාසයක් කරලා 8/16 ට එන්න. ඒ කියන්නේ පැය 8 ක් කාල 16 ක් පාස්ටින්ග් ඉන්න එක.මේක නම් මම කරන්නේ නැ . මේක කියල තියෙන්නේ දියවැඩියාව උපරිම තියන අයට.


    කෑම වෙල්
    =========

    සාම්පල් කෑම වේලක් බලමු
    උදේට : බිත්තර 3 ක් , සම්බෝල , කඩල ටිකක්. රටකජු බැදපුවා.
    දවල්: චිකන් කැලි දෙකක් විතර. එළවලු ෆ්‍රයිඩ් කරලා. (ගෙදර හදන මාලුව දාගන්න පුළුවන්. පොල් කිරි දාල නම් තවත් හොදයි )

    1645092989363.png



    1645093162339.png


    1645093183741.png

    1645093192969.png


    මේක ගැන වැඩි විස්තර තියනවා ඉන්ටනෙට් එකේ. ඒ වගේම අර වන්නෙකු මෙතඩ් එක කියල කියන්නෙත් මේකටම තමා. ඒ සම්බන්ද මුණු පොතේ ගෘප් එකකුත් තියනවා. එකත් බලන්න පුලුවන්නම් හොදයි. මේක මට කියලා දුන්නේ මහනුවර වකුගඩු රෝහලේ ස්පෙෂලිස්ට් කෙනෙක් (Dr A.W.M.Wazil) මහත්තයා. මේක 2015 දී මම කළා එක දිගට අව්රුද්දක්. පස්සසේ මට මග හැරුනා. දැන් ආයිත් මම කරන්න ගත්තා.
     

    Attachments

    • 1645093326860.png
      1645093326860.png
      121.4 KB · Views: 116
    Last edited:

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,562
    124,791
    113
    දෙහිවල
    බම්පි. වටිනවා

    හැකිතරමක් පාන්, පිටි, බත් අතහරින්න.
    "බඩට තිත කියලා" බුකියේ සමුහයක් තියෙනවා. එතන තොරතුරු බෙදාගන්නවා කට්ටිය, වන්නෙකු මෙතඩ් කියලා
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    බම්පි. වටිනවා

    හැකිතරමක් පාන්, පිටි, බත් අතහරින්න.
    "බඩට තිත කියලා" බුකියේ සමුහයක් තියෙනවා. එතන තොරතුරු බෙදාගන්නවා කට්ටිය, වන්නෙකු මෙතඩ් කියලා
    ඔව්. මමත් එකේ ඉන්නවා. මේකේ දාපු සමහර දේවල් එකෙන් ගත්තේ. Dr . වන්නෙකු කලේ ඔය කිටෝ මෙතඩ් එක ලංකාවේ උන්ට හරියන්න හදපු එක. පින් දෙන්න ඕනේ ඩොක්ටර් කෙනෙක්. කි දෙනෙක් ජිවත් වෙනවද ඒ මනුස්සයා නිසා.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,562
    124,791
    113
    දෙහිවල
    ඔව්. මමත් එකේ ඉන්නවා. මේකේ දාපු සමහර දේවල් එකෙන් ගත්තේ. Dr . වන්නෙකු කලේ ඔය කිටෝ මෙතඩ් එක ලංකාවේ උන්ට හරියන්න හදපු එක. පින් දෙන්න ඕනේ ඩොක්ටර් කෙනෙක්. කි දෙනෙක් ජිවත් වෙනවද ඒ මනුස්සයා නිසා.

    මමත් ඉන්නවා. වටිනවා එකේ තියෙන තොරතුරු සියල්ලම. :love:
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Lol go to a gym -easy
    එක නම් හරි. එත් හැම කෙනාටම එක කරන්න ටිකක් අමාරුයි. එක නිසා කෑම වලින් නිරෝගී බවට මොකක් හරි කරන්න තමා මේ වගේ දෙයක් හදලා තියෙන්නේ.

    TFS FONT color eka penne naha
    Change Kala ban
    ------ Post added on Feb 17, 2022 at 4:52 PM
     
    • Like
    Reactions: Stimulus mind

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,808
    8,145
    113
    Kotahena

    එක නම් හරි. එත් හැම කෙනාටම එක කරන්න ටිකක් අමාරුයි. එක නිසා කෑම වලින් නිරෝගී බවට මොකක් හරි කරන්න තමා මේ වගේ දෙයක් හදලා තියෙන්නේ.


    Change Kala ban
    ------ Post added on Feb 17, 2022 at 4:52 PM
    අකුරුවල පාට වෙනස් කරන්න!:dull:
    default color thiyanna. White theme ekata mokuth penne na
    ------ Post added on Feb 17, 2022 at 4:53 PM