හොඳම බූට් සින්දුව...මොකක්ද ?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,487
    1
    62,251
    113
    Mother Earth
    නෑ නෑ මේ සින්දුව කාලෙකින් ඇහුණා. අතීතෙට ගියා. මේක තමයි මම අද වෙනකන් අහල තියෙන හොඳම බූට් සින්දුව. මට නම් දැන් කිසිම අවුලක් නෑ. ඒත් මේක දාගෙන අහපු හැටි මතක් වුණා. මේ සින්දුව මම අහල අඬල ඇති පිස්සෙක් වගේ ඒ කාලෙ. දැන් තමයි හිතෙන්නෙ මම කොච්චර බොළඳ පොන්ස් කෙනෙක්ද කියල ඒ කාලෙ.

    සින්දුව තමයි "රැවටුණ තරම් ඔබ හින්ද මං කවුරුත්ම දන්නෙ නෑ තවත්.. කඳුලක තරම් දැනුණා තරම් හොඳන් සමුගත්ත දා ඔයා මගෙන්.." :lol:

    https://www.ananmanan.lk/free-sinhala-mp3/download.php?id=3972

    edited -
    ආහ් බූට් එකට අමතරව ගෝඨාභයට රැවටුණ එකත් මේකට අදාළ කර ගන්න පුළුවන්. :lol:
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,158
    4,156
    113
    ලංකාවේ එතෙක් මෙතෙක් ලියවුන හොදම විරහ ගීතය කියල ගන්නේ මෙකලු

    Candid-B

    40157101774_2a5c3cc223_o.png
     
    Last edited:

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,331
    36,439
    113
    කෑගල්ල
    සිදාදියේ නුඹ දුටුවට මං ගම්මානේ
    අම්ම එක්ක නුවර වඳින්නයි මං යන්නේ
    සිරියාවයි කම්මුල් පෙති ඒකයි බැලුණේ
    දුප්පත් මට සමච්චලේට ද හිනා වුණේ

    කලිසම ඉරුනට හරියට ඒක පෙන්නෑ
    අම්ම හොඳට මහලා දුන්නා ඒකට බය නෑ
    උඩ බොත්තමෙ ගහලා තියෙන කටුව පේන්නෑ
    සෙරප්පු දෙක හොඳට ගෙවිලා දැක්කොත් හරි නෑ

    සිදාදියේ නුඹ දුටුවට මං ගම්මානේ
    අම්ම එක්ක නුවර වඳින්නයි මං යන්නේ
    සිරියාවයි කම්මුල් පෙති ඒකයි බැලුණේ
    දුප්පත් මට සමච්චලේට ද හිනා වුණේ

    ගෙදර ආවා තමයි ආවේ කොහොමද දන්නෑ
    බකිනි මලක් වගේ මූණ අමතක වෙන්නෑ
    ආයෙ නුවර කවදා යයිද කියල දන්නේ නෑ
    අඬන් නැතුව කඳුළු ආවේ කොහොමද දන්නෑ
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    884
    1,775
    93

    "නිසල වෙලා හද" බූට් සින්දුවක් නෙමෙයි නේද? කෙල්ල මරුන සීන් එකක් නේද?
    "නෑ සිය මිතුරන් ඒ හැම හමුවේ සමුගෙන යන අවසන් ගමනේ..."

    කොහොමත් බූට් එකක් කාපුවෙලාවක අහන්න මරු.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    "නිසල වෙලා හද" බූට් සින්දුවක් නෙමෙයි නේද? කෙල්ල මරුන සීන් එකක් නේද?
    "නෑ සිය මිතුරන් ඒ හැම හමුවේ සමුගෙන යන අවසන් ගමනේ..."

    කොහොමත් බූට් එකක් කාපුවෙලාවක අහන්න මරු.
    ඔව්, බූට් කැටගරියට සෙට් වෙන්නෙ නෑ නේද :-)
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,742
    3,065
    113
    මරු බන්. ඔය සින්දුවෙ තේරුම නම් ලොකු වැටහීමක් නෑ. අර තරු මල් යායම සින්දුවෙ lyrics නම් පට්ට. :yes:
    මේක "එක්‌ටැම් ගේ " film එකේ එන සින්දුවක් බන් . රවින්ද්‍ර රන්දෙනිය මේකේ සෙල්ලක්කාර ආදරවන්තයෙක් . උ මාලනීට love කරනවා . නමුත් උට boot එකක් තාම වදින්නේ . මේක මුට කොචර වැදුනද කිවොත් මු ඔක්කොම අත් ඇරලා එක්‌ටැම් ගේ කට වෙලා සමාජයෙන් ඇත් වෙලා පිස්සෙක් වගේ කාලේ ගෙවනවා . මේක ආරංචි උන මලානි උව බලන්ඩ යන සීන් තම ඔය රූපරාමු වලින් පෙන්නන්නේ , හ්බ්බ්යි රවින්ද්‍රව් ආයි ගොඩ ගන්ඩ ලැබෙන්නේ නැ . පුලුවනම් මේ ෆිල්ම් එක බලපල්ලා ,බැලිය ය්තු ෆිල්ම් එකක්
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,487
    1
    62,251
    113
    Mother Earth
    මේක "එක්‌ටැම් ගේ " film එකේ එන සින්දුවක් බන් . රවින්ද්‍ර රන්දෙනිය මේකේ සෙල්ලක්කාර ආදරවන්තයෙක් . උ මාලනීට love කරනවා . නමුත් උට boot එකක් තාම වදින්නේ . මේක මුට කොචර වැදුනද කිවොත් මු ඔක්කොම අත් ඇරලා එක්‌ටැම් ගේ කට වෙලා සමාජයෙන් ඇත් වෙලා පිස්සෙක් වගේ කාලේ ගෙවනවා . මේක ආරංචි උන මලානි උව බලන්ඩ යන සීන් තම ඔය රූපරාමු වලින් පෙන්නන්නේ , හ්බ්බ්යි රවින්ද්‍රව් ආයි ගොඩ ගන්ඩ ලැබෙන්නේ නැ . පුලුවනම් මේ ෆිල්ම් එක බලපල්ලා ,බැලිය ය්තු ෆිල්ම් එකක්
    අඩෝ බලලා නෑ. බලන්න ඕන. :love2: මම හිතුවෙ එක්ටැම්ගේ කියන්නෙ ලයිට් හවුස් එකක් කියල. :lol:
     
    • Like
    Reactions: NRTG and Ryan08