හොයාගන්න උදව් කරන්න

kat4ever

Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    තෙල්ගේ ....... .......... පීරිස් කියලා මගේ යාලුවෙකුත් හිටියා. මේ ලඟදි ඌ මැරුණා. :(:(:(
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    පස්සේ මාස ගානක් ගිහින් සිවිල් පිට පොලිසියේ 5ක් වගේ ආවා ලග පොලිසියක අයනම් නෙවේ ආවේ. . ඇවිත් කිව්වා පීරිස් පාලමක අත්තිවාරමක ප්ලෑන් එකක් හොරකන් කරලා තියෙනවා ඒක කෝටි 100ක් (මට මතක විදියට කෝටි 200ක් ද 300ක් ද මන්දා) වටිනවා කියලා කිව්වා. . මට ඔච්චරයි විස්තර මතක. .

    ohoma plan wala copy tiyaganne nedda bn un :confused: unta hoyagana enna taram deyak nehene copy ekak gaththanam iwarane :sorry:

    anyway bump


    වෙන කේස් එකක් කියලමයි මට හිතෙන්නේ. .


    මචන් තරහ වෙන්න එපා මෙහෙම කිව්වාට . උඹ මේ කියපු කරුනුත් එක්කනම් මම පොලිසියේ හිටියානම් මම මුලින්ම ප්‍රශ්න කරන්නේ උඹේ අම්මාගෙන් මට එතන ලොකු සැකයක් තියෙනවා.තාත්තගේ අතුරුදහන් වීම ගැන අම්මා මොකද කියන්නේ

    මෙන්න මේ දේවල් හරිම අස්වාභාවිකයි

    1. ෆෝන් නම්බර් එකකුත් දීලා ගිහින් හොටෙල් එකේ ඇඩ්‍රස් එකත් එක්ක. . වෙලාවට මන් එදා ගෙදර හිටියේ නෑ මොන කේස් එකක්ද දන්නේ නැති නිසා අම්මා ඒ කොලේ විසි කරලා

    2. අර පැමිනිල්ල තිබ්බා ඒක කොල 10ක් විතර දිග පැමිනිල්ලක්. .
    තව වවුනියාවේ කැම්පස් එකේ ගගක් ලග උගන්නන ෆොටොස් තිබ්බා. .
    සීවී එකත් තිබ්බා, ,

    ඒ සේරම අම්ම අතුරුදහන් කරලා බන්. .

    3. අම්මා මේ වෙනකල් පොලීසියේ පැමිණිල්ලක් නොදැමීම


    මම මගේ ජීවිත කතාව එලකිරියට ලිව්වා කලින්. . දැන් ඒක නෑ ඒක කියෙව්වනම් තේරෙයි සිද්දිය. .
    තාත්තගේ බිස්නස් වැටිලා එයා මොරටුවෙන් යද්දි මට අවුරුදු 3යි, මල්ලිට අවුරුද්දයි. .

    මට එයාව මේ ජීවිත කාලෙටම හම්බවෙලා තියෙන්නේ අතේ ඇගිලි ගානටත් අඩුවෙන්. .

    අම්ම හිතන්න ඇති මෙච්චර ලොකු වෙනකන් තාත්තා හිටියේ නැති නිසා දැන් තාත්තව ඕනේ නෑ කියලා. . අනික පොලිසියෙන් ගෙදරට ඇවිත් කිසි දෙයක් නොදන්න ලමයි දෙන්නෙක්ව කුදලන් යනවට මොන අම්මද කැමති?
    තාත්තගේ තිබ්බ සේරම පුච්චලා තිබ්බා. .
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Do you know which University and which year he passed out?


    සී.වී එකේ විස්තර තිබ්බා සේරම. . දැන් ඒවා නෑනේ. .


    Thaththage wayasa keeyak wageda wenne?


    Nikan me wage neh ban
    https://www.mrt.ac.lk/staff/Peiris.TSG.php
    :oo:


    දැන් වයස 59ක් වගේ ඇති. .
    ඔය එයා නෙවෙයි. . ප්‍රොෆෙසර් කෙනෙක් නෙවෙයි. .
     
    Last edited:

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,829
    2,665
    113
    Kadawatha, Sri Lanka
    දැන් වයස 59ක් වගේ ඇති. .
    ඔය එයා නෙවෙයි. . ප්‍රොෆෙසර් කෙනෙක් නෙවෙයි. .
    Civil Engineer kenek hinda Mora wage Civil Lecturer kenek gen ahuwa nam aniva dannava athi. oya age eka lagin inna keepa denek Civil eke innava. Mora Civil eke kollek though mokak hari vistharayak ganna puluwan wei :yes:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    හැබැයි JVP ලුක් එකක් තියෙන්නෙ. අර අතුරුදහන් වූවන්ගේ ඒකට කියල පැමැනිල්ලක් දාන්න.


    මම කිරියට කියලා සී.අයි.ඩී එකෙන් උදව්වක් ගන්න පුලුවන්ද කියලා බලන්නේ. .
    බිල්ඩින් එකකට හිරවෙලා ඉන්නේ මේක ඉවර වෙද්දි දෙසැම්බර් වෙනවා. .
    මට විස්තරයක් නොලැබුනොත් වවුනියා ගිහින් විස්තර හොයනවා. . අතුරුදහන් ඌවන්ගේ එකට පැමිනිල්ලකුත් දානවා. .
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Another similar case of a missing Engineer - Moratuwa Campus guy - Missing since last October.

    http://divaina.com/sunday/index.php/visheshanga2/10466-2019-05-24-09-23-211



    අමරනන්ද විජේසේකර - මහවැව

    හලාවත කොළඹ ප‍්‍රධාන මාර්ගයේ ඉනිගොඩවිල ප‍්‍රදේශයේ වාහන සේවා ස්ථානයක් පවත්වාගෙන ගිය කෝටිපති ව්‍යාපාරිකයාගේ අභිරහස් අතුරුදන් වීම් සම්බන්ධව කිසිම හෝඩුවාවක් මේ වන තෙක් ලැබී නොමැත. මෙම අතුරුදන් වීම සම්බන්ධයෙන් ප‍්‍රදේශයේ නොයෙකුත් කටකතා මතිමතාන්තර පැතිර යමින් පවතී.

    අභිරහස් ලෙස අතුරුදන් වී ඇත්තේ වීබැද්ද රාළගෙ සමන් විජේසිරි යන ව්‍යාපාරිකයාය. ඔහු හැට හතර හැවිරිදිය. ව්‍යාපාරික කටයුතුවල නිරත වී සිටි ඔහු ඉන්ජිනේරුවරයෙකි.

    හලාවත සිට කොළඹ මාර්ගයේ කිලෝමීටර් තුනක් පමණ ගිය පසුව ඔහුගේ ව්‍යාපාරික ස්ථානය පිහිටා ඇත. තෙමහල් ගොඩනැගිල්ලකින් සමන්විත ව්‍යාපාරික ස්ථානයේ පළමු මහලේ වාහන සේවා ස්ථානය පවත්වාගෙන ගිය අතර දෙවන මහලෙහි වාහන අමතර කොටස් ගබඩා කර තිබේ. තෙවන මහලේ ඔහු ජීවත් විය. ඔහු ජීවත් වූයේ තනිවමය. ඒ ඔහු විවාහ වී සිටි බිරිඳගෙන් වෙන්ව සිටි නිසාය.

    කෝටිපති ව්‍යාපාරික සමන් විජේසිරිගේ අතුරුදන් වීම සම්බන්ධව හලාවත පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විමර්ශන කටයුතු සිදුකරන අතරතුර පුද්ගලයන් තිදෙනෙක් සැකපිට අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කිරීමට කටයුතු කළේය. ඔවුන්ගෙන් එක් පුද්ගලයෙක් ජාඇල ප‍්‍රදේශයේ පදිංචි අයෙක් වන අතර සෙසු දෙදෙනා හලාවත අවට පදිංචි අය වෙති. එම සැකකරුවන්ගෙන් දෙදෙනෙක් සමීපතම ඇසුරු කරන්නන් අතර අනෙකා ඥාති සම්බන්ධයක් ඇති අයෙකි.

    මොවුන් සැකකරුවන් ලෙස පොලිස් අත්අඩංගුවට පත් වුවද අතුරුදන්වීම සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් හෝ හෝඩුවාවක් ඔවුන්ගෙන් ලබා ගැනීමට පොලිසියට නොහැකි වී තිබිණි. මේ නිසාවෙන් අතුරුදන් වීම තවමත් අභිරහසකි.

    ව්‍යාපාරික සමන් විජේසිරිගේ උපන් ගම බිංගිරිය බෝවත්ත ප‍්‍රදේශයේය. සහෝදරියන් සිව් දෙනකුගෙන් සහ සහෝදරයන් දෙදෙනකුගෙන් යුත් පවුලේ බඩ පිස්සා සමන්ය. සමන් ඉගෙනීමට මෙන්ම වෙනත් බාහිර කටයුතුවලට එකසේ දස්කම් දක්වයි. කුඩා කල සිටම පොත්පත් ඇසුරු කිරීමට මහත් රුචියක් දැක්වූ ඔහුව කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ වැඩිදුර අධ්‍යාපනය සඳහා දෙමව්පියන් යොමු කරන්නේ ඔහුගේ අනාගතය ගැන හොඳ ඉවක් ඇති වූ නිසාය. මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය නේවාසිකාගාරයේ රැඳී සිටිමින් අධ්‍යාපන කටයුතු ඉතා සාර්ථකව සිදුකර මොරටුව ඉංජිනේරු පීඨයට ඇතුළු වීමට වරම් ලබන්නේ දෙමාපිය අපේක්ෂාවන්ට සාධාරණයක් ඉෂ්ට කරමිණි.

    මොරටුව විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපන කටයුතු හමාර කර ඉංජිනේරුවරයෙකු ලෙස පේරාදෙණිය කෘෂිකර්ම ආයතනයේ රැකියාවක නිරත වෙයි. බෲනායි රටේ රැකියාවක් සඳහා පිටත්ව යයි. පසුව ඔහු ඇෆ්ගනිස්තානය, සැම්බියාව ඔස්ටේ‍්‍රලියාව රටවල්වල ඉංජිනේරු වරයෙක් වශයෙන් සිය සේවාව ලබාදේ. ඔහුට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලබාගැනීමට වාසනාව උදාවේ. ඔහුට ඔස්ටේ‍්‍රලියා රජයෙන් නිකුත් කළ ලෝකයේ ඕනෑම රටකට ගමන් කළ හැකි විශේෂ වීසා බලපත‍්‍රයක් ඇති බව සඳහන් වේ. එමෙන්ම ඔස්ටේ‍්‍රලියාව සහ මෙරට ද්විත්ව පුරවැසි භාවය ද හිමිව තිබේ. මේ අතරතුර ඔහු ඔස්ටේ‍්‍රලියාවේ ගත කළ කාලය තුළ දැන හඳුන ගන්න එක්සත් ජාතින්ගේ සංවිධානයේ සේවයේ නියුතු ජපන් ජාතික කාන්තාවක් සමඟ විවාහ වේ.

    මේ අතරතුර අවස්ථා කිහිපයකදීම ඔහු ලංකාවට පැමිණේ. ඇතැම් අවස්ථාවල ඔහුගේ විවාහක කාන්තාව සමගද පැමිණ තිබේ. පිටරට රැකියා කරන අතරතුර ඔහු පදිංචි ප‍්‍රදේශය වන බිංගිරිය ප‍්‍රදේශයෙන් අක්කර 50 ක ඉඩමක් මිලදී ගැනීමට කටයුතු කරයි. කාලය ගත වීමත් සමඟ පෞද්ගලික හේතුවක් මත සිය බිරිඳ සමග වෙන් වීමට තීරණය කරයි. එහෙත් ඇය ඔස්ටේ‍්‍රලියාවේ දෙදෙනාම පදිංචි වී සිටි නිවසේම ගත කරන බව සඳහන් වේ. ව්‍යාපාරිකයාට ඔස්ටේ‍්‍රලියාවේ ද දේපළ හිමි බව ඔවුන්ගේ ඥාතීන් පවසයි. ලංකාවට පැමිණි ඔහු මෙහි ගත කරන කාලයේදී ලෝක බැංකුවේ සහ පෞද්ගලික ආයතන කිහිපයක ද සේවය කර ඇති බවට සඳහන් වේ.

    මිලදී ගන්නා ලද අක්කර 50 කින් යුතු ඉඩම බලා හදා ගැනීම සඳහා ඔහු හොඳින් දන්නා හඳුනන අයෙකු මුරකරු සේවයට යොදා ගනී. මුරකරු ඔහුගේ බිරිඳ සහ දරුවන් සමඟ ඉඩමේ නිවසක ජීවත් වේ.

    එහි සේවය කළ මුරකරු ඔහුට ඉතා ළෙන්ගතුව විශ්වාසවන්තව කටයුතු කිරීම හේතුවෙන් කිසිදු සැකයකින් තොරව ඔහුගේ ව්‍යාපාරික කටයුතු පවත්වා ගැනීම සඳහා ඔහුගෙන් නන් අයුරෙන් සහාය ලබා ලබාගනී. අඳුනන අයෙකු නවතා ගැනීමට සහාය ලබාගනී. මීට වසර හයකට පමණ පෙර ඔහු සතු ඉඩම විකුණා හලාවත ඉනිගොඩවිල ප‍්‍රදේශයේ ඉඩමක් මිලදී ගෙන වාහන සේවා ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන යෑමට කටයුතු කරයි. ඒ අතරතුර හලාවත නගරයේ ස්ථාන කීපයකින් ඉඩම් මිලදී ගැනීමට ද කටයුතු කළේය.

    එවැනි තත්ත්වයක් තුළ කෝටිපති ව්‍යාපාරිකයාගේ හදිසි අතුරුදන් වීම පිළිබඳ වැදගත් තොරතුරු කිසිවක් සොයා ගැනීමට කිසිවෙක් සමත් වී නැත. රටවල් රැසක සංචාරය කිරීමේ ජාත්‍යන්තර වීසා බලපත‍්‍ර සහිත ඔහු හදිසියේ අතුරුදන් වන්නේ තමන්ගේම මවුබිමේ වීමත් එය තවමත් අභිරහසක්ව පැවතීමත් හේතුවෙන් බොහෝ දෙනෙක් තුළ මෙම අතුරුදන් වීම පිළිබඳ දැනට පවතින්නේ ප‍්‍රශ්නාර්ථයකි.


    :baffled::baffled::baffled:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Civil Engineer kenek hinda Mora wage Civil Lecturer kenek gen ahuwa nam aniva dannava athi. oya age eka lagin inna keepa denek Civil eke innava. Mora Civil eke kollek though mokak hari vistharayak ganna puluwan wei :yes:


    මොරා කොල්ලෙක් හෙල්ප් එකක් දියන්. .

    පොඩි දෙයක් කියන්න ඕනා. . මට අන්තිමට හම්බුන වෙලේ කිව්වා එයා ඉගෙනගත්ත විශයේ සූත්‍ර දැන් එයාට මතක හිටින්නේ නෑ දැන් ඒ විශය කරන්නත් බෑ කියලා. .
    මට තේරුන විදියට පාලම් වල වතුර යට අත්තිවාරම් දාන කේස් එකක් එයා දන්නේ. .
    එයාට ලෙක්චර් කරන්න බෑ කිව්වා අමතක වීමේ ප්‍රශ්නයත් එක්ක. . ඒ නිසා තමයි එයා සී.වී එකක් හදන් හම්බන්තොට යන්නේ වරාගේ ජොබ් එකකට වෙන්න ඕනා ගියේ. .
    එදා ලොකු කතාවක් මා කියපු නිසත් ආයේ කිසිදාක හම්බවෙන එකක් නැතිබව නොදැන සිටි නිසත් මන් වෙඩිය විස්තර හෙව්වේ නෑ. . ඒ වෙලාවේ මටත් මාරම අමාරු කාලයක්. .
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මේක දකින සී.අයි.ඩී එකෙන් ඉන්න බව මන් දන්නවා. .
    මට තාත්තට වුනේ මොකක්ද කියලා දැනගන්නයි ඕනේ. .
    කරුනාකරලා පුලුවන් කෙනෙක් ඉන්නවනම් මට කියන්න. .
    විස්තර දන්නවනම් පී.එම් එකක් දාන්න. .
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    මොරා කොල්ලෙක් හෙල්ප් එකක් දියන්. .

    පොඩි දෙයක් කියන්න ඕනා. . මට අන්තිමට හම්බුන වෙලේ කිව්වා එයා ඉගෙනගත්ත විශයේ සූත්‍ර දැන් එයාට මතක හිටින්නේ නෑ දැන් ඒ විශය කරන්නත් බෑ කියලා. .
    මට තේරුන විදියට පාලම් වල වතුර යට අත්තිවාරම් දාන කේස් එකක් එයා දන්නේ. .
    එයාට ලෙක්චර් කරන්න බෑ කිව්වා අමතක වීමේ ප්‍රශ්නයත් එක්ක. . ඒ නිසා තමයි එයා සී.වී එකක් හදන් හම්බන්තොට යන්නේ වරාගේ ජොබ් එකකට වෙන්න ඕනා ගියේ. .
    එදා ලොකු කතාවක් මා කියපු නිසත් ආයේ කිසිදාක හම්බවෙන එකක් නැතිබව නොදැන සිටි නිසත් මන් වෙඩිය විස්තර හෙව්වේ නෑ. . ඒ වෙලාවේ මටත් මාරම අමාරු කාලයක්. .

    Do you know when he passed out..? or when he entered the Uni. I have several contacts.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,894
    40,670
    113
    උබේ තාත්තගෙ පෙනුම දැන් වෙනස් වෙලා නිසා උබේ තාත්තව දැකපු කෙනෙක්ට උනත් ඔය පිංතූරේ දැක්කම මීටර් නොවෙන්න පුළුවන් තත්වයක් තියෙන්න පුළුවන් නිසා මුලින්ම ස්කෙච් ආටිස්ට් කෙනෙක්ව අල්ලගෙන උබේ තාත්තගෙ දැන් වයස එක්ක පෙනුම දල වශයෙන් ඇඳගෙන අයිඩියා එකක් ගනින්. රැවුල එක්ක රැවුල නැතුව දෙකම. ඊට පස්සෙ තාත්තා යනවයි කියපු පැතිවලට පිංතූර සේරම අරගෙන යන්න. නම් ගම් ගොඩක් දුරට වෙනස් කරගෙන තියෙන්න පුළුවන් නිසා. පෙනුමෙන් හොයා ගන්න උපරිම උත්සහා කරලා බලන්න.
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    තාත්තගේ 4න් number එකෙන් call details ගන්න පුළුවන්නේ?....
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    මචන් තරහ වෙන්න එපා මෙහෙම කිව්වාට . උඹ මේ කියපු කරුනුත් එක්කනම් මම පොලිසියේ හිටියානම් මම මුලින්ම ප්‍රශ්න කරන්නේ උඹේ අම්මාගෙන් මට එතන ලොකු සැකයක් තියෙනවා.තාත්තගේ අතුරුදහන් වීම ගැන අම්මා මොකද කියන්නේ

    මෙන්න මේ දේවල් හරිම අස්වාභාවිකයි

    1. ෆෝන් නම්බර් එකකුත් දීලා ගිහින් හොටෙල් එකේ ඇඩ්‍රස් එකත් එක්ක. . වෙලාවට මන් එදා ගෙදර හිටියේ නෑ මොන කේස් එකක්ද දන්නේ නැති නිසා අම්මා ඒ කොලේ විසි කරලා

    2. අර පැමිනිල්ල තිබ්බා ඒක කොල 10ක් විතර දිග පැමිනිල්ලක්. .
    තව වවුනියාවේ කැම්පස් එකේ ගගක් ලග උගන්නන ෆොටොස් තිබ්බා. .
    සීවී එකත් තිබ්බා, ,

    ඒ සේරම අම්ම අතුරුදහන් කරලා බන්. .

    3. අම්මා මේ වෙනකල් පොලීසියේ පැමිණිල්ලක් නොදැමීම




    agreed:yes::yes::yes: