Thaththage wayasa keeyak wageda wenne?
Nikan me wage neh ban
https://www.mrt.ac.lk/staff/Peiris.TSG.php
![]()
Ado niyamai machan. aethatama meya da danne nehe. meayawa hambawela balanna. face eka & Name eka match wenawa nedha.....
Thaththage wayasa keeyak wageda wenne?
Nikan me wage neh ban
https://www.mrt.ac.lk/staff/Peiris.TSG.php
![]()
Thaththage wayasa keeyak wageda wenne?
Nikan me wage neh ban
https://www.mrt.ac.lk/staff/Peiris.TSG.php
![]()

Thaththage wayasa keeyak wageda wenne?
Nikan me wage neh ban
https://www.mrt.ac.lk/staff/Peiris.TSG.php
![]()
he heYou should start a part time "Private Investigator" business.![]()

ravula match wenne ne ban. hebei relative kenek wenna puluwanAdo niyamai machan. aethatama meya da danne nehe. meayawa hambawela balanna. face eka & Name eka match wenawa nedha.....

අඩෝ ඒ වගේමයි![]()

Exactlyබොහෝ දුරට ලග නෑයෙක් වෙන්න පුලුවන්..
නමත් T _ _ Peiris




මචන් තරහ වෙන්න එපා මෙහෙම කිව්වාට . උඹ මේ කියපු කරුනුත් එක්කනම් මම පොලිසියේ හිටියානම් මම මුලින්ම ප්‍රශ්න කරන්නේ උඹේ අම්මාගෙන් මට එතන ලොකු සැකයක් තියෙනවා.තාත්තගේ අතුරුදහන් වීම ගැන අම්මා මොකද කියන්නේ
මෙන්න මේ දේවල් හරිම අස්වාභාවිකයි
1. ෆෝන් නම්බර් එකකුත් දීලා ගිහින් හොටෙල් එකේ ඇඩ්‍රස් එකත් එක්ක. . වෙලාවට මන් එදා ගෙදර හිටියේ නෑ මොන කේස් එකක්ද දන්නේ නැති නිසා අම්මා ඒ කොලේ විසි කරලා
2. අර පැමිනිල්ල තිබ්බා ඒක කොල 10ක් විතර දිග පැමිනිල්ලක්. .
තව වවුනියාවේ කැම්පස් එකේ ගගක් ලග උගන්නන ෆොටොස් තිබ්බා. .
සීවී එකත් තිබ්බා, ,
ඒ සේරම අම්ම අතුරුදහන් කරලා බන්. .
3. අම්මා මේ වෙනකල් පොලීසියේ පැමිණිල්ලක් නොදැමීම
Another similar case of a missing Engineer - Moratuwa Campus guy - Missing since last October.
http://divaina.com/sunday/index.php/visheshanga2/10466-2019-05-24-09-23-211
අමරනන්ද විජේසේකර - මහවැව
හලාවත කොළඹ ප‍්‍රධාන මාර්ගයේ ඉනිගොඩවිල ප‍්‍රදේශයේ වාහන සේවා ස්ථානයක් පවත්වාගෙන ගිය කෝටිපති ව්‍යාපාරිකයාගේ අභිරහස් අතුරුදන් වීම් සම්බන්ධව කිසිම හෝඩුවාවක් මේ වන තෙක් ලැබී නොමැත. මෙම අතුරුදන් වීම සම්බන්ධයෙන් ප‍්‍රදේශයේ නොයෙකුත් කටකතා මතිමතාන්තර පැතිර යමින් පවතී.
අභිරහස් ලෙස අතුරුදන් වී ඇත්තේ වීබැද්ද රාළගෙ සමන් විජේසිරි යන ව්‍යාපාරිකයාය. ඔහු හැට හතර හැවිරිදිය. ව්‍යාපාරික කටයුතුවල නිරත වී සිටි ඔහු ඉන්ජිනේරුවරයෙකි.
හලාවත සිට කොළඹ මාර්ගයේ කිලෝමීටර් තුනක් පමණ ගිය පසුව ඔහුගේ ව්‍යාපාරික ස්ථානය පිහිටා ඇත. තෙමහල් ගොඩනැගිල්ලකින් සමන්විත ව්‍යාපාරික ස්ථානයේ පළමු මහලේ වාහන සේවා ස්ථානය පවත්වාගෙන ගිය අතර දෙවන මහලෙහි වාහන අමතර කොටස් ගබඩා කර තිබේ. තෙවන මහලේ ඔහු ජීවත් විය. ඔහු ජීවත් වූයේ තනිවමය. ඒ ඔහු විවාහ වී සිටි බිරිඳගෙන් වෙන්ව සිටි නිසාය.
කෝටිපති ව්‍යාපාරික සමන් විජේසිරිගේ අතුරුදන් වීම සම්බන්ධව හලාවත පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විමර්ශන කටයුතු සිදුකරන අතරතුර පුද්ගලයන් තිදෙනෙක් සැකපිට අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කිරීමට කටයුතු කළේය. ඔවුන්ගෙන් එක් පුද්ගලයෙක් ජාඇල ප‍්‍රදේශයේ පදිංචි අයෙක් වන අතර සෙසු දෙදෙනා හලාවත අවට පදිංචි අය වෙති. එම සැකකරුවන්ගෙන් දෙදෙනෙක් සමීපතම ඇසුරු කරන්නන් අතර අනෙකා ඥාති සම්බන්ධයක් ඇති අයෙකි.
මොවුන් සැකකරුවන් ලෙස පොලිස් අත්අඩංගුවට පත් වුවද අතුරුදන්වීම සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් හෝ හෝඩුවාවක් ඔවුන්ගෙන් ලබා ගැනීමට පොලිසියට නොහැකි වී තිබිණි. මේ නිසාවෙන් අතුරුදන් වීම තවමත් අභිරහසකි.
ව්‍යාපාරික සමන් විජේසිරිගේ උපන් ගම බිංගිරිය බෝවත්ත ප‍්‍රදේශයේය. සහෝදරියන් සිව් දෙනකුගෙන් සහ සහෝදරයන් දෙදෙනකුගෙන් යුත් පවුලේ බඩ පිස්සා සමන්ය. සමන් ඉගෙනීමට මෙන්ම වෙනත් බාහිර කටයුතුවලට එකසේ දස්කම් දක්වයි. කුඩා කල සිටම පොත්පත් ඇසුරු කිරීමට මහත් රුචියක් දැක්වූ ඔහුව කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ වැඩිදුර අධ්‍යාපනය සඳහා දෙමව්පියන් යොමු කරන්නේ ඔහුගේ අනාගතය ගැන හොඳ ඉවක් ඇති වූ නිසාය. මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය නේවාසිකාගාරයේ රැඳී සිටිමින් අධ්‍යාපන කටයුතු ඉතා සාර්ථකව සිදුකර මොරටුව ඉංජිනේරු පීඨයට ඇතුළු වීමට වරම් ලබන්නේ දෙමාපිය අපේක්ෂාවන්ට සාධාරණයක් ඉෂ්ට කරමිණි.
මොරටුව විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපන කටයුතු හමාර කර ඉංජිනේරුවරයෙකු ලෙස පේරාදෙණිය කෘෂිකර්ම ආයතනයේ රැකියාවක නිරත වෙයි. බෲනායි රටේ රැකියාවක් සඳහා පිටත්ව යයි. පසුව ඔහු ඇෆ්ගනිස්තානය, සැම්බියාව ඔස්ටේ‍්‍රලියාව රටවල්වල ඉංජිනේරු වරයෙක් වශයෙන් සිය සේවාව ලබාදේ. ඔහුට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලබාගැනීමට වාසනාව උදාවේ. ඔහුට ඔස්ටේ‍්‍රලියා රජයෙන් නිකුත් කළ ලෝකයේ ඕනෑම රටකට ගමන් කළ හැකි විශේෂ වීසා බලපත‍්‍රයක් ඇති බව සඳහන් වේ. එමෙන්ම ඔස්ටේ‍්‍රලියාව සහ මෙරට ද්විත්ව පුරවැසි භාවය ද හිමිව තිබේ. මේ අතරතුර ඔහු ඔස්ටේ‍්‍රලියාවේ ගත කළ කාලය තුළ දැන හඳුන ගන්න එක්සත් ජාතින්ගේ සංවිධානයේ සේවයේ නියුතු ජපන් ජාතික කාන්තාවක් සමඟ විවාහ වේ.
මේ අතරතුර අවස්ථා කිහිපයකදීම ඔහු ලංකාවට පැමිණේ. ඇතැම් අවස්ථාවල ඔහුගේ විවාහක කාන්තාව සමගද පැමිණ තිබේ. පිටරට රැකියා කරන අතරතුර ඔහු පදිංචි ප‍්‍රදේශය වන බිංගිරිය ප‍්‍රදේශයෙන් අක්කර 50 ක ඉඩමක් මිලදී ගැනීමට කටයුතු කරයි. කාලය ගත වීමත් සමඟ පෞද්ගලික හේතුවක් මත සිය බිරිඳ සමග වෙන් වීමට තීරණය කරයි. එහෙත් ඇය ඔස්ටේ‍්‍රලියාවේ දෙදෙනාම පදිංචි වී සිටි නිවසේම ගත කරන බව සඳහන් වේ. ව්‍යාපාරිකයාට ඔස්ටේ‍්‍රලියාවේ ද දේපළ හිමි බව ඔවුන්ගේ ඥාතීන් පවසයි. ලංකාවට පැමිණි ඔහු මෙහි ගත කරන කාලයේදී ලෝක බැංකුවේ සහ පෞද්ගලික ආයතන කිහිපයක ද සේවය කර ඇති බවට සඳහන් වේ.
මිලදී ගන්නා ලද අක්කර 50 කින් යුතු ඉඩම බලා හදා ගැනීම සඳහා ඔහු හොඳින් දන්නා හඳුනන අයෙකු මුරකරු සේවයට යොදා ගනී. මුරකරු ඔහුගේ බිරිඳ සහ දරුවන් සමඟ ඉඩමේ නිවසක ජීවත් වේ.
එහි සේවය කළ මුරකරු ඔහුට ඉතා ළෙන්ගතුව විශ්වාසවන්තව කටයුතු කිරීම හේතුවෙන් කිසිදු සැකයකින් තොරව ඔහුගේ ව්‍යාපාරික කටයුතු පවත්වා ගැනීම සඳහා ඔහුගෙන් නන් අයුරෙන් සහාය ලබා ලබාගනී. අඳුනන අයෙකු නවතා ගැනීමට සහාය ලබාගනී. මීට වසර හයකට පමණ පෙර ඔහු සතු ඉඩම විකුණා හලාවත ඉනිගොඩවිල ප‍්‍රදේශයේ ඉඩමක් මිලදී ගෙන වාහන සේවා ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන යෑමට කටයුතු කරයි. ඒ අතරතුර හලාවත නගරයේ ස්ථාන කීපයකින් ඉඩම් මිලදී ගැනීමට ද කටයුතු කළේය.
එවැනි තත්ත්වයක් තුළ කෝටිපති ව්‍යාපාරිකයාගේ හදිසි අතුරුදන් වීම පිළිබඳ වැදගත් තොරතුරු කිසිවක් සොයා ගැනීමට කිසිවෙක් සමත් වී නැත. රටවල් රැසක සංචාරය කිරීමේ ජාත්‍යන්තර වීසා බලපත‍්‍ර සහිත ඔහු හදිසියේ අතුරුදන් වන්නේ තමන්ගේම මවුබිමේ වීමත් එය තවමත් අභිරහසක්ව පැවතීමත් හේතුවෙන් බොහෝ දෙනෙක් තුළ මෙම අතුරුදන් වීම පිළිබඳ දැනට පවතින්නේ ප‍්‍රශ්නාර්ථයකි.



