ඕක මම කියවල තියෙනවා මචන් බෙල්ලන ඤාණවිමල හාමුදුරුවන්ගේ පට්ඨාන ප්‍රකරණ පොත් තුනක් තියෙනවා මචන් අභිධර්මයට අදාලව, ඒවායින්..
එතකොට ඔයා අහන්නේ ප්‍රත්‍ය වල අර රාශී තුනක් තියෙනවා කියන සීන් එකද මචන්.? ප්‍රත්‍ය කියන්නේත් මචන් යම් ධර්මයක් තවත් ධර්මයක් අත අරින්නේ නැතුව උපදිනවද පවතිනවද කියන එක සරලවම කිව්වොත්
මචන් මම පට්ටාන ප්‍රකරණය ගැන කතා කරේ, ඒක තමයි බුදු කෙනෙක්ගේ සිතීමේ හැකියාව ගැන පොඩි හරි අදහසක් ගන්න පුළුවන් හොඳම තැන. බුදු කෙනෙක් තමන්ගේ උපරිම brain power දානවා කියන්නේ මේක තේරුම් ගන්නකොට කියල කියනවා.
මේ ප්‍රත්‍ය විභාගය කියව ගෙන යද්දී ඉස්සර මට පුදුම හිතුන මේක මුලින්ම අවබෝධ කරපු කෙනාගේ (බුදු හාමුදුරුවෝ ) බුද්ධිය මොන වගේ ලෙවල් එකක් තියෙන්න ඇතිද කියල. අනිත් එක මේ ප්‍රත්‍ය විභාගය present කරපු විදිය බලපන්. මාරම තාර්කිකයි සහ පිළිවෙලයි. හැම ප්‍රත්යයක්ම රාශි තුනකට බෙදල ඉදිරිපත් කරන්නේ. ප්‍රත්‍ය වෙන්න පුළුවන් සහ බැරි ඒවා කියද්දී detail ම ලෙවල් එකට කියනවා. උදාහරනෙකට කිව්වොත් යම් ප්‍රත්‍යයක් අරගෙන ඒක පරමාර්ථ ධර්ම 82න් එකක් වුනු සිතෙහි පමණක් යෙදෙනව, ඒ සිතෙත් ප්‍රබේධ 89න් එකක් ඇරෙන්න අනිත් සියල්ලේම යෙදෙන්න පුළුවන් වගේ detail එකකට කියනවා. තව special case වලදී ඒවා වෙනම කියනවා (රහතන් වහන්සේගේ චුති සිත වගේ විශේෂ අවස්ථා)
ඉතින් එහෙම බුද්ධියක් තියෙන කෙනෙක්, සංසාරේ දුක සහ භය ගැන දැකල කියපු දෙයක් තමයි මේ..
හිස ගිනිගත්ත මනුස්සයෙක් ඒ ගින්න නිවා ගන්න ඉක්මන් වෙනවට වඩා ධර්මාවබෝධයට ඉක්මන් විය යුතුයි.
මේ ඔයා දාපු කමෙන්ට් එකක්.
ඒ කෙසේ වෙතත්.හැබැයි ගිහි දිවියේ ලොකූ කැප කිරීමක් කරන්න තරම් කරුණු කාරණා නෑ කියලා තමයි කිව්වේ මචන්.
අපි කාටත් කර්මය පුනර්භවය වගේ topic වලදී ප්‍රශ්න එනවා. එහෙම ආව කියල ඒවා බොරු හෝ ඒවා වැඩක් නැහැ කියන්න බැහැ. මොකද අපි දන්නේ නැහැ අපිට කොච්චර දුර පේනවද කියල. ඒ වගේ තැන් වලදී බුද්ධ වචනය උඩ විශ්වාසෙ තියන්න වෙනවා. (එහෙම විශ්වාස හෝ ශද්ධා මාත්‍රයක් තියෙන අයට විතරයි මේක අදාළ). අපිට බුදුන්ගේ වචනය/බුද්ධිය විශ්වාස කරන්න පුලුවන්ද කියල තේරුම් ගන්න පට්ටාන ප්‍රකරණය වගේ ඒවා වැදගත් වෙනවා.
මම දන්නා ගොඩක් අය ඉන්නවා එයාල ගිහි ජීවිතේ කැප කිරීම් කරන්නේ නැත්තේ කරන්න බැරි කම හින්ද මිසක් ඒවා කරන්න කරුණු සහ හේතු නැතිකම හින්ද නෙවෙයි. මොකද බැඳලා ළමයි හැදුවට පස්සේ එතන වගකීමක් තියෙනවා. අපිත් එක්ක එකට හිටපු තුන් දෙනෙක් මහන වුනා, ඒ තුන් දෙනාම බැඳලා තිබුනේ නැහැ ඒ වෙද්දී.
ඔයා පට්ටානය කියවල ඇති, ඒත් ඒකෙ මූලික අදහස අහු වෙලා නැහැ. එකයි ඔයා පොතේ තියෙන දෙයක් දාල තියෙන්නේ.
("ප්‍රත්‍ය කියන්නේත් මචන් යම් ධර්මයක් තවත් ධර්මයක් අත අරින්නේ නැතුව උපදිනවද පවතිනවද කියන එක සරලවම කිව්වොත්". ) මේ වගේ definition එකක් හැම ප්‍රත්යටම ගැලපෙන්නේ නැහැ. මීට වඩා සරලව සහ generic විදියට අපිට කියන්න පුළුවන් මොකද්ද ප්‍රත්‍ය විභාගයේ කියන්නේ කියල. reply වලට ස්තුතියි.