හොරු අල්ලන News

monson

Well-known member
  • May 7, 2007
    25,545
    28,398
    113
    මිහින් ලංකා සමාගමේ ගනුදෙනුවලදී රුපියල් මිලියන 833ක් පාඩු කළැයි අල්ලස් හෝ දූෂණ කොමිසම පවරා ඇති නඩුවට අද (20) අධිකරණය හමුවේ පෙනී සිටි හිටපු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන රුපියල් ලක්ෂ දෙක හමාරක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 4ක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.

    - http://www.lankadeepa.lk/index.php/articles/459340
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,545
    28,398
    113
    ප්‍රසන්න රණතුංගගේ තවත් වංචාවක් ගැන පරීක්ෂණ

    බස්නාහිර හිටපු මහ ඇමැති ප්‍රසන්න රණතුංග හා ප්‍රධාන නිලධරයන් තිදෙනෙකු පළාත් සභා මුදල් හත්කෝටියක් අවභාවිතා කළැයි බස්නාහිර විපක්ෂ නායක මංජු ශ්‍රි අරංගල ඇතුළු මන්ත්‍රීවරු 30 දෙනෙකුගේ පැමිණිල්ලක් මත පොලිස් විශේෂ විමර්ශන ඒකකය පරික්ෂණ අරඹා ඇතැයි වාර්තා වේ.

    පොලිස් විශේෂ විමර්ශන ඒකකය මේ සම්බන්ධයෙන් අරංගල ඇතුළු පළාත් සභා මන්ත්‍රීන් හය දෙනෙකුගෙන් ඊයේ (22) කට උත්තර ලියාගෙන තිබේ.

    තවත් 15 දෙනෙකුගේ කට උත්තර ලබා ගෙන ඇතැයිද පැවසේ.


    - http://www.lankatruth.com/site/inde...22-ප්‍රසන්න-රණතුංගගේ-තවත්-වංචාවක්-ගැන-පරීක්ෂණ
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,545
    28,398
    113
    CSN භුමිය යළි රජයට පවරා ගැනීමට යයි

    යෝෂිත රාජපක්ෂගේ කාල්ටන් ස්පෝර්ට් නෙට්වර්ක් රූපවාහිනී නාලිකාව (CSN) පවත්වාගෙන ගිය භූමිය නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඞී.ඒ. රාජපක්ෂ පදනමට බදු පදනම යටතේ ලබාදුන් ඉඩමක් බැවින් ඊට අදාළ ගිවිසුම අහෝසි කර එම භූමියේ අයිතිය නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා ගැනීමට නියමිතය.

    එසේම, එම භූමියේ ඉදිකර ඇති ගොඩනැගිල්ල හා එහි ඇති දේපළ සම්බන්ධ අයිතිය සනාථ වන අයිතිකරුවකු නැති බැවින් එය රජය වෙත පවරා ගැනීමත් ඉදිරි දිනවල දී සිදු වෙතැයි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාස ආරංචි මාර්ග ප‍්‍රකාශ කරයි.

    මීට පෙර වතාවක දී යෝෂිත රාජපක්ෂගේ කාල්ටන් ස්පෝර්ට්ස් නාලිකාව සතු ජංගම විකාශන රථයක්ද නඩු භාණ්ඩයක් ලෙස ඉදිරිපත් කිරීමේ පොරොන්දුව පිට ජාතික රූපවාහිනිය වෙත කඩුවෙල මහෙස්ත‍්‍රාත්වරයා විසින් පවරා දී ඇත.

    යෝෂිතගේ ආච්චිගේ ඉඩම :

    මේ අතර, අයථා මාර්ගයෙන් උපයා ගන්නා ලද බවට සැකකරන මුදල් යොදවා කාල්ටන් ස්පෝට්ස් නෙට්වර්ක්ස් (CSN) ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ සභාපති යෝෂිත රාජපක්ෂ මහතා විසින් 'ඩේසි ෆොරස්ට්' යන අය නමින් රත්මලාන ප්‍රදේශයෙන් මිලදී ගත් නිවස සහිත ඉඩම විකිණීම, අන්සතු කිරීම තහනම් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඔගස්ටා අතපත්තු මහත්මිය මේවනවිට නුගේගොඩ ඉඩම් රෙජිස්ට්‍රාර්වරයා වෙත නියෝගයක් නිකුත් කර ඇත.

    ඒ අතර, ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණ නියෝගය මත එම ඉඩම මැනීම සඳහා යෝෂිත රාජපක්ෂ මහතා සහ ඔහුගේ මිත්තනිය කැඳවා තිබූ නමුදු ඔහු ද නොපැමිණීම හේතුවෙන් ඉඩම මැනීමේ කටයුතු මේ මස 28 දා සිදු කරන ලෙස ගල්කිස්ස මහේස්ත‍්‍රාත්වරයා නියෝග කර ඇත.


    - http://www.sinhala.srilankamirror.com/news/item/16715-csn
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,545
    28,398
    113
    ඉදි නොකළ වෙරළ උයනකට කෝටි ගණනක් ගෙවලා!

    හම්බන්තොට වෙරළ තීරයේ වෙරළ උද්‍යානයක් ඉදි කිරීමට යැයි කෝටි ගණනක මුදලක් 'ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ්' (ඛනිජ වැලි සංයුක්ත මණ්ඩලය) ආයතනයෙන් ලබා ගෙන එහි උද්‍යානයක් ඉදි නොකර සිදු කර ඇති මුදල් අවභාවිතයක් හේතුවෙන් එම ආයතනය විශාල මූල්‍ය අර්බුදයකට පත්ව ඇතැයි සිළුමිණට වාර්තා වේ.

    පුල්මුඩේ සහ කොළඹ ප්‍රධාන කාර්යාලයේ සේවය කරන 750ක පමණ සේවකයන් ත්‍රස්තවාදී තර්ජන පැවැති සමයේ වුවද ආයතනයේ කටයුතු හැකි උපරිම කාර්යක්ෂම භාවයෙන් පවත්වා ගෙන ගොස් ඇති නමුත්, 2010.05.13 දින සිට 2015.01.26 දක්වා වූ කාලය තුළ සිදුව ඇති දූෂණ හා වංචා රැසක් නිසා ආයතනය මෙසේ මූල්‍ය අර්බුදයකට පත්ව ඇතැයිද වාර්තා වේ. රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ උපදෙස් මත හම්බන්තොට වෙරළ තීරයේ වෙරළ උද්‍යානයක් ඉදි කිරීමටයැයි කෝටි ගණනක මුදල් අවස්ථා දෙකකදී ගෙවා ඇති බව දැනගන්නට ඇත. 2012.01.16 දින මිලියන 30ක මුදලක් මේ සඳහා ලබා දී ඇති අතර, පසුව එම මුදල වියදම් වී අවසන් බව පවසා ඉතිරි වැඩ කර ගැනීමට තවත් රුපියල් මිලියන 10ක් ලබා දෙන ලෙස රාජ්‍ය අරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයෙන් කරන ලද ඉල්ලීමකට පිළිතුරු ලෙස යළිත් රුපියල් මිලියන 10ක මුදලක් 'ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ්' ආයතනයෙන් ලබා දී ඇත.

    රාජ්‍ය ආයතනයකින් ගෙවනු ලබන මේ මුදල මේජර් වීරසිංහ නම් අයකුට ලබා දෙන ලෙස රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයෙන් උපදෙස් ලබා දී ඇති සිද්ධියක් සම්බන්ධවද මේ වන විට කරුණු අනාවරණය වී ඇත

    මෙහිදී මිලියන 30ක් සඳහා ලදුපතක් ඇතත් මිලියන 10 සඳහා කිසිදු ලදු පතක් නැත. එසේම හම්බන්‍‍තොට වෙරළ තීරයේ එවන් කිසිදු උද්‍යානයක් ඉදි කර නැති අතර, එහි වෙරළ ක්‍රීඩා පිටියක් හා ඇවිදින මංතීරුවක් පමණක් ඉදි කර ඇති තිබේ. එම ඉදි කිරීම් සියල්ලද ඉදි කර ඇත්තේ ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු රෙජිමේන්තුව විසින් බවට වාර්තා වේ. යුද හමුදාවට අමතරව තංගල්ල සහ වීරකැටිය බන්ධනාගාරවල රැඳවියන්ගේ ශ්‍රම දායකත්වයද මේ සඳහා ලබා දී ඇත.


    මීට අමතරව මෙහිදී සිදුව ඇති අනවශ්‍ය මිල දී ගැනීම්, ඉදි කිරීම් හා අලුත්වැඩියාවන් සහ වෙනත් අනවශ්‍ය වියදම් සියල්ල පිටුපස විශාල කොමිස් වංචාවන් සිදුව ඇති බවද එම අවභාවිත මුදල් කෝටි ගණනක් බවද වාර්තා වේ. ඒ පිළිබඳව මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇත.

    තාරක වික්‍රමසේකර


    - http://www.silumina.lk/2016/09/25/_art.asp?fn=aa1609251
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,545
    28,398
    113
    FCID න් තවත් රජ වැඩක් !

    රාජපක්ෂ පාලන සමයේදී නීති විරෝධී ආකාරයට උපයා ගන්නා ලද ධනයෙන්, රාජපක්ෂ පවුලේ උදවිය හා ඔවුන්ගේ අන්තේවාසිකයන් හිමිකර ගත් දේපළ රාජ සන්තක කිරීමේ දැවැන්ත මෙහෙයේ නව අදියරක් උදා කරමින් 'Entrust Group of Companies' සමූහ ව්‍යාපාරය සතු සමාගම් 15 ක සියළුම චංචල හා නිශ්චල දේපළ රජය සතු කර ගැනීමට මූල්‍ය අපරාධ කොට්ඨාශය (FCID) විසින් කටයුතු යොදා තිබේ.
    මෙකී 'Entrust' සමූහ ව්‍යාපාරය මහින්ද රාජපක්ෂගේ මස්සිනා වීමට නියමිත පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ සොයුරා වන චානුක රත්වත්තේට අයත් වූවකි. මෙම චානුක රත්වත්තේ නැමැත්තා 'Entrust' සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක ඉසිර දිසානායක ඇතුළු අනෙක් අධ්‍යක්ෂවරුන් සමග මේ වනවිට රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවේ.

    මෙසේ රාජසන්තක කරන ලද නිශ්චල දේපළ අතරට ඉසිර දිසානායක නැමැත්තාට අයත් මහනුවර, දිගනේ ගොල්ෆ් ක්‍රීඩා පිටියට යාබදව පිහිටා ඇති අක්කර 2000 ක ඉඩමක් ද වේ.

    කොළඹ කොටුව මහේස්ත්‍රාත් උසාවියේ නඩු අංක B/290/16 දරන පැමිණිල්ල යටතේ මුල්‍ය අපරාධ කොට්ඨාශය (FCID) උසාවියෙන් මෙම ඉල්ලීම කර තිබේ. එකී ඉල්ලීම ප්‍රකාරව පහත දැක්වෙන 'Entrust' සමූහ ව්‍යාපාරයට අයත් සමාගම්වල චංචල සහ නිශ්චල දේපළ රාජසන්තක කොට තිබේ.

    1. Entrust Limited
    2. Entrust Wealth Management Limited
    3. Entrust Health Care Limited
    4. Entrust Invesment Limited
    5. Western Sports Management (pvt) Limited
    6. Entrust Capital Partners
    7. Entrust Holdings Limited
    8. Multi Finance PLC.
    9. The Standared Credit Finance Limited
    10. Entrust Capital Market (pvt) Limited
    11. Continental Capital (pvt) Limited
    12. Maruthi Estate (pvt) Limited
    13. Platinum Capital (pvt) Limited
    14. Pacific Trust (pvt) Limited

    මෙම සමාගම් සතුව පවතින, එහෙත් තවමත් එළිදරව් නොවූ නිශ්චල හා චංචල දේපළ රාශියක් ඇති අතර එකී දේපළද රාජසන්තක කිරීම සඳහා පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය මේ වනවිට විමර්ශන කටයුතු සිදුකරමින් සිටී.

    පොලිස් මුල්‍ය අපරාධ අංශයට පාපොච්ඡාරණයක් මගින් මෙකී සියලු තොරතුරු ලබාදුන්නේ Boston Capital පුද්ගලික සමාගමේ සභාපති රොහාන් අභය ඊරියගොල්ල නැමැත්තා බව රත්වත්තේ පවුලේ උදවිය ප්‍රසිද්ධියේ පවසමින් සිටින අතර නැවතත් ඉතා ඉක්මනින් රාජපක්ෂ ආණ්ඩුවක් පිහිටුවා පැය 24 ක් ඉක්ම යාමට මත්තෙන් රොහාන් ඊරියගොල්ලව ප්‍රසිද්ධියේ වෙඩිතබා මරා දමන බවට චානුක රත්වත්තේ සෑම තැනකම පවසමින් සිටී.


    YzA9sRDEO0NfgsPGBhQHhzl72eJkfbmt4t8yenImKBVvK0kTmF0xjctABnaLJIm9


    - http://sinhala.lankanewsweb.net/news/special-news/item/5621-fcid
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,545
    28,398
    113
    වීරවංස හා ගජ මිතුරු කල්ලිය මාස 8කින් ලක්ෂ 270ක් හොරා කාලා

    රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව යටතේ පවත්වාගෙන ගිය හොරණ ගල්පාත කාපට් වැඩබිමට මුවා වී හිටපු ඉදිකිරීම් ඉංජිනේරුසේවා නිවාස හා පොදු පහසුකම් ඇමැති විමල් වීරවංස හා ඔහුගේ ගජ මිතුරු කල්ලිය රුපියල් ලක්ෂ 270ක මුදලක් අවභාවිතා කර ඇතැයි වාර්තා වේ.

    හොරණ ගල්පාත කාපට් වැඩබිමට යයි පවසමින් මෙම මුදල් ජයලත් කන්ස්ට්‍රක්ෂන්ස් හා රුවන් ට්‍රේඩ් සෙන්ටර් නමින් චෙක්පත් ලබා දී ඇති බවට හෙළිවී තිබෙන බවද වාර්තා වේ.

    2012 දෙසැම්බර් මාසයේදී ආරම්භ වී ඇති මෙම වැඩබිම ක්‍රියාත්මක වී ඇත්තේ 2013 අගෝස්තු මාසයේ සිට 2014 මාර්තු දක්වා මාස 08ක කාලයක් පමණි.

    මෙම වැඩබිම සතුව කාපට් නිෂ්පාදන යන්ත්‍රයක්, ගල්ඇඹරුම් යන්ත්‍රයක්, ඩීසල් බවුසර 2ක් හා තාර බවුසර් 3ක්ද, වීල් ලෝඩර් 1ක් පාලම් තරාදියක් හා ජෙනර්ටර් 2ක්ද ඇතුළු සම්පත් තිබී ඇත.

    මේ අනුව විමල් වීරවංස ඇතුළු පිරිස මාස 8ක කාලයක් ක්‍රියාත්මකව පැවැති මෙම වැඩබිම මගින් රුපියල් ලක්ෂ 270ක මුදලක් සොරකම් කිරීමට කටයුතු කර තිබේ.

    විමල් වීරවංසගේ සමයේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ නිලරථ හිමි නොවන අයට කුලී පදනම මත වාහන ලබා දී රුපියල් ලක්ෂ 695ක අලාභයද, ටෙන්ඩර් පටිපාටිය යෙන් බැහැරව යකඩ මිල දී‍ ගෙන රුපියල් ලක්ෂ 310ක්ද, මැතිවරණ නීතිවලින් බැහැරව මානව සම්පත හා ආයතනයේ දේපළ භාවිතය සඳහා ලක්ෂ 169ක්ද, මැතිවරණ සමයේදී අලුතින් තනතුරු ඇති කිරීම සඳහා නිලධාරීන් දේශපාලනය සඳහා යොදා ගැනීමට රුපියල් ලක්ෂ 700ක්ද, දින දර්ශන මුද්‍රණයට කියා තවත් ලක්ෂ 25ක්ද වශයෙන් විශාල මූල්‍ය ගසා කෑමක් සිදු කර ඇති බවද මේ වනවිට අනාවරණය වී ඇත.


    - http://www.lankatruth.com/site/inde...-මිතුරු-කල්ලිය-මාස-8කින්-ලක්ෂ-270ක්-හොරා-කාලා

    10612633_648123485295311_7891473481331075835_n.jpg
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,545
    28,398
    113
    බැසිල්, පී.බීව බිල්ලට දෙයි

    හිටපු ඇමැතිවරයකු වන බැසිල් රාජපක්ෂ මහතාගේ අභ්‍යන්තර ගුවන් ගමන් ඇතුළුව වියදම් වී තිබෙන රජයේ මුදල් රුපියල් ලක්ෂ එකසිය හැටතුනකට (16,300,000) අධික මුදල් සඳහා සෘජුවම වගකිව යුතු වන්නේ අමාත්‍යංශයේ එවකට හිටපු ලේකම් පී.බී. ජයසුන්දර මහතා ඇතුළු ප්‍රධාන ගණකාධිකාරවරු බව බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා වංචා දූෂණ විමර්ශන කිරීමේ ජනාධිපති කොමිසම ඉදිරියේ ප්‍රකාශ කර ඇත.

    බැසිල් රාජපක්ෂ මහතාගේ සෘජු මැදිහත්වීමක් මෙම මුදල් වැය කිරීම් පිළිබඳව සිදුවී නොමැති බවත් නිලධාරින් මුදල් අනුමත කර සිදුකරන ලද වැයකිරීම් සඳහා රාජපක්ෂ මහතාට වගකීමක් නැති බවත් නීතීඥවරයා පවසා ඇත. නිලධාරින් අනුමත කරන ලද වැය කිරීම්වලට අදාළව කටයුතු සිදුකිරීම පමණක් ඇමැතිවරයකු ලෙස බැසිල් රාජපක්ෂ මහතා කටයුතු කර තිබෙන බවත් ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා කොමිසම ඉදිරි‍යේ ප්‍රකාශ කර තිබේ.

    ගම නැඟුම ප්‍රාග්ධන ව්‍යාපෘතියෙන් රුපියල් ලක්ෂ එක්දහස් පන්සිය පනස් හතරක (රු. 155,400,000) මුදලක් වැය කර ගුවන් හමුදාවේ ගුවන් යානාවලින් අභ්‍යන්තර ගුවන් ගමන් සිදුකිරීම. රුපියල් මිලියන තුන්දහස් හත්සිය හතළිස් හතරක් (රු. 3,744,000,000) වටිනා වාහන දාහතරක් පරිහරණය කරමින් රුපියල් කෝටි ගණනක් රජයේ මුදල් ඉන්ධන සඳහා වැය කිරීම ඇතුළුව යුද හා නාවික සෙබළුන් එකසිය පනස් එක් දෙනකුගේ ආරක්ෂාව රාජපක්ෂ පවුල වෙනුවෙන් ලබාගැනීම යනාදී කාරණා පිළිබඳව ජනාධිපති කොමිසම විමර්ශනයක් සිදුකර මූලික පරීක්ෂණ පවත්වා ඇත.

    මෙම කාරණා සියල්ලම රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා කොමිසම හමුවේ ඉකුත්දා අනාවරණය කර තිබෙන්නේ ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් රාජපක්ෂ මහතාගේ අධීක්ෂණය යටතේ උප පොලිස් පරීක්ෂක හේරත් මහතා සිදුකළ දීර්ඝ විමර්ශනයකදී හෙළිකරගත් ලිඛිත සාක්ෂි පදනම් කරගෙන ය.

    කොමිසමේ සභාපති අභියාචනාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ඇතුළු මහාධිකරණ විනිසුරුවරුන් වන විකුම් කළුආරච්චි, පියසේන රණසිංහ, ගිහාන් කුලතුංග, විශ්‍රාමලත් විගණකාධිපති පී. ඒ. පේමතිලක මහත්වරුන් හමුවේ බැසිල් රාජපක්ෂ මහතාගේ ස්ථාවරය පැහැදිලි කරමින් ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ඉකුත්දා කරුණු ඉදිරිපත් කර ඇත.


    - http://www.lankatruth.com/site/index.php/2014-08-09-14-28-31/item/2768-බැසිල්,-පී-බීව-බිල්ලට-දෙයි
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ආර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනාගේ කම්පැනි එකේ ලාභේ ගියවසරට සාපේක්ෂව 434% වැඩි වෙලාලු. ඒකට මුකුත් සීන් නැද්ද බං
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,545
    28,398
    113
    ඇප දෙන තුරු ගෝඨාභයත් කුඩුවේ

    ඇවන්ට්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමේ මුහුදු අවි ගබඩාවක් පවත්වාගෙන යෑමට ඉඩ හැරීමෙන් රජයට රුපියල් බිලියන 11.4ක පාඩුවක් සිදු කළැයි අල්ලස් කොමිසමෙන් පවරා ඇති නඩුවකට පෙනී සිටි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු අට දෙනාට ඇප දීමට කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (30) නියෝග කළේය.

    එක් අයකුට රුපියල් ලක්ෂ දෙකක මුදල් ඇපයක් ද රුපියල් මිලියන 10 බැගින් ශරිර ඇප දෙකක් ද නියම විය.

    ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය දක්වමින් ඔහුගේ වැඩිමල් සොයුරු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද අධිකරණයට පැමිණියේය. ඇප දෙනතුරු සැකකරුවෝ කුඩුවේ රඳවනු ලැබ සිටියහ.

    හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ , ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු සහකාර ලේකම් සුජාතා දමයන්ති ජයරත්න, හිටපු යුද හමුදා මේජර් වඩුගේ ප්‍රනාන්දු,හිටපු යුද හමුදා මේජර් කරුණාරත්න අධිකාරි එගොඩවෙල,හිටපු නාවික හමුදාපති අද්මිරාල් සෝමතිලක දිසානායක,ඇවන් ගාඩ් සභාපති විශ්‍රාමික මේජර් නිශ්ශංක සේනාධිපති,හිටපු නාවික හමුදාපති ජයනාත් කොළඹගේ,හිටපු නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රැන්සිස් ජයරත්න සැකකරුවෝ වෙති.

    එතෙර ගොස් සිටි දෙවැනි සැකකරු වන සුජාතා දමයන්ති ජයරත්න වෙනුවෙන් පෙනි සිටි ජනාධිපති නිතිඥ රොමේෂ් ද සිල්වා මහතා තර්ක කරමින් අල්ලස් කොමිසමේ ලිඛිත අවසර නොමැතිව නඩු පැවරිමට නොහැකි කීවේය. එය නීති විරෝධි බවත් ඔහු කියා සිටියේය. සෙසු සැකකරුවන්ගේ නිතිඥවරුන් ද කියා සිටියේ කොමිසමේ ලිඛිත අවසරයක් නොමැතිව තම සේවාදායකයනට නඩු පැවැරිම නිතිවිරෝධි බවයි.

    තම අසනීප වෙනුවෙන් එතෙර යාමට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ,හිටපු මේජර් වඩුගේ ප්‍රනාන්දු හා ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාපති අවසර ඉල්ලා සිටියහ.

    කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විත්තියට හා පැමිණිල්ලට නියෝග කළේ තම විරෝධතා ලිඛිතව ගොනු කරන ලෙසයි. එතෙර යාමට අවසර ඉල්ලු තිදෙනා සම්බන්ධයෙන් ලබන 3 වැනි දා තීරණයක් ගන්නා බවත් මහේස්ත්‍රාත්වරයා කීවේය. නඩුව දෙසැම්බර් 1 වැනි දා ට කල් තැබිණි.


    IMG_6734_limg.png


    0-02-06-a37018ea9dea293d4aa907b2301c72a4ca1174ddbff5886fa3e4831601c2118c_full.png


    - http://www.lankadeepa.lk/index.php/top_story/462873
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,545
    28,398
    113
    කෝටි 1000ක් රජයට පාඩු කළත් ගෝඨාට, සේනාධිපතිට ඇප

    ඇවන්ගාර්ඩ් මැරිටයිම් සර්විසස් ආයතනයේ අවි ගබඩාවක් පවත්වාගෙන යෑමට ඉඩ හැරීම මගින් රජයට රුපියල් කෝටි එක්දහස් එකසිය හතලිහක (රු. ‍කෝටි 1140) පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ කොමිසම විසින් පවරා ඇති නඩුවට පෙනී සිටීමට අධිකරණය මගින් සිදු කළ කැඳවීම අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (30) පෙනී සිට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ඇවන්ගාඩ් අධිපති නිෂ්ශංක සේනාධිපති ඇතුළු අට දෙනා ඇප මත මුදා හැර තිබේ.

    කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවේ මෙම නඩුව කැඳවූ අතර එක් අයකුට රුපියල් ලක්ෂ දෙකක බැගින් මුදල් ඇපයක්ද රුපියල් මිලියන 10 බැගින් ශරිර ඇප දෙකක්ද නියම කර ඇත.

    එම නඩුව දෙසැම්බර් 01 වැනිදා නැවත කැඳවීමට නියමිතය.


    - http://www.lankatruth.com/site/inde...ටි-1000ක්-රජයට-පාඩු-කළත්-ගෝඨාට,-සේනාධිපතිට-ඇප
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,545
    28,398
    113
    ඇවන්ගාඩ් නඩුවේ සැකකරුවන් මෙන්න

    Avant%20Garde.jpg


    ඇවන්ගාර්ඩ් මැරිටයිම් සර්විසස් ආයතනයේ අවි ගබඩාවක් පවත්වාගෙන යෑමට ඉඩ හැරීම මගින් රජයට රුපියල් කෝටි එක්දහස් එකසිය හතලිහක (රු. ‍කෝටි 1140) පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ කොමිසම විසින් පවරා ඇති නඩුවට පෙනී සිටීමට අධිකරණය මගින් සිදු කළ කැඳවීම අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (30) පෙනී සිට සැකකරුවන් 08දෙනා කවුරුන්ද යන්න බොහෝ ලංකාටෘත් පාටකයන් අපගෙන් විමසා සිටි අතර ඔවුන් පිළිබඳ දළ තොරතුරක් මෙහි පළ කර සිටිමු.

    ඔවූහු, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු සහකාර ලේකම් සුජාතා දමයන්ති ජයරත්න, හිටපු යුද හමුදා මේජර් වඩුගේ ප්‍රනාන්දු, හිටපු යුද හමුදා මේජර් කරුණාරත්න අධිකාරි එගොඩවෙල, හිටපු නාවික හමුදාපති අද්මිරාල් සෝමතිලක දිසානායක, ඇවන් ගාඩ් සභාපති විශ්‍රාමික මේජර් නිශ්ශංක සේනාධිපති, හිටපු නාවික හමුදාපති ජයනාත් කොළඹගේ සහ හිටපු නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රැන්සිස් ජයරත්න වෙති.

    මෙහි දෙවන සැකකාරිය වන ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු සහකාර ලේකම් සුජාතා දමයන්ති ජයරත්න මහත්මිය අද දින අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර මේ වනවිට ඇය නීතිවිරෝධී ලෙස විදේශගත වී සිටියි.

    ඇය වෙනුවෙන් ජනාධිපති නිතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙනී සිට ඇත.

    තම අසනීප වෙනුවෙන් එතෙර යාමට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු මේජර් වඩුගේ ප්‍රනාන්දු හා ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාපති අවසර ඉල්ලා ඇති අතර ඒ පිළිබඳව අධිකරණයේ තීරණය ලබන 03වනදා ලබාදීමට නියමිත ය.

    එක් අයකුට රුපියල් ලක්ෂ දෙකක මුදල් ඇපයක්ද රුපියල් මිලියන 10 බැගින් ශරිර ඇප දෙකක්ද නියම වී ඇති අතර ඇප දෙනතුරු සැකකරුවෝ කුඩුවේ රඳවනු ලැබ සිටි ඇත.


    - http://www.lankatruth.com/site/inde...ුවත්/item/2783-ඇවන්ගාඩ්-නඩුවේ-සැකකරුවන්-මෙන්න
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,545
    28,398
    113
    යෝෂිත රාජපක්ෂ මහ දවල් රටේ අධිකරණයට කොකා පෙන්වයි: මෙන්න සාක්කි

    යෝෂිත රාජපක්ෂ අධිකරණයට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් බරපතල ලෙස රටේ අධිකරණය මුලා කර තිබේ. මේ බව හෙළිවන්නේ ඊයේ (02) දා කොළඹ සිට මීගමුව දක්වා කිලෝ මීටර් 42 ක් දුර එල්එස්ආර් කොළඹ මැරතන් තරඟයට යෝෂිත රාජපක්ෂ සහභාගී වීම නිසාය.

    සීඑස්එන් නාළිකාව හරහා කළු සල්ලි සුදු කළැයි චෝදනා ලබා ඇප මත නිදහස් කර සිටින යෝෂිත රාජපක්ෂගේ ඇප කොන්දේසියක් ලෙස කඩුවෙල අධිකරණය විසින් ඔහුගේ විදෙස් ගමන් තහනම් කර තිබිණ. එම ඇප කොන්දේසිය ඉවත් කර ගැනීම සඳහා සැප් 28 වෙනිදා ඔහු කොළඹ මහාධිකරණයට මෝසමක් මගින් කරුණු දක්වා සිටියේ ඔහුගේ දණහිසේ සහ වළලුකරේ ආබාධයක් හේතුවෙන් සැත්කමක් කිරීමට අවශ්‍යව තිබෙන බවත් ඒ සඳහා මාසයක් ඕස්ට්‍රේලියාවේ නැවතී ප්‍රතිකාර ගත යුතුබවත් එහි යෑමට රටින් පිට වීම තහනම් කරමින් පැනවූ ඇප කොන්දේසිය ලිහිල් කරන ලෙසත් ය. ඒ පිලිබඳ වාර්තා සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්.හෙයියන්තුඩුව මහතා යෝෂිතට රට යෑමට අවසර ලබා දුන්නේය.

    සැප් 28 දා සැත්කමක් කිරීමට තරමේ ආබාධයක් දනහිසේ සහ වළලුකරේ තිබෙන පුද්ගලයෙකුට ඔක් 2 වනදා වන විට කිලෝමීටර් 42 ක් දුර දිවිය හැකිද?

    මේ අනුව පෙනී යන්නේ සෑම විටෙකම බොරුවෙන් රට මුලා කරන රාජපක්ෂලාගේ දෙවන පුතා මෙවර අධිකරණයද ගොනාට අන්දා තිබෙන බවයි.

    යෝෂිත රාජපක්ෂ විසින් තමාව ගොනාට ඇන්දවීම ගැන ඒ.ඒ.ආර්.හෙයියන්තුඩුව මහාධිකරණ විනිසුරුවරයා නිහඬව සිටීදැයි අප දන්නේ නැත.

    යෝෂිත අධිකරණය මුලා කිරීමට අදාල සේයාරූ සාක්කියක් මෙහි දැක්වේ. ඔහුට දකුණු පසින් අත් ඔසවාගෙන දුවන්නේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ය.


    Yoshitha-Marathon-02Oct2016.jpg


    - http://www.lankaenews.com/news/4612/si

    image_1475407337-d6c3b1f18c.jpg


    - http://www.dailymirror.lk/116693/Colombo-Marathon
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,545
    28,398
    113
    පුදුමයි ඒත් ඇත්තයි..! රාජපක්ෂලාගේ කෝටි ගණන් වටිනා හොර දේපොල “ඇඟේ ගහනවා උන් එපා කියනවා“..! බැසිල්ගේ මල්වානේ මාලිගාවේ නාමික අයිතිකරුවා ‘මට එපා එපා‘ කියයි

    රටේ මහජන මුදල් අමු අමුවේ කොල්ලා කෑ රාජපක්ෂලා ඒ මුදල් වලින් අනුන්ගේ නම් වලට ගත් කෝටි ගණන් දේපොල හෙළිවෙද්දී එකිනෙකා තමන්ට අයත් නැතැයි කීම නිසා අපූරු තත්ත්වයක් ඇති වී තිබේ.

    බැසිල් රාජපක්ෂ හෙලි නොවේ යයි සිතා අනුන්ගේ නමකට ගත් කෝටි 20 ක් පමණ වටිනා මල්වානේ මාපිටිගම ප්‍රදේශයේ අක්කර දහසයක (16) ඉඩම එහි ඇති මාලිගාව සම්බන්ධයෙන් මෙම අපූරු තත්ත්වය ඊයේ අධිකරණයේදී දිග හැරිණ.

    මූල්‍ය විශුද්ධිකරණය හා පොදු දේපළ අවභාවිතය යන චෝදනා මත FCID ය විසින් පවරා ඇති නඩුව ඊයේ (04 ) පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ යළි කැඳවූ අවස්ථාවේ එම මහා දේපොලට දැන් කවුරුවත් අයිතිවාසිකම් නොකියන බැවින් අයිතිය පිළිබඳව ගැටලුකාරී තත්ත්වයක් මතු විය. ඒ අනුව විත්තිකාර බැසිල් රාජපක්ෂට ඒ සම්බන්ධව ප්‍රකාශයක් ලබාදීම සඳහා ලබන 07 වැනි දින අධිකරණයේ පෙනී සිටින ලෙසට පූගොඩ මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ඩී. ඒ. රුවන් පතිරණ මහතා විසින් ඊයේ (04) නොතිසි නිකුත් කළේය.

    බැසිල් රාජපක්ෂ පසුගිය වනචර දශකයේදී මල්වානේ මාපිටිගම ප්‍රදේශයේ අක්කර දහසයක (16) ඉඩමක් රුපියල් මිලියන හැට හතරකට (64) මිලදී ගෙන තිබුනේ මුදිත ජයකොඩි නමැති අයෙකුගේ නමට ය. (මෙහි සැබෑ වටිනාකම මීට වඩා වැඩි විය යුතුය.) පසුව එහි රුපියල් මිලියන එකසිය විසි පහක (125) වියදමින් මාලිගාවක් ගොඩ නගා නිම නොවී තිබිණ. මේ ගැන FCID ය ට ලැබුණු පැමිණිල්ලකට අනුව මූල්‍ය විශුද්ධිකරණය හා පොදු දේපළ අවභාවිතය යන චෝදනාව මත මේ නඩුව පවරා තිබුණි. ‍

    මේ නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේ මේ ඉඩමේ දැනට ලියාපදිංචිකරුවන මුදිත ජයකොඩි මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ තු‍සිර වැලැව්වේතන්ත්‍රී අධිකරණයට කරුණු දක්වමින් මෙසේ කීය.

    “මේ ඉඩම මේ පුද්ගලයා නමින් තිබුණද ඔහුට අයිති නැති බවට පවසා තිබෙනවා. ‍ඒ නිසා මේ ඉඩම ගැන කිසිම අයිතියක් ඔහු ඉල්ලන්නේ නැහැ. එබැවින් මේ සම්බන්ධව නීතිමය තත්ත්වය සලකා බලා අධිකරණයෙන් නියෝගයක් බලාපොරොත්තු වෙනවා. මේ ඉඩමේ භුක්තිය ඔහු අත් හරින්නට කැමතියි. මේ බව ඔහු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයටද දන්වා තිබෙනවා.“ ‍

    පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා අධිකරණයට කරුණු දක්වමින් මෙසේ කියා සිටියේය.

    “මේ ඉඩම මේ නඩුවේ විත්තිකරුටද අයිති නැති බවට පවසා තිබෙනවා. ඒ හේතුවෙන් මෙහි අයිතිකරු කවුරුන්ද යන්න ගැනද ගැටලුවක් මතු වී තිබෙනවා. මේ අනුව මේ දේපළ අවසානයේ රජයට අයිතිවන්නට පුළුවන්. එය කෙසේ වෙතත් දැන් මෙහි නීතිමය තත්ත්වය සම්බන්ධව ගැටලුකාරිතත්වයක් මතු වී තිබෙනවා. එබැවින් මේ දේපළ අධිකරණයට භාර ගන්න. ඒක විකුණා එම මුදල් මේ නඩුව අදාළව අධිකරණයේ තැන්පත් කළ ද හැකියි.“

    විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සංජය රණතුංග මහතා අධිකරණයට කරුණු දක්වමින් මෙසේ පැවසීය.

    “දැන් මේ ඉඩම‍ට අයිතිකරුවෙකු නැහැ. නමුත් නඩුවට විත්තිකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් දෙදෙනකු පෙනී සිටිනවා. එම අයටත් මේ සම්බන්ධව කරුණු දැක්වීමට අවස්ථාව ලබා දෙන්නට ඕනෑ. විත්තිකරුට ද ප්‍රකාශයක් කිරීමට ඉඩ ලබා දිය යුතුයි. මේ නඩුව කල් තැබුවේ ලබන ජනවාරි මස 10 වැනි දිනටයි. ඒත් ඊට‍ කළින් මේ නඩුව කැඳෙව්වේ සාක්කිකරු විසින් ඉදිරිපත් කරන ලද මෝසමක් නිසයි.“ ‍

    මෙහිදී දෙපාර්ශවයෙන් ඉදිරිපත් වූ කරුණු කෙරහි අවධානය යොමුකළ විනිසුරු විත්තිකාර බැසිල් රාජපක්ෂගෙන් මේ සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ලබන 07 වැනි දිනට අධිකරණයේ පෙනී සිටින ලෙසට නොතිසි නිකුත් කළේය. ‍

    පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පැමිණිල්ල මෙහෙය වූ අතර පැමිණිල්ල වෙනුවෙන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ ද මේ ඉඩමේ දැනට ලියාපදිංචිකරු වන මුදිත ජයකොඩි වෙනුවෙන් නීතිඥ තුසිර වැලැව්වේතන්ත්‍රී ද විත්තිකාර බැසිල් රාජපක්ෂ වෙනුවෙන් නීතිඥවරුන් වන සංජය රණතුංග, පියසේන කාරියප්පෙරුම, නිලන්ත විජේසිංහ, ප්‍රේමචන්ද්‍ර යාපා හා කමල් සම්මන්දප්පෙරුම යන අයද පෙනී සිටියහ.


    Malwana_Mansion.jpg


    - http://www.lankaenews.com/news/4622/si
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,545
    28,398
    113
    මල්වාන ඉඩමට අයිතිකාරයෙක් නෑ :lol: – ඉඩම විකුණන්නැයි ඉල්ලීමක්

    මල්වාන ගඟබඩ පාරේ පිහිටි අක්කර 16ක ඉඩමට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අයිතිවාසිකම් නොකියන බව ඔහුගේ නීතිඥවරුන් අද (07) අධිකරණයට දැනුම් දුන්නා.

    ඒ, රජයේ මුදල් අවභාවිතා කරමින් එම ඉඩම මිලදී ගෙන එහි නිවසක් ඉදිකිරීම සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති නඩුව පූගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනුණු අවස්ථාවේදීයි.

    නඩුවේ සාක්ෂිකරුවෙකු වන මුදිත ජයකොඩි නමැත්තාගේ නීතිඥවරුන් ද අධිකරණයට දන්වා ඇත්තේ අදාළ ඉඩමේ අයිතියක් සිය සේවාදායකයාට නොමැති බවයි.

    ඒ අනුව අදාළ ඉඩමට කිසිවෙකුත් අයිතිවාසිකම් නොකියන්නේ නම් එම ඉඩම විකිණීමට කටයුතු කරන ලෙසයි රජයේ නීතිඥවරුන් මෙහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

    ඒ අනුව ඉඩම පිළිබඳ අවසන් තීන්දුව ලබන 14 වෙනිදා ප‍්‍රකාශයට පත්කරන බව පූගොඩ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ඩී.ඒ. රුවන් පතිරණ මෙහිදී ප‍්‍රකාශ කළා.


    - http://nethnews.lk/article/19525
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,545
    28,398
    113
    කෝටි 20ක් වටින බැසිල්ගේ මල්වාන ඉඩම ලබන සතියේ රාජසන්තකයි !

    හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සතුව තිබුනා යයි පැවසෙන මල්වාන ගඟබඩ පාරේ පිහිටි අක්කර 17ක ඉඩම හා නිවාස ලබන සිකුරාදා බොහෝදුරට රාජසන්තක වනු ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.

    එම ඉඩමට හා නිවසට බැසිල් රාජපක්ෂ මහතා අයිතිවාසිකම් නොකියන බව ඔහුගේ නීතිඥවරුන් ඊයේ (07) අධිකරණයට දැනුම් දුන්නේය.

    ඒ, රජයේ මුදල් අවභාවිතා කරමින් එම ඉඩම මිලදී ගෙන එහි නිවසක් ඉදිකිරීම සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති නඩුව පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනුණු අවස්ථාවේදීය.

    පූගොඩ මල්වාන ගඟබඩ පාරේ අංක 111/03 ස්‌ථානයේ පිහිටි අක්‌කර 17 ක්‌ විශාල වූ ඉඩම මිලට ගෙන එහි නිවසක්‌ ඉදිකිරීම සඳහා මුදල් උපයාගත් ආකාරය හෙළිකිරීමට නොහැකි අන්දමින් මුදල් වැයකර රජයේ මුදල් අවභාවිතය කිරීම සම්බන්ධව හිටපු ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතාට විරුද්ධව මෙම නඩුව විභාග වේ.

    වටිනාකම රුපියල් ලක්‍ෂ 2003 ක් :

    නඩුවට අදාළ ඉඩමේ සහ නිවසේ රජයේ තක්‌සේරුව රුපියල් ලක්‍ෂ 2003 කි.

    නඩුවේ සාක්ෂිකරුවෙකු වන මුදිත ජයකොඩි නමැත්තාගේ නීතිඥවරුන් ද අධිකරණයට දන්වා ඇත්තේ අදාළ ඉඩමේ අයිතියක් සිය සේවාදායකයාට නොමැති බවයි.

    ඒ අනුව අදාළ ඉඩමට කිසිවෙකුත් අයිතිවාසිකම් නොකියන්නේ නම් එම ඉඩම විකිණීමට කටයුතු කරන ලෙස රජයේ නීතිඥවරුන් මෙහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    ඉඩම පිළිබඳ අවසන් තීන්දුව ලබන 14 වෙනිදා ප්‍රකාශයට පත්කරන බව පූගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී.ඒ. රුවන් පතිරණ මහතා මෙහිදී ප්‍රකාශ කලේය.


    - http://www.sinhala.srilankamirror.com/news/item/17003-basil-malwana-idama-labana
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,545
    28,398
    113
    හොර පෙරකදෝරු නාමල් රාජපක්ෂ ග්‍රහලෝකයම හිනස්සන නඩුවක් පවරයි..! ‘හොර සිත‘ රිදුනා කියා කෝටි 20 ක් ඉල්ලයි

    තමාගේම කෝටි 5 ක් විදේශිකයෙකුගේ ආයෝජන ලෙස පෙන්වා කළු සල්ලි සුදු කිරීමටත්, හමුදා මූලස්ථානය තිබූ අක්කර 4 හමාරක ඉඩම ලබා ගත් ක්‍රිස් සමාගමේ ගුප්තාගෙන් කප්පම් හෝ කොමිස් ලෙස කෝටි 7 ක් ලබා ගැනීමටත් එරෙහිව FCID ය විසින් අත් අඩංගුවට ගත් මැදමූලන නීලකාස හොර පෙරකදෝරුවා නාමල් රාජපක්ෂ ග්‍රහලෝකය හිනස්සන නඩුවක් ඊයේ පැවරුවේය.

    එනම් ඉහත කී වැරදි වලට 2016 ජුලි 11 වෙනිදා තමන් අත් අඩංගුවට ගැනීමත් දින 07 ක් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමත් නිසා අපකීර්තියක් සිදුවූ බවත්, ශාරිරික හානියක් හා සිත්වේදනාවක් ඇති වූ බවත් ඊට වන්දි ලෙස රුපියල් රුපියල් කෝටි 20ක වන්දියක් FCID යේ නිලධාරින් දෙදෙනකුගෙන් අයකර දෙන ලෙසත් ඉල්ලමින් කොළඹ දිසා අධිකරණයේ නඩු දෙකක් පැවරුවේය.

    නාමල් රාජපක්ෂ මෙවැනි විහිළු සහගත නඩු පැවරීම ගැන පුදුම නොවිය යුත්තේ ඔහු පෙරකදෝරුවෙක් බවට පත් වූයේ නීති විභාගය හොරට ලිවීමෙන් බැවිනි. නාමල්ගේ නඩුවට පෙනී ඉන්නේ අතුල ද සිල්වා නමැති නීතිඥයෙකි.

    නාමල් කියා සිටින්නේ රග්බි ක්‍රීඩාවේ සංවර්ධනය සඳහා පුද්ගලික සමාගමකින් මුදල් ලබා ගැනීමේ සිද්ධියකට තමාව අත් අඩංගුවට ගැනීමට කිසිදු නීතිමය පදනමක් නොමැති බවයි. නාමල් නොකියන කතාව නම් රග්බි ක්‍රීඩාවට කියා ක්‍රිස් සමාගමේ ගුප්තාගෙන් ගත් කෝටි 7 න් සතයක් වත් රග්බි ක්‍රීඩාවට යොදවා නොතිබීමයි.

    ගුප්තාගේ ගුප්ත කෝටි 7

    කොළඹ ගෝල්ෆේස් ඉදිරිපිට පැරණි හමුදා මූලස්ථානය තිබූ අක්කර 4 හමාරක ඉඩම වික්කේ ඉන්දියානු ක්‍රිස් නමැති සමාගමකට ය. ඒ වෙනුවෙන් නාමල් රාජපක්ෂ එම සමාගමෙන් රු. මිලියන 70 ක් හෙවත් කෝටි 7 ක් කප්පම් හෝ කොමිස් මුදලක් ලබා ගත්තේ අපූරු ක්‍රමයකට ය.

    ක්‍රිස් සමාගමේ ගුප්තා එම කප්පම් මුදල වූ රු.කෝටි 7 ගෙවා තිබුනේ නිමල් පෙරේරා නමැති බැංකු කරුගේ පුද්ගලික ගිණුමටය. එම මුදල තමා නාමල් රාජපක්ෂගේ අතට ලබා දුන් බව නිමල් පෙරේරාගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු පාපෝච්ඡාරණය කෙළේය.

    නාමල් රාජපක්ෂගෙන් FCID ප්‍රශ්න කරද්දී අද මෙන්ම ඔහු කියා සිටියේ එම මුදල කාල්ටන් රග්බි තරඟාවලිය සඳහා ලබා දුන් මුදලක් බවයි. මන්ද යත් නිමල් පෙරේරා ඒ වන විට කාල්ටන් ක්‍රීඩා සමාජයේ සභාපති වරයා ලෙස කටයුතු කරමින් සිටි බැවිනි.

    නමුත් පරීක්ෂණ වලදී හෙලි වූයේ රග්බි තරඟාවලිය සඳහා සියලු වියදම් එම තරඟාවලියට සහභාගී වූ රග්බි ක්‍රීඩා සමාජ 8 ක් විසින් සහ වෙනත් අනුග්‍රාහකයන් විසින් දරා ඇති බවයි. නාමල් ක්‍රිස් සමාගෙමන් ලබා ගත් කෝටි 7 න් එක සත පහක් හෝ රග්බි තරඟාවලිය සඳහා වියදම් කර තිබුනේ නැත. නාමල්ට එලෙස වියදම් කළා යැයි ඔප්පු කිරීමට කිසිදු සාක්කියක් තිබුනේ ද නැත.

    අන්තරස්ධාන අල්සමාන්

    නාමල් එදා අත් අඩංගුවට ගත් අනෙක් කාරණය නම් තමාගේම මිලියන 50 ක් හෙවත් කෝටි 5 ක් විදේශ ආයෝජනයක් ලෙස පෙන්වා කළු සල්ලි සුදු කිරීමයි. ඒ මෙසේය. නාමල් රාජපක්ෂ විසින් බංගලාදේශයේ අල්සමාන් නමැත්තෙකුගේ ගිණුමට මැයි සහ ජුනි මාසවල දී රුපියල් මිලියන 52 ක් බැර කර ඉන් මාස කිහිපයකට පසුව අල්සමාන් විසින් නාමල්ගේ ගිණුමට යලිත් රුපියල් මිලියන 50 බැර කර තිබේ. පසුව නාමල් එම මිලියන 50 විදේශ ආයෝජනයක් ලෙස පෙන්වා බැංකු අයිරාවකින් අමතර රුපියල් මිලියන 50 ක්ද ලබාගෙන මිලියන 120 කින් හෙලෝකෝප් නම් සමාගම BOI පහසුකම් සහිත ව්‍යාපාරයක් ලෙස ආරම්භ කළේය.

    මෙහිදි නාමල් සුද්දවන්තයා වීමට නම් තමන්ට මිලියන 50 ක් දුන් අල්සමාන් නමැති බංගලිදේශ ජාතිකයා ඉදිරිපත් කළ යුතු වුවද අද දක්වා එවැනි අල්සමාන් කෙනෙක් ඔහු ඉදිරිපත් නොකළා පමණක් නොව බංගලා දේශයේ ආරක්ෂක අංශ වලටවත් එවැන්නෙක් සොයා ගත නොහැකි වී ඇත.

    මෙවන් නීල කාස හොරෙක් අත් අඩංගුවට ගැනීමෙන් ‘හොර හිත‘ රිදුනා යැයි කියා වන්දි ඉල්ලීම මේ ග්‍රහලෝකයම හිනස්සන තරම් විහිළුවක් නොවේද?

    - http://www.lankaenews.com/news/4643/si

    namal-rajapaksa-son-of.jpg
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,545
    28,398
    113
    ගම්මන්පිලට අධි චෝදනා



    ඔස්ටේ‍්‍රලියානු ජාතිකයෙකුගේ අත්සන ව්‍යාජ ලෙස යොදා සකස් කළ බව කියන ඇටොර්නි බලපත‍්‍රයක් මඟින් මීට වසර 19කට පෙර ඔහුට අයත් සමාගමක කොටස් විකූණා රුපියල් මිලියන 21ක මුදලක් වංචා කිරීම හා සාපරාධී සාවද්‍ය පරිහරණය කල බවට වු අධිචෝදනා පත‍්‍ර පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතාට බාරදුන් කොළඹ මහාධිකරණයේ අධිකරණ දෙකක විනිසුරුවරුන් රුපියල් ලක්‍ෂ 56ක් වටිනා ඇප මත ඔහු මුදා හැරීමට නියම කෙරිණි.

    දින දෙකක කාලයකට ඉන්දියාවට යෑමට අධිකරණ දෙකේම විනිසුරුවරුන් විසින් ඔහුට අවසර ලබාදුන් අතර ඔහුගේ අඟිලි සළකුණු ලබා ගැනීමටද නියම කෙරිණි. මෙලෙස ඇප නියම කරන ලද්දේ කොළඹ මහාධිකරණ විනිසුරු පද්මිණි රණවක ගුණතිලක මහත්මිය සහ කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතාය.

    උදය ගම්මන්පිල මහතාට අමතරව ජයම්පති ක්ලැරි පෙරේරා ජයසිංහ හෙවත් සිඩ්නි ජයසිංහ මහතාටද මෙලෙස ඇප නියම විය.ඔස්ටේ‍්‍රලියානු ජාතිකයෙකු වන බ‍්‍රැඞ් සැඩික් මහතා 2015 අගොස්තු මස 02වැනිදා පොලිස් විශේෂ විමර්ශණ අංශයට කරන ලද පැමිණිල්ලකට අනුව පොලිස් විශේෂ විමර්ශණ අංශය විසින් කරන ලද පරීක්‍ෂණයකින් අනතුරුව නීතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව වෙන වෙනම නඩු දෙකක් පවරා තිබිණි.


    - http://www.ada.lk/article/188090/ගම්මන්පිලට-අධි-චෝදනා-
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,545
    28,398
    113
    බැසිල්ගේ මල්වානේ ඉඩමට ප්‍රසිද්ධ වෙන්දේසියක්

    හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අයිති යයි කියනු ලැබූ හා ඉඩමේ ලියාපදිංචි හිමිකරු තමාට අයිති නැතැයි තහවුරු කරන ලද මල්වාන පිහිටි ඉඩම සහ නිවස ප්‍රසිද්ධ වෙන්දේසියේ අලෙවි කරන ලෙස අධිකරණය විසින් නියෝග කර තිබේ.

    අදාළ නඩුව අද(14දා)කැඳවූ අවස්ථාවේදී පූගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී.රුවන් පතිරණ මහතා විසින් නියෝග කර ඇත්තේ එසේ ප්‍රසිද්ධියේ අලෙවි කිරීමෙන් පසු එකී මුදල් පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණය බාරයට පත්කරන ලෙසයි.

    පූගොඩ,මල්වානේ ගඟබඩ පාර පිහිටි අක්කර 16ක ඉඩමක් හා නිවසක් අයථා ලෙස බැසිල් රාජපක්ෂ මහතා විසින් උපයාගෙන ඇති බවට චෝදනා එල්ලවී නඩු පවරා තිබුණු අතර එය තමාගේ නොවන බව බැසිල් රාජපක්ෂ මහතා විසින්ද,දැනට ඉඩමේ ලියාපදිංචි හිමිකරු ද එම දේපළ තමාගේ නොවන බව අධිකරණයට දැනුම්දීමෙන් පසුව එය හිමිකරුවන් නොමැති දේපළක් බවට පත්විය.

    ප්‍රසිද්ධ වෙන්දේසියේ අලෙවි කරන මෙන් අද දිනයේ අධිකරණය විසින් තීන්දු කර ඇත්තේ එම දේපළ බවත්,මෙම නඩුව යළි එළඹෙන ජනවාරි මස 10 වන දින කැඳවන ලෙස අධිකරණය විසින් නියෝග කර තිබේ


    - http://www.sinhala.srilankamirror.com/news/item/17106-besil-rajapaksha-malwana-land
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,545
    28,398
    113
    CSN ඉඩම හා ගොඩනැගිල්ල රජයට පවරාගනී !

    0ac5d82f2648791a75f3cc730777d8e4_L.jpg


    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාගේ කාල්ටන් ස්පෝර්ට් නෙට්වර්ක් (CSN) රූපවාහිනී නාලිකාව (CSN) පවත්වාගෙන ගිය භූමිය නාගරික සංවර්ධන අධිකාරිය විසින් පවරාගෙන ඇත.

    නාගරික සංවර්ධන අධිකාරියට අයත් බත්තරමුල්ලේ පිහිටි පර්චස් 29ක මෙම ඉඩම ඩී. ඒ. රාජපක්ෂ පදනමට 2003 වසරේදී තිස් අවුරුදු බදු පදනම යටතේ වසරකට රුපියල් 163,125 බදු මුදලකට පවරා දී තිබිණ.

    එහෙත්, එම ඉඩම “වෙනත් කිසිදු කටයුත්තක් වෙනුවෙන් යොදා ගැනීමට නොහැකිය” යන කොන්දේසිය කඩකරමින් ''CSN' ව්‍යාපාරය පවත්වාගෙන යාම හේතුවෙන් ඊට අදාළ ගිවිසුම මෙලෙස අහෝසි කර තිබේ.

    එසේම, එම භූමියේ ඉදිකර ඇති ගොඩනැගිල්ල හා එහි ඇති දේපළ සම්බන්ධ අයිතිය සනාථ වන අයිතිකරුවකු නැති බැවින් එම ගොඩනැගිල්ලද රජයට පවරාගෙන ඇත.

    මීට පෙර වතාවක දී යෝෂිත රාජපක්ෂගේ කාල්ටන් ස්පෝර්ට්ස් නාලිකාව සතු ජංගම විකාශන රථයක්ද නඩු භාණ්ඩයක් ලෙස ඉදිරිපත් කිරීමේ පොරොන්දුව පිට ජාතික රූපවාහිනිය වෙත කඩුවෙල මහෙස්ත්‍රාත්වරයා විසින් පවරා දෙනු ලැබිය.


    - http://www.sinhala.srilankamirror.com/news/item/17171-csn
     

    Similar threads