හොරු අල්ලන News

monson

Well-known member
  • May 7, 2007
    25,552
    28,421
    113
    තිරු නඩේසන්ට ඇප : රට යන්නත් බෑ

    නිරුපමා රාජපක්ෂගේ සැමියා වන තිරු කුමාර් නඩේසන් රුපියල් පනස්දහසක මුදල් ඇපයක් ද රුපියල් දස ලක්ෂය බැගින් වු ශරිර ඇප දෙකක් ද මත මුදා හැරීමට නියෝග කළ පුගොඩ මහේස්ත්‍රාත් ඩී.ඒ රුවන්පතිරණ මහතා ඔහුගේ විදෙස් ගමන් බලපතුය තහනම් කළේය.

    මල්වාන ගඟබඩ මාපිටිගම අක්කර 16 ක ඉඩමක් 2010 නොවැම්බර 25 වැනි දා රුපියල් හය කෝටි හතළිස් ලක්ෂයකට මිලට ගෙන ඇතත් මුදල් ලැබුණු ආකාරය හෙළි කිරිමට අපොසත් වී යැයි නඩේසන්ට එරෙහිව නඩු පවරන බව මුල්‍ය අපරාධ විමර්ශන අංශය අධිකරණයට දැන්වීය.

    සේනාධිර අප්පුහාමිලාගේ සේනාධිර නම් දේශිය වෛද්‍යවරයකුගේ දියණියන් තිදෙනෙකුගෙන් ඔහු මෙම ඉඩම මිලට ගෙන ඇතැයි මුල්‍ය අපරාධ විමර්ශන අංශය අධිකරණයට දැන්වීය.

    නඩුව ලබන ජනවාරි 10 වැනි දා දක්වා කල් තැබිණි.


    - http://www.lankadeepa.lk/index.php/top_story/468727

    2%20copy.jpg

    TN110.jpg
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මල්වාන ඉඩමට අයිතිකාරයෙක් නෑ :lol: – ඉඩම විකුණන්නැයි ඉල්ලීමක්

    මල්වාන ගඟබඩ පාරේ පිහිටි අක්කර 16ක ඉඩමට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අයිතිවාසිකම් නොකියන බව ඔහුගේ නීතිඥවරුන් අද (07) අධිකරණයට දැනුම් දුන්නා.

    ඒ, රජයේ මුදල් අවභාවිතා කරමින් එම ඉඩම මිලදී ගෙන එහි නිවසක් ඉදිකිරීම සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති නඩුව පූගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනුණු අවස්ථාවේදීයි.

    නඩුවේ සාක්ෂිකරුවෙකු වන මුදිත ජයකොඩි නමැත්තාගේ නීතිඥවරුන් ද අධිකරණයට දන්වා ඇත්තේ අදාළ ඉඩමේ අයිතියක් සිය සේවාදායකයාට නොමැති බවයි.

    ඒ අනුව අදාළ ඉඩමට කිසිවෙකුත් අයිතිවාසිකම් නොකියන්නේ නම් එම ඉඩම විකිණීමට කටයුතු කරන ලෙසයි රජයේ නීතිඥවරුන් මෙහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

    ඒ අනුව ඉඩම පිළිබඳ අවසන් තීන්දුව ලබන 14 වෙනිදා ප‍්‍රකාශයට පත්කරන බව පූගොඩ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ඩී.ඒ. රුවන් පතිරණ මෙහිදී ප‍්‍රකාශ කළා.


    - http://nethnews.lk/article/19525


    මහින්ද , රනිල් ඩිල් කියන්නේ ඕවා .....
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,552
    28,421
    113
    නොරොච්චෝලේ කොමිස් ඕස්ට්‍රේලියාවෙන් මතු වෙයි !

    රාජපක්ෂ පාලන සමයේදී නොරොච්චෝලේ විදුලි බලාගාරය ඉදිකිරීමේදී බරපතල වංචා දූෂණ රැසක් සිදුව තිබෙන අතර ඒ පිළිබඳව හා ඊට සම්බන්ධ විදුලිබල මණ්ඩලයේ හිටපු ලේකම්වරයෙකු වන එම්. එම්. සී. ෆර්ඩිනෑන්ඩු පිළිබඳව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට නීතීඥ නාමල් රාජපක්ෂ මහතා විසින් අද(19) පැමිණිල්ලක් ඉදිරිපත්කොට තිබේ.

    මේ දිනවල ජනතාව අපහසුතාවයට පත්කරමින් සිදුවන විදුලි කප්පාදුවට හේතු වී ඇත්තේ නොරොච්චෝලේ විදුලි බලාගාරයේ බිඳවැටීම නිසාය. පසුගිය පාලන සමයේ ඉදිකිරීම් කටයුතු සිදුවූ නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ ඉදිකිරීමේදී විදුලි බල අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වන එම්.එම්.සී. ෆර්ඩිනෑන්ඩු විසින් මෙම වංචාවන්ට සෘජුවම සම්බන්ධ බවට වාර්තා වේ.

    නොරොච්චෝල බලාගාරය ඉදිකිරීමේදී ඉතා උසස් තත්ත්වයේ බලාගාරයකට අවශ්‍ය උපකරණ මිල ගණන් යටතේ ඉතා බාල වර්ගයට අයත් හා අබලන් උපකරණ මිලදී ගෙන තිබෙන බවට කරුණු අනාවරණය වී තිබෙන අතර ඊට අදාළ ලිපි ලේඛන ද සොයාගෙන තිබේ.

    එමෙන්ම කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව හා කිසිදු ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව මෙම උපකරණ මිලදී ගෙන තිබෙන බවටද තොරතුරු වාර්තා වේ.

    මෙවැනි වංචා සහගත ක්‍රියාවලින් අති විශාල ධනස්කන්ධයක් උපයාගෙන ඇති ෆර්ඩිනෑන්ඩු සතුව ඕස්ට්‍රේලියාවේ නිවාස හතරක් තිබෙන බවටද කරුණු අනාවරණය වී තිබේ. මීට අදාළව ඉදිරියේදී තවත් වංචා දූෂණ රැසකගේ තොරතුරු අනාවරණය වීමට නියමිත අතර අහිංසක ජනතාවගේ මහජන මුදලින් සුරසැප විඳි මෙවැනි පුද්ගලයන් නීතිය ඉදිරියට පමුණුවා දඩුවම් ලබාදීම ජනවාරි 08 ලැබූ වෙනසේ සැබෑම ජයග්‍රහණයක් වනු ඇත.
    මීට අදාළව නීතීඥ නාමල් රාජපක්ෂ මහතා විසින් මූල්‍ය අපරාධ කොට්ඨාශයට යොමුකළ ලිපිය


    1.fw_-648x1024.png

    2.fw_-648x1024.png

    3.fw_-648x1024.png


    - http://harigossip.com/2016/10/19/නොරොච්චෝලේ-කොමිස්-ඕස්ට්‍/
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,552
    28,421
    113
    උදයංග වීරතුංග අත්අඩංගුවට ගන්න වරෙන්තු

    ආනන්ද වීරසූරිය

    ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේදී අතරමැදියකු ලෙස කටයුතු කරමින් මිලියන ගණනක මුදල් වංචාවක් සිදුකළ බව කියන රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීම සඳහා කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් අන්තර්ජාතික පොලිසිය හරහා ඊයේ (20දා) වරෙන්තුවක් නිකුත් කළාය. ඊයේ (20දා) පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිහාල් ප්‍රැන්සිස් මහතා විසින් අධිකරණයට වාර්තාවක් වැඩිදුර ඉදිරිපත් කරමින් උදයංග වීරතුංග මේ සිද්ධියේ සැකකරුවකු ලෙස නම් කර ඇති හෙයින් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අන්තර්ජාතික වරෙන්තුවක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.
    මීට පෙර මොහුට විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා යුක්රේනයට සිතාසි යවා තිබූ අතර ඔහු එම නිවෙසේ නොමැති බවට දන්වා එවා තිබිණි.


    - http://mawbima.lk/print20160721MB20161030.php?id=3794

    150607183613_udayanga_weerathunga_512x288_defence.lk_-500x281.jpg
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,552
    28,421
    113
    බැඳුම්කර වංචනිකයන්ට අපරාධ නඩු දාන්නැයි ජවිපෙ පලා ගිය කෝප් කමිටුව තීන්දු කරයි

    කෝප් කමිටුවේ සිදුවූ ඇත්ත කතාව මෙන්න


    කෝප් හෙවත් පොදු ව්‍යාපාර කාරක සභාව නමැති රාජ්‍ය ව්‍යුහය පටු දේශපාලන වාසි සඳහා යොදා ගැනීමට ගොස් ජවිපෙ සමග මරාවාදීන් සහ 9 පන්තියේ දේශපාලුවන් අනාථ වූ ආකාරය අද පාර්ලිමේන්තුවේදී දකින්නට ලැබිණ.

    බැඳුම්කර ගණුදෙනුව ගැන කෝප් පරීක්ෂණයේදී එජාප මන්ත්‍රීන් විගණකාධිපතිට බලපෑම් කළා කියා කෝප් සභාපති හඳුන්නෙත්ති රැස්‌වීමෙන් ඉවත් වුනා යැයි ජනප්‍රිය ලණුවක් දීමට ගිය ජවිපෙ, අවසානයේ නන්නත්තාර වූයේ හඳුන්නෙත්ති ඉවත්වීමෙන් පසු ගන්නා ලද කෝප් තීරණ අනුව බැඳුම්කර ගණුදෙනුවට සම්බන්ධ අර්ජුන් ඇලෝෂියස් අපරාධයක් කළා සේ සළකා අපරාධ නඩුවක් ගොනු කළ යුතු යැයි කමිටුව විසින් තීන්දු කරන ලද නිසාය.
    අඳෝමැයි..! හඳුනා අනාථයි..!! ඇත්තමත් සිද්ධිය මෙසේමැයි..!!

    කෝප් හෙවත් පාර්ලිමේන්තුවේ ‘පොදු ව්‍යාපාර කාරක සභාව‘ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නියෝජිතයන්ගෙන් සමන්විතය. වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී විධික්‍රමය නම් එහි සභාපතිත්වය විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුට බාර දීමය. පසුගිය වනචර දශකයේදී එම තනතුරද ආ‍ණ්ඩු පක්ෂය විසින් සොරා ගත් නමුදු යහපාලන පාර්ලිමේන්තුව විසින් කෝප් සභාපතිත්වය දූෂනයට විරුද්ධව නිතර කට ගහන ජනතා විමුක්ති පෙරමුණට දීමට තීරණය කෙළේය.

    ඒ අනුව අනුර දිසානායක වැනි ජල්ලි පිල්ලි සල්ලි ඩීල් කාරයෙක් නොවන නමුත් ‘මන්ද කොන්ද‘ රෝගයෙන් පෙළන හඳුන්නෙත්ති නමැති නිතර අසරණ පරාජිත ජවිපෙ මන්ත්‍රීවරයාට කෝප් කමිටුවේ සභාපතිත්වය පිරිනැමුණේ පාර්ලිමේන්තුවේ සියලු දෙනාගේම එකඟත්වයෙනි.

    රනිල් වික්‍රමසිංහගේ මිතුරු අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකුවේ අධිපති වීමෙන් පසු ඔහුගේ බෑණා අර්ජුන් ඇලෝසියෂ්ගේ පර්පෙචුවල් ට්‍රෙෂරීස් නමැති ආයතනය මහ බැංකු බැඳුම්කර වංචාවක යෙදුනාද යන්න ගැන කොප් කමිටුව පරීක්ෂණ පැවැත්වීය.

    එහිදී සභාපති හඳුන් සහ කමිටු ලේකම් විසින් කෙටුම්පත් කරන ලද වාර්තාව පසුගිය බ්‍රහස්පතින්දා කෝප් කමිටුව වෙත ඉදිරිපත් කෙළේය. එකී වාර්තාවේ 13 වෙනි පිටුව දක්වා නිසොල්මනේ සාකච්ඡාව ගලා ගියේය. ඉන් එහා සාකච්ඡා කරද්දී එහි සිටි එජාප මන්ත්‍රී ලාද සහිත අනෙක් කමිටු සාමාජිකයන් පෙන්වා දුන්නේ කෙටුම්පත මගින් අර්ජුන් මහේන්ද්‍රන් හෝ අර්ජුන් ඇලෝෂියස් හෝ වරදකරුවෙකු කර නැති බවත් ‘අර්ජුන් ගැන සැක සහිත බව‘ පමණක් සඳහන් වන බවයි. එහි වෙනත් වගකිව යුතු කිසිදු නිර්දේශයක් අන්තර්ගත වූයේද නැත. තවත් පෙන්වා දුන් විශේෂ කරුණක් වූයේ විගණකාධිපති වාර්තාවේ ඇති ගණිතමය අඩුපාඩුයි. එහිදී විගණකාධිපතිවරයාද එම රැස්වීමට සහභාගී වී සිටීමත් ඔහු පවා එම අඩු පාඩු පිළිගැනීමත් සැලකිය යුතුය. එම ගණිතමය දෝෂ පෙන්වා දුන්නේ ආචාර්ය හර්ෂ නමැති ආර්ථික විශේෂඥයා වීමද සැලකිය යුතුය.

    මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ බිමල් රත්නායක සහ නවක දොස්තරවරයා ද, මරාවාදී නීලකාස හොරා මහින්දානන්ද අලුත්ගමගේ ද, විමල් වීරවංශගේ පක්ෂයේ මන්ත්‍රී වීරකුමාර දිසානායකද, චන්ද්‍රසිරි ගජධීර ද, ලසන්ත අලගියවන්නද ගණිතමය දෝෂ සහිතව වුවද විගණකාධිපති වාර්තාව පිළිගත යුතු යැයි කියා කෝප් කමිටුවෙන් ඉවත්ව ගියහ.

    කෝප් කමිටුව යනු ජනතා පරමාධිපත්‍යයේ විනිසුරු මඩුල්ලක් නම් ඊට ඉදිරිපත් කෙරෙන විගණකාධිපති වාර්තාවක් යනු නීතිපතිවරයා අධිකරණයට ඉදිරිපත් කෙරෙන වාර්තාවක් බඳුය. නීතිපතිවරයා අධිකරණයට ඉදිරිපත් කෙරෙන වාර්තාවක් විවාදයකින් තොරව විනිසුරුවරයා පිළිගත යුතු යැයි නියමයක් නොමැත්තාක් සේ කෝප් කමිටුවට ඉදිරිපත් කෙරෙන විගණකාධිපති වාර්තාවක් ද විවාදයකින් තොරව පිළිගත යුතු යැයි නියමයක් නැත. ඒ අනුව කෝප් කමිටුවේ සිටින ආර්ථික විශේෂඥයන් විසින් පෙන්වා දෙන විගණකාධිපති වාර්තාවේ ගණිතමය වරදක් ගැන අන්තවාදීව කටයුතු කිරීමත් ඉවත්ව යෑමත් දූපත්වාදී ගොබ්බ කමේ ලක්ෂණයක් මිස අන් කිසිවක් නොවේ.

    සත්‍ය වශයෙන්ම ඉවත් වූවන්ට අවශ්‍ය වූයේ කෝප් කමිටුව වැනි නිර්දේශපාලනික ආයතනික ව්‍යුහයකින් පවා දේශපාලන වාසි ගැනීමය. එනම් එජාපය හොරුන් ආරක්ෂා කරනවා යන මතය සමාජගත කිරීමය.

    ඉන්පසු පසුදා සභාපති හඳුන්නෙත්තිගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කෝප් කමිටුව තම කටයුතු ඉදිරියට ගෙන ගියහ. ඊට පෙර දා එකම මතයක සිට ඉවත්ව ගිය මරවාදී හොරුන්ද ජවිපෙ බිමල් සහ දොස්තර මන්ත්‍රීද වීරවංශගේ මන්ත්‍රීද සිකුරාදා පැමිණියේ නැත. එදින කෙටුම්පත් වාර්තාවේ 37 වෙනි පිටුව දක්වාම සාකච්ඡා කළහ.

    ඉන්පසු කෝප් කමිටුව හඳුන්නෙත්ති සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූයේ අද සඳුදා ය. එදා ඉවත්ව ගිය ගජධීර මන්ත්‍රීවරයා කමිටු රැස්වීමට අද යලි පැමිණ සිටියේ ය. අද සාකච්ඡා පැවැත්වේ ගෙන යද්දී කළ යුතු නිර්දේශ කෙටුම්පතේ නොමැති බව කියද්දී තම දුරකථනයට එන පණිවිඩ බලමින් සිටි හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා හදිසියේ කියා සිටියේ තමන්ට දේශපාලන චෝදනා ගෙන එන්නේ නම් තමා ද ඉවත්ව යන බවයි. ඉන් තේරුම් ගියේ පිටත සිටි ඔහුගේ පක්ෂයෙන් ඔහුට ඉවත්ව යන ලෙස ඔහුගේ දුරකථනයට ආ පණිවුඩයක් අනුව ඔහු ඉවත්ව යෑමට අර අඳින බවයි.

    ඕනෑම කමිටුවක සභාපතිවරයා යනු අපක්ෂපාතීව කටයුතු කළ යුතු පුද්ගලයා මිස පූර්ව මතයක සිට කටයුතු කරන පුද්ගලයා නොවේ. විශේෂයෙන් පාර්ලිමේන්තු කමිටුවක සභාපතිවරයාට අන් සියලු දෙනාටම වඩා වගකීමක් තිබෙන්නේ ඔහු මහජනතාවට වග කිව යුත්තෙක් මිස ඔහු පුහු විරෝධතා කරුවෙක් නොවන බැවිනි. කතානායක වරයා පාර්ලිමේන්තුවේ විවාදයකට මුහුණ දිය නොහැකි යයි කියා ඉවත්ව ගිය හොත් සිදුවන්නේ කුමක්ද? විනිසුරුවරයෙකු අධිකරණ විවාදයන්ට මුහුණ දිය නොහැකි යයි කියා ඉවත්ව ගිය හොත් සිදුවන්නේ කුමක්ද? කෝප් කමිටු සභාපතිවරයාද එවැනිම ය. ඔහුට කමිටුවේ පාර්ශව අතර වාද විවාද වලට මුහුණ දිය නොහැකි යයි කියා ඉවත්ව යා නොහැකිය. වරක් ඇමැති කම් රැගෙන එම වගකීම්ද අතර මග අතැර ගිය ජවිපෙ අද කෝප් කමිටු සභාපති ධූරය වැනි වගකීමක්ද අතැර දමා යෑමෙන් ඔවුන් ඔවුන්ගේ “පුංචි කම“ මහජනතාව හමුවේ පෙන්වීය.

    කෙසේ වී නමුත් ජවිපෙ වැනි අඳබාල පක්ෂයක නියෝග වලට යටත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හඳුන්නෙත්ති සභාපතිවරයා මෝඩ තකතීරුවෙකු සේ කෝප් කමිටුවෙන් ඉවත්ව ගියේය. ඔහුගේ යෑමට පෙර අනෙකුත් සාමාජිකයන් කියා සිටියේ කමිටුවේ ඝණ පූර්ණය තිබෙන බැවින් වෙනත් සභාපතිවරයෙකු පත් කර ගනිමින් කමිටුවේ කටයුතු ඉදිරියට ගෙන යන බවයි. නොතේරුම් ළදරුවෙකු සේ කටයුතු කළ සභාපති හඳුන්නෙත්ති ඊට එකඟ වෙමින් කමිටුවෙන් ඉවත්ව ගොස් මාධ්‍ය වෙත වොයිස් කට් දුන්නේය.

    ඔහුද මරාවාදී හොරුන්ද බලාපොරොත්තු වූ දේ එනම් කෝප් කමිටුවේ ‘එජාපය හොරුන් ආරක්ෂා කරනවා එනිසා අපි ඉන් ඉවත්වුනා‘ යන ජනප්‍රිය සටන් පාඨය සමාජ ගත කිරීමට නමුත් ඊට ඉඩක් ලැබුනේ නැත.

    මහරුෆ් මන්ත්‍රීවරයා සභාපති ලෙස පත් කර ගත් කෝප් කමිටු සාමාජිකයන් ඉන් ඉදිරියට යමින් කෙටුම්පත සාකච්ඡා කරමින් තීන්දු කෙළේ අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණා හෙවත් අර්ජුන් ඇලෝෂියස් ගේ සමාගම වූ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම මහජන මුදල් වංචා කරමින් අයුතු ලෙස මුදල් උපයාගෙන තිබෙන බවත් ඒ අනුව එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට අපරාධ චෝදනා ඉදිරිපත් කරමින් ඒ අය අත් අඩංගුවට ගෙන නීතිය ඉදිරියට ගෙන ඒමට පොලිස්පතිවරයා පියවර ගත යුතු බවටත් නිර්දේශ කරන බවයි. මෙම නිර්දේශයන් කරද්දී රජයේ විගණකාධිපතිවරයාද කමිටුවට සහභාගී වී සිටිය බව විශේෂයෙන් කිව යුතුය.

    හෙට දිනයේද කෝප් කමිටුව රැස්වනු ඇත. දේශපාලන ප්‍රචාරයක් ලබා ගැනීමට අද ඉවත්ව ගිය හඳුන්නෙත්තිට රෙද්දක් ඇඳ ගෙන නම් හෙට දිනයේ කමිටුවට සහභාගී විය නොහැකිය. ඔහු හෙළුවෙන් ආවද අර්ජුන් ඇලෝෂියස් ලා අයුතු ලෙස උපයා ගත් බිලියන 15 ක පමණ ධනය යලි මහජනතාවට අත් පත් කර ගැනීමට හෙට දිනයේද තීන්දු කෙරෙනු නිරනුමානය.

    කෝප් කමිටු වාර්තාවන්හි නිර්දේශයන් කිසිවක් මෙතෙක් අධිකරණයක් ඉදිරියේ නඩුවක් ලෙස ගොණු නොවූ නමුත් මෙවර ඒ නිර්දේශයන් සියල්ල අධිකරණය ඉදිරියේ නඩු ලෙස ගොනුකරන බවට යහපාලන ආණ්ඩුව දැනටමත් තීරණය කර ඇත.

    අද පැවැති සැබෑ අවශ්‍යතාවයක් තිබූ කෝප් කමිටුවට සහභාගී වූ මන්ත්‍රීවරුන් මෙසේය.

    සුනිල් හඳුන්නෙත්ති (අතර මගදී ඉවත්ව ගිය සභාපති) එම් මහරුෆ් ( පසුව පත් කර ගත් සභාපති) අජිත් පෙරේරා, ආචාර්ය හර්ෂ ද සිල්වා, සුජීව සේනසිංහ, හෙක්ටර් අප්පුහාමි, චන්ද්‍රසිරි ගජධීර, හර්ෂන රාජකරුණා, අශෝක අබේසිංහ, රවීන්ද්‍ර සමරවීර සහ වසන්ත අලුවිහාරේ


    - http://www.lankaenews.com/news/4709/si
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,552
    28,421
    113
    FCIDය නීත්‍යානුකූලයි – අධිකරණය තීන්දු කරයි

    පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නීත්‍යානුකූල ලෙස පිහිට වූ ආයතනයක් බව කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය අද (24) තීන්දු කළා.

    මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙම නියෝගය නිකුත් කළේ රජයේ වාහන අවභාවිතය කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සරත් වීරවංශට එරෙහිව නඩුව කැඳවූ අවස්ථාවේදියි.

    එහිදී විත්තියේ නීතිඥවරයා පැවසුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නීත්‍යානුකූල පොලිස් ආයතනයක් නොවන බවයි.

    විත්තියේ තර්කය ප‍්‍රතික්‍ෂේප කළ මහේස්ත‍්‍රාත්වරිය පැවසුවේ පොලිස්පතිවරයා විසින් විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා පිහිටුවා ඇති මෙම එ්කකය පොලිස් ස්ථානයක් ලෙස පිළිගත හැකි බවයි.

    එ් අනුව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නීත්‍යානුකූල එ්කකයක් ලෙස පිළිගත හැකි බවයි මහේස්ත‍්‍රාත්වරිය මෙහිදී කියා සිටියේ.


    - http://nethnews.lk/article/22554
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,552
    28,421
    113
    හිටපු මහ බැංකු අධිපතිගේ බෑනා අත්අඩංගුවට ගන්නැයි කෝප් කමිටුවෙන් නිර්දේශ

    මහ බැංකු බැඳුම්කර සිද්ධියෙන් අයුතු ලාභයක් උපයා ගත් බවට පැවසෙන අර්ජුන් ඇලෝසියස්ට හා පර්පෙචුවල් ටෙ‍්‍රසරීස් සමාගමේ අධ්‍යක්ෂවරුන් අත්අඩංගුවට ගෙන අපරාධ නීතිය යටතේ නඩු පැවරීමට කෝප් කමිටුව නිර්දේශ කර තිබෙනවා.

    නෙත් නිවුස් කළ විමසීමකදී කෝප් කමිටු සාමාජික නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මේ බව සඳහන් කළා.


    - http://nethnews.lk/article/22617
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හිටපු මහ බැංකු අධිපතිගේ බෑනා අත්අඩංගුවට ගන්නැයි කෝප් කමිටුවෙන් නිර්දේශ

    මහ බැංකු බැඳුම්කර සිද්ධියෙන් අයුතු ලාභයක් උපයා ගත් බවට පැවසෙන අර්ජුන් ඇලෝසියස්ට හා පර්පෙචුවල් ටෙ‍්‍රසරීස් සමාගමේ අධ්‍යක්ෂවරුන් අත්අඩංගුවට ගෙන අපරාධ නීතිය යටතේ නඩු පැවරීමට කෝප් කමිටුව නිර්දේශ කර තිබෙනවා.

    නෙත් නිවුස් කළ විමසීමකදී කෝප් කමිටු සාමාජික නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මේ බව සඳහන් කළා.


    - http://nethnews.lk/article/22617

    එතකොට දැන් බෑනද මෙතන වැරදිකාරයා.....
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හොරු අල්ලල රට සංවර්ධනය කරල මහන්සිත් ඇතිනේ...
    බොමුද සීතල වතුර වීදුරුවක්?
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,552
    28,421
    113
    Tiran Alles, Emil Kanthan, two others remanded

    Former MP Tiran Alles and two others have been remanded till November 10 after being indicted, over the case in which they were accused of misappropriating Rs. 124 million at RADA in 2006.

    The four accused were, former RADA Chairman Tiran Alles, former Chief Operating Officer (COO) of RADA Saliya Wickramasuriya, Dr. Jayantha Dias Samarasinghe and Emil Kanthan.

    Emil Kanthan is currently evading courts and was not present in court today.

    Attorney General had filed indictments against the accused under the Penal Code and Public Property Act, thereby needed exceptional circumstances to release them on bail.

    However, counsel appeared on behalf of the accused moved exceptional circumstances as high concerned health conditions of the accused therefore, their health situation of being kept in remand custody.

    The prosecution said they should have given advance notice on these exceptional circumstances in order to peruse into medical reports.

    They moved court to provide a short period to submit its stance over the bail application.

    Acceding the prosecution's request, High Court Judge Sarojini Kusala Weerawardena put off the case for November 10 to consider the defence's bail appeal on exceptional circumstances. (Shehan Chamika Silva)

    - http://www.dailymirror.lk/article/Tiran-Alles-Emil-Kanthan-two-others-remanded-118562.html

    NamalWithEmilKanthan.jpg


    LTTE Fund-raiser and Former LTTE international leader Emil Kanthan (3rd from left)

    Related:
    - http://www.hirunews.lk/127099/ex-ltte-top-ranker-emil-kanthan-to-be-produced-at-court-on-march-03
    - http://asianmirror.lk/news/item/15185-warrant-on-ltte-fund-raiser-emil-kanthan-re-imposed
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,552
    28,421
    113
    කට්ටි පනිමින් සිටි රාඩා හොරා ටිරාන් අලස් රිමාන්ඩ්..!

    සුනාමියෙන් විනාශ වූ උතුරු නැගෙනහිර නිවාස හැදීමට රජයෙන් දුන් මුදලින් එකදු නිවසක් හෝ නොහදා එල්ටීටීඊ නායකයන් සමග එක්වී කෝටි 65 ක් පමණ සියළු මුදල් වංචා කළ උතුරු නැගෙනහිර ප්‍රතිසංස්කරණ හා සංවර්ධන ඒජන්සිය හෙවත් රාඩා ආයතනයේ හිටපු සභාපති සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් ඇතුළු සිව් දෙනෙකු නොවැම්බර් 10 වැනි දා දක්වා රිමාන්ඩ් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය අද (2) නියෝග කළාය.

    හොරකම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරද්දී තමා අත් අඩංගුවට නොගන්නැයි මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරමින් නීතියේ කණින් රිංගා යෑමට තැත් කරන ලද ටිරාන් අලස් මේ දක්වා මහාධිකරණයේ විභාග වන මෙම නඩුවේ අධි චෝදනා පවා ලබා ගැනීම කල් දමමින් සිටියේ ය. ශ්‍රේෂ්ඨාධිකරණයේ සංගීත පුටු තරඟය නිමා කරමින් පසුගියදා මහාධිකරණයෙන් අධි චෝදනා බාර දීම නිවැරදි යයි පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරන ලද අතර ඒ අනුව ටිරාන් අලස්ට අධි චෝදනා බාර දුන්නේ ය.

    කට්ටි පනිමින් සිට අද රිමාන්ඩ් හිර ගෙදරට ගිය ටිරාන් අලස්, හොරා කෑ මුදලින් මාධ්‍ය ආයතනයක් ආරම්භ කරමින් මව්බිම නමින් පුවත් පතක් පවත්වාගෙන ගියේ ය. ජනවාරි 8 දක්වා එම පුවත් පත නීච ආකාරයෙන් රාජපක්ෂ චෞරයන් වෙනුවෙන් කඩේ ගියේ අලස්ගේ හොරකම් වසා ගැනීමට බව දැන් පැහැදිලිය. විලි ලැජ්ජාවක් ඇති මාධ්‍යවේදීන් එහි වෙත්නම් දැන් හෝ හොර සල්ලි වලින් වැටුප් නොගෙන ඉවත්ව යා යුතුය.

    රාඩා හොරකමට ටිරාන් අලස් සමග අද රිමාන්ඩ් කරන ලද අනෙකුත් පිරිස නම් රාඩා ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සාලිය වික්‍රමසූරිය හා ආචාර්ය ජයන්ත ඩයස් සමරසිංහ දෙදෙනා ය. සාලිය වික්‍රමසූරිය වනාහී මහින්ද රාජපක්ෂගේ කාල්ටන් බංගලාවේ මුල් අයිතිකරුවාය.

    නඩුවේ සැකකරුවකු වන එල්ටීටීඊයේ හිටපු සාමාජිකයකු බව කියන එමිල් කාන්තන් රටින් පැන ගොස් ඇති නිසා ඔහු අත්අඩංගුවට ගැනීමට ඉන්ටර්පොල් වරෙන්තු නිකුත් කෙරිණ.

    මෙම හොරකම ගැන පරීක්ෂණ සිදුකෙළේ පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂක පොලිස් අධිකාරි මෙවන් ද සිල්වා මහතාගේ අධික්ෂණය යටතේය.


    Tiran-Alles-Remand.jpg


    - http://www.lankaenews.com/news/4756/si
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,552
    28,421
    113
    මහින්ද අර්ජුන් වෙනුවෙන් පෙනී සිටීමේ සැබෑ හේතු හෙළිවේ

    2015 ජනවාරි 08 වනදා යහපාලන රජය බලයට පත් වූ අළුත ම එවකට ඩුබායි රාජ්‍යයේ සේවය කළ බැංකු කළමනාකරුවකු විසින් එක්තරා බැංකු ගිණුම් 3ක ගිණුම් ශේෂයන් සඳහන් ඡායාරූප ( Screen shots ) 3ක් ලබාගෙන තිබිණි.

    ඉන් පළමුවැන්න නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ය. එහි තැන්පත් කර තිබුණු මුදල ලෙස ඇමරිකානු ඩොලර් බිලියන 1.086 ක් සටහන් වී ඇත. දෙවැන්න කුඩාබාලගේ පියදාස සහ රාජපක්ෂ පවුලේ සමීපතමයෙකුට අයත් හවුල් ගිණුමකි. එහි ඇමරිකානු ඩොලර් බිලියන 1.80 ක මුදලක් තැන්පතු ලෙස සටහන් ව ඇත. තුන්වැන්න හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන ගේය. එහි ඇමරිකානු ඩොලර් මිලියන 500 ක මුදලක් තිබී ඇත. මෙම මුදල් ප්‍රමාණය එක් වරම සිතා ගැනීමට අපහසු තරම් විශාල වෙතත් රාජපක්ෂ පවුල් හවුල වසර නවයක සිය පාලන කාලය තුළ දී මෙතරම් මුදලක් ඩුබායි රාජ්‍යයෙහි ඉතුරුම් ලෙස තැන්පත් කිරීමට සමත් වී තිබිණි.

    අර්ජුන් මහින්දගේ ධනය කළමනාකරණය කරලා

    මෙම Screen shots යහපාලනය බලයට පත් වූ පළමු සතිය තුළම, ජනවාරි 11 වන දා වන විට රජයේ ප්‍රබල ඇමතිවරයකු හරහා නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතට පත් කෙරී ඇත. එතැන දී වැඩ වරද්දාගෙන ඇත්තේ ජනාධිපතිවරයාය. මෛත්‍රීපාල ජනාධිපතිවරයා මෙම ගිණුම් සටහන් මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට පෙන්වා ඇති අතර අර්ජුන් මහේන්ද්‍රන්ට එවිට දෙලෝ රත් වී තිබේ. මන්දයත් Emirates NBD ඩුබායි බැංකුවෙහි පෞද්ගලික ධන කළමනාකරණ අංශයෙහි ප්‍රධාන විමර්ශන නිලධාරියා ලෙස සේවය කර ඇත්තේ අර්ජුන් මහේන්ද්‍රන් මහතා නිසාය. සරලව ම කිවහොත් රාජපක්ෂලා මහජන දේපළ සොරකම් කර එකතු කරගත් 'පෞද්ගලික' ධනය ද කළමනාකරණය කර දී ඇත්තේ අර්ජුන් මහේන්ද්‍රන් වන නිසාය.

    මෙම ඩුබායි ගිණුම් ගැන කියවෙන කාලයේදී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසින් තමන්ගේ ඩුබායි ගිණුමක් ඇතැයි ඔප්පු කළහොත් තමුන් ගෙල කපා ගන්නා බවට ප්‍රසිද්ධියේ සිංහ නාද කළේ ඔහුගේ නමින් ගිණුමක් නොතිබුණු නිසාය. ඇත්තෙන්ම මුදල් තිබුණේ නාමල් රාජපක්ෂගේ, ගාමිණී සෙනරත්ගේ සහ කුඩාබාලගේ පියදාසගේ, සජින් වාස් ගුණවර්ධනගේ නම් වලිනි.

    FBI පරීක්ෂණ

    නීති විරෝධී මුදල් හුවමාරු පිළිබඳව ජාත්‍යන්තර පරීක්ෂණ සිදු කෙරෙනා ආයතන ඇත්තේ දෙකක් පමණක් වන අතර ඒ, එකක් ඉන්දියාවේ සහ අනෙක ඇමරිකාවේ වශයෙනි. රාජපක්ෂලාගේ මේ මුදල් ඩුබායි රාජ්‍යයට පැමිණි ආකාරය විමර්ශනය කිරීම සඳහා ඇමරිකානු FBI ආයතනයට භාර දීමට තීරණය ගෙන ඇත්තේ කැබිනට් මණ්ඩලය විසිනි. ඒ අනුව ක්‍රියාත්මක වූ FBI නිලධාරීන් ඩුබායි හි අදාල බැංකුවට ගොස් අදාල කළමනාකරුවා හමු වී තොරතුරු ලබා ගැනීමට උත්සාහ දරා ඇතත් ඔහු ඒවන විටත් සැඟ වී පළා ගොස් තිබිණි.

    අර්ජුන්ට මහින්දගෙන් ප්‍රති උපකාර

    පසුගිය ඔක්තෝබර් 25 වෙනිදා අර්ජුන් මහේන්ද්‍රන්ගේ බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් දිනේශ් ගුණවර්ධන මහතා විසින් පැවැත්වීමට නියමිතව තිබූ මාධ්‍ය හමුවක් ද අවලංගු කරමින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්ධයෙන් වූ කෝප් කමිටුවේ ප්‍රශ්නය ආණ්ඩුවට ම විසඳා ගන්නට ඉඩ හරින්නැයි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පවසන්නේ මේ පසුබිම යටතේ ය. එතෙක් බැඳුම්කර ගනුදෙනුව සහ අර්ජුන් මහේන්ද්‍රන්ව ඒකාබද්ධ විපක්ෂය විසින් පට්ටා ගසමින් සිටි නමුත් තීරණාත්මක මොහොතේ මහින්ද රාජපක්ෂ මැදිහත් වී ඔවුන්ව නිහඬ කරවන්නේ ඒ කිසිවෙකුත් නොකළ 'උදව්' අර්ජුන් මහේන්ද්‍රන් විසින් මහින්ද රාජපක්ෂට කර ඇති නිසා ය.

    එදත් ඩීල් මෙදාත් ඩීල්

    සරලව කිවහොත් වර්තමාන දේශපාලන පිටිය යනු එක ම ඩීල් සාගරයකි. එදා සිටි ඩීල් කාරයින් එළවා දමා වෙනත් ඩීල් කාරයින් කොටසක් පත් කරගෙන ඇති නමුත් හරස් සම්බන්ධකම් හරහා පරණ ඩීල් ද තවමත් යහතින් ක්‍රියාත්මක ය.

    ඩුබායි රාජ්‍යයෙන් ලැබුණු තොරතුරු අනුව ඉහත කී බැංකු ගිණුම් වලට අදාල ඡායාරූප ( Screen shots ) නැවත ලබා ගැනීමට ලංකා නිව්ස් වෙබ් අපට හැකියාව ලැබී ඇත. දැනට මේ පිළිබඳව විමර්ශන කටයුත්තක් සිදු කෙරෙණ බැවින් නීතිමය ක්‍රියාවලියට බාධාවක් වන නිසා එම Screen shots අප විසින් මෙහි පළ කරන්නේ නැත. එහෙත් ඊට අදාල මොහොත පැමිණි විට ඒවා හෙළිදරව් කරන්නට අප සූදානම් ය.


    - http://sinhala.lankanewsweb.net/news/special-news/item/6288-2016-11-07-02-34-48
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,552
    28,421
    113
    පන් කෝටියකට අධික මහජන මුදල් සොරකම් කර රට පනින්න ගිය රාජපක්ෂගේ මස්සිනා ඇමරිකාවේ හිටපු තානාපති අත් අඩංගුවට

    Jaliya%20Chitran%20Wickramasuriya-2.jpg.JPEG


    රජයේ මුදල් පන් කෝටි දාහත් ලක්ෂයකට අධික මුදලක් හොරකම් කිරීම සම්බන්ධයෙන් වොෂින්ටනයේ හිටපු ශ්‍රී ලංකා තානාපති මහින්ද රාජපක්ෂගේ ඥාති සොයුරු ජාලිය වික්‍රමසූරිය රටින් පැන යාමට උත්සාහ කරද්දී FCID ය විසින් ඊයේ රාත්‍රී අත් අඩංගුවට ගෙන තිබේ.

    මොහු අද අධිකරණය ඉදිරියට පැමිණවීමට නියමිතය.

    ජාලිය වික්‍රමසූරිය වොෂින්ටනයේ ශ්‍රී ලංකා තානාපතිව සිටියදී තිබූ තානාපති කාර්යාලය වෙනුවට අලුතින් තානාපති කාර්යාලයකට කියා No' 3025, White Haven Street, Washington 20008. දරණ ස්ථානයේ ගොඩනැගිල්ලක් මිල දී ගත්තේය. ඒ සඳහා ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශයෙන් ලබා ගත් මුදල ඇ.ඩො. මිලියන 6.65 කි. එම මුදලින් ඇ. ඩො. 3,45,000 ක් හෙවත් රුපියල් 5 කෝටි 17 ලක්ෂ පනස් දහසක මුදලක් ඔහුගේ තේ සමාගමකට බැර කරගෙන තිබේ.

    මේ සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් තිස්සේ ඇමරිකානු බලධාරීන්ගේද සහාය ඇතිව FCID ය විසින් විමර්ශන කරන ලද අතර තමාව අත් අඩංගුවට පත් වන බව දැන ගත් ජාලිය වික්‍රමසූරිය ඊයේ (17) පාන්දර රටින් පැන යෑමට උත්සාහ ගත්තේය. ඒ වන විටත් FCID ය විසින් ඔහුට රටින් පිටවීම වාරණය කරමින් අධිකරණ නියෝගයක් ලබාගෙන තිබූ බැවින් කටුනායක ගුවන් තොටුපොලට පැමිණි ජාලිය වික්‍රමසූරියට රටින් පැන යෑමට නොහැකි විය.

    පසුව ඊයේ උදෑසන සිට ජාලිය වික්‍රමසූරියගෙන් ප්‍රශ්න කරන ලද FCID ය රාත්‍රී 10 ට පමණ ඔහුව අත් අඩංගුවට ගන්නා ලදී. අද උදෑසන අධිකරණය ඉදිරියට පැමිණවීමට නියමිතය.

    ජාලිය වික්‍රමසූරිය නමැති මහජන මුදල් කොල්ල කෑ අපරාධකාරී රාජපක්ෂගේ මස්සිනා පසුපස දීර්ඝ කාලයක් හඹා ගොස් නියම තොරතුරු ලබාගෙන නීතිය ඉදිරියට පැමිණවීම FCID ය සහ CID ය පසුගිය වනචර දශකයේ අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන්නේ නැතැයිද, ඒවා දේශපාලන න්‍යාය පත්‍රයක් අනුව සිදුකරන්නේ යයිද, හාල්මැස්සන් අල්ලන්නේ යයිද කියමින් තක්කඩියන් නගන අවලාද වලට ලබා දුන් හොඳ පිළිතුරකි.

    ජාලිය වික්‍රමසූරිය නමැති නීල කාස හොරා කරන ලද හොරකම් රාශියකි. ඒ සම්බන්ධයෙන් මීට පෙර ලංකා ඊ නිව්ස් පළ කළ පුවතක් මෙතැන ක්ලික් කර කියැවිය හැකිය.


    - http://www.lankaenews.com/news/4839/si


    ජාලිය වික්‍රමසූරිය අත්අඩංගුවට


    ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු තානාපති ජාලිය වික්‍රමසූරිය මහතාව පොලිස් මූළ්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

    ජනතා මුදල් අවභාවිතාව යන චෝදනාව යටතේ ඔහුව අත්අඩංගුවට ගෙන ඇති අතර අද (18) ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

    තානාපති කාර්යාලය සඳහා ඩොලර් මිලියන 6.2ක කුලියකට ගොඩනැගිල්ලක් ලබාගැනීමේදී ඉන් ඩොලර් ලක්ෂ 32ක් වංචා සහගත ලෙස තමන් සතුකරගෙන ඇති බව මෙතෙක් සිදු කළ පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.


    - http://www.lankatruth.com/site/inde...පුවත්/item/3278-ජාලිය-වික්‍රමසූරිය-අත්අඩංගුවට
     

    Similar threads