හොරෙන්_ඉන්ටර්නෙට්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
හොරෙන්_ඉන්ටර්නෙට්

හොරෙන් අන්තර්ජාලය ලබා ගත් අයෙක් දැලේ.

1.jpg

වසර ගණනාවක සිට ලංකාවේ අන්තර්ජාල සේවා සැපයුම් කරුවන්ගේ රේඩියෝ සංඛ්‍යාත ජාලවලට අනවසරයෙන් ඇතුළුවී අන්තර්ජාලය ලබා ගත් මිගමුව ප්‍රදේශයේ පුද්ගලයෙකු අත්අඩංගුවට පත්වී ඇත. පසුගිය සතියේ අන්තර්ජාල සේවා සැපයුම් සමාගමටකට ලැබුණු නිර්නාමික දුරකථන ඇමතුමකට අනුව පොලිසිය විසින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු බොහෝ කාලයක් තිස්සේ වංචා සහගත 10Gbps අධි ධාරිතාවයකින් යුක්ත වේගයකින් අසීමිත ලෙස අන්තර්ජාලය භාවිතා කොට DVD ජාවාරමක් පවත්වා ගෙන ගොස් ඇති බවට අනාවරණය කොට ගෙන ඇත. තවද මොහු DVD විශාල තොග වශයෙන් අප්‍රිකානු රටවලට අපනයනය කොට ඇති බව සොයාගෙන ඇත. මේ වන විට අන්තර්ජාල වංචාව සඳහා විදේශ රටවලින් ආනයනය කල ඉලෙක්ට්‍රොනික උපාංග , ඇන්ටනා සහ පරිගණක කිහිපයක් පොලිස් භාරයට ගෙන ඇත. පොලිසිය විසින් තවදුරටත් පරීක්ෂණ කටයුතු මෙහෙයවමින් සිටී.

විගස පුවත්
 
Last edited:

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    muth ekka wade karapu ekek ma wenna ona oya call eka deela thiyenne
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඇයි උබත් ISP හැක් කලාද ඒ කාලේ ?

    හැක් ද හුක් ද මන්දා බන්. මොබිටෙල් ජී එස් එම් කරපු කාලේ උන්ගේ ප්‍රොක්සි සර්වර් එකේ අවුලක් තිබ්බා, ප්‍රොක්සි මාරු කරලා ෆ්රී ගන්න පුළුවන්. p2p එහෙම තනිකර ෆ්‍රී තිබ්බා ටොරන්ට් බාන්න.

    තව සෙල්ටෙල් තියන කාලේ මයිනස් බැලන්ස් sms ගහන්න පුළුවන් විදියක් තිබ්බා. එකෙන් මගේ එක සිම් එකක් තිබ්බා මල් කඩලම ලක්ෂේක විතර මයිනස් බැලන්ස් එකක් තිබ්බා.
     
    Last edited:

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    හැක් ද හුක් ද මන්දා බන්. මොබිටෙල් ජී එස් එම් කරපු කාලේ උන්ගේ ප්‍රොක්සි සර්වර් එකේ අවුලක් තිබ්බා, ප්‍රොක්සි මාරු කරලා ෆ්රී ගන්න පුළුවන්. p2p එහෙම තනිකර ෆ්‍රී තිබ්බා ටොරන්ට් බාන්න.

    තව සෙල්ටෙල් තියන කාලේ මයිනස් බැලන්ස් sms ගහන්න පුළුවන් විදියක් තිබ්බා. එකෙන් මගේ එක සිම් එකක් තිබ්බා මල් කඩලම ලක්ෂේක විතර මයිනස් බැලන්ස් එකක් තිබ්බා.

    ඒ කාලේ ඉතින් 2 G නේ
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඒ කාලේ ඉතින් 2 G නේ

    ඒ කාලේ ඉන්ටනෙට් EDGE කියන්නේ දැන් කාලේ 4G වගේ තමා බන්. . මොබිටෙල් උන් ඇනලොග් ඉදන් මාරු උන ගමන් 3G දුන්න.එඉ කාලේ ෆෝන් වල සිස්ටම් එකක් තිබ්බා. මැසේජ් සෙන්ඩ් වයා 3G නෙට්වර්ක් කියලා සිලෙක්ට් කලොත් මැසේජ් වලට බිල් වෙන්නේ නැ . පරණ නොකියා 6600 වගේ මොඩල් වල ඕක තිබ්බා.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,025
    10,593
    113
    හැක් ද හුක් ද මන්දා බන්. මොබිටෙල් ජී එස් එම් කරපු කාලේ උන්ගේ ප්‍රොක්සි සර්වර් එකේ අවුලක් තිබ්බා, ප්‍රොක්සි මාරු කරලා ෆ්රී ගන්න පුළුවන්. p2p එහෙම තනිකර ෆ්‍රී තිබ්බා ටොරන්ට් බාන්න.

    තව සෙල්ටෙල් තියන කාලේ මයිනස් බැලන්ස් sms ගහන්න පුළුවන් විදියක් තිබ්බා. එකෙන් මගේ එක සිම් එකක් තිබ්බා මල් කඩලම ලක්ෂේක විතර මයිනස් බැලන්ස් එකක් තිබ්බා.

    ඇයි මොබිටෙල් වලින් divert කරාම මොබිටෙල් වලට outgoing free තිබුන කාලේ මතකද ?

    පට්ට ආතල්

    ඒ කාලේ ඉන්ටනෙට් EDGE කියන්නේ දැන් කාලේ 4G වගේ තමා බන්. . මොබිටෙල් උන් ඇනලොග් ඉදන් මාරු උන ගමන් 3G දුන්න.එඉ කාලේ ෆෝන් වල සිස්ටම් එකක් තිබ්බා. මැසේජ් සෙන්ඩ් වයා 3G නෙට්වර්ක් කියලා සිලෙක්ට් කලොත් මැසේජ් වලට බිල් වෙන්නේ නැ . පරණ නොකියා 6600 වගේ මොඩල් වල ඕක තිබ්බා.

    දැන් ඉන්න එවුන් ඒවා ගැන දන්නේ වත් නැතිව ඇති බන්
     
    Last edited: