වෙදගම ගැන නම් යමක් කියන්න පුලුවන්. මං කකුල කැඩිල ප්ලාස්ටර් දාගෙන ඉඳල ප්ලාස්ටර් කැපුවල පස්සෙ ගිය ව්දගම. එතකොටත් කකුල කැඩුන තැනින් ටිකක් හෙලවෙනව. (කිරියෙ දන්න උන් දන්නව කකුල හොඬටම ඩැමේජ් වෙලා තිබ්බෙ) ලොකු වෙද මහත්තය නෙමේ මටත් හම්බ වුනේ. කොහොමහරි හිටිය කෙනා බෙහෙත් බන්ඩල සති 3න් එන්න කිව්ව. එ ගියට පස්සෙ අපහු බලල කිව්ව කකුල හොන්ඩවෙන්න කලෙ හරි හොඳවුනේ නෑ කියන්නෙ සවුත්තුයි වගේ කියල කකුල. ඊට පස්සෙ අපි හරියට පරිස්සම් කරල නෑ කියල කතාවක් කිව්ව.
මට ඒපාර මල පැනල බෙහෙත් කරන්නෙ නතුව නැවැත්තුව. ඊට පස්සෙ ඓ මොකුත්ම කලෙ නෑ කකුල නිකම්ම තියගෙන හිටපු එක කලෙ. සර්ජරි කරපු ඩොක්ටර් කියල තිබ්බෙ කකුල නිකම්ම තියන්න කියල එක්සර්සයිස් කර කර. කාලයක් යද්දි කකුල අවුලක් නතුව නිකම්ම හොඳ වුනා. හැබැයි සෑහෙන කාලයක් ගියා. කිසිම වාරුවක් නැතුව ඇවිදින්න අවුරුද්දයි මාස 2ක් විතර ගියා.
මාස 6කින් හෝ 7කින් විතර පස්සෙ තමා වෙදගම ගියෙ. ඒ යනකොට කකුල හයිවෙලා තිබ්බට හයිය රබර් එකක් වගේ ලාවට හෙලවෙනව.

කොහොම නමුත් පොරගෙ බෙහෙත් කලෙ නෑ මම් අර කතාවෙන් පස්සෙ. ඩැමේජ් එකේ තරම තේරුම් ගන්නෙ නැතුව කිව්වඩ කියල සැකයි මටනම්. හැබැයි අපේ ගෙවල් පැත්තෙ තව ගෑනු කෙනෙක් හම්බවුනා අත කැඩිල මාස 3-4ක් විතර තිස්සෙ බෙහෙත් ගන්නව තාව හොඳ නෑ කිය කිය හිටපු. අනේ මංදා. මගෙ අත්දැකීම නම් හොඳ නෑ.