හොල්මන් අවතාර විශ්වාස කරනවද?
මේකයි සීන් එක, මගේ පරන යාලුවෙක් ආව ලගදි අපේ ගෙදර. මූ මෝඩ දේවල් විශ්වාස කරන ඩයල් එකක් නෙමේ මචන් හොදට ඉගෙනගත්ත පොරක්. ඒත් මූ හොල්මන් අවතාර තදින්ම විශ්වාස කරනව.
මූ කියනව හැමදාම රෑට හීනෙන් මූ කියවනවලු වෙන උන්ගේ කටහඩවල් වලින්. තාම නම් ඇහිල නෑ මට, හැබැයි මූ එක්ක බෝඩිමේ නිදාගන්න එකා ඒක ඇත්ත කිවුව.
මූට සමහර වෙලාවට දැනෙනවලු කවුරුහරි මූව අදිනව වගේ , ඇදෙන් නැගිටින්න බැරි වෙන්න තද කරල අල්ලන් ඉන්නව වගේ, මූ ඒවට දැන් පුරුදු වෙලා ලු. මුගේ කරේ තියන සුරේ හැම මාසෙම මාරු කරන්න වෙනවලු මචන් , ඒක ගෙවිල යනවලු. අපිට පෙන්නුව ඇත්තටම ගෙවිල. (ඇගේ ගෑවිලා ගෙවුනද දන්නැහැ හැබැයි )
මේ සීන් නිසා මුගේ ගෙදරින් මූව එක්කන් ගිහින් තියනව සාත්තර අහන්න (හොල්මන් සීන් දන්න පොරක් ගාවට ) මිනිහ කියල මුගේ පිටිපස්සේ අඩි දෙකක් දුරින් හොල්මනක් හැමවෙලේම ඉන්නව කියල. මූ ඒකත් තදින්ම විශ්වාස කරනව.
මගේ පුද්ගලික මතය නම් මම මේව විශ්වාස නොකරමි , අනන්තවන් මේ වගේ දේවල් අහල තියනව, ඒත් ඇස් දෙකෙන් දැකල කන් දෙකෙන් අහනකම් විශ්වාස කරන්නේ නෑ, මේක ගැන උනත් දැම්මේ මේක මගේ යාලුවම කියන දෙයක් නිසා සහ ඌ බොරු කිවුව වෙන්න බැරි නිසා.
මගේ අත් දැකීමකට කියල තියෙන්නේ මම පොඩි කාලේ අපේ ගෙදර වැඩ කරන්න හිටපු කෙල්ලට යකෙක් වැහිල සීන් එකක් උනා. මම නම් හිතන්නේ ඒ කෙල්ලට ගෙදර යන්න ඕන වෙලා කියල. බයක් හිතුනේ නෑ ඒ කාලේ ලොකුවට. හැබැයි ඒ වෙලාවේ කෙල්ල කෑ ගහල කතා කරේ නම් අමුතු කටහඩකින්, පුදුම හයියකුත් තිබ්බ ඇගේ, ලොකු මිනිස්සු දෙනෙක් විතර ඕන උනා ඒකිව නවත්තන්න. තොවිලයක් කරපුවහම කෙල්ලට හරි ගියා, පස්සේ ගෙදර ගිහින් දැම්ම.
නමුත් විශ්වාස නොකරමි.
උබලත් හොල්මන් අවතාර විශ්වාස කරනවද? එහෙනම් ඒ ඇස් දෙකට දැකල ද? උබලටම උන අත්දැකීම් තියනව නම් දාමු බලන්න

Last edited:

යලුවාගෙ case එක ඇත්ත වෙන්න පුලුවන්.. මොකෙක්හරි එකෙක් එල්ලිලා ඇති! මොනාහරි පිංකමක් කරලා පිං අනුමොදම් කරලා බලන්න කියන්න... ලොකුවට හිතන්න දෙයක් නෑ.. ඔය සුර වලින් ඇතිවන බලපෑම් තාව කාලිකයි. බුද්ධ ධර්මයෙන් විතරයි පිහිටක් තියෙන්නෙ. sorry තමයි.