හොල්මන් අවතාර විශ්වාස කරනවද?

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මට නම් තාම physically කරදරයක් වෙලා නෑ. :yes: (+) එක එක ඒවා කරන්න වෙන වෙලාවලුත් තියනවා බන්! උඹෙ යාලුවාගෙ තත්වය ගොඩක් case ද? :oo:

    ඌත් උබ වගේ මචන්, බයෙන් ඉන්නේ නෑ, ඌ ඒව විශ්වාස කරනව. ඇත්තටම ඌට නෙමේ ගොඩක් ප්‍රශ්න ඌ වටේ ඉන අපිට. ලොල් :lol:
     
    Last edited:

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    :shocked::shocked::shocked::(
    හොල්මනක් දැක්කාද වැඩිය අප්සට් ගියා සුදීව මල්ලී
    උබව ආපහු මෙතන දැකලා ..
    එල එල :love:

    අම්මටහුඩු නුවන් අයිය. දැක්ක කල්. මොකෝ අප්සට් ගියේ?
    ඉතින් කොහොමද? :love::love:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඌත් උබ වගේ මචන්, බයෙන් ඉන්නේ නෑ, ඌ ඒව විශ්වාස කරනව. ඇත්තටම ඌට නෙමේ ගොඩක් ප්‍රශ්න ඌ වටේ ඉන අපිට. ලොල් :lol:

    මැරිච්ච එකෙක් වාතයක් වෙලා නම්, ඕවට කරන්න වැඩ තියනවා. මං දන්න ස්වාමින් වහන්සේ කෙනෙක් ඉන්නවා. ඕනෙ නම් උදවුවක් කරන්න පුලුවන්. යාලුවාගෙන් අහලා කියපන්! උන්වහන්සෙ තමයි ඕකට හරියනම කෙනා! හැබැයි ඉතින් උගෙ මානසික රෝගයක් නම් කරන්න දෙයක් නෑ! :lol:
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මචන් මරනින් මතු සිත කියන දෙ පවතිනවය කියන එක පිලිගන්න පුලුවන් හරි හමන් ශක්ශියක් මෙච්චර කාලෙකට හම්බවෙලා නැහැ , ගන්න පුලුවන් හොදම නිගමනය හිත යනු මොලයෙ ක්‍රියකරිත්වයෙ අතුරු ප්‍රතිපලයක් කියන එකයි ,
    හදිස්සියෙ හරි එහෙම පැවතුනත් හිත + ගත දෙකම තියන මිනිහෙක්ට කරන්න පුලුවන් තරම් අනතුරක් ඔය කියන "හිතට" විතරක් කරන්න බැහැ

    හැබැයි අනියත බිය කියන දෙටනම් උබෙ ඔය යලුවට ගොඩක් හානියක් කරන්න පුලුවන්... පුලුවන් කමක් තියනවානම් උබෙ යලුවව මනො වයිද්යවරයෙක්ට පෙන්නපන්

    හොල්මන් පෙන එව , දෙවියො වැහෙන එව , යක්කු වැහෙන එව ,වගෙ ගොඩක් දෙවල් දැන් සුව කරන්න පුලුවන් ,
    :):):)
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,472
    1,033
    113
    KANDY
    මුලින්ම කියන්න්නම්.. මට මේවා ඔප්පු කරන්න බෑ.. හැබැයි මං සහතික කරලා කියන්නම් මේ සිද්දි මට වෙලා තියනවා.. හැබැයි ඒත් එක්කම කියන්නම් මම මේවා විශ්වාස කරන්නෙ බුදුරජාණන් වහන්සෙ දෙශණාකරලා තියන නිසා මිසක් මගෙ අත්දැකීම් නිසාම නෙවේ.

    කාලයක් අපෙ අප්පච්චි රෑ වැඩට බෝවතැන්න power station එකට ගියා. එයා එතන විදුලි අධිකාරි කෙනෙක්. එයා වැඩට ගිය දවස් වලට හෝ අපෙ අම්මයි මමයි කොහොම හරි රෑට අපේ ගෙදර තනියෙන් ඉන්න දවස් වලට තමයි මේ case එක පටන් ගන්නෙ. එතකොට ගෙදර ඉන්නෙ මමයි අම්මයි නංගී මල්ලියි විතරයි. අපේ නිදන කාමර තියෙන්නෙ 2වනි තට්ටුවේ. අපි ලයිට් off කරලා නිදාගන්න ඇඳට වැටිලා ටික වෙලාවක් ගියාම තමයි එක්කෙනෙක් වැඩ පටන් ගන්නෙ. 1වෙනි තට්ටුවේ ගෙදරින් එලියෙ ගේ පිටිපස්සෙන් ගේ වටේට. මම ලේසියට ඒ කෙනාට X කියන්නම්.

    මුලින්ම කරන්නෙ ඔන්න ඔය නිල්පාට කොටුව තියන හරියෙ ඉඳලා ඔය දම් පාට path එකේ ඔය X මොකද්දෝ බර දෙයක් අදිනවා. අපිට තේරෙන්නෙ ඒක ගොඩක් බර දෙයක් හැටියටයි ඒ අදින සද්දෙන්.

    IMG]https://m.ak.fbcdn.net/sphotos-b.ak/hphotos-ak-frc1/t1/1798493_10200720351209877_221614801_n.jpg[/IMG]​

    ඊට පස්සෙ X ඒක අදින එක නවත්තලා ඔන්න ඔය රතු පාට path එකේ , අර බර දේ ඇදලා ඉවර වෙච්ච point එකේ ඉඳලා ඇවිදින්න ගන්නවා. ගොඩක් බරට අඩි තියලයි ඇවිදින්නෙ. X අයෙත් අර අදින දේ එතනින් එහාට හොලවන්නෙත් නෑ. රතුපාට path එක ඉවර වෙන තැනට ආවට පස්සෙ ආයෙ හැරිලා යන්නෙත් නෑ. නිකම්ම සද්දෙ නැති වෙලා යනවා.

    මේක හැමදාම ඇහුනෙ මටයි අම්මටයි විතරයි. අපි දෙන්න හැමදාම කතා වෙනවා ඔය ගැන. අපි දෙන්න්නට විතරමයි ඇහෙන්නෙ. අපි සමහර වෙලාවට කතාවෙලා එන්නෙ උඩ තට්ටුවට නිදාගනන්න "ඔන්න අද අරයා සද්ද කරයි" කියලා. කිවුවත් වගේම වෙනවා. ඔය නිල්පාට කොටුව තියන තැනට ඇතුලෙන් තමා අපෙ ගෙදර කුස්සිය තියෙන්නෙ.


    ඔය වගේ එක එක සිද්දි අපෙ ගෙදර තියනවා බං මං පොඩි කාලෙ ඉඳලා.. ඒ නිසා ඕවා මටනම් අමුතු දේවල් නෙවෙ! අහපු නිසයි කිව්වෙ හොඳේ! නැත්තම් මං ඕවා කාටවත් කියන්නෙ නෑ! :)
    ela ban ..thawa kiyandako...
    dakala nadda eka parakwath?
    baya hithenne nadda?
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මචන් මරනින් මතු සිත කියන දෙ පවතිනවය කියන එක පිලිගන්න පුලුවන් හරි හමන් ශක්ශියක් මෙච්චර කාලෙකට හම්බවෙලා නැහැ , ගන්න පුලුවන් හොදම නිගමනය හිත යනු මොලයෙ ක්‍රියකරිත්වයෙ අතුරු ප්‍රතිපලයක් කියන එකයි ,
    හදිස්සියෙ හරි එහෙම පැවතුනත් හිත + ගත දෙකම තියන මිනිහෙක්ට කරන්න පුලුවන් තරම් අනතුරක් ඔය කියන "හිතට" විතරක් කරන්න බැහැ

    හැබැයි අනියත බිය කියන දෙටනම් උබෙ ඔය යලුවට ගොඩක් හානියක් කරන්න පුලුවන්... පුලුවන් කමක් තියනවානම් උබෙ යලුවව මනො වයිද්යවරයෙක්ට පෙන්නපන්

    හොල්මන් පෙන එව , දෙවියො වැහෙන එව , යක්කු වැහෙන එව ,වගෙ ගොඩක් දෙවල් දැන් සුව කරන්න පුලුවන් ,
    :):):)

    mama wiswasa karannet meka thamai
     

    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43

    මේ සීන් නිසා මුගේ ගෙදරින් මූව එක්කන් ගිහින් තියනව සාත්තර අහන්න (හොල්මන් සීන් දන්න පොරක් ගාවට ) මිනිහ කියල මුගේ පිටිපස්සේ අඩි දෙකක් දුරින් හොල්මනක් හැමවෙලේම ඉන්නව කියල.


    මූට අතේ පාරක් වත් ගහන්න බය ඇති අරූ අඩි 2ක් පිටිපස්සෙ ඉඳන් බැල්මට් එක දාන නිසා.:lol::lol:
     

    bhanukanadeesha

    Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    මේකේ නම් ඇත්තක් ඇති මචන් මොකද මටත් ඔය සීන් එක තිබුනා. රෑට කවුරුහරි මාව තද කරන අල්ලන් ඉන්නවා වගේ. කෑ ගැහුවට මුකුත් වෙන් නෑ. හුස්ම ගන්න අමාරුයි. කවුරු හරි ගෑනු කෙනෙක් මන් ලග නිදාගන්නවා වගේ දැකපු දවස්. රෑට කෙසේ වෙතත් හවසටත් පෙන්න ගත්ත. දවසක් වෙන කෙනෙක්ගේ වැඩකට සත්තරයක් අහන්න ගිය. ඒ වෙලාවේ කපුවා මන් ගැන කියන්න ගත්ත. ඔයා රෑට බය වෙනවා නේද මල ගිය ගෑනියෙක් මන් ලගින් නිදාගන්නවා කියල. එහෙම කියල මු එදා මට නුලක් දුන්න. සුරයක් දාමු කිඋව පස්සේ. නුල දැම්මට පස්සේ අඩු උනා ටිකක්. සුරේ දාල දැන් අවුරුද්දකට වැඩි. දැන් නම් නෑ. එත් දැන් කපුවා මැරිලා :/
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මම ඉස්සර ඕවා විශ්වාස කරේම නෑ හැබැයි 9 වසරේදී දැකපු සිද්දයක් නිසා හිත වෙනස් උනා
    අපේ ගෙදර අවුරුද්දක් පතා කිරිදානයක් දුන්නා ,මේක දුන්නේ අපේ අම්මටයි මටයි කම්මුල්ගාය හැදුන නිසා ,එදා අපේ සීයාගේ නංගි කෙනෙක් ඇවිල්ලා හිටියා ,ඒ ආච්චි ඊට කලින් කවදාවත් අපේ ගෙදර ඇවිල්ලා නෑ ,කිරිදානේ දෙනකොට පත්තිනි හෑල්ල කියලා එකක් කියනවා
    මේක කියද්දී අර ආච්චි කොන්ඩේ එහෙම කඩලා ආවේශ උනා ,මට පුදුම හිතුනා මොකද මම හිතුවේ දේවාල වල කට්ටිය ආවේශ වෙන්නේ බොරුවට සල්ලි ගන්න කියලා
    එයා කතා කරේ පිරිමියෙක්ගේ කටහඩින් ,ඒවගේම කපුරු පත්තුකරලා ඉල්ලුවා
    ඊට පස්සේ තමා වැඩේ උනා ,ඒ කපුරු කටේ දාගත්තා ,කපුරු කටේ පත්තුවෙනවා මම දැක්කා
    ටික වෙලාවක් යනකොට අවේශේ නැති වෙලා හරි ගියා
    මම ඇහුවා පස්සේ ආච්චිගේ කට පිච්චුනේ නැද්ද කියලා ,එයා කියනවා නෑ කටේ කපුරු රහක් එනවා ,වෙච්ච කිසිම දෙයක් මතක නෑ කියලා
    මට එදා ඒ දැකපු දේ නිසා විද්‍යාවට ඔප්පු කරන්න බැරි සිදුවීම් තියෙන බව දැන ගත්තා
    මේ වගේ තව ගොඩක් සිද්දි තියෙනවා type කරන්න තමා අමාරු
    දාන දීලා පිං නිවැරදිව අනුමෝදන් කිරීමෙන් ගොඩක් දෝෂ වලින් අයින් වෙන්න පුළුවන්
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    I lived in a very very old house in SL. Many people said that lot of people died at that house long ago. But we haven't experienced any thing.

    Well I believe ghosts. There is a tv program (creepy canada). In that program, people expressed their stories about ghosts. For example, such experience was described by employees (not one but many) in a old museum.

    Amazing thing is that those people are not Buddhist and they do not believe ghosts until they experience it. Anyway some stories may be not true. But I believe some are convincing.
     

    Mr.Sherlock

    Active member
  • Oct 7, 2014
    160
    42
    28
    ආනන්ද මෛත්‍රය මහ නා හිමි විසින් කථිත "අපට නොපෙනන ලෝකය " පොතෙන්

    අමනුස්සයෝ ,භූතයෝ කීවාම ස්වාබවය ඔක්කොම එක යි.මේ ඔක්කොටොම තියෙන්නේ තත්මාත්‍රමය සුක්ෂම ශරීරයි .හැබැයි ඒ ගොල්ලන්ගේ මට්ටම් වෙනස් .ඒ ඒ අයගේ කර්ම ශක්තිය අනුව ඒ ඒ තත්වයන්ට පත් වෙනවා .අකුසල කාර්ම හේතුකොටගෙන උපත ල බු අය දිවය ආදී අත්මවලත් උපදිනවා .කර්ම ශක්තියේ තත්වය අනුව ඒ ඒ අය දුර්වලකම් හා විවිධ හැකියාවන් ඇතිව උපදිනවා .

    බොහොම පහල මට්ටමේ අය අපි ප්‍රේතයන් ලෙස හදුන්වනවා හරියට මිනිසුන් අතරේ දුප්පතුන් සිටිනවා වගේ .ඊට වඩා ටිකක් ඉහල අයට අපි කියනවා බුමාටු දේවතාවෝ කියලා .ඒ ගොල්ල පොලොවට සම්බන්ධයි .ඊටත් වඩා ඉහල අහසේ විමාන නිර්මාණය කරගෙන ඉන්න අයයි .ආකාසට්ට දේවතාවෝ .

    මේ පොලොව වටේට ගෝලය වගේම සුක්ෂම ගෝලයක් තියෙනවා .පොලොව කර කැවි කැවි යන විට ඒ අනුව සුක්ෂම ගෝලයත් කැරකෙනවා.පොලොවට කිට්ටු මේ සුක්ෂයම ගෝලයට තමයි අපි චාතුර්මහාරාජික දිවය ලෝකය කියන්නේ .මේ සුක්ෂයම ගෝලයට පිටින් ඊටත් වඩා සියුම් ගෝලයක් තියෙනවා එක තමයි තව්තිසා දිවය ලෝකය .මේ පොලොවට සම්බන්ද ඔය දිවය ලෝක දෙක විතරයි .අනිත් දිවය ලෝක මේ පොලොවට සම්බන්ද නෑ . වෙනත් ග්‍රහලෝක වලට සම්බන්දවයි පවතින්නේ .ඉතින් ඔය ලෝක වල අර සුක්ෂයම ශරීරයෙන් ඉහල ,ඉහල තත්වයන්ට දියුණු වූ ය බොහොම ඉන්නවා