හොල්මන් කතා ...

jeffhardy

Well-known member
  • Dec 2, 2006
    5,260
    524
    113
    CS OR DotA map eke
    ඉස්සර කාලේ හිටපු ගොඩක් මන්තර දන්න කොඩිවින කරන,
    කොඩිවින කපන ගොඩක් මිනිස්සු ගෙදරින් යන්න කලින් ගෙදරට ආරක්ෂාවක් දාල තමයි යන්නේ...
    මේ කතාවත් ඒ සම්බන්ද එකක්...
    මේක මම අහපු එකක්...
    එක පිටිසර බද ගමක ඉඳල තියෙනවා මේ වගේ ගුරුකම් කරන කෙනෙකුයි එයාගේ නෝනයි, කිරිදරුවෙකුයි...
    ගොඩක් දක්ෂ කෙනෙක්...
    කාටවත් දෙවෙනි වෙන්නේ නැහැ....
    දවසක් සුපුරුදු පරිදි පිට ගමකින් ආව මෙයාව එක්කගෙන යන්න...
    සුපුරුදු පරිදි ගෙදරට ආරක්ෂාවක් කරලා යන්න අමතක කලේ නැහැ...
    ඉතින් අදාළ තැනට ගිහිං බලනකොට,
    බලගතු යක්ෂයෙක් ගැහැණු ළමයෙක්ට වහලා...
    මේ ළමයි කටින් සෙම පෙරාගෙන විරූපී වෙලා බලන්න බයන්කාරයිලු...
    ඉතින් මේ යකදුරා තටුවක් හදල පිදෙනියක් තියල
    එදාම එලියට ගත්තු මිනි ඔලුවක් අරගෙන මතුරනවලු...
    එදා අමාවක දවසක් නිසා ගොඩක් පාලු මුසල ගතියක් තිබිල තියෙන්නේ...
    වැස්ස නැති උනත් හුළඟ තිබිල තියෙනවා...
    රෑ 12 පහු වෙද්දී වටේට විලක්කු පත්තු කරලා,
    යකදුරා මන්ත්‍ර කියන එක තීව්ර කරලා...
    කට්ටියට ඉන්න බැරි තරම් සිතලයිලු...
    ඒ මදිවට මිනී පිච්චෙන ගඳ අවටින් එනවලු....
    ගෙදර බවලත් උදවිය කෝකටත් දේ ඇතුලට කරලා ආරක්ෂා කරලා වැඩේ පටන් ගත්ත...
    දැන් ටිකෙන් ටික ආතුර නටනවා...
    යකදුරාගේ බෙල්ලටමයි එන්නේ...
    අන්තිමේදී යකදුරා මන්තර කියල යකාව මෙල්ල කළා...
    යන්න කිවුවම බිල්ලක් ඉල්ලුවා...
    නිකන් බිල්ලක් නෙවි මනුස්ස බිල්ලක්....
    අන්තිමට පොරොන්දු උනා බිල්ලක් දෙන්නම් කියල...
    යකාව එලියට ගත්තා..
    දුන්නේ කුකුල් බිල්ලක්...
    ඒ පාර අයිත් අර ගැහැණු දරුවාගේ ඇඟට යන්න බැරි වෙන්න බලගතු නුලකුත් දැම්ම...
    යකාට මදි...
    යකාට කේන්ති ගිහිං කිවුව පලි ගන්නවා කියලා...
    අයිත් ආවොතින් පුච්චනවා කියල යකදුරා බය කරපු නිසා යකා ගියා...
    ඉතින් ගෙදර සේරටම සතුටුයි...
    පුද පඬුරු දීලා යකදුරා යැවුවා ගෙදර...
    ගෙදර යද්දී කිසිම හැල හොල්මනක් නැහැ...
    කතා කරත් සද්දයක් නැහැ...
    ගේ ඇතුලේ කවුරුත් ඉන්නවා පෙන්නේ නැහැ...
    ඒත් අමුත්තක් තේරුනා....
    ගෙයි දොර කඩල බලද්දී දැක්කේ තමන්ගේ බිරිඳගෙයි කිරි දරුවගෙයි බෙලි කඩල කියලා...
    දෙන්නගෙම ඇඟේ ලේ බින්දුවක් වත් තිබිල නැහැ...
    කෝච්චර ආරක්ෂා දැම්මත් උනේ කොහොමද කියල හෙව්වා...
    අන්තිමට බලද්දී දැක්කේ අල්ලපු වත්තේ පොල් ගහක අත්තක් තමන්ගේ ගෙයි වහලේ ගෑ වෙනව...
    ගෙදරට ආරක්ෂාව දාපු නිසා ගෙදර වටේට යකාට පේන්නේ අහස උසට ගිනි දැල්...
    ගෙට එන්න ගියෝතින් පිච්චෙනවා..
    යකා බලද්දී දැකල තියෙන්නේ අත්ත....
    අන්තිමට අනුන්ගේ ගෙවල් වල ප්‍රශ්න විසඳන්න ගිහිං,
    තමන්ගේ සුරතල් දරුවගෙයි ජිවිතේ ගොඩක් දුර යන්න හිතං හිටපු බිරිඳගෙයි ජිවිත අරගෙන යකා ගියා.....

    බොහෝම කෙටියෙන් දාල තියෙන්නෙ විමලසේන ගුර්ණ්නාන්සෙගේ කතාවනේ :P
     

    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,260
    524
    113
    CS OR DotA map eke
    මේකයි පිලිගන්න එකෙක් පිලි ගනිල්ල

    මම කියන්න යන්නේ අපේ ආච්චිඅම්මා අත් විදපු ඇත්තම කතාවක්
    මේකයි කතාව අපේ සීයා ඒ කියන්නෙ අම්මගේ තාත්තා මන්තර සාත්තර දන්න ගමේ නමගිය පුද්ගලයෙක්

    සීයා ඒකාලේ ගමේ පොරවල් එක්ක මාසෙකට සැරයක් විතර දඩයමේ යනවලු
    වල් ඌරෝ දඩයම් කරන්න තමන්ගේ ඇගෙන් ලේ අරගෙන කොලේකින් ගොටුවක් හදලා ඒ ලේ ගොට්ටට මතුරලා කැලේ මැද තියලා ඔය එක එක වතාවත් කරාට පස්සේ ඌරෝ පිස්සුවෙන් වගේ අර ලේගොටුව තියන පැත්තට එනවලු එතනදි තමයි දඩයම කරගන්නේ සාමාන්‍යෙයන්
    කොහොම හරි එක දවසක් මෙහෙම දඩයමේ යද්දි සීයා ආච්චිට කියලා ගියාලු රෑට කව්රු ඇවිත් කතාකරත් දොරනම් අරින්න එපා කියලා


    එහෙම කියලා ගේ වටේට මතුරපු වැලි එහෙම දමලා සීයා ගිහින් තියෙන්නේ
    කොහොම හරි රෑ 11 විතර ආච්චිට ඇහෙනවලු සීයා කතා කරනවා දොර අරින්න කියලා ආච්චිට ඇහැ ඇරිලා අහගෙන හිටියලු ආයෙත් ටිකකින් ජනේලට තට්ටු කරල කතාකරනවලු
    දොරට ගහනවලු

    කොහොම හරි ආච්චි දොර ඇරලා නෑ සද්ද නොකරම ඉදලා
    එහෙම ඉන්කොට ආච්චිට එලෙයේ හද එලියට ජනෙල් කව්ලුව ඇස්සෙන් පේනවලු කලුපාට ඌරෙක්ගෙ වගේ ඔලුවක් තියන රතු ඇස් දෙකක් තියන මිනිහෙක් ගේ දිහා බලාගෙන ඉන්නවා කොහොම හරි මෙහෙම එක එක සද්ද පැයක් විතර ඇහිලා

    ආච්චි බයටම එලිවෙනකන් ඇහැරගෙනම ඉදලා කොහොම හරි අර උදේ අටට විතර වෙනකොට සීයා ගෙදර ඇවිල්ලා ආච්චි වෙච්ච සිද්දිය කිව්වලු

    සීයාගේ පැහැදිලි කිරීම අනුව ලේ ගොටුවට ආපු ඌරාට වෙඩි තියලා මරපු වෙලාවේ තමයි
    ඌගේ ආත්මේ පගිගන්න හිතාගෙන ගෙදරට ඇව්ල්ලා තියෙන්නේ


    ඔන්න ඕකයි සිද්දිය


    මචන් උඹලව ජෝක් එකට ගන්නව කියල හිතන්න එපා. පොඩි ප්‍රශ්නයක් මතු උන නිසා අහන්නෙ. ගේ වටේට මතුරපු වැලි දාල ගියානම් කොමද මචන් ඒවා පහු කරගෙන ගෙයි දොරට ගහන තැනටම එන්නේ
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    බොරු නෙවි බං :(

    අඩේ මචං මම ගියා ඔය පාරෙන් සුනාමි ඇවිත් මාසයකින් ලී වගයක් දෙන්න canter එක නැවත්තුවා ඔය හරියෙන් පාරේ එකෙක් නැ ඔක්කොම ගෙවල් කැඩිලා, හරිම පාලුයි,
     
    Last edited:

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ela machan, link eka thiyenawanam diyanko
    11.gif

    කොග්ගල නිලමේ 1 : https://drive.google.com/file/d/0BxXJ-mSgCddbU0hFZkUtdkRTa3c/view?usp=sharing

    කොග්ගල නිලමේ 2 : https://drive.google.com/file/d/0BxXJ-mSgCddbY1RVNnlsNVY5WTg/view?usp=sharing

    ගත්තොතින් කියන්න බලන්න...
    ෂෙයා කරලා තියෙන්නේ.
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    භද්‍රජී මහින්ද ජයතිලකගෙ පොතක් තියනව බෝදිලිමාගේ සාපය කියල ඒකෙ ඔය කථාව 80% ඔය විදියටම තියනව, උදා:- කියනවනන් පලාතත් ඕකමයි;)
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    භද්‍රජී මහින්ද ජයතිලකගෙ පොතක් තියනව බෝදිලිමාගේ සාපය කියල ඒකෙ ඔය කථාව 80% ඔය විදියටම තියනව, උදා:- කියනවනන් පලාතත් ඕකමයි;)

    මේකේ කි වෙනි කතාවද බං...
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    අනේ මංද බං....
    කනත්තක අල්ලපු වැටේ අවුරුදු 26ක් ජීවත් වුනා...
    නිකමට, ආසාවකට ඔය එක වේ**වෙක් දැක්කෙ නෑනේහ් ඕයි මම......
    අම්මප දකින්නත් පුදුම ආසාවක් තිබ්බෙත්...විශේෂයෙන් අර මහසොහොන කියන බුවා ව..පොර ටිකක් අමුතු බුවෙක් ලුනේහ්!
    ම්හ්.....
    නිකමට නෑ බං....

    ඒ වුනාට උපන් ගමේ මිනිස්සුන්ට වෙලා තියන දේවල්, බලි තොවිල් එහෙම හරි හරියට දැකල තියනවා...
    නමුත්...
    අපි අපෝහක භෞතිකවාදියෙ නේ බං ඉතිං...
    එච්චර ඕව ගැන එලවන්නේ නෑ.

    උබ තරම් මහසොහොන් අවතාරයක් තවත් ඉන්නවද බන්.. කන්නඩියක් ඉස්සරහට පලයන් එතකොට පෙනෙයි. :rofl::rofl::P:P
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule

    Dj Asi

    Active member
  • Jul 22, 2008
    833
    38
    28