මේක එක්තරා ගෙයක් ඉදිරිපිට වුණු සිදුවීමක්. ගෙදර මිදුලේ අවුරුදු 12ක 13ක වගේ හොඳට වැටුණු ඇඟ කඳ තියෙන ගෑණු දැරිවියක් මල් පාත්ති වලට වතුර දානවා. මේ දැරිවි හිටියේ ඉස්කෝලේ ගිහින් ආපු ගමන් වගේ..යට ගවුම පිටින්. කොණ්ඩ කරල් දෙක ගලවලා තිබුණෙත් නෑ. ටික වෙලාවකින් දැරිවිගේ දෙවෙනි තාත්තා ගේ ඇතුළින් එලියට ආවා. (පළවෙනි තාත්තා රජයේ ඉහළ නිලධාරියෙක්..ගෑණිවයි ළමයවයි දාලා ගිහින් ටික කාලෙකට පස්සේ අම්මා දෙවෙනි තාත්තා කෙනෙක් හොයා ගත්තා. ඒත් නීතියෙන් කසාඳ බැඳලා නෑ.)දෙවෙනි තාත්තා දැරිවි ලඟට ගිහින් මොනාද කතා කළා. අතින් අදිනවත් වජිරදේවි හොඳට දැක්කා. අනුන්ගේ මිදුලක වෙන නාට්‍යක් තාමයි වජිරදේවි මේ බලා ඉන්නේ.. ටික වෙලාවකින් දෙවෙනි තාත්තා දැරිවිගේ අතේ තිබුණු වතුර හෝස් එක උදුර ගත්තා. හිනා වෙවි..අහිංසක කෙල්ලට ගේ ඇතුළට දුවා ගන්න ලැබුණේ නෑ..
දෙවෙනි තාත්තා ළමයව නෑවෙන්න පපුව හරියට හෝස් එකෙන් වතුර ඇල්ලුවා. කෙල්ල එහෙට දුවනවා..මෙහෙට දුවනවා..ඒත් ගේ ඇතුලට යන්න දෙන්නේ නැතුව දෙවෙනි තාත්තා ළමයව නාවනවා. වැඩි වෙලාවක් ගියේ නෑ ළමයගේ ඇඟට දුහුල් ගවුම ඇලිලා නිරුවතින් හිටියා වගේම තමයි. ඊටත් වඩා තෙත ගවුම පිටින් උඩ පනිනකොට හිතා ගන්න පුලුවන්නේ.. වතුර විදින ගමන් දෙවෙනි තාත්තා දැරිවි ලඟට ගිහින් උස් වෙලා තියෙන පපුවෙන් ඇල්ලුවා. මේ හැමදේම පාරට පේනවා. ඒ වෙලාවේ දැරිවිගේ අම්මත් ගේ ඇතුළේ ඉඳන් එළියට ආවා. මුකුත් අමුත්තක් නෑ වගේ නල්ලමලේ දෙවෙනි පියා ටැප් එක වැහුවා. දැරිවි ලැජ්ජාවෙන් පපුව අත් දෙකෙන් වහගෙන ගෙට දිවුවා.
මේ අම්මා ගැන වජිරදේවිට පුදුම හිතුණා. ළමයට මොනා වුණත් කමක් නෑ..ඒත් තමන්ට නිදා ගන්න මිනිහෙක් නැති වෙනවට බයයි. මේ පවුලම ටික කාලෙකින් ගෙවල් මාරු කළා. මේක ළමා අපචාරයක් නෙවෙයිද? මානසිකව හෝ ශාරිරිකව අපහසුතාවයට පත් කිරීම අනිවාර්යෙන්ම අපචාරයක්. තමන්ගේ ගෙදර දරුවෙක්ට සුරක්ෂිත නැත්තම් ආයේ ඉතින් වටේ පිටේ සමාජය ගැන කවර කතාද? මේ වගේ ලොකු වෙන ළමයි අන්තිමට නතර වෙන්නේ මානසික සංකූලතාවයන්ට ගොදුරු වෙලා.
මිනීමැරුමක් සාධරණීකරණය පුලුවන් වුණත් ස්ත්‍රී දූෂණයක් හෝ ළමා අපචාරයක් කීයටවත් සාධරණීකරණය කරන්න බෑ. මොනම තත්වයක් යටතේ වුණත් අනුකම්පාව දක්වන්න හෝ නිදහසට කරුණු කියන්න දෙන්න අවශ්‍ය නෑ. මානසික රෝගියෙක් අතින් සිදු වුණා උනත්, උන්ගේ තියෙන ලෙඩ වලට ගෑණුවත් ළමයිවත් පලි නෑ.
මෑත කාලයේ අහන්න ලැබුණු ප්‍රවෘත්තිත් එක්ක වජිරදේවිට හිතුණේ මේ ධර්මද්වීපේ ඉන්න බහුතරක් උන් අසහනයෙන් නෂ්ඨකාමයෙන් පෙළෙන් එවුන්.
අපි තාමත් පරක්කු නෑ..අපිට මහ එවුන් හදන්න බෑ. ඒත් පොඩි එවුන්ව බලාගන්න පුලුවන්.
උපුටා ගැනීමකි. (මේක දාන්න හිතුනේ පහුගිය දවසක මට දකින්න ලැබුණු මේ වගේ සිදුවීමක් නිසා)