සහෝදරයා. මෙහෙම කියනවට අවුලක් ගන්න එපා. කැමතිනම් මක කියෝලා මට බැනපන්. නැත්නම් රෙප් කපපන් කිසි අවුලක් නෑ. වාට්ටුවට කන්සල්ටන් කෙනෙක් චැනල් කරාට එයා එන්නේ ගොඩක් වෙලාවට ඔය සීසර් එකක් වගේ හදිසි අවස්ථාවකදි විතරයි. නැත්නම් වාට්ටුවේ ඉන්න HO, Senior Registrar or Registrar (ප්‍රධාන රෝහල් වල විතරයි මෙයාලා ඉන්නේ), SHO කියන අය ඉන්නවා. බබාලා හම්බුවෙන අම්මලටත් සත්තු වගේ කතා කරන staff එකක් ඉන්න රෝහල මොකක්ද කියලත් දැනගන්න කැමතියි. මොකද මොන ඉස්පිරිතාලේ ලෙඩ්ඩුන්ට නර්ස්ලා මොන විදිහට කතා කලත් ඒ රෝහලේ හොඳම කරුණික staff එක ඉන්න ඔන්න ඔය වාට්ටුවේ.
අනික water bag එක කැඩුනු පලියට බබාව සීසර් කරන්නේ නෑ. මොකද උඹලා දන්න හිතන ප්‍රමාණෙට වඩා සීසර් කලාම වෙන අතුරු ආභාධ වැඩියි. Placenta acreta වගේ තත්ත්වයක් උනොත් ඊ ලඟ බබා හම්බුවෙද්දි අම්මගේ ගර්භාෂේ අනිවා ඉවත් කරන්න වෙනවා. අමගේ ජීවිතේ උනත් නැති වෙන්න පුලුවන්. ඒ වගේ තත්ත්වයක් ආවොත් ඒක අතිශය හදිසි තත්ත්වයක්. මුලින්ම ඕනේ බබෙක්ව සීසර් නොකර නෝමල් ගන්න තමයි බලන්නේ අවස්ථා කිහිපයකදී හැරෙන්න. අවස්ථා කීපය කිව්වේ කලින් ඉඳන් බබාව නෝමල් ගන්න බෑ කියලා තීරණය කරපුවා. ඒ ඇරෙන්න මුලින් කරන්නේ නෝමල් ගන්න ට්‍රයි කරන එක ඒකට හේතුව අතුරු ආබාධ හැකිතාක් අවම කරන්න. ඒකට කරන්නේ මුලින් ඔය උඹ කිව්වා වගේ ගැබ් ගෙල ඒකට යෝග්‍යය කරන එක. ඒකට කරන්නේ කොණ්ඩම් කැතීටර් එකක් දාන එක,අ යෝනි මාර්ගෙන් පෙත්තක් දාන එක තමයි කරන්නේ. හැබ් ගෙල යෝග්‍යය උනාම water bag එක කැඩිලා නැත්නම් ඇතුලට කතුරක් වගේ උපකරණයක් දාලා water bag එක manually කඩනවා. ඒ කඩද්දි ඒක හරියට කැඩිලා කියලා දැනගන්නේ ඒක කඩන්න ගන්න කතුර වගේ එකට ළමයගේ ඔලුවේ කෙස් ගස් කීපයක් ඇමිණිලා එන එකෙන්. ඕකටත් සමහර අම්මලා බය වෙනවා (මේක ඉතින් නොදැනුවත් කම බං ඒකට කරන්න දෙයක් නෑ දොස්තර දැනගන්න ඕනේ ඒක අම්මට කියලා අම්මව reassure කරන්න) water bag එක කැඩිලනම් Synto දෙන්න ගන්නවා. අලුත්ම guidlines අනුව බබා හම්බුවෙන්න ගතවෙන කාලයක් තියෙනවා. ඒ එක එක පියවර stages කිහිපයකට කඩලා තියෙන්නේ. ඒ කාල පරිච්චේදය පුරාවට partogram කියලා chart එකක් ලකුණු කරනවා. අවසානයේ බබා හම්බු නොවීම ලේබර් රූම් එකේ සිටිය යුතු පැය ගාණ ඉක්මවා ගියොත් හෝ CTG කියන ස්කෑන් එකට අනුව බබාගේ හුස්ම ගැනීමේ හෝ හෘද ස්පන්දනයේ හදිසි දුර්වල තාවයක් තිබ්බොත් ඉක්මනට labour room එකෙන් theator එකට අරගෙන සීසර් කරනවා.
ඔය කතාව කිව්වේ උඹත් ඔතන වරද සම්පුර්ණයෙන්ම වෛද්‍යයවරුන්ට සහ staff එකට දාලා තිබ්බ නිසා. දැන් ඕනේ නම් රෙප් කපහන් අවුලක් නෑ. නැත්නම් කෝට් කරලා හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ බලු කතාවක් කියහන් කිසි අවුලක් නෑ.