ෆයි කතාව

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වෘත්තයක පරිධිය එම වෘත්තයේ විෂ්කම්භයෙන් බෙදූ විට ෆයි කියන අගයට සමාන වෙනවා. අපි කතා කිරීමට බලාපොරොත්තුවෙන්නේ ෆයි කියන ගණිතමය සංකේතය හා ඒ ආශ්‍රිත යෙදීම් ගැන.

    330px-Pi_eq_C_over_d.svg.png

    නූලක් අරගෙන ඕනෑම වෘත්තයක (කාසි අරන් පරික්ෂා කරන්න ) ඉහළ රූපයේ පරිදි විෂ්කම්භය (D ) දිග නූලකින් මැනගෙන වෘත්තයේ පරිධිය දිගේ (C ) මැනගන්න.
    සම්පූර්ණ වටයක් වෘත්තය දිගේ නූලෙන් මැන්නම විෂ්කම්භය වගේ තුන් ගුනයකට වඩා ටිකක් වැඩියෙන් තියෙනවා කියලා තේරෙයි.
    අරය කොච්චර ලොකු උනත් පොඩි උනත් C/D කියන අනුපාතෙ නම් වෙනස් වෙන්නේ නෑ. ග්‍රීක හෝඩියේ 16 වන අක්ෂරය උනු පඉ තමා මේ නියතයට භාවිතා කරන්නේ...

    220px-Pi-unrolled-720.gif



    ඉතිහාසය
    ෆයි කියන අගය වසර 4,000 කට ආසන්න කාලයක් පුරා භාවිතා වෙලා තියෙනවලු.පැරණි බබිලෝනිවරුන් විසින් සොයාගත්තා කියලා තමා කියන්නේ. 1900-1680 අතර කාලෙදි මේ ෆයි අගය 3.125 ක් විදියට භාවිතා කරලා කියලා තමා කියන්නේ. පුරාණ ඊජිප්තුවරුන් සමාන සොයාගැනීම් සිදු කරලා තියෙනවා. ක්‍රි.පූ.1650 දි "Rhind Papyrus" කියන ප්‍රසිද්ධ ලියවිල්ලෙහි ඊජිප්තු ජාතිකයන් විසින් වෘත්තයක් වර්ගඵලය ගණනය කරලා තියෙනව සූත්‍රයකින් ෆයි අගය 3.1605 ට ආසන්න අගයක් ලබා දීලා.

    4dbba2e771e6937d9b8316f143302852--papyrus-ancient-egypt.jpg


    x6uI5pl.png

    ෆයි අගය සම්බන්ධයෙන් නූතන දැනුමේ මූලාරම්භ ගණනය සිදු කරන ලද්දේ ශ්‍රේෂ්ට ගණිතඥ ආකිමිඩිස් (ක්‍රි.පූ.287-212 ) විසින්. ලෝකයේ ශ්‍රේෂ්ටතම ගණිතඥයින්ගෙන් අයෙක් වුනු, ආකිමිඩීස් බහුඅස්‍රයන් දෙකක ප්‍රදේශ සොයා ගැනීමට යොදාගත් පයිතගරස් ප්‍රමේයය භාවිතා කරලා ෆයි සඳහා අගයන් ඉදිරිපත් කලා. වෘත්තයේ කේන්ද්‍රික ඛන්ඩයක් බහු අස්‍රයක් විදියට ආසන්න වශයෙන් යොදාගෙන ෆයි අගය විදියට යෝජනා කලා 31/7 හෝ 310/71 කියන අගයන්.
    ෆයි සඳහා ඇත්තටම තියෙන්නේ ඉවරයක් නැති අපරිමේය අගයක් . අපි සාමාන්‍යයෙන් 3.14 එහෙම නැත්නම් 22/7 කියලා භාග සංඛ්‍යාවක් විදියට ආසන්න වශයෙන් භාවිතා කරනවා.


    මෙන්න පළවෙනි දශමස්තාන සීය:
    3.14159 26535 89793 23846 26433 83279 50288 41971 69399 37510 58209 74944 59230 78164 06286 20899 86280 34825 34211 7067
    ඉන්දියාවේ එළවලු වෙළෙන්දක්ව වෙලාත් සිටිය සුරෙශ් කුමාර් ශර්මා කියන කෙනා 2015 ඔක්තොම්බර් 21 වෙනිදා ෆයි අගයේ දශමස්තාන 70,030 ක් මතකයෙන් සඳහන් කරලා ගිනස් වාර්තාවක් තියලා තියෙනවා. මෙන්න මෙතනින් වාර්තා තියපු ලිස්ට් එකම බලාගන්න

    Pi World Ranking List



    ලංකාවේ රෙකෝඩ් එක තියෙනකෙනාට තාම වයස 13 ක් විතර. කලම්බු බ්‍රිටිශ් ස්කූල් එකේ ඉගෙන ගන්න දීක්ෂා උඩගෙදර තමා මතකයෙන් ෆයි අගයේ ඩිජිට්ස් 1561 ක් පිළිවෙළින් මතකයෙන් කියලා ලංකාවේ පළවෙනි තැනටත් ලෝකේ 101 බවටත් පත් උනේ
    YY7i122.png





    යටින් තියෙන ලින්ක් එකේ තියෙන වෙබ් සයිට් එක මිලියන 200 ක් දක්වා දශමස්තාන හරියට හඳුනාගන්න පරිඝනක වැඩසටහනක් භාවිතයෙන් සාර්තක වෙලා තියෙනවා
    Pi-Search Page




    මූලික ගණිතයේදි අපි ෆයි අගය භාවිතා කරනවා වෘත්තයක වර්ගඵලය ගණනය කරන්න
    හුඟක් අය නොදන්න දෙයක් කියන්නද?
    ෆයි අගය සාහිත්‍යය ලෝකයත් වෙනස් කලා.
    ඒ ෆයිලිස් කියලා උපභාෂාවක් හැදුණු එක සහ ඒ අනූව නවකතාවක් පවා රචනා වීම. ෆයිලිෂ් භාශාව කියන්නේ වචන වල අකුරු ගණන ෆයි අගයේ දශමස්තානවල අගයන්ට සමාන ව සිදුවන රචනා.
    මෙන්න ඒ උදාහරණේ: “Not A Wake”


    51099hvCojL.jpg

    මයික් කීත් රචිත Not A Wake කෘතිය බලන්න.
    Now I fall, a tired suburbian in liquid under the trees,
    Drifting alongside forests simmering red in the twilight over Europe.

    Now has 3 letters, I has 1 letter, fall has 4 letters, a has 1 letter, and so on, and so forth.



    මෙන්න ෆයි ගැන යම් කරුණු කිහිපයක්.

    ගීසා වල පිරමීඩ කියන්නෙ "ෆයි" අගය මූලධර්ම කරගෙන හදපු ලෝක පුදුමයක්.


    word-image-4.jpeg



    බොහොම මූලිකම ජ්‍යාමිතික හැඩයක් වන වෘත්තයේ වර්ගඵලය අපිට කවදාවත්ය් නිවැරදිව හොයන්න බෑ ෆයි අගය හරියටම හොයලා නැති නිසා

    ලෝකයේ මිනිස්සු ෆයි දිනය විදියට සලකන්නේ මාර්තු 14 වෙනිදා. හරියටම කිව්වොත් ප.ව. 1.59 ට [3.1459]


    CrczP7w.png




    ෆයි සහ වෘත්තය අතර අමුතු සම්බන්ධයක් තියෙනවා කියල කලිනුත් කිව්වනේ.. ඒක තහවුරු කරන්න තවත් පුදුම දෙයක් කියන්නම්.

    අපි දන්නවනේ වෘත්තයක් වෙන්නේ අංශක 360 ක් ලක්ෂ්‍යක් වටා ගමන් කිරීමෙන් කියලා. දන්නවද, ෆයි අගයේ 359 වෙනි ඩිජිට් එකෙන් පස්සේ හම්බෙන්නේ "360"කියන ඩිජිට් තුන. කොහොමද ඒක :D

    ලෝකයේ ගොඩක් දේවල් වගේම ගණිතයේත් රටා බලාපොරොත්තු උනත් මේ ෆයි අගයට කිසිම රටාවක් මිලියන ගණනක් ඩිජිට්ස් දැනගෙනත් හොයාගන්න බැරිවීම ෆයි අගය ගැන මිනිස්සු අමුතු විදියට හිතන්න හේතුවක්.

    ෆයි අගය මෙච්චරම ඩිජිට් ගණන් හොයාගෙන ගියත්, ෆයි අගයේ ඩිජිට් නවයක් ඇති අපිට පෘතුවියේ පරිධිය එහෙම නැත්නම් වටප්‍රමාණය අඟල් කාලක් නිරවද්‍යතාවයකින් ගණනය කරන්න.

    හරි එහෙනම් ඔයාලත් ෆයි අගය ගැන ඔයාලත් මොනාහරි තව දේවල් දන්නවනම් ශෙයා කරන්න ත්‍රෙඩ් එකේ.
    අන්තිමට මෙන්න මේ ටික ලියන්නම්.
    ස්ටීෆන් හෝකින් කියන ගැලීලීයෝ මැරිලා හරියටම අවුරුදු 300 කින් ඉපදුනු ගණිත්ඥයා මැරුනේ 3/14.
    ඇල්බර්ට් අයින්සටයින් ඉපදුනෙත් ෆයි ඩේ එකේ. 3/14
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අම්මටසිරි.......දශමස්ථාන මිලියන ගානක් ගිහිල්ලත් ඕක හොයා ගන්න බැරි උනානේ.
    අර ඉන්දියන් කාරයා නම් පිස්සෙක්......:baffled:

    ත්‍රෙඩ් එක කියෙව්වට පස්සේ හිතේ ඇති වුනු එක ගැටළුවක්,
    ජ්‍යාමිතිය ගැන කතා කලොත් ලංකාවේ අතීත නිර්මාණ කියන්නෙත් ජ්‍යාමිතිය උපරිමයටම භාවිතා වුනු අවස්තාවන්නේ.
    උදා - දාගැබ්, වෙහෙර විහාර, සඳකඩ පහන, නාලන්දා ගෙඩිගේ, වැව් අමුණු.....
    එතකොට ලංකාවේ පැරැන්නෝ ඔය '' පයි '' අගය ගැන දැන ගෙන ඉන්න ඇතිද?
    කිසිම සඳහනක් නෑනේ.
    අනික අතීත ලංකාවේ ගණිතඥ යෝ හිටිය කියල ලොකු විස්තරයක් නෑනේ....:confused:


    ElaKiri.com Message
    You must spread some Reputation around before giving it to upulpdn again.
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    මෙහෙමයි. ගණිතය කියන්නේ භාෂාවක්.
    ගණිතය තුල ඔයාට බොරුවක් කියන්න බෑ. එහෙම කිව්වොත්. ඔයාගේ ලොජික් එක, ප්‍රමේය වැරදි. ඔයාට බොරුවක් කියන්න ඕන නම්, ඔයා ඉස්සෙල්ලා කියන්න ඕන මෙය සත්‍ය ලෙස සලකන්න කියලා. අනිත් එක. ගනිතය රේඛීයයි.

    ඒක මෙහෙම කියන්නම්, ඔයා කොහෙ හරි ගිහින් ආපහු පටන් ගත්ත තැනටම එනවා වෘතාකාර ගමන් මාර්ගයකින්.

    ඔයා පටන් ගත්ත තැනයි. අවසන් කරපු තැනයි යා කරොත් ඒක සරල රේකාවක්.

    තැන් තුනක් ලකුණු කරොත් ත්‍රිකෝණයක්. හතරක් නම් චතුරශ්‍රයක්. ඔයා ලකුණු කරන ප්‍රමාණය වැඩි වෙන්න වෙන්න වෙන්නේ වෘතාකාර රටාවකට ආසන්න වීමක්. නමුත් කවදාවත් ඒක වෘතයක් වෙන්නේ නෑ.
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ෆයි නෙවෙයි මුත්තෙ බ්‍රෝ පයි :yes:

    ෆයියක් කතාකරනවා:baffled: උබ මං ලවා කුණුහබ්බ කියවලා මාව බෑන් කරවන්න හදනවානේ අපි අහුවෙයි ඕවට:P
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    aHR0cDovL3d3dy5saXZlc2NpZW5jZS5jb20vaW1hZ2VzL2kvMDAwLzAzNS85Njkvb3JpZ2luYWwvZXVsZXItaWRlbnRpdHkuanBn


    euler identity :yes:
    ගණිතයේ එන වැදගත්ම නියත 5ක්ම එකම සමීකරණෙ :D
    ගණිතයෙ තියෙන ලස්සනම සමීකරණෙත් මේකද කොහෙද :love: