ෆ්‍රැන්කන්ස්ටයින්

KaneBETA

Active member
  • Oct 6, 2014
    169
    92
    28
    ෆ්‍රැන්කන්ස්ටයින්

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ෆ්[/FONT]‍[FONT=&quot]රැන්කන්ස්ටයින්[/FONT] [FONT=&quot]කියන්නේ[/FONT] [FONT=&quot]විද්යා[/FONT] [FONT=&quot]ප්[/FONT]‍[FONT=&quot]රබන්ධ[/FONT] [FONT=&quot]ඉතිහාසයේ[/FONT] [FONT=&quot]අමතක[/FONT] [FONT=&quot]නොවන[/FONT] [FONT=&quot]අපූරු[/FONT] [FONT=&quot]නිර්මාණයක්[/FONT] [FONT=&quot]ලෙස[/FONT] [FONT=&quot]හඳුන්වන්න[/FONT] [FONT=&quot]පුලුවන්[/FONT].[FONT=&quot]මෙම[/FONT] [FONT=&quot]කෘතිය[/FONT] [FONT=&quot]මුලින්ම[/FONT] [FONT=&quot]පළ[/FONT] [FONT=&quot]වුනේ[/FONT] 1818 [FONT=&quot]දී[/FONT]. [FONT=&quot]එය[/FONT] [FONT=&quot]ලියැවුනේ[/FONT] [FONT=&quot]කෘතහස්ත[/FONT] [FONT=&quot]කවියෙකු[/FONT] [FONT=&quot]වූ[/FONT] [FONT=&quot]පර්සි[/FONT] [FONT=&quot]ෂෙලීගේ[/FONT] [FONT=&quot]ආදරණීය[/FONT] [FONT=&quot]බිරිඳ[/FONT] [FONT=&quot]වූ[/FONT] [FONT=&quot]මේරි[/FONT] [FONT=&quot]ෂෙලී[/FONT] [FONT=&quot]විසින්[/FONT].


    [FONT=&quot]ෆ්[/FONT]‍[FONT=&quot]රැන්කන්ස්ටයින්[/FONT] [FONT=&quot]කියන්නේ[/FONT] [FONT=&quot]විදැදුරෙක්[/FONT]. [FONT=&quot]ඔහු[/FONT] [FONT=&quot]දක්ෂයෙක්[/FONT]. [FONT=&quot]වෙනස්ම[/FONT] [FONT=&quot]ආරකින්[/FONT] [FONT=&quot]සිතපු[/FONT] [FONT=&quot]කෙනෙක්[/FONT]. [FONT=&quot]ඔහු[/FONT] [FONT=&quot]ජිනීවා[/FONT] [FONT=&quot]වෙත[/FONT] [FONT=&quot]යනවා[/FONT] [FONT=&quot]වෛද්[/FONT]‍[FONT=&quot]ය[/FONT] [FONT=&quot]විද්[/FONT]‍[FONT=&quot]යාව[/FONT] [FONT=&quot]ඉගෙන[/FONT] [FONT=&quot]ගන්න[/FONT]. [FONT=&quot]එහිදී[/FONT] [FONT=&quot]ඔහුට[/FONT] [FONT=&quot]රසායනයත්[/FONT] , [FONT=&quot]භෞතික[/FONT] [FONT=&quot]විද්[/FONT]‍[FONT=&quot]යාවත්[/FONT] [FONT=&quot]හදාරන්න[/FONT] [FONT=&quot]හැකි[/FONT] [FONT=&quot]වෙනවා[/FONT]. [FONT=&quot]ඔහුගේ[/FONT] [FONT=&quot]අදහස්[/FONT] [FONT=&quot]සහ[/FONT] [FONT=&quot]ඉගෙනුමේ[/FONT] [FONT=&quot]අවසන්[/FONT] [FONT=&quot]ඵලය[/FONT] [FONT=&quot]විදියට[/FONT] [FONT=&quot]ඔහුගෙන්[/FONT] [FONT=&quot]නිමැවෙන්නේ[/FONT] " [FONT=&quot]මෘගයෙක්[/FONT]".


    [FONT=&quot]ඉතින්[/FONT] [FONT=&quot]මේ[/FONT] [FONT=&quot]විශ්ව[/FONT] [FONT=&quot]සාහිත්[/FONT]‍[FONT=&quot]ය[/FONT] [FONT=&quot]කෘතිය[/FONT] [FONT=&quot]හෙළබසින්[/FONT] [FONT=&quot]ඔබ[/FONT] [FONT=&quot]වෙත[/FONT] [FONT=&quot]ගෙන[/FONT] [FONT=&quot]එන්නට[/FONT] [FONT=&quot]මම[/FONT] [FONT=&quot]සිතුවා[/FONT]. [FONT=&quot]හැබැයි[/FONT] [FONT=&quot]මේ[/FONT] [FONT=&quot]මුල්[/FONT] [FONT=&quot]කෘතියේ[/FONT] [FONT=&quot]එලෙසින්ම[/FONT] [FONT=&quot]පරිවර්තනයක්[/FONT] [FONT=&quot]නෙවෙයි[/FONT]. [FONT=&quot]සැකෙව්[/FONT] [FONT=&quot]සංස්කරණයක්[/FONT].


    [FONT=&quot]මට[/FONT] [FONT=&quot]ලැබෙන[/FONT] [FONT=&quot]නිදහස්[/FONT] [FONT=&quot]කාල[/FONT] [FONT=&quot]වේලාව[/FONT] [FONT=&quot]අනුව[/FONT] [FONT=&quot]ඔබ[/FONT] [FONT=&quot]වෙත[/FONT] [FONT=&quot]මෙය[/FONT] [FONT=&quot]ගෙන[/FONT] [FONT=&quot]එන්නට[/FONT] [FONT=&quot]වෙන්නේ[/FONT] [FONT=&quot]කොටස්[/FONT] [FONT=&quot]වශයෙන්[/FONT]. [FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]ගැන[/FONT] [FONT=&quot]සමා[/FONT] [FONT=&quot]වනු[/FONT] [FONT=&quot]ඇතැයි[/FONT] [FONT=&quot]මම[/FONT] [FONT=&quot]හිතනවා[/FONT].[FONT=&quot]ලේඛකයකුට[/FONT] [FONT=&quot]ලද[/FONT] [FONT=&quot]හැකි[/FONT] [FONT=&quot]උපරිම[/FONT] [FONT=&quot]ඉපයීම[/FONT] [FONT=&quot]තමා[/FONT] , [FONT=&quot]පාඨක[/FONT] [FONT=&quot]ප්[/FONT]‍[FONT=&quot]රතිචාරය[/FONT]. [FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]නිසා[/FONT] [FONT=&quot]මෙය[/FONT] [FONT=&quot]මගේ[/FONT] [FONT=&quot]ස්වතන්ත්[/FONT]‍[FONT=&quot]ර[/FONT] [FONT=&quot]නිර්මණයක්[/FONT] [FONT=&quot]නොවුනත්[/FONT] , [FONT=&quot]ඔබේ[/FONT] [FONT=&quot]අදහස්[/FONT] [FONT=&quot]මට[/FONT] [FONT=&quot]ඉතාම[/FONT] [FONT=&quot]වටිනවා[/FONT].


    [FONT=&quot]ඉතින්[/FONT] [FONT=&quot]මේ[/FONT] [FONT=&quot]ඇරියුම[/FONT] , [FONT=&quot]උතුරු[/FONT] [FONT=&quot]ද්[/FONT]‍[FONT=&quot]රැවයේ[/FONT] [FONT=&quot]සීතල[/FONT] [FONT=&quot]ඉසව්වෙක[/FONT] [FONT=&quot]සිදුවෙන[/FONT] [FONT=&quot]මෙම[/FONT] [FONT=&quot]අද්භූත[/FONT] [FONT=&quot]සිදුවීම[/FONT] [FONT=&quot]රසවිඳින්නටයි[/FONT].:D:D:D
     

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    හොද වැඩක් මචන්
    පුළුවන්නන් අලුත්තෙන් කොටස් දාද්දි ඒවාට පලවෙනි පොස්ට් එකේ ලින්ක් දාන්න, එතකොට හොයාගන්න ලේසියිනේ :yes:
     

    KaneBETA

    Active member
  • Oct 6, 2014
    169
    92
    28
    හිමතලාව මත අමුත්තෙක්

    :cool::cool::cool:මේ කතන්දරය පටන් ගන්නේ ආක්ටික් වෘත්තයෙන් උතුරට වන්නට පිහිටි , මැදියම් රැයේත් හිරු පායන දේශයට අයිති, හිම මිදුනු සාගරයක. කපිතාන් වෝල්ටන් දේශ ගවේශකයෙක්.මෙය සිදු වූ දින ඔහු නැව් තට්ටුවේ සිට ඉදිරිය පිරික්සමින් සිටියේය. ඔහු ප්‍රශ්වාස කළ වාතය දුම් වළාවක් ලෙස ඉහල නැගිණ. ඒ හරහා ඔහුට පෙනුනේ කලු වන් ජලය පිරුණු පටු ඇළ මාර්ගයක්.සීතල නිසා වෙවුලන්නට වූ ඔහු, සිය ඝන ලොමින් වියූ පිටකබායේ හිස් වැසුම ලා ගත්තේය. අනතුරුව නැව් තට්ටුව මත තදින් අඩි හප්පා ඇඟ රත් කර ගත්තේය.අහස් කුසින් බැස යන පඬුවන් හිරු නැවතත් ඔහුට දිස් විය.ඔහු නැවත මුහුදේ වූ පටු ඇළ මාර්ගය දෙස බැලීය. එය එන්ට එන්ටම පටු වෙයි.මීදුම් වළා රැගත් සුළඟක් ඔහු පසු කර ගියේය.මීදුමත් සමඟ හිම කැටි පොකුරක් ඇදී ආයේය.සැඳෑ අහසේ වූ එලිය මීදුම් බර අඳුරකට හැරුණි.

    ඔහු පැකිලෙමින් රොස්ටොප් වෙත හැරුණේය. ඔහු තමා , කපිතාන්ගේ ප්‍රධාන සගයා.

    "අපට සිදු වේවි නැංගුරම් බාන්න" කීය , ඔහු. " දැන්ම මිනිසුන්ට අණ දෙන්න.මේ වගේ තත්වයක් යටතේ යාත්‍රා කරන්න බැහැ." දේහධාරියකු වූ රොස්ටොප්ද , මුලින් ඔහුගේ අදහසට මැලි වූ නමුත් , පසුවා දෙවුර උස්සා එකඟතාව පෑවේය.

    "හොඳයි කැප්ටන්"

    වෝල්ටන්ගේ කුඩා නෞකාව `මාග්‍රට් සැවිල්` දැනට සති ගණනක් තිස්සේ, උතුරු ද්‍රැවය කරා යාත්‍රා කරමින් තිබුනේය. ඔවුන්ගේ දවසක් ගතහොත් ඉන් වැඩිවෙලාවක් නිරන්තර සන්ධ්‍යාලෝකයෙන් යුක්ත විය.එහෙත් තව සති කීපයකින්, මාස හයක් පුරාවට පවතින අන්ධකාරය එළැඹේවි.

    වෝල්ටන් නැවත වෙව්ලීය. ඔවුන්ගේ නැව හිම මිදීමකට අසු වූවානම්, එම සිසිර මාස කීපය ජීවත්වන්නට සෑහෙන කෑම, ඉන්ධන ඔවුන් සතු විය. ඔහුගේ කැමැත්ත කුමක් වුවත් , කාලගුනය තවත් නරක අතට හැරුනොත් ඔහුට " මාග්‍රට් සැවිල්" නැවත දකුනට හරවන්ට සිදුවේවි.බාගවිට ඊලඟ අවුරුද්දේ තවත් ගවේශන චාරිකාවක් එන්නට හැකි වේවි.ඒත් ඊට වුවමනා තරම් ප්‍රාග්ධනයක් තමන් සතුදැයි ඔහුට සැක සහිත විය.දෑත්වල අඟිලි තුඩු පටලාගත් ඔහු , ඝන මීදුමත් , දඟරාකාරව වැටෙන හිම කැරලි දෙසත් බලා සිටියේය.සිය යාත්‍රාව මත වැටුණු වහාම මේ හිම කැටි අතුරුදන් වේවායි ඔහු සිතින් යැද්දේය.

    ඉවතට හැරුණු රොස්ටොප්, නැවත හැරුණේය.

    "ඔබට ඇහුණද කැප්ටන් ?"

    "මොකක් ද?" රොස්ටොප් අවිනිශ්චිත ලෙස අන්ධකාරය වෙත අත දිගු කලේය.

    "අර පැත්තෙන් " කීය , ඔහු." සීනු හඬක්. හිම කරත්ත අදින බල්ලන්ගේ"

    වෝල්ටන් ප්‍රවේසමින් සවන්දුන්නේය. පළමුව කිසිවක් නෑසිණ. ඒත් මොහොතකින් නොපැහැදිලි හඬක් ඔහුට ඇසෙන්නට විය. සිවුරුහන් නගමින් පැමිණි සුළං කැරැල්ලක් මීදුම හා හිම පතනය ඉවත් කළේය. ඈතින් සුදු පැහැ අයිස් තලය දිගේ ඇදී යන කළු පැහැ රුවක් ඔහු නෙත ගැටුනේය.:cool::cool::cool:
     
    • Like
    Reactions: [email protected]

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    api bayayi yako oka nawaththapan :D:lol::P



    patta wade sirawatama nikan seethala hulan age wadinawa wage danuna
    digatama liyapan :yes:
    ube style ekata mama asayi :yes::yes::yes: