ෆැක්ටරියක් පටන් ගන්න

nitrox

Well-known member
  • Dec 24, 2013
    1,986
    392
    83
    මචන් මට පොඩි උපදෙසක් දෙන්න පුලුවන් නම් ගොඩක් ඉස්තූති.. මම පොඩි ව්යපාරයක් පටන් ගන්න අදහසක් තියනවා.. මම හිතුවෙ ෆැක්ටරි එකක් වගෙ..
    *දැනට මගෙ ලග අක්කරයක විතර හිස් ඉඩමක් මැද කාමර 5 ක ගෙදරක් තියනවා..:yes:
    *3 පෙස් කරන්ට් එක ගන්නත් පුලුවන්.
    *මූලික ආයොජනය ලක්ශ 10 ක් විතර දාන්නත් පුලුවන්..
    *වැඩට මිනිස්සු 10-15 ක් විතර හොයා ගන්නත් පුලුවන්..
    *ඉඩමට පාරකුත් තියනවා..
    මෙ ඇසට් වලින් කරන්න පුලුවන්, පටන් ගන්න පුලුවන් හොද බිස්නස් අයිඩියා එකක් දෙන්න පුලුවන් ද මචන්..
    ලොකු උදව්වක් මචන්.
    උබලට හිතෙන විදියට මොන වගෙ දෙයක් පටන් ගත්තොත් ද හොද මචන්?:):):)
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    පාවිච්චි කරපු මැෂින් අරගෙන පොඩි ගාමන්ට එකක් දාන්න පුතා.. ඔය ෆැක්ටරි වලින් සබ් ඔඩාර් ගන්න පුළුවන් මේ දවස් වල සෙෆ්ට් ඇඳුම් මහන්නේ.. කෑලි ගානට ගෙවන්නේ..
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    බතික් බිස්නස් ( 1M enough / target Tourists & Textiles)

    අතරමැදි බිස්නස් (තොග අරන් කජු / තේ / කුළුබඩු / කරවල /උම්බලකඩ පැකට් කරලා විකුණන වගේ ) (1M enough)

    "නුවරට දවසෙන් බඩු Deliver" කියලා නුවරම Target කරලා Shopping සයිට් එකක් පටන් ගනින්.ගෙදර Stocks/බඩු තියාගනින්
    (1M enough)

    Export

    Mushroom

    "ගාමන්ට් ලේසි නෑ puthow..මම කරපු නිසා කියන්නේ
    වැඩ කාලේට වැඩ.රජ සැප
    නැති කාලේට සොරි ඩොට් කොම්."
     
    Last edited:

    Sen-lu

    Well-known member
  • නුවර අවට නම් කඳුරටකුඩ එතකොට රේන්කෝකුඩ වගේ එකක කුඩ මහන්න subcontract එකක් ගන්න. Profit margins ගැන එහෙම නම් දන්නෙ නෑ ඒවා ඔයා හොයල බලන්න.

    Sub ගත්තොත් උබට සේවකයො control කරන්න විතරයි තියෙන්නේ. Market එකයි සේවකයොයි ඔක්කොම පටන් ගත්ත අලුතම ඔයාට balance කරන්න අමාරුයි. අත්දැකීමෙන් කියන්නෙ.

    හිතන තරම් වැඩේ ලේසි නෑ මුලදී පැය 15k 20k දවසට වැඩ කරන්න බැරි නම් වැඩේ පටන් ගන්න එපා. මුලදී අමුකට්ට කියල දැනගෙනම වැඩේට බහින්න.
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    1.පොල් ලෙලි කපල රට යැවීම, පොල් කොහු / කොහු බත් (නුවර පැත්තේ අවශ්‍ය තරම් පොල්සොයා ගැනීමට හැකිනම්)
    2. සිමෙන්ති ගඩොල් / සිමෙන්ති ආශ්‍රිත දේවල් (පෝච්චි/ සිලින්ඩර් / පේවින් බ්ලොක්ස් )
    3. ග්‍රීන් හවුස් එකක් ගහල වගාව පටන් ගැනීම (සාමාන්‍ය අදායමක් ගන්න තරමේ එකකට, මුලික වියදම ලක්ෂ 10 පනිනවා )
    4. ඕකිඩ් වගාව (ටිකක් වියදම වැඩි)
    5. හතු වගාව
    6. ස්ටෝබෙරි වගාව
    7. ඇක්ටිවෙටට් කාබන් (පොල්කටු අඟුරු) නිපදවීම. (ජනාකීර්ණ තැන්වල කරන්න බෑ).


    ඔයා ඇත්තටම වැඩේ කරනවා නම් ඔය 3, 4, 5, 6 ට මට පොඩි පොඩි උදවු ටිකක් දෙන්න පුළුවන්. (හැබැයි ඉතින් අපටත් සලකන්න ඕන). :P
     
    Last edited:

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    IT + electronic related company (Software , Hardware related product ) එකක් දාපන්. මූලික investment එක ලොකු ගානක් යයි ඒත් සාපේක්ෂව අඩු salary එක්කට වැඩ කරන්ඩ ඕනෙ තරම් ඉගෙන ගත්ත උන් ඉදියි. IT related company ඔක්කොම වගේ Colombo area තමයි තියෙන්නෙ.

    Kurunegala ,Kegalle , Kandy සහ එතනින් උඩ ඔය field වල හොදට ඉගෙන ගත්ත උන් ඕනෙ තරම් ඉන්නව තමන්ගෙ ගමට ආසන්නයෙන් හරි හමන් Company එකක් තිබ්බ නම් අඩු පඩියකට හරි වැඩ කරන්ඩ කැමති.මේකෙම කලින් thread දාල තිබ්බ කොල්ලො ගොඩක් නුවර අවට IT company හොයල
     

    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    392
    83
    දේශීයව නිර්මාණය කර මෙරට හා ජාත්‍යන්තරය ජයගන්න පුළුවන් දෙයකට ඔබේ ධනය, ඉඩම භාවිතා කරන්න.
    ඔව් මචන් මට ඇත්තටම රටට දෙයක් කරන ගමන් මිනිස්සු කීප දෙනෙකුට හරි රස්සා දෙන එක එකත් මගෙ එක බලාපොරොත්තුවක් තමයි
    මොනව හරි ප්‍රඩක්ශන් ලයින් එකක් කරන්න අයිඩියා එකක් තියෙන්නෙ මචන් මට
     
    Last edited:

    Bakkaraputha

    Active member
  • Aug 8, 2017
    365
    214
    43
    මචං ඔයාගෙම ප්‍රොඩක්ට් එකක් කරන්ඩ ටෙක්නිකල් දැනුමක් තියනවද?
     
    • Like
    Reactions: Lahiru120

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,001
    5,304
    113
    තොටිල්ලේ
    ඔව් මචන් මට ඇත්තටම රටට දෙයක් කරන ගමන් මිනිස්සු කීප දෙනෙකුට හරි රස්සා දෙන එක එකත් මගෙ එක බලාපොරොත්තුවක් තමයි
    මොනව හරි ප්‍රඩක්ශන් ලයින් එකක් කරන්න අයිඩියා එකක් තියෙන්නෙ මචන් මට

    mageth ekama target eka meka thamai.
    jaya wewa machan