ෆැරඩේ_කේජ්

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ෆැරඩේ කේජ්


    AmnIwFO.jpg




    ගොඩක් අය දන්නවා ඇති, නොදන්න අයට දැනගන්න කියන්නෙ. සන්නායක ද්‍රව්‍යකින් හදපු සංවෘත කූඩුවක් ඇතුලෙ කෙනෙක් තියල ඉලෙක්ට්‍රෝ ස්ටැටික් චාජ් එකක් (අකුණක් වගේ ලොකු විද්‍යුත් ධාරාවක්) දුන්නට ඇතුලෙ ඉන්න කෙනාට කරන්ට් එක වදින්නෙ නෑ.

    මේකට කියන්නෙ ෆැරඩේ කේජ් (Faraday's Cage) එක කියල. Youtube එකේ ඕන තරම් වීඩියෝ තියනවා මේක ප්‍රායෝගිකව කරලා පෙන්නන. ගහල බලන්න.


    ෆැරඩේ කේජ් එකෙන් තියන ප්‍රයෝජන සමහරක් තමයි.


    අපරාධ ස්ථානයකින් හොයා ගත්ත ඩිජිටල් උපකරණ දාල තියන්නෙ ෆැරඩේ කේජ් ඇතුලෙ. එහෙම කරේ නැත්නම් දැන් තියන ටෙක්නොලොජි එකේ විදිහට ඒවගෙන් ඩේටා රිකවර් කරන්න කලින් රිමෝට් වයිප් කරන්න පුළුවන්.
    මේ වගේම සිද්දියක් නිසා තමයි ලිෆ්ට් එකක් ඇතුලට ගිහාම ෆෝන්, රේඩියෝ වගේ දේවල් වැඩ කරන්නෙ නැත්තෙ. ලිෆ්ට් එක ෆැරඩේ කේජ් එකක් වෙනවා.

    ෆ්ලයිට් වලට උඩදි අකුණු ගහන Youtube වීඩියෝ දැකපු අය ඇතිනෙ. ෆ්ලයිට් වලට හෝ වාහන වලට අකුණු ගැහුවට ඇතුලෙ ඉන්න අයට මොකුත් වෙන්නෙ නැත්තෙ ෆ්ලයිටුයි වාහනයි ෆැරඩේ කේජ් විදිහට ක්‍රියා කරන නිසා.

    සුපර් මාකට් වල බඩු වල ගහල තියන සෙකියුරිටි ටැග් එකට නොයෙකුත් මාදිලියෙ ටෙක්නොලොජි පාවිච්චි කරනවා. බහුලව පාවිච්චි කරන RFID ටැග් වල ක්‍රියාකාරීත්වය නැති කරන්න සමහර හොරු අලුමීනියම් ෆොයිල් වලින් ලයිනින් කරපු ෂොපින් බැග් (ෆැරඩේ කේජ්) පාවිච්චි කරනවා.

    ෆැරඩේ කේජ් ටෙක්නොලොජි එක පාවිච්චි කරලා මුළු ඇඟම වැහෙන සූට් නිපඳවලා තියනවා ලොකු විද්‍යුත් ධාරාවක් එක්ක වැඩ කරන විදුලි කාර්මිකයන්ට කරන්ට් එක ග්‍රිඩ් එකෙන් ඕෆ් කරන්නෙ නැතුවම නඩත්තු කටයුතු කරන්න. ෆැරඩේ කේජ් එක ඕනෑම ප්‍රමාණයක විදුලියකට ඔරොත්තු දෙනවා කියල තමයි කියන්නෙ. දැනට ඒක ලෝකේ වැඩිම ධාරිතාව උන 1,150,000 V තියන Ekibastuz–Kokshetau line එකේ වැඩ වලටත් සාර්ථකව පාවිච්චි කරනවා.

    MRI මැෂින් එකත් ෆැරඩේ කේජ් එකක්. පිටින් එන රේඩියෝ වේව් වලින් MRI ඉමේජ් එක අවුල් වෙන්නෙ නැති වෙන්න තමයි එහෙම කරලා තියෙන්නෙ.

    මයික්‍රෝවේව් අවන් එකෙත් ඇතුලෙ ගොඩක් ප්‍රභල ඉලෙක්ට්‍රෝ මැග්නටික් ශක්තියක් නිපදුනාට එලියෙ ඉන්න අයට හානියක් වෙන්නෙ නැත්තෙ මේ ක්‍රමේ නිසයි.

    ෆැරඩේ කේජ් එක ගැන කතා කරද්දී ටෙස්ලා කොයිල් එක ගැන නොකියම බෑ.... ඒ උනාට අත රිදෙනවා. වෙන දන්න කෙනෙක් ඒක ගැන ත්‍රෙඩ් එකක් දායි.
    ෆැරඩේ කේජ් එක වැඩ කරන විදිහ සිංහලෙන් ලියන්න වචන හොයාගන්න අමාරුයි. පුළුවන් කෙනෙක් ලියල දාන්න.


    1UDHKzR.jpg
     

    BlackWolf

    Active member
  • Dec 30, 2011
    188
    68
    28
    මේ වගේම සිද්දියක් නිසා තමයි ලිෆ්ට් එකක් ඇතුලට ගිහාම ෆෝන්, රේඩියෝ වගේ දේවල් වැඩ කරන්නෙ නැත්තෙ. ලිෆ්ට් එක ෆැරඩේ කේජ් එකක් වෙනවා.

    එහෙනම් වාහන වල යද්දී ෆෝන් එකට සිග්නල් එන්නේ ඇයි :baffled:
     
    • Like
    Reactions: lodbrok

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧


    එහෙනම් වාහන වල යද්දී ෆෝන් එකට සිග්නල් එන්නේ ඇයි :baffled:

    A Faraday cage blocks electromagnetic radiation of certain frequencies, depending on the size of the holes in the cage. EM radiation is carried by photons. Lightning is not EM radiation. Lightning is a whole bunch of electrons trying to get from high in the atmosphere to the ground. This is much more akin to an electric current as would flow through wires in your house. Since a Faraday cage only works with photons and not electrons this is why equating lighting to a radio signal does not make too much sense. Since an antenna is really designed to take the energy in photons and turn it into current, it is not designed in a way to draw lightning to it or through it. Lightning could travel down an antenna however the current would simply jump to your car's chassis when it reaches the end of the antenna s this is the easiest way for the electrons to get to the ground.
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ෆ්ලයිට් වලට හෝ වාහන වලට අකුණු ගැහුවට ඇතුලෙ ඉන්න අයට මොකුත් වෙන්නෙ නැත්තෙ ෆ්ලයිටුයි වාහනයි ෆැරඩේ කේජ් විදිහට ක්‍රියා කරන නිසා.

    potential ෆැරඩේ කේජ් විදිහට ක්‍රියා කරන නිසා