නැකැත් රාල;17842277 said:පට්ට... මම නම් හිතන්නේ වාහන වලට වඩා ඉඩම් වලට ආයෝජනය කරන එක වාසියි කියලා..
ඔව් සහෝ ඉඩම් වලට ආයෝජනය කරන එක වාසී තමයි.
නැකැත් රාල;17842277 said:පට්ට... මම නම් හිතන්නේ වාහන වලට වඩා ඉඩම් වලට ආයෝජනය කරන එක වාසියි කියලා..
හිතන්න පුරුදු කරවන වටිනා ත්‍රෙඩ් එකක් මචන්..
මමත් හිතන්නෙ ආදායමක් එන්නෙ නෑති වාහනවලට ණය වෙන එක ඒතරම් හොඳ මදි..
නමුත් ටික ටික එකතුකරලා හෝ වාහන බිස්නස් කරලා ඉදිරියට ගිහින් වාහනයක් ගන්න එක ගොඩක් අයට හීනයක්..ඉතින් ඒ අයට තියෙන එකම විකල්පයෙ හොඳ නරක පෙන්නන එක ගොඩක්ම වටිනවා මචන්..
මගේ අදහස නම් තමන්ගෙ වැටුපෙන් 25%කටවත් අඩුවෙන් ලීසින්/ණය වාරිකයට වෙනකරන්න පුලුවන්නම් ටිකක් හරි ඔලුව උස්සගන්න පුලුවන් වේවි..ඒත් ඉතින් සදා පාඩුවක් තමයි...
ගොඩක් අය හිතන්නෙ කවදා හරි වාහනය ඉතිරි වෙනවනෙ කියලා
..
මම කලිනුත් කියල තියෙනවා මට සල්ලි හදිස්සියක් වෙලා විකල්පයක්ම නැති තැන ලග තිබුන වාහනයට ලෙසින් එකක දාගත්තා. අවුරුද්දක් ඇතුලත මම ගෙවලා ඉවරකලා. ගෙවපු වාරික ටිකෙ එකතුවයි ඉවරකරන්න ගෙව්පු ටිකයි බලපුවාම මම 25%ක් වැඩි පුර ගෙවලා.. ඔන්න ඕකයි ඇත්තම තත්වෙ.. කවුරුත් අපිට ආදරේට ලීසින් දෙන්නෙ නෑ මචන්..
ෆිනෑන්ස් epa kiyala hithuna ..mewa dakala
1.ෆික්ස් ඩිපෝසිට් දාන එකත් ආයෝජනයක්. ෆික්ස් ඩිපෝසිට් එකක් දාල 90% ආපහු ලෝන් එකක් විදියට අරන් ඒකෙන් වාහනෙ ගන්න එක ෆිනෑන්ස් කරනවට වඩා හොදයි. ෆික්ස් ඩිපෝසිට් එකට අපිට% ගානක් එනව ලෝන් එකට අපෙන් % ගානක් යනව. ඇත්තටම වැඩිපුරයන ෆිසිකල් % වෙන්නෙ 2-3% අගයක්. හැබැයි වැඩේ තියෙන්නෙ එතකොට සල්ලි ටික අපේමයි.ඔතනදි එන ගැටලුව තමයි මචං 6 ක් ආයෝජනය කරන්න හොද ක්‍රමයක් බහුතරයකට හමුවෙන්නේ නැති එක. ඔය ආයෝජන ක්‍රම ගැන ත්‍රෙඩ් එකක් දාලා පැහැදිලි කරන්න පුලුවන් නම් වටිනවා. අපේ රටේ බහුතරයක් කරන්නේ සල්ලි එකතු කරලා ෆික්ස් ඩිපෝසිට් දාන එක විතරයි.
මෙහෙමයි මචං. ඔය ක්‍රමේට එකපාර ලොකු වාහනයක් ගන්න බෑ. නමුත් පරණ ජපන් වාහන අරං විකුණන වැඩේ පුරුදු වුනහම ඕක බිස්නස් එකක් වෙනවා. එතකොට ඔය මාර්ගයෙන් සල්ලි හොයාගෙන වාහනේ ගන්න පුලුවන්. කොහොමත් අන්රෙජිස්ටර් වාහනයකට සල්ලි යට කරන එක මම නම් අනුමත කරන්නෙ නෑ.
මෙන්න මේ හේතුව නිසා කවදාවත් වාහනේකින් ලාභයක් උපයන්න බෑ සහෝ. බලන්න ඔය වැඩිපුර ගෙව්නන වෙන වැඩේ නිසා ඔයා කිව්ව වගේ හරි හමන් ආයෝජනයක් කරන්න බැරි කෙනෙකුට වෙන පාඩුව. ආයෝජනයක් කරා කියමුකෝ. ඒකෙන් ලැබෙන මුදල ඔය වැඩි පුර ගෙවන්න වෙන මුදලට වඩා අඩු නම් ඒ ආයෝජනයෙන් වැඩක් නෑනේ.
මේ අවස්ථා දෙකේදිම මිනිස්සුන්ගේ හිතට එන අමතර පීඩනය, මානසික ආතතිය අවම වෙන්නෙ නෑනෙ මචං. ඒ වගේම වැඩිපුර ගෙවීමෙන් වෙන පාඩුව. පිරිමහන්න සාමාන්‍ය මිනිහෙකුට බෑනේ මචං. අපේ රටේ ගොඩක් ලීස් දාන්නේ ආදායම 50 ට වඩා අඩු මිනිස්සු.
1.ෆික්ස් ඩිපෝසිට් දාන එකත් ආයෝජනයක්. ෆික්ස් ඩිපෝසිට් එකක් දාල 90% ආපහු ලෝන් එකක් විදියට අරන් ඒකෙන් වාහනෙ ගන්න එක ෆිනෑන්ස් කරනවට වඩා හොදයි. ෆික්ස් ඩිපෝසිට් එකට අපිට% ගානක් එනව ලෝන් එකට අපෙන් % ගානක් යනව. ඇත්තටම වැඩිපුරයන ෆිසිකල් % වෙන්නෙ 2-3% අගයක්. හැබැයි වැඩේ තියෙන්නෙ එතකොට සල්ලි ටික අපේමයි.
fixed පොලී ප්‍රතිශත සම්බන්ද වෙන තැන් වලදි 72 Rule එක දාන්න.
72 / fixed annual rate of interest = years it will take for the initial investment to duplicate itself.
2.ඔව් වාහන අරන් ලග විකුන විකුන බිස්නස් එකක් විදියට ගියෙ නැත්නම් කවමදාකවත් පොඩි පඩියක ඉන්න කෙනෙකුට ලක්ශ් 50 එහා වාහනයකට යන්න බෑ.
3.ලීස් කරන කොට වාහනෙ initial value එකට තමයි සාමාන්‍යෙන් ගනන් හදන්නෙ එහෙම මිසක් ගෙවපු ගානට නෙමේ. මොකද වසර ගනනාවක් තිස්සෙ ගෙවන නිසා මුදලෙ අගේ බැස්මත්, තමන්ගෙ පාවිච්චියත් එක්ක සමාන වෙන්නෙ නෑ. සාමන්‍යෙන් ලක්ශ 50ක වාහනයක් ෆුල් ලීස් කලොත් වසර 5කට ගෙවල ඉවර වෙද්දි ලක්ශ 75 වෙනව. ඒ වාහනය විකුනද්දි මාකට් එක ලක්ශ 35ක් විතර. එතකොට පඩුව එහෙම බැලුවොත් එකට එකකටත් වැඩී. ලක්ශ 40 පඩුව. එත් gross loss එක වෙන්නෙ ලක්ශ 15 තමා.
ආයෝජනයක් කරල ගෙවන මුදල ආයොජනයෙන් ලැබුනෙ නැති උනාට අවුලක් නෑ. මොකද ලීස් එක අවු 5න් ඉවරයි. ආයෝජනය 5න් ඉවර වෙන්නෙ නෑ. ඔව් මානසික පීඩන නම් අනිවා එනව තමා. ඒකට හොදම විසදුම පඩියෙන් 4න් එකක් උපරිම යන විදියට අඩුම හොදම ලීස් දාන එක. මොකද ඔයාගෙ ත්‍රෙඩ් එකේ තියෙන අමතර වියදම එක්ක නැත්නම් අමාරුයි. එකක් ගෙවාගන්න බෑ කියන්නෙ ඊලග එක කොහොමත් බැරි වෙනව. ඊලගට high due interest එකක් වදිනව. ගැලවීමක් නෑ.
පැත්තක් ගියත් ඇත්තක් කියල කොල්ලන්ගේ පඩි පැකට් එක පරෙස්සම් කරලා දෙන්න හැදුවත් බහුතරයක් තරුණ පරම්පරාව හිතන්නෙම මේ විදිහට නෙවෙයි මචන්.. උන් බලන්නෙම ෆිනෑන්ස් කරලා අලුත් එකක් අරගෙන හිඟන්න වෙන්න. එත් උන් අලුත් කියල ගන්නෙත් ජපානේ පට්ට ගහපු මීටර් කරකවපු වාහන. අපේ රටේ බහුතරයක් ෆිනෑන්ස් වලට පොලී ගෙවන්නේ කිසිම තේරුමක් නැතුව. අතේ තියන ගානට වාහනයක් අරගෙන හෙමින් හෙමින් දියුණු වෙන උදවිය දැන් හරි අඩුයි මචන්.. බහුතරයක් උන් බලන්නේ හෙට ෆිනෑන්ස් එකෙන් උස්සන් ගියත් අද අලුත් එකක් පදින්න..
මගේ ලඟම යාලුවෙක් ඉන්නවා සීසින් කරන. ඌ උස්සන් එන වාහන දැක්කම හිතෙනවා මිනිස්සුන්ට පිස්සුද කියල ලක්ස 5ක් 6ක් දීල පනස්දාහෙන් 48ක් 60ක් ගෙවන්න ෆිනෑන්ස් දාන්න. හුඟක් වාහන ෆිනෑන්ස් එක දාල වාරික 4යි 5යි ගෙවල තියෙන්නේ. ඊට පස්සේ මාස 5ක් 6ක් ඇරියස්.
මම සති දෙකකට උඩදී ෆිනෑන්ස් එකකින් උස්සපු සෙරීන එකකට මිලක් දැම්ම. වාහනේට ලක්ස 11ක් ෆිනෑන්ස් දීල.. වාරික 3යි ගෙවල තියෙන්නේ.. මම කෑෂ් ලක්ස 9 ට ඉල්ලුව.. උන් 11.50ක් ඉල්ලනවා. එත් වාහනේ වටිනාකම උපරිම 11ක් තමයි. මම ඉතින් ගන්නේ විකුනන්න නිසා අතෑරලා දැම්ම.
මගේ යාලුවෙකුගේ සෙරීන එකක් අවුරුදු දෙකක් හංගගෙන හිටිය ඌට ගෙවාගන්න බැරුව. අන්තිමේ ඌ රෝලක් ගහල ෆිනෑන්ස් බේරලා වික්ක. අතට ඉතුරු උනේ 30 000 යි කිව්වා. අරුන් පොලී හදල මුට චූ යන්නම.
ඔව් මචං ඔය ඇත්ත බහුතරයකට තේරෙන්නේ නෑ. මමත් ඉදලා හිටලා ඔය යාඩ් වලට යනවා. ඒවගේ උස්සලා ගෙනත් තියන වාහන දැක්කම් පිස්සු හැදෙනවා. දැන් ඉන්න බහුතරයක් කොල්ලංට ඕනි දියුනු වෙන්න නෙවෙයි. තමන් දියුනුයි කියලා පිටට පෙන්වන්න විතරයි. මේ වගේ ත්‍රෙඩ් එකකින් වුනත් හරයක් ගන්නේ ඉතාම සුලු පිරිසක් මචං.
