ෆිනෑන්ස් කරලා කාර් එක ගන්නද ඉන්නේ

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නැකැත් රාල;17842277 said:
    පට්ට... මම නම් හිතන්නේ වාහන වලට වඩා ඉඩම් වලට ආයෝජනය කරන එක වාසියි කියලා..

    ඔව් සහෝ ඉඩම් වලට ආයෝජනය කරන එක වාසී තමයි.
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    හිතන්න පුරුදු කරවන වටිනා ත්‍රෙඩ් එකක් මචන්..
    මමත් හිතන්නෙ ආදායමක් එන්නෙ නෑති වාහනවලට ණය වෙන එක ඒතරම් හොඳ මදි..
    නමුත් ටික ටික එකතුකරලා හෝ වාහන බිස්නස් කරලා ඉදිරියට ගිහින් වාහනයක් ගන්න එක ගොඩක් අයට හීනයක්..ඉතින් ඒ අයට තියෙන එකම විකල්පයෙ හොඳ නරක පෙන්නන එක ගොඩක්ම වටිනවා මචන්..
    මගේ අදහස නම් තමන්ගෙ වැටුපෙන් 25%කටවත් අඩුවෙන් ලීසින්/ණය වාරිකයට වෙනකරන්න පුලුවන්නම් ටිකක් හරි ඔලුව උස්සගන්න පුලුවන් වේවි..ඒත් ඉතින් සදා පාඩුවක් තමයි...
    ගොඩක් අය හිතන්නෙ කවදා හරි වාහනය ඉතිරි වෙනවනෙ කියලා
    ..
    මම කලිනුත් කියල තියෙනවා මට සල්ලි හදිස්සියක් වෙලා විකල්පයක්ම නැති තැන ලග තිබුන වාහනයට ලෙසින් එකක දාගත්තා. අවුරුද්දක් ඇතුලත මම ගෙවලා ඉවරකලා. ගෙවපු වාරික ටිකෙ එකතුවයි ඉවරකරන්න ගෙව්පු ටිකයි බලපුවාම මම 25%ක් වැඩි පුර ගෙවලා.. ඔන්න ඕකයි ඇත්තම තත්වෙ.. කවුරුත් අපිට ආදරේට ලීසින් දෙන්නෙ නෑ මචන්..
     
    ඔව් මචං ගොඩක් අය හිතන්නේ කවදා හරි වාහනය ඉතිරි වෙනවනෙ කියලා. එත් වාහනයක් කියන්නේ රත්තරං බඩුවක් වගේ තව අව්රුදු 8 ක් 10 ක් තියාගෙන ඉදලා ලාභයක් තියන් විකුණන්න බැරි දෙයක් කියලා තේරුම් ගන්නේ ටික දෙනයි. අනිත් ඛාන්ඩේ තමයි වාහනයක් ගන්නේ ජීවිත කාලෙටම කියල හතන අය. සීයලා මයිනර් පැදපු යුගයේ නම් එහෙම හිතුවට කමක් නෑ.

    අනිවා මචං ලීසිං කියන්නේ මරාලයක්. මිනිස්සූ හාවොන්ට අන්දන වෙස්මූනක්.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,795
    113
    Gampaha
    ඔතනදි එන ගැටලුව තමයි මචං 6 ක් ආයෝජනය කරන්න හොද ක්‍රමයක් බහුතරයකට හමුවෙන්නේ නැති එක. ඔය ආයෝජන ක්‍රම ගැන ත්‍රෙඩ් එකක් දාලා පැහැදිලි කරන්න පුලුවන් නම් වටිනවා. අපේ රටේ බහුතරයක් කරන්නේ සල්ලි එකතු කරලා ෆික්ස් ඩිපෝසිට් දාන එක විතරයි.

    මෙහෙමයි මචං. ඔය ක්‍රමේට එකපාර ලොකු වාහනයක් ගන්න බෑ. නමුත් පරණ ජපන් වාහන අරං විකුණන වැඩේ පුරුදු වුනහම ඕක බිස්නස් එකක් වෙනවා. එතකොට ඔය මාර්ගයෙන් සල්ලි හොයාගෙන වාහනේ ගන්න පුලුවන්‍. කොහොමත් අන්රෙජිස්ටර් වාහනයකට සල්ලි යට කරන එක මම නම් අනුමත කරන්නෙ නෑ.

    මෙන්න මේ හේතුව නිසා කවදාවත් වාහනේකින් ලාභයක් උපයන්න බෑ සහෝ. බලන්න ඔය වැඩිපුර ගෙව්නන වෙන වැඩේ නිසා ඔයා කිව්ව වගේ හරි හමන් ආයෝජනයක් කරන්න බැරි කෙනෙකුට වෙන පාඩුව. ආයෝජනයක් කරා කියමුකෝ. ඒකෙන් ලැබෙන මුදල ඔය වැඩි පුර ගෙවන්න වෙන මුදලට වඩා අඩු නම් ඒ ආයෝජනයෙන් වැඩක් නෑනේ.

    මේ අවස්ථා දෙකේදිම මිනිස්සුන්ගේ හිතට එන අමතර පීඩනය, මානසික ආතතිය අවම වෙන්නෙ නෑනෙ මචං. ඒ වගේම වැඩිපුර ගෙවීමෙන් වෙන පාඩුව. පිරිමහන්න සාමාන්‍ය මිනිහෙකුට බෑනේ මචං. අපේ රටේ ගොඩක් ලීස් දාන්නේ ආදායම 50 ට වඩා අඩු මිනිස්සු.
    1.ෆික්ස් ඩිපෝසිට් දාන එකත් ආයෝජනයක්. ෆික්ස් ඩිපෝසිට් එකක් දාල 90% ආපහු ලෝන් එකක් විදියට අරන් ඒකෙන් වාහනෙ ගන්න එක ෆිනෑන්ස් කරනවට වඩා හොදයි. ෆික්ස් ඩිපෝසිට් එකට අපිට% ගානක් එනව ලෝන් එකට අපෙන් % ගානක් යනව. ඇත්තටම වැඩිපුරයන ෆිසිකල් % වෙන්නෙ 2-3% අගයක්. හැබැයි වැඩේ තියෙන්නෙ එතකොට සල්ලි ටික අපේමයි.

    fixed පොලී ප්‍රතිශත සම්බන්ද වෙන තැන් වලදි 72 Rule එක දාන්න.

    72 /
    fixed annual rate of interest = years it will take for the initial investment to duplicate itself.

    2.ඔව් වාහන අරන් ලග විකුන විකුන බිස්නස් එකක් විදියට ගියෙ නැත්නම් කවමදාකවත් පොඩි පඩියක ඉන්න කෙනෙකුට ලක්ශ් 50 එහා වාහනයකට යන්න බෑ.

    3.ලීස් කරන කොට වාහනෙ initial value එකට තමයි සාමාන්‍යෙන් ගනන් හදන්නෙ එහෙම මිසක් ගෙවපු ගානට නෙමේ. මොකද වසර ගනනාවක් තිස්සෙ ගෙවන නිසා මුදලෙ අගේ බැස්මත්, තමන්ගෙ පාවිච්චියත් එක්ක සමාන වෙන්නෙ නෑ. සාමන්‍යෙන් ලක්ශ 50ක වාහනයක් ෆුල් ලීස් කලොත් වසර 5කට ගෙවල ඉවර වෙද්දි ලක්ශ 75 වෙනව. ඒ වාහනය විකුනද්දි මාකට් එක ලක්ශ 35ක් විතර. එතකොට පඩුව එහෙම බැලුවොත් එකට එකකටත් වැඩී.
    ලක්ශ 40 පඩුව. එත් gross loss එක වෙන්නෙ ලක්ශ 15 තමා.

    ආයෝජනයක් කර ගෙවන මුදල ආයොජනයෙන් ලැබුනෙ නැති උනාට අවුලක් නෑ. මොකද ලීස් එක අවු 5න් ඉවරයි. ආයෝජනය 5න් ඉවර වෙන්නෙ නෑ. ඔව් මානසික පීඩන නම් අනිවා එනව තමා. ඒකට හොදම විසදුම පඩියෙන් 4න් එකක් උපරිම යන විදියට අඩුම හොදම ලීස් දාන එක. මොකද ඔයාගෙ ත්‍රෙඩ් එකේ තියෙන අමතර වියදම එක්ක නැත්නම් අමාරුයි. එකක් ගෙවාගන්න බෑ කියන්නෙ ඊලග එක කොහොමත් බැරි වෙනව. ඊලගට high due interest එකක් වදිනව. ගැලවීමක් නෑ.

    මට පේන විදිහට ඔයා කාර් එකට ෆිනෑන්ස් එකක් දාන්න ඉන්නේ. අව්රුදු 5 න් ඔයා කියන තරම් මුදලේ අගය පහත වැටෙන්නේ නෑ.
    ආයෝජනය ගැන මම මුලිනුත් කිව්වේ. හැමෝටම ලක්ෂ ගානක් ආයෝජනය කරන්න සුදුසු දෙයක් ලැබෙන්නේ නෑ. එහෙම ලක්ෂ ගානක් ආයෝජනය කරන්න හොද ක්‍රම තියනව නම් ඔයා ඒ ගැන ත්‍රෙඩ් එකක් දාන්න. මොකොද එහෙම වුනොත් දැනට මම තේරුමක් නැතිව ආයෝජනය කරලා තියන සල්ලි අරං ඒ වගේ දේකට යොදවන්න පුලුවන්. ෆික්ස් ඩිපෝසිට් එකෙන් සල්ලි නයට අරගෙන ඒ සල්ලි වාහනයකට යොදවන එක එක අතකින් හොද වැඩක්. මොකද එතකොට වාහනය ගෙඩි පිටින් ගන්න නිසා ෆිනෑන්ස් වලට අපි අහුවෙන්නෙ නෑ. මම මේ ත්‍රෙඩ් එක දැම්මේ අයෝජනයක් විදිහට ගන්න වාහනයක් ගැන නෙවෙයි. තමන්ගේ පුද්ගලික හෝ ගෙදර පාවිච්චියට ගන්න වාහනයක් ගැන. ඒවගේ එකක ඔයා කියනවා වගේ 75 ක් ගෙවපු වාහනේ අව්රුදු 5 කින් 35 ට විකුණන් වුනොත් ගෙදරක පාවිච්චියේදී ඒක ලොක් ලොස් එකක්.
    අපේ රටේදි නම් අන්රෙජිස්ටර් වාහනයක් කියන්නේ හැමතිස්සෙම මිනිහෙක්ගේ ආසාව මත ගන්න දෙයක්. එහෙව් දේකට ලීස් එකක් දාලා හිර වෙනවා කියන්නේ මහ අපරාධයක්.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පැත්තක් ගියත් ඇත්තක් කියල කොල්ලන්ගේ පඩි පැකට් එක පරෙස්සම් කරලා දෙන්න හැදුවත් බහුතරයක් තරුණ පරම්පරාව හිතන්නෙම මේ විදිහට නෙවෙයි මචන්.. උන් බලන්නෙම ෆිනෑන්ස් කරලා අලුත් එකක් අරගෙන හිඟන්න වෙන්න. එත් උන් අලුත් කියල ගන්නෙත් ජපානේ පට්ට ගහපු මීටර් කරකවපු වාහන. අපේ රටේ බහුතරයක් ෆිනෑන්ස් වලට පොලී ගෙවන්නේ කිසිම තේරුමක් නැතුව. අතේ තියන ගානට වාහනයක් අරගෙන හෙමින් හෙමින් දියුණු වෙන උදවිය දැන් හරි අඩුයි මචන්.. බහුතරයක් උන් බලන්නේ හෙට ෆිනෑන්ස් එකෙන් උස්සන් ගියත් අද අලුත් එකක් පදින්න..

    මගේ ලඟම යාලුවෙක් ඉන්නවා සීසින් කරන. ඌ උස්සන් එන වාහන දැක්කම හිතෙනවා මිනිස්සුන්ට පිස්සුද කියල ලක්ස 5ක් 6ක් දීල පනස්දාහෙන් 48ක් 60ක් ගෙවන්න ෆිනෑන්ස් දාන්න. හුඟක් වාහන ෆිනෑන්ස් එක දාල වාරික 4යි 5යි ගෙවල තියෙන්නේ. ඊට පස්සේ මාස 5ක් 6ක් ඇරියස්.

    මම සති දෙකකට උඩදී ෆිනෑන්ස් එකකින් උස්සපු සෙරීන එකකට මිලක් දැම්ම. වාහනේට ලක්ස 11ක් ෆිනෑන්ස් දීල.. වාරික 3යි ගෙවල තියෙන්නේ.. මම කෑෂ් ලක්ස 9 ට ඉල්ලුව.. උන් 11.50ක් ඉල්ලනවා. එත් වාහනේ වටිනාකම උපරිම 11ක් තමයි. මම ඉතින් ගන්නේ විකුනන්න නිසා අතෑරලා දැම්ම.

    මගේ යාලුවෙකුගේ සෙරීන එකක් අවුරුදු දෙකක් හංගගෙන හිටිය ඌට ගෙවාගන්න බැරුව. අන්තිමේ ඌ රෝලක් ගහල ෆිනෑන්ස් බේරලා වික්ක. අතට ඉතුරු උනේ 30 000 යි කිව්වා. අරුන් පොලී හදල මුට චූ යන්නම.
     
    ඔව් මචං ඔය ඇත්ත බහුතරයකට තේරෙන්නේ නෑ. මමත් ඉදලා හිටලා ඔය යාඩ් වලට යනවා. ඒවගේ උස්සලා ගෙනත් තියන වාහන දැක්කම් පිස්සු හැදෙනවා. දැන් ඉන්න බහුතරයක් කොල්ලංට ඕනි දියුනු වෙන්න නෙවෙයි. තමන් දියුනුයි කියලා පිටට පෙන්වන්න විතරයි. මේ වගේ ත්‍රෙඩ් එකකින් වුනත් හරයක් ගන්නේ ඉතාම සුලු පිරිසක් මචං.
     
    • Like
    Reactions: aruna1

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    ඔව් මචං ඔය ඇත්ත බහුතරයකට තේරෙන්නේ නෑ. මමත් ඉදලා හිටලා ඔය යාඩ් වලට යනවා. ඒවගේ උස්සලා ගෙනත් තියන වාහන දැක්කම් පිස්සු හැදෙනවා. දැන් ඉන්න බහුතරයක් කොල්ලංට ඕනි දියුනු වෙන්න නෙවෙයි. තමන් දියුනුයි කියලා පිටට පෙන්වන්න විතරයි. මේ වගේ ත්‍රෙඩ් එකකින් වුනත් හරයක් ගන්නේ ඉතාම සුලු පිරිසක් මචං.

    Matai mage genitai terunata wedak na ban.. anith okkoma :( :no: :lol:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Honda thread ekak machan. Leasing karanna epama kiyanawata wadaa mama nam kiyanne salli manage karanna igena ganna kiyala. Hariyata anagathe salasum karala lease kalata kamak naha. Mokada parana wahana gannawa labayak thiyan wikunanawa kiyanne danumak nathi kenekta karanna puluwan deyak nemei. Ahu unoth lease kalata wada 10 gunayak padu wenna puluwan awastha ona tharam. Ewagema lankawa wage rata wala minissu maninne andumen, wahanen thama.

    Loan danna bari nam lease karanna habai thamanta daranna puluwan lease ekak witharak ganna. Athe thiyana okkomath daala laksha 30-40 wahana lease karala hira wenna epa.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අපේ රටේ මිනිස්සුන්ට ඕන යතාර්ථය ගැන හිතන්නේ නැතුව සිහින ලෝක වෙන්න. එහෙම මිනිස්සු තමයි වාරික දහයක් ගෙවෙන්න කලින් වාහනේ ඇරියස් කරගන්නේ.මොකද හෙට දවසේ ආදායම ගැන පැහැදිලි වැටහීමක් ඇතුව නෙවෙයි වාහන ෆිනෑන්ස් දාල ගන්නේ.

    මගේ යාලුවෙක් හිටිය දැන් ඩුබායි වල ඉන්නේ. 1997 මම මගේ පලවෙනි කාර් එක ගද්දි ඌ මට හිනා උනා super GL එකක් ගන්නේ නැතුව කාර් කටුවක් ගත්ත කියල. ඒ වෙද්දී ඌ ඉතාලි යන්න උත්සහ කරමින් උන්නේ. මම ඌ ට කිව්වා ලක්ස 10 ක් දීල ඉතාලි යන්න අවුරුදු 5ක් 6ක් බලන් ඉන්නවට වඩා හොඳ නැද්ද කියල ඩුබායි ගිහින් සල්ලියක් හොයන්න බැලුවනම් කියල. එහෙම කියද්දී ඌ මට හිනා උනා. අවුරුදු 30ක් වෙනකම් ගෙදරින් කකා ඉඳල අන්තිමේ ඩුබායි ගිහින් දැන් දුක් විඳිනවා. ඉතාලි යන්න ලක්ස 10ක් සල්ලි දීල ඒ සල්ලි අවුරුදු 10කින් පස්සේ ආපහු ලැබුන බැංකු පොලියවත් නැතුව. එත් අදත් උගේ හීනේ ලක්ස 50 ක් වෙන KDH එකක් ගන්න. අද ඌ ට වත්කම තියනවා ලක්ස 15ක් වගේ දීල වෙන වාහනයක් ගන්න. එත් හීනේ ලක්ස 50 ක එකක් ගන්න. ඔන්න ඔහොමයි අපේ රටේ බහුතරයක් මිනිස්සුන්ගේ ආසාවන්.