eka hodayi thamanma drive karanawanam neda ban?ආයෝජනයක් විදියට වාහන ගන්න පුලුවන් , රෙන්ට් එකට දෙන්න , කම්පණි එකකට දාන්න , ටුවරිසම් වලට , වාහනෙන් ලක්ශයක් ලාබ ලබලා 50 ෆිනෑන්ස් ගෙව්වට කමක් නෑ ,

මගේ නම් අදහස තමන්ට වාහනේට යට කරන්න වන මුදල දැනට දරා ගන්න අමාරු නම්, ඒ අදහස ටිකක් පස්සට දාන්න. කියන එක හොද උපදෙසක්. තමන්ගේ පාවිච්චියට කාර් එකක් ගන්න ලීස් ලෝන් දාන එක නම් කීයටවත් අනුමත කරන්න බෑ. පරණ වාහනේක එන්ජිම, බොඩිය සහ අනිත් මූලික කොටස් හොදද කියලා බලාගත්තනම් හදිස්සියේ එන්න පුලුවන් පොඩි පොඩි රෙපෙයාර් වලට ලොකු ගානක් යන්නෙ නෑ. එතනදී අව්රුදු 6 ක් 7 ක් පාවිච්චි කරපු ඉන්දියන් වාහනේක එන්න පුලුවන් ලෙඩයි අව්රුදු 25 ක් පාවිච්චි කරපු ජපන් වාහනේක එන්න පුලුවන් ලෙඩයි එක සමාන මට්ටමක තියන්නේ. එකම වාසිය ඉන්දියන් ඒවගේ පාට්ස් ලාබයි. හැබැයි ජපන් ඒවගේ රීකන්ඩිෂන් පාට්ස් බහුලයි.හොඳ thread එකක්.
එත් එකට විසඳුමක් විදිහට අතේ තියෙන ගානට පරණ කාර් එකක් ගන්න කියන එකට එකඟ වෙන්න බෑ බං.
උඹ දුන්න උදාහරණෙ වගේ brand new alto car එකක් ගන්න යන ගැනම හෝ ඊට වැඩියෙන් පොඩ්ඩක් හරි හොඳ තත්ත්වයේ පාවිච්චි කරපු වාහනයක් ගන්න යනවා. සම්පුර්නම මුදල අතේ නැත්තම් එතකොටත් leasing හරි loan එකකට හරි යන්න වෙනවා.
Car එක ජපන් උනත්, පරණ කාර් එකක් නම් අනිවා ඒවායේ repairs එන ප්රතිශතය අලුත් Alto එකකට වඩා වැඩි. එතකොට පරණ car එකකට repair/maintain cost එක අලුත් එකකට වඩා කොහොමත් වැඩි වෙනවා.
පරණ කාර් එකක් අරන්, තමුනුත් අවුරුද්දක් හරි පාවිච්චි කරලා, තමන් ගත්තු ගානටත් වඩා වැඩියෙන් ලාබ තියන් දෙන්න පුළුවන් කියන එක බොරු කතාවක් නේ බං. සමහර විට එහෙම කරගන්නත් පුළුවන්. පරණ වාහනේ තවත් අවුරුද්දකින් හරි පරණ උනාම වටිනාකම තවත් අඩු වෙනවා මිසක් වැඩි වෙන්නේ නෑ.
මගේ නම් අදහස තමන්ට වාහනේට යට කරන්න වන මුදල දැනට දරා ගන්න අමාරු නම්, ඒ අදහස ටිකක් පස්සට දාන්න. අදායමක් එන දෙකට තමන්ගේ මුදල් යොදවන්න.
කොහොමත් වාහනයක් කියන්නේ වියදමක් මිසක් ආයෝජනයක් නෙමෙයි.![]()
ඇත්ත කතාව මචං , ගොඩක් එවුන් තමන්ගෙ ආර්ථික තත්වෙට නොගැලපෙන විදියට ෆිනෑන්ස් කරල වාහන ගන්න හින්ද තමයි ඔය ෆිනෑන්ස් කොම්පැනි වල වාහන යාර්ඩ් පිරිල තියෙන්නෙ. ගෙවාගන්න බැරි උනාම අන්තිමට තමනුත් අමාරුවෙ වැටිල ඇපකාරයොත් අනාත වෙලා හදිස්සියකට උන්ටත් බැංකු ලෝන් එකක්වත් ගන්න බැරි වෙනව, වාහනෙන් තමන්ගෙ සමාජ තත්වේ පෙන්නන්න යන එක ලොකුම ගොන් කමක්, ලිසිං එකක් දාන්න ඕනම නම් තමන්ට පහසුවෙන් කළමනාකරණය කරගන්න පුළුවන් විදියට ලීසිං එකක් දාන එක තමයි හොඳම වැඩේ , නියම පොස්ට් එකක් මචං
සැහැල්ලු දිවි පැවැත්මapee ekek innwa masekata 1y 12k gewna umbq kiyana kathwa nam hari machn finance karla wahanayk gannwata wada hodai loan ekek dala idamak gannwa ..man me oya deka athra dolanaya wena gaman ban inne..me thred eka loku upkaryak una monawa unoth tom aiye..dakke kalekin ban umbawa..
ගයාන් මලයව දැක්ක කල්. 


මචන් මමත් ඔය තත්වයට ඇත්තටම පත්වෙලා ඉන්නකෙනෙක්. අවුරැදු හතරකට දාපු පිනෑන්ස් එකේ තව තියෙන්නේ මාස දහයයි ගෙවන්න. නමුත්මේ කාලෙදි මගේ හිතට නිදහසක් තිබුනෙම නෑ ලක්ශ 16 ට ලක්ශ23 ක් විතර ගෙවල තියෙන්නේ මම (දඩ පොලී නැතුව) එක හොදක් තියෙන්නේ ගෙවපු මුදල ඉතුරැවක් වුන එක පමනයි. ඒත් කාර් එකේ මාකට් එක දැන් අඩු වෙලා නිසා අනාතයි
![]()
