ෆොන්සේකා UNP JVP සහය ලබාගන්න තීරණය කරේ ඇයි?

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ෆොන්සේකා UNP JVP සහය ලබාගන්න තීරණය කරේ ඇයි?

    එලකිරි ඒකේ සරත් ෆොන්සේකා විවාද වලදී නිතරම කියවෙන දෙයක් තියෙනවා. ඒ තමයි.....................

    "අපිට සරත් ෆොන්සේකා එක්ක ප්‍රශ්ණයක් නෑ, එයා යුධ වීරයෙක්, ඒත් රට පාවාදීපු UNP කාරයෝ එක්ක එකතුවෙලා ඉන්න එක ලොකු ප්‍රස්ණයක්....." කියන තර්කය.

    මේ තර්කය සාධාරණයි.

    ඇත්තටම ඇයි ජෙනරාල් තුමා UNP එක්ක කූට්ටාලි වුනේ, පිස්සු හැදිලාද? රැවටිලාද? නැත්නම් දේශද්‍රොහියෙක් වෙලාද?

    ඔය එකක්වත් නෙමෙයි, ජෙනරාල්තුමා එක්ක එකතුවුනේ ශ්‍රි ලංකාවේ තියෙන දේශපාලන යථාර්ථය නිසා.

    මම මේක ලිව්වේ ජෙනරාල්තුමාට ආදරය කරණ, එතුමාට ගෞරව කරණ, එතුමාට සුබ පතන අය වෙනුවෙන් පැහැදිලි කිරීමක් විධියට.

    වෙනදා වගේම එතුමාට වෛර කරණ, ආංඩුවට කඩේ යන අය මට අපහාස කරයි UNP කාරයා කියලා, ඒවා ගණන්ගන්න එපා.

    ජෙනරාල්තුමාගේ තීරණයට හේතු මෙන්න..............

    ~~ 1 ~~

    2005 චන්දේ බලන්න. රටපාවාදුන්නා, ලෝක බැංකුවට ප්ලග් එක ගැහුවා, සීගිරිය විකුණුවා කියෙන දහසකුත් එකක් චෝදනා තියෙද්දී රනිල් ප්‍රකාශිත චන්ද වලින් 48.43% ඒ කියන්නේ වලංගු චන්ද 4,706,366 ලබාගත්තා.
    (source : http://en.wikipedia.org/wiki/Sri_Lankan_presidential_election,_2005 )

    සීගිරිය විකුණුවා, කොටින්ට රට දුනා, සුද්දන්ට රට වික්න්ණුවා රාජපක්සලා, වීරවසලා, චම්පිකලා වේදිකා දෙවනත් කරද්දී මේ රටේ මිනිස්සු ලක්ශ 47ක් රනිල්වත් UNP එකත් විස්වාස කරලා චන්දේ දුන්නා.

    මේ ලක්ශ 47තෙන් කීයක් පාවෙන චන්ද ඇත්ද? මම හිතන්නේ බොහොම ටිකයි. පාවෙන චන්ද ගියේ දේශප්‍රේමී මහින්දට මිසක් රට පාවාදුන් රනිල්ට නෙමෙයි. ඒ කියන්නේ මේවා UNP චන්ද.

    ජෙනරාල්ට දිනන්නනම් මේ UNP චන්ද ලක්ස 47 අවශ්‍ය වෙනවා. බැරිවෙලා හරි ජෙනරාල් එක්ක තරගෙට රනිල් හරි, වෙන UNP එකෙක් හරි දැම්මානම් මේ චන්ද කැඩෙනවා. ඒකෙ වාසිය මහින්දට.

    ජෙනරාල් කියන්නේ මෝඩයෙක් නෙමෙයි,UNP එක්ක එකතු වීමේ වාසි අවාසි කිරලා මැනලා තමයි තීරණය ගත්තේ.

    ~~2~~

    ජනාධිපති වරණයකට මුහුණ දෙන්න රට පුරා විහිදිච්ච සංවිධානාත්මක ජාලයක්, සංවිධයායකවරු, මෙහෙයවන්නන් ඉන්න ඕනෙ.

    එහෙම organisation structure තියෙන්නේ SLFP, UNP. JVP තුනට විතර. ඒවගේ ජාලයක් නැතුව තනියම් ගිහින් ජෙනරාල් මොන බම්බුවක් කරන්නද?

    පෝස්ටර් ගහන්නේ, කැම්පේන් කරන්නේ නෝනයි, දුවලා දෙන්නයිද?

    ජෙනරාල් තුමා UNP / JVP හවුලට යන්න දෙවෙනි හේතුව ඕකයි.

    රජයේ සියළු සම්පත් තමන්ගේ පෞද්ගලික දේපොල විදියට චන්ද වැඩට දාගෙන ඉන්න මහින්දට සටනක් දෙන්න රටපුරා පක්ශ සංවිධානයක් අවශ්‍යයි.

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ගියපාර පොනිල් පොන්සේකාට චන්ද අච්චර ලැබුන නම් මේ පාර සරත් ෆොන්සේකාට මෙච්චට ලැබෙයි කියල ඔයා කරන තර්කය අපිට පිලිගන්න පුලුවන්, ඒත් මතකතියාගන්න මේ ලංකාවේ තියෙන අති විශේශ ජනාධිපතිවරනයක් කියන එක, මේ පලවෙනි වතාව එක්සත් ජාතික පක්ශයෙන් අපේක්ශකයෙක් ඉදිරිපත් නොවන, ඒවගේම මේ පලවෙනි වතාව ජවිපේ සහ එජාපේ එකට වැඩ කරන, මේ පලවෙනි වතාව හිටපු ත්‍රස්තවාදීන් ටික සහ උන්ට වැඩකරපු සහචරයො ටික දෙපැත්තට බෙදිල කට්ටියක් මහින්දට, කට්ටියක් සරත්ට සහය දෙන, ඒක නිසා චන්දේ ඉවරවෙනකම් කාටවත් කියන්න බැහැ කවුරු දිනයිද කියන එක,

    උතුරු නැගෙනහිර චන්ද මේ පාර විශේශ තැනක් ගනියි කියල මට හිතෙනව, ඒවගේම මම හිතන විදිහට ඒ පැතිවල අය මහින්දට සහ සරත් යන දෙන්නටම කැමති නැහැ, ඉතින් මේක අපි හිතන තරම් ලේසි චන්දයක් වෙන එකක් නැහැ
     
    Last edited:

    bhathiya99

    Junior member
  • Nov 10, 2007
    986
    25
    18
    Macho GEN.Sarath Fonseka Election ekata enne MAhindath ekka tiyana thrahata ? nadda? Ithin kagewath tharaha walata api vote karanna oneda? 2005 Mahinda dinne naththam Rata 0.5 dan Prabhakarange. Lankawe wasanawata Mahinda president une. 2005 Ranil dinnanam melahakata umbath na mamath na, UNP SF ta support karanna ellenna aththak ona nisa. Ona minihek kamathine Andu paksheta enna. wena monawatada? UNP anduwak awa kiyala gasa kana ewa nawathida? 2003 "millenium city" case eka mathakada? Mulu "Buddi anshayama" pawa dunna ewa karapu minissunta ai api vote karanne? 1989 JVP kiyala lankawe kollo keeyak maruwada UNP eken Lajja nathuwa JVP ekata haul wela. Mahinda apu nisa thamai lankawe apita baya nathuwa awidagena hari yanna puluwan. oyage pakshe UNP wenna athi. Me welawe pakshe gana hithanne nathuwa eka ekage tharaha pirimahanne nathuwa Rata yana widiyata yanna denna MAhindata vote karanna.
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    METHANA LOKUMA PRASHNE AWILLA GENARALTA UNP/JVP SAHAYA ONA UNADA ????
    UNP/JVP ATHULU MANGALA,HAKI,MANO LAGE SANDHANAYATA GENERALGE SAHAYA ONA UNADA KIYANA EKAI.
    MOKADA MAMA DANNA WIDIHATA GENERAL TA CHANDA KARALA JANADHIPAHI WELA INNA THARAM UNAK THIBUNE NAHA.
    GENERALTA MAHINDA EKKA PRIVET LEVEL AWULAK THIBUNA.
    1.EYA KIWWA KENA NATHUWA WENA KENEK HAMUDA PATHI KARAPU EKA.
    2.60 WENI ANNIVERSAERY EKETA KALIN HAMUDAPATHI KAMEN AIN KIRIMA
    SAHA A WAGE DESHAPALANAMAYA NOWENA PRASHNA.
    A NISA ELLENNA WAL NATHUWA HITI AYATA GENARAL GE ISMATHUWEENA PENUNE DEWATHA ELIYAK PAATH UNA WAGEI.
    GONA MEEHARAKA KIYALA BALU BANUM BANNA AYA DAN OHUGE PIHITEN ELIYA BALANNA HADANAWA.
    MAMA MAHINDA KADE YANA EKEK KIYANNA EPA. MAMA KADE YANNE MAGE MAWBIMA WENUWEN,(YANAWA NEWEI KADE DUWANAWA)
     
    Last edited:
    Nov 2, 2009
    13
    0
    0
    42
    matara
    karunai pillayanui inna anduwa deshapremiyo neda ...........sarath fonseka inna vpakshaya deshadrohiyo neda .........anduwe iine amu meeharak ......aththatama than therenawa cheeththa andinne ranilda ....anduwe inna xxx... kiyala....
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    Macho GEN.Sarath Fonseka Election ekata enne MAhindath ekka tiyana thrahata ? nadda? Ithin kagewath tharaha walata api vote karanna oneda? 2005 Mahinda dinne naththam Rata 0.5 dan Prabhakarange. Lankawe wasanawata Mahinda president une. 2005 Ranil dinnanam melahakata umbath na mamath na, UNP SF ta support karanna ellenna aththak ona nisa. Ona minihek kamathine Andu paksheta enna. wena monawatada? UNP anduwak awa kiyala gasa kana ewa nawathida? 2003 "millenium city" case eka mathakada? Mulu "Buddi anshayama" pawa dunna ewa karapu minissunta ai api vote karanne? 1989 JVP kiyala lankawe kollo keeyak maruwada UNP eken Lajja nathuwa JVP ekata haul wela. Mahinda apu nisa thamai lankawe apita baya nathuwa awidagena hari yanna puluwan. oyage pakshe UNP wenna athi. Me welawe pakshe gana hithanne nathuwa eka ekage tharaha pirimahanne nathuwa Rata yana widiyata yanna denna MAhindata vote karanna.
    :yes::yes::yes::yes::yes::yes:
    SOMAWANSHA LOKKA DAWASAK KIWWA "API(jvp) UNP EKKA EKATHU UNOTH BADA KAPA GANNAWA "KIYALA.
    DAN KAWAADDA DANNA KAPA GANNE.
    JANUARY 27 HODA DAWASAK EKATA.:lol::lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    චන්දේ ඉවරවෙනකම් කාටවත් කියන්න බැහැ කවුරු දිනයිද කියන එක,

    :yes: :yes: ...

    j.v.p ඡන්ද පදනම කඩාගෙන වැටිල තියෙන්නෙ ...

    ආණ්ඩුවෙ ප්‍රභලයො ටිකක් අනිත් පැත්තට පැන්නොත් නම් මොකක් හරි කරගන්න පුළුවන් :eek:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    වෙනාදා මෙන්ම ඔහු විශාම යන තුරු මේ රටේ බොහෝදෙනා ඔහුට පැහැදිලිවම ගෞරව කලා , ඒකට හේතුව අති විශිෂ්ඨ යුද හමුදා නායකයෙකු වීම නිසයි , ඒ වන විට ඩෙන්සිල් කොබ්බෑකඩුව නම් යුද වීරයාගේ මතකයන් සේම මොහුද ඒ වු සදා නොමැකෙන මතකයන් අතරට එක්වෙමින් තිබිණි , නමුත් බල තන්හාව එයට වැට බදින්නක් බව ඔහු නොදැන සිටියා විය හැකිය , දැන් බහුතර ජනතාවක් අතරින් ඔහුට වූ ගෞරවය නැතිවී ගොස්ය , ඒ ජාතියේ වීරයකු සමග එකට සිට ලබාගත් ජය තුට්ටු දෙකට සීමා කරමින් , දේශයට ද්‍රෝහිකම් පෑ , බටහිරට කඩේ ගිය දේශපාලන පක්ශයක් හා අතිනත ගැනීමෙනි,
    මෙම අරගලය පවතින කාලය තුල , ඔහුටද , රටටද නින්දා අපහාස කල එක්සත් ජාතික පක්ශය අද දේශ හිතයිශීය , පාමන්කඩ , මැදවච්චි කතා , ඔනෑම ගොනෙකුට යුද්ධකල හැකියි කියූ කතා , තාමත් මගේ දෙසවන තුල නිබදවම රැව් දෙන තුට්ටු දෙකේ නිවට කතා බස්ය , ඒවා ඔබටද මතක ඇතියැයි මම සිතමි , ගැලවීමේ හමුදාවටවත් සුදුසු නැති හමුදාපති , දැන් රට ගොඩනැගීමට සුදුසු වී ඇත්තේ කුමක් නිසාදැයි අපි ප්‍රශ්ණ කරමු , ප්‍රභාකරන්ට එරෙහිව සටන් කරද්දී හමුදාපති නිවටයෙකි , මහින්ද රාජපක්ශට විරුද්ධව සටන් කරද්දී ඔහු දේශ ප්‍රේමියෙකි , එනම් එක්සත් ජාතික පක්ශයට ප්‍රභාකරන් යනු හිතවතෙකි
    දේශය නිදහස් කර ගැනීමේ නියමුවා ද්‍රෝහියෙකි , තර්කය පැහැදිලිය...
    අපේ රටේ බහුතර ජනතාවක් බඩ ගැන සිතයි , ඔය ලෝක බැංකු කථා ඔවුනට අදාල නැත , රටක පාක්ශික චන්ද ඇත්තේ දෙපාර්ශවයට බැලුවොත් 40% , ඉතිරි 60% පාවෙන චන්දය , 1994 චන්ද්‍රිකා විශිෂ්ඨ ජයක් ලැබුවේ අපේම රටේ චන්ද වලිනි , 2001 එය අනිත් අතට කැරකුනේ ඒ චන්ද වලින්මය , ඔබ ඉදිරිපත් කරන තර්කය මෙහි ඇතුලත් කරහොත් 2001 කැරකී ඇත්තේ චන්ද්‍රිකාගේ චන්දය , එය එසේ විය නොහැක , රට තුල බහුතර චන්දයන් පාවෙන ඒවාය , බොහෝ විට ඒවා තීරණය කරන්නේ චන්දයට කලින් දවසේ පවුලේ කතා බහින් විය හැක.

    " අපේ මිනිස්සුන්ට දැන් නිදහසේ කොළඔ යන්න පුලුවන් , රට දැන් නිදහස් , ඉස්සර කොච්චර බයෙන්ද හිටියේ , මහින්ද වැඩක් කරන පාටයි , ඉතුරු ටිකත් මිනිහ කරයි , අපි අපේ යුතුකම ඉටුකරමු"

    ඔය වගේ කතාබස් වලින් පාවෙන චන්දය තීරණය කරනු ඇත
    ජනරාල් යනු දේශපාලන බබෙකි , 2005 දී ප්‍රතික්ශේප කල රනිල් සමග එක්වී ඔහුගේ මතය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන බවක් පෙනීයයි , එම තීරණය නැවත වරක් ජනතාව තීරණය කරනු ඇත.

    යුධ හමුදාවක් පාලනය කල පලියට , රටක් පාලනය කල නොහැක, ජනාතාවගේ තීරණය මහින්ද විය යුතුය , මොකද අපේ රට තුල හැමදාම ගුලි කන මෝඩයන් සිටිය නොහැකි බැවිනි
     
    • Like
    Reactions: thulithasajeewa

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ගියපාර පොනිල් පොන්සේකාට චන්ද අච්චර ලැබුන නම් මේ පාර සරත් ෆොන්සේකාට මෙච්චට ලැබෙයි කියල ඔයා කරන තර්කය අපිට පිලිගන්න පුලුවන්, ඒත් මතකතියාගන්න මේ ලංකාවේ තියෙන අති විශේශ ජනාධිපතිවරනයක් කියන එක, මේ පලවෙනි වතාව එක්සත් ජාතික පක්ශයෙන් අපේක්ශකයෙක් ඉදිරිපත් නොවන, ඒවගේම මේ පලවෙනි වතාව ජවිපේ සහ එජාපේ එකට වැඩ කරන, මේ පලවෙනි වතාව හිටපු ත්‍රස්තවාදීන් ටික සහ උන්ට වැඩකරපු සහචරයො ටික දෙපැත්තට බෙදිල කට්ටියක් මහින්දට, කට්ටියක් සරත්ට සහය දෙන, ඒක නිසා චන්දේ ඉවරවෙනකම් කාටවත් කියන්න බැහැ කවුරු දිනයිද කියන එක,

    උතුරු නැගෙනහිර චන්ද මේ පාර විශේශ තැනක් ගනියි කියල මට හිතෙනව, ඒවගේම මම හිතන විදිහට ඒ පැතිවල අය මහින්දට සහ සරත් යන දෙන්නටම කැමති නැහැ, ඉතින් මේක අපි හිතන තරම් ලේසි චන්දයක් වෙන එකක් නැහැ

    සම්පූර්ණයෙන් එකඟවෙමි.

    මෙය අති විශේෂ චන්දයක් බව ඇත්ත.

    විසි හය වෙනිදා පාන්දර චන්දපොලට යනගමන් චන්ද දායකයන්ගේ සිත් තුල ඇති සිතුවිලි වලින් සියල්ල තීරණය වනු ඇත.
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    :yes: :yes: ...

    j.v.p ඡන්ද පදනම කඩාගෙන වැටිල තියෙන්නෙ ...

    ආණ්ඩුවෙ ප්‍රභලයො ටිකක් අනිත් පැත්තට පැන්නොත් නම් මොකක් හරි කරගන්න පුළුවන් :eek:

    ජෙප්පෝ දෙකට බෙදෙන්න කලින් උන්ට යම්කිසි දෙයක් කරන්න පුලුවන් කමක් තිබුන, අන්තිමට උන් උන් කෙලගන්න පටන්ගත්තට පස්සේ උන්ට රැවටිලා හිටපු මිනිස්සුන්ටත් එපා වුනා