෴ආයෙ නොයෙනා විලසින් බැසගියා සිත් අහසින්෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,404
    7,075
    113
    34
    කෙල්ල ළඟ
    ෴ආයෙ නොයෙනා විලසින් බැසගියා සිත් අහසින්෴

    172211837ddcdbf95a1f189eee443a07c756765e.jpg


    (මුලින්ම පුංචි දෙයක් මතක් කරන්න ඕනි.. මේ කතාව එළකිරියෙ මගේ / ඔයාලගෙ යාලුවෙක්ට වෙච්ච සත්‍ය කතාවක්.. මට ඒ යාලුවගෙ නම සඳහන් කරන්න බැහැ.. මොකද එයා කිව්වා එයාගෙ නම කොතැනකවත් සඳහන් කරන්න එපා කියලා.. එයා මට දවසක් එයාගෙ ආදර කතාව PM එකක් හැටියට එවලා තිබුණා.. ඒ කතාව කියෙව්වාම ඇත්තටම මගේ ඇස් දෙකට කඳුළු පිරුණා.. මේ කොල්ලා මොන තරම් දුක් විඳන්න ඇත්ද කියලා.. මට නම් හිතාගන්නත් බෑ එහෙම දුකක් කොහොම ඉවසන්නද කියලා.. පස්සෙ මං ඒක පුංචි කතාවක් හැටියට ලිව්වා ඒ එයාගෙ සම්පූර්ණ අවසරය මත කිසිම නමක් සඳහන් නොකර.. ඔයාලටත් කියවන්න පුළුවන් වෙන්න..

    ඔයාලට කතාව කියවනකොට තේරෙයි එයාගෙ ආදර කතාව අවසන් වුණේ මොන තරම් අවාසනාවන්ත විදියටද කියලා..)

    ජීවිතේ කියන්නෙ හරි පුදුම දෙයක්.. සමහර අය ජීවිතේ විඳිනවා.. සමහර අය ජීවිතේ විඳවනවා.. මට නම් හිතෙන්නෙ මේ ජීවිත කාලෙදි අපිට හිමිවෙන දේවල් වලට වඩා අහිමිවෙන දේවල් වැඩියි කියලයි.. අපිට දෙයක් හිමිවුණාම උඩ පැන පැන හිනා වෙවී අපි ඒ සතුට උපරිමයෙන් විඳිනවා.. ඒත් ජීවිතේ වැඩිපුරම ආදරේ කරන දෙයක් අපිට අහිමි උනාම..? ජීවිත කාලෙම විඳව විඳව ජීවත් වෙනවා.. මගේ ජීවිතෙත් එහෙමම තමා.. මමත් විඳව විඳව ජීවත් වෙන කෙනෙක්.. හැමෝම කියන්නෙ ජීවිතේ තියෙන්නෙ විඳින්න මිසක් විඳවන්න නෙමෙයි කියලා.. ඒත් ඒක වචනෙටම විතරක් සීමාවෙච්ච දෙයක් කියලයි මට හිතෙන්නෙ.. තුවාලෙ තියෙන කෙනානේ ඒකෙ වේදනාවත් දන්නෙ.

    මම නුවන්.. මං ඉගෙනගත්තෙ මිශ්‍ර පාසලක.. මට මතකයි දෙක වසරෙදි මගේ පංතියට ලස්සනම ලස්සන ගෑනු ළමයෙක් ආවා.. අපේ ගුරුතුමිය මේසෙකට ළමයි දහදෙනා ගානෙ දාලා කන්ඩායම් හදලා තිබුණෙ.. ඒ ගෑනු ළමයා ආවෙත් මගේ කණ්ඩායමට.. ඉතිං අපි එක දවසින්ම හොඳ යාලුවො උනා.. ඒ යාලුකම දෙකවසරෙ අවසානය වෙනකම්ම වෙනසක් උනේ නෑ.. ඒ විදියටම තිබුණා.. ඒත් දෙක වසරින් පස්සෙ අපි වෙනස් පංති වලට වැටුණා.. එයා වෙනම පංතියක.. මං වෙනම පංතියක.. ටිකෙන් ටික ඒ ගෑණු යාලුවව මගේ හිතින් අමතක වෙලා ගියා.. ඒ වෙනකොට එයා මුණගැහෙන්නෙත් නැති තරම්..

    වේගයෙන් කාලය ගෙවිලා යද්දි අපි හය වසර පන්තියෙදි ආයෙත් මුණගැහුණා. හැබැයි එයාට නම් මාව චුට්ටක්වත් අමතක වෙලා තිබුණෙ නෑ. මාව දැකපු ගමන්ම ඒ ගැණු ළමයා මගේ ගාවින්ම ඇවිත් වාඩි උනා. එතකොට මට විතරක්ද ඒ යාලුකම අමතක වෙලා ගියේ. මං මොන තරම් නරක කොල්ලෙක්ද..? ෂිහ්.. ඇතත්ම කිව්වොත් මට ඒ වෙනකොට මේ ගෑණු ළමයගෙ නමවත් මතක තිබුණෙ නෑ. මං මුලින්ම එයාගෙන් ඇහුවෙ.

    “ඔයාගෙ නම මොකක්ද..?” කියලා.. එයා ටික වෙලාවක් හිනා වෙවී මගේ දිහා බලන් හිටියා.

    “අයියෝ.. ඔයාට මගේ නමවත් මතක නැද්ද..? මම දිනූෂි..” මට දෙන්න උත්තරයක් නෑ.. ඇත්තම කිව්වොත් ඉතිං මට නම මතක නෑනෙ. මං නෑ කියලා අඟවන්න ඔලුව වැනුවා.

    “ඔයාට මගේ නම මතකද..?” මං ඒ ගෑණු ළමයා දිහා බලලා ඇහුවා.

    “මොකද මතක නැත්තෙ.. ඔයා නුවන්නේ..” මට පුදුමත් හිතුනා.. අවුරුදු පහක්ම ගෙවිලා ගියා. අපි දෙන්නා මුණගැහුනෙම නෑ. ඒත් මෙයාට මගේ නම අමතක වෙලා නැති හැටි.

    “හ්ම්.. මම නුවන්.. ඉතිං ඔයාට කොහොමද..?” මං හරස් ප්‍රශ්නයක් ඇහුවා.. ඒ ඇහුවෙ කතාව වෙන පැත්තකට හරවන්න උවමනාවකින් නෙමෙයි.. ඒ කාලෙදි මට ඒ තරම් දැනුම් තේරුම්කමක් තිබුණෙ නෑ.. මට ඕන උනේ එයා එක්ක කතා කරන්න විතරයි.

    ඔහොම කෙමෙන් කෙමෙන් කාලය ගෙවිලා ගියා. වාසනාව කියන්නෙ නවය, දහය වසරවල් වෙනකම්ම අපි දෙන්නා එකම පන්තියටයි වැටුණෙ.. ටික දවසක් යද්දි එයයි මමයි ආයෙමත් හොඳම යාලුවො උනා. ඒ යාලුකම කොච්චර දුරදිග ගියාද කියනවා නම් අපේ ගෙදරට එයාවත්, එයාගෙ ගෙදරට මාවත් අමුත්තො වුණේ නෑ.. ගොඩක් වෙලාවට අපි එකටමයි හිටියෙ.. අනිත් ළමයි එකතුවෙලා පිස්සු නටන වෙලාවල් වලදි මමයි දිනූෂියි කතාවක් දාගෙන ඉන්නවා.. ඒ කාලෙදි හැමෝම හිතුවෙ මායි දිනූෂියි අතර ආදර සම්බන්ධකමක් තියෙනවා කියලා.. මොකද අපි දෙන්නා නිතරම එකටමනේ ඉන්නෙ.. මටත් සමහර වෙලාවට හිතුනෙ මං මේ කරන වැඩේ වැරදිදෝ කියලා.. මොකද කලින් වගේ අපි පුංචි ළමයි නෙමෙයිනේ.. දැන් අපි දෙන්නම දහය වසරෙ.. සමහර වෙලාවට කොල්ලො මට එක එක ඒවා කියන්න ගත්තා.. කෙල්ලොත් දිනූෂිට අරවා මේවා කියන්න ගත්තා.. ඔය ගැන අපේ ඉස්කෝලෙ ගුරුවරුන්ටත් ආරංචි උනා.. මොකද අපි දෙන්නා ඉන්න විදිය දැකලා එයාලටත් සැක හිතෙන්න ඇති.. පුදුම කරුමයක්නේ.. කෙල්ලෙකුටයි කොල්ලෙකුටයි යාලුවො විදියටවත් ළඟින් ඉන්න බැරිද.. කෙල්ලෙක් ළඟින් කොල්ලෙක් ඉන්නවා නම් ඒක ආදර සම්බන්ධයක්ම වෙනවද..? මේක නම් පුදුම ලෝකයක්.. සමහර වෙලාවට අපේ සංස්කෘතිය මට ගැන කලකිරීමක් ඇතිවුණා. දවසක් දෙමාපිය රැස්වීමකදි..

    “මට දිනූෂිගෙ අම්මටයි, නුවන්ගෙ අම්මටයි ටිකක් කතා කරන්න ඕනෙ..” පංතිභාර ගුරුතුමිය හැම ළමයෙක්ගෙම දෙමාපියො ඉස්සරහ මහා හයියෙන් කිව්වා. හැමෝම අපි දිහා බැලුවෙ කවදාවත් නොදැකපු සත්තු දෙන්නෙක් දිහා බලනවා වගේ.

    “ඔව් කියන්න ටීචර්..” අපේ අම්මා ඉස්සරහට පැනල කතා කරන්න ගත්තා.

    “දීනූෂි දුවගෙයි, නුවන් පුතාගෙයි අතර සම්බන්ධයක් තියෙනවා.. ඒක බොහොම ඉක්මනින් නතර කරන්න වෙයි.. නැත්නම් ඒක ඉගෙනීමට ලොකු බාධාවක්.. අනික ඉස්කෝලෙ ඇතුලෙ පෙම් පලහිලව් පටන්ගන්න කොහොමටත් අවසර නෑ..” අපේ පංතිබාර ගුරුතුමිය කියවගෙන කියවගෙන ගියා.. දිනූෂිගෙ අම්මයි, අපේ අම්මයි මූණින් මූන බලාගන්නකොට සමහර දෙමාපියො අතින් කටත් වහගෙන ආයෙම අපි දිහා බලන්න ගත්තා. මේ මොන මල මගුලක්ද දෙයියනේ..

    “එහෙම දෙයක් නෑ ටීචර්.. ඒ දෙන්නා හොඳ යාලුවො විතරයි.. යාලුකම ගැන වැරදියට තේරුම් ගන්න එපා.. ඕනම දෙයක් ගැන වැරදි ඇහින් බැලුවොත් ඒක පේන්නෙ වැරැදි දෙයක් විදියටම තමා.. මටත් අපේ පුතා කිව්වා පංතියෙ ළමයි හිතන් ඉන්නෙ දිනූෂි එක්ක මගේ සම්බන්ධයක් තියෙනවා කියලා.. එයාලා ආපේ යාලුකම වැරදියට තේරුම් අරන් ඉන්නෙ අම්මෙ කියලා.. එයාලගෙ එහෙම දෙයක් නෑ මිස්..” අපේ අම්මට තරහ ගිහින්දෝ මිස්ටත් ගුරුහරුකම් දෙන්න ගත්තා.. එයාට තරහ යන එක සාධාරණයි කියලයි මට නම් හිතුනෙ.. අපේ අම්මා කිව්ව කතාවත් ඇත්තනේ.. හොඳ දෙයක් දිහා උනත් වැරදි ඇහින් බැලුවොත් ඒක පේන්නෙ වැරදි දෙයක් වගේ..

    “කොහොම ළමයි ගැන මීට වඩා හොයලා බලන්න.. මං කිව්වෙ ළමයින්ගෙ හොඳටයි..” එහෙම කියලා ගුරුතුමිය කතාව නැවැත්තුවා.

    කාලය ගෙවිලා ගියේ විදුලි වේගයෙන්.. අපි සාමාන්‍ය පෙල අවසන් කලාට පස්සෙ හැම ළමයෙක්ටම ලැබෙනවා වගේ අපිටත් දීර්ඝ නිවාඩුවක් ලැබුණා. ඇත්තටම ඒ දවස්වල මම හිටියෙ හුඟක් පාලුවෙන්.. මට ගමේ වැඩිය යාලුවො හිටියෙ නෑ.. ඇත්තම කිව්වොත් අපේ වයසෙ කොල්ලෙක් හොයන්නවත් නැති තරම්. දවසක් තාත්තා මට මෙහෙම යෝජනාවක් ගෙනාවා.

    “පුතා.. ඔයා ගෙදරට වෙලා පාලුවෙන් ඉන්න එකේ මැලේශියා වල ඉන්න නැන්දලා යන්න.. ඒක පොඩි චේන්ජ් එකකටත් එක්ක හොඳයිනේ..”

    ඒක නම් අපූරු අදහසක් තමයි. තාත්තා එහෙම කියනකොට මගේ හිත සතුටින් පිරිලා ගියේ මටත් නොදැනිම. මට පුංචි කාලෙ ඉඳන් ආසාවක් තිබුණා ප්ලේන් එකක යන්න. මොකද මං ඒ වෙනකන් ප්ලේන් එකක ගිහින් තිබුණෙ නැති නිසා. ඉතිං මගේ බලාපොරොත්තුව ඉෂ්ඨ වුණ එකට මං ගොඩක්ම සතුටු උනා. මම තාත්තගෙ අදහසට එකපයින් කැමති උනා වගේම මම හනිකට දුවලා ගිහින් මගේ හොඳම යාලුවා දිනූෂිට කෝල් එකක් ගත්තා.

    “හෙලෝ දිනූෂි.. මං නුවන්..” මං එයාට කෝල් එක දුන්නෙ හුඟක් සතුටින්.

    “අනේ... නුවන්.. ඉතිං කොහොමද ඔයාට.. මම නම් ගොඩක් පාලුවෙන් අනේ ඉන්නෙ.. ඔයාවත් නෑනෙ කතා කරන්න.. ඉතිං ඔයා මොකද කරන්නෙ..?” දිනූෂි එක දිගට කියාගෙන කියාගෙන ගියා..

    “මම හොඳින් ඉන්නවා දිනූෂි.. මේ දවස් වල නම් ඉතිං ගෙදරටම වෙලා තමා ඉන්නෙ.. හරිම කම්මැලි වැඩක්.. ඒත් මට අද තාත්තා සතුටු හිතෙන යෝජනාවක් ගෙනාවා..”

    “ආහ්.. ඒ මොකක්ද ඒ..?”

    “හ්ම්.... එයා කියනවා ගෙදරට වෙලා කම්මැලිකමේ ඉන්නෙ නැතුව වෙනසකටත් එක්ක නැන්දලහ ගිහින් එන්නලු..”

    “ආ.. ඒක නම් හොඳයි තමා.. මාත් මේ හරිම කම්මැලිකමේ ගෙදරට වෙලා ඉන්නෙ.. ඉතිං ඔයාලගෙ නැන්දා ඉන්නෙ හුඟක් දුරද..?”

    “ඔව්.. එයා ලංකාවෙ නෙමෙයි ඉන්නෙ.. මැලේෂියා වල..”

    “මොකක්..?” දිනූෂි ගැස්සිලා යනව වගේ මට දැනුනා..

    “ඔව්.. මං නිවාඩුවට එහේ යනවා දිනූෂි.. මට නම් අද මාර හැපි..”

    “අනේ...... මං එතකොට ඔයාව දකින්නෙ කොහොමද.. හග්... හග්...... ග්...” දිනූෂි අඬන්න ගත්තා.

    “මාස තුනක් වගේනෙ ලමයො.. මං ඉක්මනට එනවනේ ගිහින්..”

    “ම්.... ඔයාගෙ කැමැත්තක්......” දිනූෂි ඒක කිව්වෙත් අඬ අඬමයි..

    “එහෙනම් මං දැන් තියන්නම්.. හවසට ඔයාට කෝල් කරන්නම් දිනූෂි.. බුදුසරණයි!.. ඔයා පරිස්සමින් ඉන්න..”

    “හ්ම්.. ඔයාටත් බුදුසරණයි” එහෙම කියලා අපේ දුරකතන කතාබහ අවසන් වුණා.

    මැලේෂියාවට යන්න කලින් දවසෙ මං දිනූෂිව මුණගැහෙන්න ගියා. එයා මගේ ගාවට හිනාවෙවී දුවගෙන ආවත් ළඟට ආවම ඒ හිනාව නැතිව ගියා. මොකද මේ කෙල්ලට එකපාරටම උනේ.. මං මගෙන්ම අහගත්තා.

    “දිනූෂි..... මං හෙට යනවා.. ආයෙ මාස තුනකින් තමා ඔයාව බලන්න එන්න වෙන්නෙ..” එහෙම කියද්දි දිනූෂිගෙ රතු වෙලා තිබිච්ච පුංචි ඇස් දෙක තවත් රතු වෙනවා මං දැක්කා.

    “හ්ම්..... පරිස්සමින්..”

    “අයියෝ.. ඔයාට එච්චරද දිනූෂි කියන්න තියෙන්නෙ..?” මං හිනාවෙන ගමන් දිනූෂිගෙන් ඇහුවා.

    “මට වෙන මුකුත් කියන්න දෙයක් නෑ නුවන්..” වැටෙන්න ඔන්න මෙන්න කියලා ඇස් කොනේ හිරවෙලා තිබිච්ච කඳුළු වැල් දෙකක් දිනූෂිගෙ කම්මුල දිගේ ගලාගෙන ගියා..

    “ඇයි ඔයාට මුකුත් ගෙන්න එපාද..?” මං ඒ මූණින් ඇස් අහකට අරගෙන ආයෙම ඇහුවා.

    “එපා... මුකුත්ම එපා.. ඔයා පරිස්සමින් ගිහින් එන්න.. මට ඒ ඇති...” එයා ඒ ටික කිව්වෙ බිම බලාගෙන ගොඩක්ම හෙමින්.

    “බයවෙන්න එපා දිනූෂි.. මං ඉක්මනින්ම එනවා ඔයාව බලන්න.. මාස තුනයිනේ.. ඕක ඉක්මනින් ගෙවිලා යයි.. කෝ ඔයාගෙ අම්මයි, තාත්තයි නැද්ද.. එයාලටත් කියලා යන්න ඕනි.. නැත්තං හරිනෑනෙ..”

    “ඒ දෙන්නා ටවුන් එකට ගිහින්.. දැන්ම එන එකක් නෑ..”

    “ඒකත් එහෙමද..? එහෙනම් ඔයා අම්ම ආවම කියන්න දිනූෂි.. මං ගියා කියලා.. එහෙනම් මං යනවා...”

    “නුවන්............”

    මං යන්න කියලා හැරුණත් දිනූෂිගෙ කටහඬ ඇහුණ නිසා මං නැවතුනා. ඒ එක්කම දිනූෂි දුවගෙන ඇවිත් මාව බදාගත්තා.. එයා හොඳටම අඩනවා.. දෙයියනේ.. මේ කෙල්ලට මොකද උනේ.. මං හෙමීට එයාගෙ ඔලුව අතගාන්න ගත්තා.

    “අනේ දිනූෂි ඇයි මේ..?”

    “ඇයි තමා.. යන්නම් කියන්න එපා...... ගිහින් එන්නම් කියන්න.. ඔයා ආයෙ මාව බලන්න එනවනේ...” එයා අඬ අඬම කියන්න ගත්තා. යකඩෝ මේකි මං කියන වචන ගැනත් මේ තරම් දුරට හිතනවද..?

    “සොරි දිනූෂී.. සොරි.. එහෙනම් මං ගිහින් ඉක්මනින්ම එන්නම් ඔයාව බලන්න...”

    “හ්ම්.. අනේ පරිස්සමින්..”

    “ආහ්.. දිනූෂි.. ඔයාට මං එහේ ගියාම කෝල් කරන්නම්.. එතකොට බය නෑනෙ.. මෙන්න මේ ෆෝන් එක ඔයා ගාවම තියාගන්න.. ගියපු හැටියෙම මං ඔයාට කෝල් කරනවා..”

    එහෙම කියලා මං යන්න හැරුනා.. ඒ සුදු කම්මුල් හොඳටම රතුවෙලා. ඒ මදිවට කඳුළු වලින්ම ඒ මූණ තෙමිලා ගිහින්.. ගෙදර එද්දි මගේ හිතටත් ලොකු දුකක් දැනුනා.. ඒත් මාස තුනකින් මං ආයෙම එනවනේ.. එතකොට දිනූෂිව ඕන තරම් බලන්න බැරියෑ කියලා මං හිත හදාගත්තා..

    ඊළඟ දවස වෙද්දි මට මැලේෂියාවට යන්න පුළුවන් උනා. ඒත් මට මේ ජීවිතේ නොදැනුණු අමුතුම මූසල හැඟීමක් දැනෙන්න ගත්තෙ එහේ ගියාම තමා. තනිකම, පාලුව හැම දෙයක්ම මගේ ඉහටත් උඩින් දැනෙන්න ගත්තා. මං දන්න කියන කවුරුත් මේ රටේ නෑ. නැන්දගෙ පවුලෙ අය හිටියත් මගේ හිතට කිසිම සතුටක් ආවෙ නෑ. මගේ හිතේ වද දෙන එකම ප්‍රශ්නය උනේ දිනූෂි. මට මැලේෂියාවට ආවට පස්සෙයි දැනුනෙ මට එයා නැතුව මොහොතක්වත් ඉන්න බෑ කියලා. මට දැනුනා යාලුකමට වඩා එයා ගිය දෙයක් මගෙයි දිනූෂිගෙයි අතර තියෙනවා කියලා. ඒක මට හොඳටම දැනෙන්න ගත්තෙ එයා මාව මැලේෂියා එන්න කලින් වැලඳගනිපු වෙලාවෙ. දෙයියනේ..... මං කොහොමද දැන් දිනූෂිව බලන්නෙ.. මං ඉන්නෙ එයාගෙන් කොච්චර ඈතකද..? ඒ අහිංසක මූණ.. ඒ අහිංසක ඇස් දෙක, ඒ අහංසක හිනාව.. මට මැවිලා පේන්න ගත්තා.. අපි ඉස්කෝල කාලෙ ගතකරපු හැටි, එයා මගේ ළඟින් හිටපු හැටි.. හැම එකක්ම එකින් එක මගේ ඇස් ඉස්සරහ පෙලගැහෙන්න ගත්තා.. මට ප්‍රශ්නයක්, කරදරයක් ආපු හැම වෙලාවකම එයා මගේ ළඟින් ඉඳගෙන මට උදව් කරපු හැටි.. මාව සනසපු හැටි මගේ මතකෙට එන්න ගත්තා.. මගේ හදවත වේදනාවෙන් කෑගහන්න ගත්තා. මම එදා දවසෙම කල්පනා කලේ ඒ දිනූෂි ගැන. ඒත් මං කොහොමද දිනූෂිගෙන් කැමතිද කියලා අහන්නෙ.. එයාගෙ හිතේ මං ගැන සහෝදර ප්‍රේමයක්, යාලුකමක් ඇරෙන්න වෙන මොකුත්ම නැත්තං.. මට දිනූෂිගෙ යාලුකමත් නැතිවෙලා යයි.. අනේ එතකොට මට මාවම එපා වෙයි.. අනික දිනූෂි සුරංගනාවියකටත් වඩා ලස්සනයි.. ඒ වගේ කෙල්ලෙක් මං වගේ කොල්ලෙකුට ගැලපෙයිද..? ඇත්තටම මං ඒ තරම් කඩවසම් කොල්ලෙක් නෙමෙයි.. මං කලු, කැත, මහත කොල්ලෙක්.. මටත් නොදැනිම මගේ කම්මුල් දිගේ කඳුළු වැල් එක දිගට බේරන්න ගත්තා. මං ගොඩක් අසරණ වෙලා කියලා මට තේරුනේ ඒ වෙලාවෙයි.. ඒත් මගේ හිතේ තියෙන ආදරේ කොහොම හරි දිනූෂිට කියනවා කියලා මං හිතාගෙන.. වැඩි වෙලා නොගිහින්ම මං දිනූෂිට දුරකථන ඇමතුමක් ගත්තා.

    “නුවන්....” මට රින්ග්ස් යන සද්දෙවත් ඇහුනෙ නෑ.. ඇහුනෙ දිනූෂි නුවන් කියල කතා කරනවා විතරයි.. දිනූෂි මං කෝල් එකක් දෙනකන්ම බලාගෙන ඉන්න ඇති.. මට එයා ගැන ලොකු දුකකුත් දැනුනා.

    “දිනූෂි.. කොහොමද ඔයාට..?”

    “ඔයා නැති නිසා ගොඩක් පාලුවෙන් ඉන්නෙ නුවන්.... ඔයාට කොහොමද..? දැන්ද ආවෙ..?” දිනූෂිගෙ හඬ බිඳිලා ගිහින් කියලා මට තේරුනා.

    “මටත් ඔයා නැතුව ගොඩක් පාලුයි දිනූෂි.. මට මේ පාලුව කලින් දැනුනා නම් මං කීයටවත් මේ රටට එන්නෑ.. මං ඇවිත් නම් දැන් ටික වෙලාවක් වෙනවා..” මගේ හඬත් මටත් නොදැනිම බිඳිලා ගියා.

    “අනේ... ඔයා කිව්වා ආපු ගමන්ම කෝල් කරනවා කියලා.. ඇයි මට කතා නොකලෙ නුවන්.... ඔයාට මාව අමතක උනාද..?” දිනූෂි අඬන්න ගත්තා.

    “අනේ ඇයි ඔයා එහෙම හිතන්නෙ.... මට ඔයාව අමතක වෙන්නෑ.. මං කොහොමද ඔයාව අමතක කරන්නෙ දිනූෂි...... මං ආපු වෙලේ ඉඳන් කල්පනා කලේ ඔයා ගැන විතරයි...”

    “මමත් එහෙමයි නුවන්.. ඔයා ගැනමයි හිතුවෙ.. මට ගොඩක් දුකයි ඔයා නැති නිසා..”

    “දිනූෂි............................”

    “හ්ම්....”

    “මට ඔයාට දෙයක් කියන්න තියෙනවා....”

    “ඕනම දෙයක් කියන්න නුවන්.. ඕනම දෙයක් කියන්න.. මං අහගෙන ඉන්නෙ..” ඒත් මට එයාට මගේ හිතේ තියෙන ආදරේ කියාගන්න බැරි වුණා.. මං ඔයාට ආදරෙයි දිනූෂි කියන වචන තුන හතර කියාගන්න බැරිව මං දිනූෂි ඉස්සරහ අසරණ වුණා.. මට දිනූෂිට මේක කියාගන්න හයියක් නැති හැටි.. මට මං ගැනම තරහක් ආවා.. මං දිනූෂිට කිව්වෙ වෙනම කතාවක්..

    “දිනූෂි.. ඒක මං ඔයාට ආයෙ කෝල් කලාම කියන්නම්.... නැන්දා කෑම කන්න කතා කරනවා.. ඔයා පරිස්සමින් ඉන්න හොදෙ.. බුදු සරණයි..!”

    “අනේ දැන් කියන්නකො.......” දිනූෂිගෙ කටහඬ අමුතුවෙලා කියලා මට දැනුණා.

    “නැන්දා ළඟ.. මං ඔයාට අනිවා ආයෙම කෝල් කලාම කියන්නම්..” රහසින් වගේ මං කිව්වා.

    “හ්ම්... බුදුසරණයි! ඔයත් පරිස්සමින් ඉන්න.. අනේ ඉක්මනින්ම කෝල් කරන්න නුවන්....”

    “හරි පැටියො...” දෙයියනේ.................... මගේ කටින් ඒ වචනෙ ඉබේම පිටවුණා.. මං දිනූෂිට වචනයක්වත් කියන්න නොදී කෝල් එක කට් කරලා දැම්මා.. මගේ හිතට දැනුනෙ පුදුම තරම් ලැජ්ජාවක්..

    මං ආයෙම ඇඳට පැනලා කොට්ටෙත් බදාගෙන කල්පනා කරන්න ගත්තා.. අනේ මට එයාට ආදරෙයි කියල කියාගන්න බැරි හැටි.. මගේ ඇස් වලට ආයෙම කඳුලු පිරෙන්න ගත්තා.. වැඩිය පරක්කු උනත් එයා මට අහිමි වෙන්නත් පුළුවන්.. ඇත්තටම දිනූෂිට කෝල් කරපු වෙලාවෙදි ඒක කියන්න උපරිමයෙන් උත්සාහ කලත් මට ඒක කියන්න ගොඩක් බය හිතුනා.. මොකද අන්තිමේදි එයාගෙ යාලුකමත් මට නැතිවෙයි කියලා.. ඒත් මං පැය කිහිපයකින් ආයෙම එයාට කෝල් එකක් ගත්තා.. ඒ මට මේක තවත් හිතේ තියන් දුක් විඳින්න බැරිකමටම..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,404
    7,075
    113
    34
    කෙල්ල ළඟ

    “නුවන්......” ඒ පාරත් රින්ග්ස් යන සද්දෙ මට ඇහුනෙ නෑ.. දිනූෂිගෙ කටහඬ විතරයි ඇහුණෙ.. ආයෙ මං කෝල් කරනකන් එයා ෆෝන් එක ළඟන්ම තියන් ඉඳලා වගේ..

    “දිනූෂි... මට ඔයාට දෙයක් කියන්න තියෙනවා..”

    “අනේ කියන්නකො නුවන්.. නැත්නම් ආයෙම ඔයාගෙ නැන්දා එයි..” දිනූෂි ඒක මට කිව්වෙ කින්ඩියටවත්ද..? ඔව් එහෙම තමයි.. මට ඒකට ලාවට හිනා ගියත් මං ඒ හිනාව හංගගත්තා..

    “දිනූෂි...........”

    “හ්ම්....”

    “මං මේ කියන්න යන දේට සමහර විට ඔයා අකමැති වෙන්නත් පුළුවන්.. අනේ ඒත් මං ඔයාට වැඳලා කියන්නම්.. මාත් එක්ක තරහ වෙන්න එපා... මට ඔයා නැතුව ඉන්න බෑ..” කවදාවත් දිනූෂි ඉස්සරහ එක කඳුළක් බිම හෙලුවෙ නැති මං මහා හයියෙන් අඬන්න ගත්තා.. එදා මැලේෂියා යනවා කියලා කියන්න දිනූෂිව මුණගැහෙන්න ගිය දවසෙ දිනූෂි මාව බදාගෙන අඬපු වෙලාවෙදිවත් මගේ ඇහින් එක කඳුළක් වැටුනෙ නෑ.. ඒත් දෙයියනේ දැන් මට මේ මොකද වෙලා තියෙන්නෙ.. මගේ හිත ඉල්ලන්නෙ ඔයාව දිනූෂි.. ඔයාව.. ඒත් මං කොහොමද මේක ඔයාට කියන්නෙ..

    “ඔයා මාත් එක්ක තරහ උනත් මං ඔයා එක්ක තරහ වෙන්නෙ නෑ නුවන්....... මං තරහ වෙන්නෙ නෑ.. ඉතිං කියන්නකො..?”

    “ඔයා ඇත්තම නේද දිනූෂි කියන්නෙ..? මාත් එක්ක තරහ වෙන්නෑ නේද..?” මං ආයෙම එයාගෙන ඇහුවා.

    “අනේ ඔයාට මාව විශ්වාස නැද්ද..? මං ඔයාට කවදාවත් බොරු කියල නෑ නුවන්..” දිනූෂිගෙ කටහඬ ආයෙම බිඳිලා ගියා..

    “දිනූෂි.... මං ඔයාට ආදරෙයි පැටියො.... මං ඔයාට මගේ පණටත් වඩා ආදරෙයි...... අනේ මං වැරදි දෙයක් කිව්වා නම් මට සමාවෙන්න... මගේ හිතේ තවත් මේක හිර කරගෙන ඉන්න බෑ.....” මං ඇස් දෙක පියාගෙනම කිව්වා..

    “හග්..... හග්...... හග්... ග්.....” මට ඇහුනෙ දිනූෂි අඬනවා විතරයි...

    “අනේ අඬන්න එපා දිනූෂි... මං වැරදි දෙයක් කිව්වා නම් සමාවෙන්න... මට සමාවෙන්න..” මගේ හඬත් හොඳටම බිඳලා ගියා..

    “මං අඬන්නෙ සතුටට දෙයියනේ... මං අඬන්නෙ සතුටට...... ඔයා දන්නවද ඔයාගෙ කටින් ඔය ලස්සන වචන ටික අහගන්න මං කොච්චර කාලයක් බලාගෙන හිටියද කියලා..? මං හිතුවෙ එදා මං ඔයාට තුරුලු වෙච්ච වෙලාවෙදිවත් ඔයා මට ආදරේ කියයි කියලා... ඒත් එදා ඔයා එහෙම කලේ නෑ.. අඩුම තරමෙ ඔයා චුට්ටක්වත් ඇඬුවෙ නෑ.. ඒ වෙලාවෙදි මං දැනගත්තා ඔයාට මං නැතුව පාලුවක් නෑ කියලා.. එදා රෑ මං හොඳටෝම ඇඬුවා.. ඔයා මට කැමති නැතුව ඇති කියලා... මට ගොඩක් දුක හිතුනා නුවන්..... මං ඔයාට මගේ පණටත් වඩා ආදරේ කලත් ඔයා මාව ආශ්‍රය කරන්නෙ යාලුවෙක් හැටියට විතරයි කියලා.. එයින් එහාට ගියපු කිසිම දෙයක් නෑ කියලා.... ඒත් මං ඔයාට ආදරේ කලේ අට වසරෙ ඉඳන්... මං ඔයාට ඒක පෙන්නුවෙ නෑ..... මට කියන්න ඕන උනත් ඔයාට ආදරෙයි කියලා.. මං බය උනා එහෙම කිව්වොත් ඔයා මාව නරක කෙල්ලෙක් කියලා හිතාවි කියලා.... ඒකයි මං එහෙම කලේ නැත්තෙ.... අනේ ඇයි රත්තරනේ ඔයා මට ආදරෙයි කියන්න මේ තරම් පරක්කු උනේ.. ඇයි...... ඇයි මාව මේ තරම් ඇඬෙව්වෙ....... ඇයි ඔයාගෙ පුංචි කෙල්ල මේ තරම් ඇඬෙව්වෙ.. ඔයා හරිම නරකයි...” දිනූෂි වැලහින්නක් වගේ අඩන්න ගත්තා.. එයා කියන වචන මගේ හදවත පසාරු කරගෙන ඊතල වගේ වැදුනා.. මගේ හිත වාවන්නෙ නැතුව ගියේ එයා මට අටවසරෙ ඉඳන් ආදරේ කරලත් මට බින්දක්වත් ඒ ආදරේ දැනුනෙ නැති එකට.. ඇයි දෙයියනේ මේ අහිංසක කෙල්ලගෙ ආදරේ මට නොදැනුනේ.. මං කොච්චර පව්කාරයෙක්ද.. මං මේ අහිංසකීව මොන තරම් අඩවලද..?

    “මට සමාවෙන්න රත්තරනේ...... මාත් බය වුණා ඔයාගෙ හිතේ මං ගැන ඇත්තෙ යාලුවෙක්ට දක්වන ආදරයක් විතරයි කියලා.. එහෙම වෙලා ඔයාට මං ආදරෙයි කිව්වොත් මට ඔයාගෙ යාලුකමත් නැතිවෙලා යයි කියලා මං හොඳටම බය වුනා.. ඒකයි මං එහෙම කලේ.. අනික මං වගේ කැතම කැත කොල්ලෙක් ඔයාට ගැලපෙන්නෙ නැති වෙයි කියලා මට හිතුනා..”

    “කවුද දෙයියනේ කිව්වෙ ඔයා කැතයි කියලා.... කාට කැත උනත් මට ඔයාව ගොඩක් ලස්සනයි... ආදරේදි කැත, ලස්සන ප්‍රශ්නයක් වෙන්නෑ....... පිටින් පේන රූපෙට ආදරේ කරන අයගෙ ආදර සම්බන්ධතා ඉක්මනින් කැඩිලා යනවා දෙයියනේ.... ඔයා ඒක දන්නැද්ද...? ලස්සනට වහවැටෙන එකට ආදරේ කියන්න බෑ.. ඒකට කියන්නෙ ආකර්ෂණය කියලා.... දවසක ඒ ලස්සන නැතිවෙලා ගියොත් ඒ ආදරෙත් නැත්තටම නැතිවෙලා යනවා...... මං ඔයාගෙ රූපෙට නෙමෙයි ආදරේ කරන්නෙ.. ඔයාගෙ හදවතටයි...... මට ඔයාව ගොඩක් වටිනවා..... අම්මයි තාත්තයි ඇරුනම මේ ලෝකෙ මට ඉන්න උතුම්ම වස්තුව ඔයා නුවන්........” දිනූෂි මට ලොකු දේශනයක් දෙන්න ගත්තා.. එක අතකින් බැලුවම මං පට්ට මෝඩයෙක්නේ... ෂිහ්..

    “මට සමාවෙන්න දිනූෂි ඔයා ඇඬෙව්වට...... මට සමාවෙන්න..”

    “එකට කමක් නෑ.. අද ඉදන් මට හිනාවෙලා ඉන්න පුළුවන් වෙයි.. දැන් ඔයා මගේනේ........ එහෙම නේද..? ඔයාගෙ පුංචි කෙල්ලට කවදාවත් දුකක් දෙන්න එපා... එයාගෙ පපුව පැලිලා මැරිලා යයි........”

    “මං කවදාවත් ඔයාට දුකක් දෙන්නෑ වස්තුවෙ.. ඔයාව මං පණ වගේ බලාගන්නවා....... ඒ ගැන ඔයා චුට්ටක්වත් බය වෙන්න එපා... දෙයියනේ කියලා ඔයාට වගේම මටත් අද ඉඳන් හිනාවෙලා ඉන්න පුළුවන් වෙයි.... මට අද ගොඩක් සතුටුයි දිනූෂි...”

    “නුවන්............ පුතේ ඇවිල්ලා කෑම කන්න...” නැන්දා කාමරේ දොර ගාවටම ඇවිත් කෑගහනවා මට ඇහුණා.

    “වස්තුවෙ මං දැන් ෆෝන් එක තියන්නම්.. නැන්දා කෑම කන්න කතා කරනවා.. මං කාලා ඇවිත් ඔයාට ආයෙම කතා කරන්නම් හොඳද.. බුදුසරණයි!”

    “හ්ම්..... බන්ඩිය පිරෙන්නම කන්න හොඳද.. මටත් එක්කම.... ඔයාටත් බුදුසරණයි.. උම්මා.........”

    මං ෆෝන් එක පැත්තකින් තියලා පහලට ගියා.. මගේ හිතට දැනුනෙ මාරම සැහැල්ලුවක්.. දිනූෂි දැන් මගේ.. මගේම විතරයි.. ඒ ආදරේ මං මගේ පණටත් වඩා හොඳින් රැකගන්නවා කියලා මං හිතාගත්තා. මාත් දැන් පෙම්වතෙක්.. මට දැනුනෙ මේ ලෝකෙ ඉන්න වාසනාවන්තම කොල්ලා මමයි කියලා.. දිනූෂි වගේ කෙල්ලෙක්ගෙ ආදරේ ලබන්න කොල්ලෙක් මොන තරම් වාසනාවන්ත වෙන්න ඕනද කියලා මට හිතුණා.. ඉතිං... ඉතිං දෙයියනේ මංනේ ඒ වාසනාවන්තයා.. මගේ හිත තවත් සතුටින් පිරිලා ගියා.

    දවස් ඉක්මනින් ගෙවිලා ගියා.. දවසක් දිනූෂි මට කෝල් කරලා කිව්වා එයාගෙ අක්කට ලමයා ලැබිච්ච නිසා එයාව බලන්න යනවා කියලා.. ඒ වෙනකොට මං ලංකාවට එන්න තිබුණෙ දවස් අටක් විතර..ඒත් දිනූෂි කිව්වා මං ලංකාවට එන දවසට එයා කොළඹ එනවා කියලා.. දිනූෂිගෙ අක්කා හිටියෙ කොළඹින් ටිකක් ඈතට වෙන්න.. බන්ඩාරවෙල පැත්තෙ.. ඒත් දිනූෂි අක්කව බලන්න ගිහින් දවස් දෙකක් වුණත් මට කෝල් එකක් දුන්නෙ නෑ.. ඒ නිසා මං හිටිගෙ ගොඩක්ම බයවෙලා.. අනික මට එයාගෙ කටහඬ අහන්නෙ නැතුව කොහොමටවත් ඉන්න බැරි වුණා.. ඒත් දවසක් මට දිනූෂිගෙන් කෝල් එකක් ආවා..

    “වස්තුවේ.......... ඔයාට කොහොමද..? මං අක්කලගෙ ගෙදර ආවා..” දිනූෂිගෙ ආදරණිය හඬ ඇහෙනකොට මගේ හිතට දැනුනෙ පුදුම තරම් සංතෝසයක්.. එයා මට මොන තරම් ආදරේද දෙයියනේ..

    “අනේ ඇයි මට කෝල් එකක් දුන්නෙ නැත්තෙ.. මම ගොඩක් බයවෙලා හිටියෙ...” මං ගොඩක් දුකින් කිව්වා..

    “අනේ මේ පැත්තට සිග්නල් නෑ..... මං ගොඩක්ම ට්‍රයි කලා ඔයාට කෝල් එකක් ගන්න.. ඒත් ගන්න බැරි උනා.. මට සමාවෙන්න..” ඒක නම් ඇත්ත වෙන්නැති.. මොකද දිනූෂි මේ කතා කරන වෙලාවෙත් එයාගෙ කටහඬ ඇහුනෙ කැඩි කැඩි වගේ..

    “එහෙමද..? දැන් ඔයා කතා කරන එකත් ඇහෙන්නෙ මට කැඩි කැඩි වගේ....... ඔයාට මතකනේ.. මං තව දවස් අටකින් විතර ලංකාවට එනවා.. ඒ එනකොට මගේ වස්තුව ගෙදර ඇවිත් ඉන්න ඕන හොඳද.. නැත්නම් මට ගොඩක් දුක හිතෙයි....” මං ගොඩක් ආදරෙන් කිව්වා..

    “නැතුව........... මං ඔයා එන දවසෙම අපේ ගෙදර යනවා... මටත් ඔයාව දකිනකන් ඉවසිලි නෑ..... ඔයාගෙ කටහඬ විතරක් ඇහුණට මදි රත්තං.. මට ඔයාට තුරුලු වෙලා ඉන්න ඕනි....”

    “ම්ම්.. මටත් එහෙම තමා බබා... මම ඉක්මනටම ඔයාගෙ ළඟට එනවනේ.....”

    “ඔයා පරිස්සමින් එන්න රත්තරං..... මට ගෙදර යනකන් ආයෙම කෝල් කරන්න වෙන එකක් නෑ.. අනේ ෆෝන් එක ඕෆ් කරලා තිබුණට බයවෙන්න එපා හොඳද..... මං හොඳින් ඉන්නවා.. අනේ ඔයා පරිස්සමින් එන්න හොඳේ... එහෙනම් මං දැන් තියන්නම්.. ඔයාට තෙරුවන් සරණයි..! උම්මා...”

    “මං පරිස්සමින් ඉන්නම් පැටියො... ඔයත් හුඟක් පරිස්සමින්..... ලංකාවට ආපු ගමන්ම මං ඔයාව බලන්න එනවා.. ඔයාටත් තෙරුවන් සරණයි... උම්මා.. උම්මා.. උම්මා..” අපේ කතාව අවසන් වුණේ හුඟක්ම ආදරණිය විදියට.. ඒ හඬ ඇහෙන වාරයක් වාරයක් පාසා මගේ හිතට දැනුනෙ පුදුම හිතෙන තරම් සැහැල්ලුවක්.. මං එයාගෙන් ගොඩක් දුරක හිටියත් මට දැනුනෙ එයා මගේ ළඟින්ම ඉන්නවා වගේ.. කොහොම උනත් මං දවස් අටකින් ලංකාවට යනවනේ.. එතකොට පුළුවන් මගේ පැටියව තුරුලු කරගෙනම ඉන්න..

    හරියටම ඊට දවස් අටකට පස්සෙ මං ලංකාවට ආවා.. මට දිනූෂිව බලන්න පුදුම තරම් නොඉවසිල්ලක් තිබුනෙ.. ඒක නිසාම මං ගෙදර ගියපු ගමන් දිනූෂිව බලන්න කියල හිතාගෙන එයාගෙ ගෙදරට ගියා.. එයා මට කලින් දවසක කිව්වා චොක්ලට් කන්න හුඟක් කැමතියි කියලා.. ඒ නිසා මං එයාට චොක්ලට් පුරවපු ලොකූම ලොකු බෑග් එකකුත් අරගත්තා.. ඒ අරගෙන දිනූෂිගෙ ගෙදර හුඟක් සෙනඟ පිරිලා.. ඒ විතරක් නෙමේ.. දිනූෂිගෙ අම්මා හොඳටම අඩනවා.. දෙයියනේ මේ මොකද මේ.. මගේ හිතට දැනුනෙ පුදුමාකාර බයක්.. මං දිනූෂිගෙ අම්මා ළඟට ගියා.

    “ආන්ටි... කෝ දිනූෂි.. එයා තාම ආවෙ නැද්ද..? ඇයි මේ ඔයා අඬන්නෙ.. මොකක් හරි ප්‍රශ්නයක්ද..?” එතකොටයි මං දැක්කෙ එයාගෙ අතේ තිබ්බ දිනූෂිගෙ පිංතූරෙ.. මගේ හිත මහා බයකින් වෙවුලලා ගියා.. මං අහපු දේට දිනූෂිගෙ අම්මා උත්තරයක් දුන්නෙ නෑ.. එයා අඬ අඬම හිටියා..

    “ආන්ටි කතා කරන්නකො........... දෙයියනේ කෝ දිනූෂි.. මං ආවෙ එයාව බලන්න...” මං එහෙම ඇහුවත් දිනූෂිගෙ අම්මා වචනයක් කතා කලේ නෑ.. මං එයා ළඟම හිටපු දිනූෂිගෙ මාමා ගාවට දුවගෙන ගියා..

    “අන්කල්.... කෝ දිනූෂි.. ඇයි මේ ආන්ටි අඩන්නෙ.. ඇයි මෙච්චර සෙනඟක් ඇවිත් ඉන්නෙ..” ඒ ඇස්වලින් කඳුළු වැල් එක දිඟට කඩාගෙන වැටෙන්න ගත්තා.. අනේ මගේ දිනූෂි කෝ.. මගේ ඇස් ඒ විශාල ගේ පුරාම යැව්වත් මට එයාව හොයාගන්න බැරි උනා..

    “දිනූෂි.... එන්නකො... මං ඔයාව බලන්න ආවා..... මං ලංකාවට ආවා දිනූෂි.. ඔයා කොහෙද ඉන්නෙ..” මං හැම තැනම ඇවිද ඇවිද දිනූෂිගෙ නම කිය කිය කෑගහන්න ගත්තා.. ඒත් මං දිනූෂිව දැක්කෙ නෑ..

    “අනේ කවුරුහරි කියන්නකො......... මගේ දිනූෂි කෝ... ඔයාලා එයාට මොකද කලේ....” මං මහා හයියෙන් අඬන්න ගත්තා.. එතකොට තමයි දිනූෂිගෙ මාමා මගේ ගාවට ආවෙ.

    “කලබල වෙන්න එපා පුතා.... දිනූෂි.......”එයාගෙ කටහඬ ගොත ගැහිල නතර වුණා. මගේ මුළු හිතම සීතල වෙලා යද්දි මොකක්දෝ ලොකු කරදරයක් වෙලා තියෙනවා කියලා මට ඉවෙන් වගේ තේරුණා. තවත් තත්පර ගාණක් ගෙවිලා යද්දි, දිනූෂිගෙ මාමාගෙ සද්ද නැතුව ඉන්නෙක මට දරාගන්න බැරි වුණා. පපුව ගැහෙග වේගෙ ඩිංගෙන් ඩිංග වැඩිවෙද්දි, මගේ කටට පණ ආවා‍..

    “ඔව්... දිනූෂි කෝ.... මගේ දිනූෂි කෝ.. කියන්නකො අන්කල්....” මගේ හිතට ආපු වේගෙට මං දිනූෂීගෙ මාමගෙ උරහිසෙන් අල්ලලා හොලවන්න ගත්තා.. ඒක මං හිතලා කරපු දෙයක් නෙමෙයි..

    “එයා අපිව දාලා සදහටම මේ ලෝකෙන් යන්න ගියා පුතේ......... අපිව දාලා යන්න ගියා..” අන්කල් ඒක කිව්වෙ බිම බලාගෙන.. මගේ ඇස් ඉස්සරහම අකුණක් පුපුරලා ගියා වගේ මාව වෙව්ලලා ගියා.. අතේ තිබ්බ චොක්ලට් පාර්සලේ මටත් නොදැනිම මගේ අතින් අතෑරිලා ගියා.. මුළු මහත් ලෝකයම රකුසන් වගේ ඈත ඉඳන් මං දිහාට දුවන් එන හැටි මං දැක්කා. ඒ ඔක්කොම ඊළඟ මොහොතෙ නැතිවෙලා ගිහින් දිනූෂිගෙ අහිංසක මූණ මගේ ඇස් ඉස්සරහ දිලිසුම් දුන්නා..

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,404
    7,075
    113
    34
    කෙල්ල ළඟ
    “තමුසෙ මොනවද මේ කියවන්නෙ... තමුසෙට පිස්සුද......... මට මගේ දිනූෂිව දෙනවා.....මාව පිස්සෙක් වෙන්න කලින් මාව දිනූෂි ළඟට අරන් යනවා.. මට ඒ අහිංසක කෙල්ලව බලන්න ඕන.. මගේ කෙල්ලට කරදරයක් වෙන්නෑ.. මං ඒක දන්නවා.. මේ ලෝකෙ කොහේ හරි දෙයියො කියලා ජාතියක් ඉන්නවා නම්, මගේ කෙල්ලව බලා ගනීවි..” මං මහා හයියෙන් කෑගහලා අඬන්න ගත්තා.. මගේ ඇඟට පණ නැති වේගෙන එනවා කියලා මට දැනුනා.. ඒ එක්කම එතන හිටපු අයියා කෙනෙක් දුවගෙන ඇවිත් මාව අල්ලගත්තා..

    “කලබල වෙන්න එපා මල්ලි.. කූල් ඩවුන් වෙන්න...”සියළු විශ්ව ධාතුවම හිටිවනම නතර වුණා කියලා මට තේරුණා.. ඒ අතරෙ මගේ පුංචි සමනල ලෝකෙ පුපුරලා සී සී කඩ ගියා කියලත් මගේ හිතට දැනුණා.

    “මාව අතෑරපං බං..... මට දිනූෂි ගාවට යන්න ඕන.. මුන් ඔක්කොම මාව බය කරනවා.. මුන් බොරු නේද බං කියන්නෙ.... මුන්ට පිස්සු හැදිලා.... මගේ දිනූෂිව මට දීපල්ලා.. මෙච්චර දුරක් ඉඳන් මං ආවෙ මගේ දිනූෂිව බලන්න... මට ඒකිව පෙන්නපන්........ දෙයියනේ.... එයා මට ආදරෙයි කියලා උඹලා දන්නවද..? එයා මට එයාගෙ පණටත් වඩා ආදරේ කරනවා යකෝ... එයාට ඉවසිල්ලක් නැතුව හිටියෙ මාව බලනකන්... ඒකයි මං මේ දුවගෙන ආවෙ මගේ වස්තුව බලන්න..” මගේ හදවත මොර දෙන්න ගත්තා.. මගේ හිත මට පාලනය කරගන්න බැරි තත්වයකට ඇවිල්ල තිබුණා.. වෙන්නෙ මොනවද, කියන්න ඕන මොනවද කියලා පුංචි හැඟීමක්වත් මට තිබුණෙ නෑ.

    “කලබල නොවී ඉඳගන්න දරුවො...” කවුදෝ ඇන්ටි කෙනෙක් මගේ ගාවට ඇවිත් කිව්වා.

    “මං කොහොමද ඉවසන්නෙ.. නහයටත් උඩින් වතුර ගියාට පස්සෙ.. ම.. මට හැමදේම නැතිවුණා.. අනේ දෙයියනේ................... මගේ දිනූට කොහොමද මේ වගේ දෙයක් උනේ.. මගේ රත්තරං කෙල්ලට කොහොමද මෙහෙම දෙයක් උනේ..? ම.. මගේ ඔලුව පුපුරන්න එනවා.. අ.. අනේ... අනේ.. දෙයියනේ...... මට හැමදේම නැතිවෙලා ගියා.. මට මේ ලෝකෙ තිබ්බ වටිනම දේ නැතිවෙලා යන්න ගියා.. ම.. අනේ අම්මේ.............. මගේ දිනූෂි මාව දාලා යන්න ගිහින්..” මට සිහියට ආවෙ මගේ අම්මව.. අනේ මගේ ළග අම්මවත් හිටියා නම්.. මං කොහොම මේ දේවල් දරාගන්නද දෙයියනේ....... මගේ ලෝකයම අඳුරුවෙලා යනව වගේ මට දැනුණා.. හිත ඇතුළෙන්ම ආපු වේගෙට, මං තුන් පාරක් විතර අවසිහියෙන් වගේ ඉස්සරහ බිත්තියෙ ඔලුව හප්පගෙන හප්පගෙන ගියා.. රතුම රතු පාට ලේ කම්මුල් දිගේ ගලාගෙන යද්දි අර අයියා ඇවිත් මාව ආයෙත් අල්ලගත්තා ගත්තා.

    “මොනවද මේ කරන්නෙ.. ඔයා මෙතනට ඇවිත් තවත් මෙයාලගෙ දුක වැඩි කරන්නද හදන්නෙ.. කරුණා කරලා පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්න.. මේ ඉන්නෙ එයාගෙ අම්මා.. එයාට ඔයාට වඩා කොච්චර වේදනාවක් දැනෙනවද..?” ඒ අයියා කියාගෙන කියාගෙන ගියා.. මං පැනලා උගේ කොලර් එකෙන් අල්ලගත්තා..

    “උඹ කොහොමද යකෝ කියන්නෙ එයා මගේ යාලුවෙක් කියලා.... එයා මගේ පණ යකෝ... එයා මගේ පණ.. මං මේ ලෝකෙ වැඩියෙන්ම ආදරේ කරන වස්තුව එයා.... උඹ කියන්නෙ මට හිනාවෙන්න කියලද ආ..... උඹ කියන්නෙ මට හිනාවෙන්න කියලද...... අනේ මගේ දිනූෂි.....”හිතේ වේදනාව ඩිංගෙන් ඩිංග වැඩි වෙද්දි මං හයියෙන් කෑගැහුවා.. හැමෝම මගේ දිහා බැලුවෙ අමුතු විදියට... මං ඒ අයියා දිහා බැලුවම මං දැක්කෙ එයාගෙ කම්මුල් දිගේ කඳුලු පේලි දෙකක් බේරිලා යනවා..

    “අනේ මල්ලි මෙතනින් වාඩිවෙන්නකො.......” ඒ අයියා ආදරෙන් කිව්වා..

    “බෑ.. බෑ.. මට මගේ වස්තුව බලන්න ඕන.. නැත්නම් මං මැරෙනවා.. මං මැරෙනවා යකෝ.. මං කියන දේ කරපල්ලා.. එයා කෙහෙද ඉන්නෙ කියපල්ලා.... මට එයාව බලන්න ඕන.. එයාට කොහොමද මෙහෙම දෙයක් උනේ........ අනේ කියපල්ලා කවුරුහරි...”

    “එයා තාම හොස්පිට්ල් එකේ.......... නංගි බණ්ඩාරවෙල ඉඳලා මෙහේ එනකොට වාහනේ ඇක්සිඩන්ට් වෙලා තියෙන්නෙ.. අනිත් අයට කිසිම අනතුරක් වෙලා නෑ.. ඒත් ඒ අහිංසක කෙල්ල අපිව දාලා මේ ලෝකෙන් යන්නම යන්න ගියා...”

    දුක, වේදනාව, සංතාපය උණුම උණු කඳුළක් වෙලා මගේ හිත දෙදරවද්දි මං සිහිවිලකෙන් කෑ ගැහුවා. වැඩි වෙලා නොගිහින්ම මගේ අම්මයි තාත්තයි දුවගෙන එනවා මං දැක්කා.. තාත්තා දුවගෙන ඇවිත් මාව බදාගත්තා..

    “කලබල වෙන්න එපා පුතේ..... පොඩ්ඩක් කූල් ඩවුන් වෙන්න... අනිත් අයත් ඔයා වගේම ගොඩක් වේදනාවෙන්නේ ඉන්නෙ... එයාගෙ අම්මට මොන තරම් වේදනාවක් ඇත්ද.... මං කියන දේ අහලා අපි දැන් ගෙදර යමු.. ගිහින් හවසට එමු...... මගේ හොඳ පුතානේ..”

    “බෑ බෑ.......... මාව අතාරින්න තාත්තෙ.. මට දිනූෂිව බලන්න ඕන....” මං ආයෙම කෑගහන්න ගත්තා..

    “පුතේ මං කියන දේ අහන්න.. අපි හවසට එමු........ මං ඔයාව එක්කගෙන එන්නම්...” තාත්තා බලෙන්ම වගේ ඇදගෙන ගිහින් මාව වාහනේට දාගත්තා.. මං වාහනේ එද්දිත් මහා හයියෙන් මොර දීලා ඇඬුවත් ටික වෙලාවක් යද්දි මගේ ඇඟට පණ නැති ගතියක් දැනුණා.. මං ඇස් ඇරලා බලද්දි මං හිටියෙ ගෙදර මගේ කාමරේ ඇඳ උඩ..

    මං හවස් වෙනකම්ම නොකා නොබී මහා හයියෙන් අඩ අඬ කාමරේට වෙලා හිටියා.. මට දැන් මේ ලෝකෙ කවුරුවත් නෑ.. මාව තනිවෙලා කියලා මට දැනුනා.. මෙච්චර අවුරුදු ගාණක් දිනූෂි මගේ යාලුවෙක් වෙලා හිටියා.. ඒ යාලුකම ආදරේකට පෙරලුනේ මටත් නොදැනිම.. ඒත් දෙයියනේ... ඒත් දෙයියනේ.. මගේ වස්තුව බලන්න කියලා හිතාගෙන මං ඒ ගෙදරට යද්දි එයා මාව දාලා ගොඩක් දුරකට ගිහින්.. කොහොමද වස්තුවෙ මං ඔයා නැතුව ඉන්නෙ.. මං මොන තරම් පවුකාරයෙක්ද... මං මොන තරම් අවාසනාවන්තයෙක්ද.. මං නිසා නේද ඔයාට ඔයාගෙ ජීවිතේ නැතිවුණේ.... හදවතට දැනුණ වේදනාව එන්න එන්නම වැඩි වෙද්දි මං මහා හයියෙන් මොර දීලා අඬන්න ගත්තා..

    හවස මං අම්මයි තාත්තයි එක්ක එයාගෙ ගෙදරට ගියා.. මට ඒ ගෙදරට ගොඩවෙනකොට කලින් තරම් සතුටක් දැනුණෙ නෑ.. මට දැනුණෙ මහා මූසල කාලකන්නි හැඟීමක්.. මොකද මගේ දිනූෂිගෙ මැරිච්ච මලකඳ බලන්න නේද මං මේ යන්නෙ කියලා මගේ හිතට දැනුණා.. නිලංකාර වෙලා ගියපු ඇස්දෙක පිහදාලා මං වටපිට බැලුවා. මුලින්ම මං දිනූෂිගෙ ගෙදරට ආපු දවස.. එයා එක්ක ආදරෙන් කතා කරපු දවස්.. මං රට යන දවසෙ එයා මට තුරුළු වෙලා මහා හයියෙන් ඉකි ගඟහා අඬපු හැටි.. එකින් එක මට මැවිලා පේන්න ගත්තා.. දෙයියනේ.... දිනූෂි ඒ කාලෙ ගොඩක් ආසයි මල් පැල ඉන්ඳන්න පුංචි අත්වලින් ඉන්ඳපු රෝස පැලවල මහා හුඟක් මල් පිපිලා තිබුණා.. දිනූෂිගෙ ගෙදරට ගොඩවෙන කොටම තාත්තා මගේ අත තද කරලා අල්ලගත්තා.. ඒත් මං තාත්තගෙ අත ගසලා දාලා ගේ ඇතුලට දුවගෙන ගියා. ඒ වෙනකනුත් මගේ හිතට කිසි දෙයක් දැනිලා තිබුණෙ නෑ.. ඒත් ඊළඟ තත්පරේදි, සුදු පාට සාරියක් අන්දලා, සුදු අත්මේස් දාලා පුංචි සුරංගනාවියක් වගේ නිදාගෙන ඉන්න හර්ෂීව දැකලා මගේ හැම සංසාරගත බැඳීමක්ම ලිහිල යනවා මට තේරුණා. මුළු සාලෙම සෙනග මහ ගොඩක් හිටියත් මට ඒක ඒ තරම් අවබෝධයක් තිබුණෙ නෑ.. මං දිනූෂි ළඟට දුවගෙන ගියේ ඇස් වලින් කඳුළු උතුරද්දි.. ඉස්සරම දවස්වල මගේ ඇස් දිහා බලාගෙන කතා කරපු ඒ ලස්සන ඇස් සඳහටම පියවිලා ගිහින් තිබුණා.

    “මං ඔයාට මගේ පණටත් වඩා ආදරෙයි රත්තරනේ.... මට ඔයා නැතුව ඉන්න බෑ.. මං කොච්චර කලක් බලන් හිටියද ඔයාව ලබාගන්න... ඇයි මේ දේ කියන්න ඔයා මෙච්චර පරක්කු උනේ.... ඇයි ඔයාගෙ පුංචි කෙල්ලව මේ තරම් ඇඬෙව්වෙ..?”

    මගේ හිත ඇතුළෙන්ම, දිනූෂීගෙ කටහඬ දෝංකාර දෙන්න ගත්තා.. මෙච්චර කාලයක් හිතේ තිබ්බ දරා ගැනීමේ ශක්තිය ඩිංගෙන් ඩිංග ඉරි තලන විත්තිය මට තේරුණා.. අම්මයි තාත්තයි දුවගෙන ඇවිත් මගේ අත් දෙකෙන් තද කරලා අල්ලගන්නවා මට දැනුණා.

    “අතාරින්න මාව..! දෙයියන්ගෙ නාමෙන් මාව අතාරින්න තාත්තෙ.... ඇයි උඹ මාව අල්ලන් ඉන්නෙ.. මේ බලන්න... මේ බලන්න මගේ දිනූෂි, මාව දාලා ගිහිල්ලා.. එයාගෙ නුවන්ව මේ ලෝකෙ තනි කරල දාලා එයා යන්නම යන්න ගිහිල්ලා.. මාව කවදාවත් නැති කරගන්නෙ නෑ කියපු පුංචි කෙල්ල මාව දාලා ගිහිල්ලා.. අනේ.... අනේ... මට මුළු ලෝකෙම නැතිවුණා දිනූ... මට මුළු ලෝකෙම නැතිවුණා.... මං කොහොමද ඔයා නැතුව ජීවත් වෙන්නෙ..”

    දිනූෂිගෙ සීතල සිරුර බදාගෙන මං පිස්සෙක් වගේ කෑගැහුවා.. ඒ වෙලාවෙ වෙනකොට මුළු ගෙදරම යක්කු නටපු පිට්ටෙනියක් වගේ වෙලා තිබුණා.. දිනූෂිට අවසාන ගෞරව දක්වන්න ආපු අයත් කලබල වෙලා හිටියෙ.. තාත්තයි අම්මයි මාව ආයෙම අල්ලගන්න හැදුවත් මං ඒ දෙන්නව පැත්තකට තල්ලු කරලා දැම්මා.. මං ඒ දෙන්නා දිහා බැලුවම දැක්කෙ ඒ දෙන්නත් මහා හයියෙන් අඬනවා.. දෙයියනේ..... මගේ දිනූෂි... මං කොහොමද ආයෙ ඔයා එක්ක කතා කරන්නෙ.. මං කොහොමද ඔයා ළඟට තුරුලු වෙලා ඉන්නෙ.. ඔයා කිව්වා නේද වස්තුවෙ මට තුරුළු වෙලා ඉන්න ආසයි කියලා.. ඉතිං මං ආවෙ ඔයාව ආදරෙන් තුරුලු කරගන්න... ඒත් මගෙ වස්තුවෙ ඔයා.... ඔයා මේ ලෝකෙ දාලා සදහටම යන්න ගිහින්.. ඇයි මට මේ තරම් වේදනාවක් දුන්නෙ.. ඇයි මාව මේ ලෝකෙ තනිකෙරුවෙ.. මුළු මළගේම දෙදරලා යන්න මං මහා හයියෙන් ගැහුවා..

    තවත් ටික වෙලාවක් යද්දි අම්මයි තාත්තයි මාව එළියට ඇදගෙන ආවා..

    “අනේ ඇයි මට වද දෙන්නෙ..... ඇයි මට මෙහෙම කරන්නෙ...... මාව අතාරින්න අම්මෙ... මාව අතාරින්න.. මට මගේ වස්තුව ගාවට යන්න ඕනෙ.. මට එයා නැතුව ඉන්න බෑ.. එයා තමයි මට මේ ලෝකෙ වටිනම වස්තුව.. ඒක ඔයාලා දන්නෑ....... ඔයාලා දන්නෑ අම්මෙ... මාව අතාරින්න...” මං සිහි විකලෙන් වගේ කෑගහද්දි අම්මා අතින් කට වහගෙන අඬන්න ගත්තා.

    “අනේ දරුවො.. අපි කියන දේ අහලා දැන් යමු... එයා ආයෙම ඔයාගෙ ලෝකෙට එන්නෑ..... එයා දැන් අපිව දාලා ගිහින්...”

    “ඔයාලට පිස්සු........... මගේ කෙල්ල මාව දාලා යන්නෑ.. මං දන්නවා එයාට මං නැතුව ඉන්න බෑ කියලා........”

    එහෙම කියද්දි තාත්තයි අම්මයි එකතුවෙලා මාව බලෙන්ම වගේ වාහනේට දාගත්තා.. ඊට පස්සෙ ගෙවිලා ගියපු දවස් දෙක ගැන නම් මට ඒ තරම් මතකයක් තිබුණෙ නෑ.. මං හිටියෙ දිනූෂිත් එකක්.. කවුරුවත්ම නැති පාලු ලෝකෙක තනිවෙලා.. දිනූෂිගෙ අවසන් කටයුතු කරන දවසත් ඊළඟට උදාවුණා.. ඇත්තටම ඒ වෙනකොට මං හිටියෙ පියවි සිහියෙන් නෙමේ.. ගෙදර කා එක්ක වුණත් මං වැඩිය කතා කරේ නෑ.. දිනූෂිව තැන්පත් කරපු චිතකයෙ, සුදු පාට ඉටි රෙදි පිච්චිලා, කහ, කලු, දුඹුරු පාට දුම් කැරලි මුලු අහසෙම පිරිල යද්දි හිත් පිත් නැතුව වගේ මං ඒ දිහා බලන් හිටියා. හිත ගිණිබත් කරල දාන දුක් ගොන්න වේදනාවෙන් පෙර පෙරී ඇදෙද්දි කර කියාගන්න දෙයක් නැතුව මං ඔහේ බලන් හිටියා.

    “මට ඔයා නැතුව ගොඩක් පාලුයි රත්තරනේ.. අනේ ඉක්මනින් එන්න.... මට ඔයාට තුරුලු වෙලා ඉන්න ඕනි...”

    දිනූෂී ආදරෙන් ඒ වදන් කියපු විදිය... ඒ අහිංසක කෙල්ල මට තුරුලු වෙලා ඉන්න මොන තරම් ආසාවෙන්ද ඉන්න ඇත්තෙ..අතීතයෙන් ඇහෙන බොහෝ දේවල්, හිත ගිනිබත් කරල දාලා ඇවිලෙන්න අරන්. සුසාන බූමියෙ ඉතුරු වෙලා ඉඳපු හුඟාක් අයගෙ ඇස් යොමුවෙලා තිබ්බෙ මං දිහාට.. කම්මුල් දිගේ ගලාගෙන යන කඳුළු බිංදු බිමට බේරෙද්දි මං, ගිණිගෙන දැවෙන චිතකය හිදාට ඔහේ ඇවිදගෙන ගියා..

    “අනේ මගේ කොල්ලව අල්ලගන්න.....” අම්මා මහා හයියෙන් තාත්තට කියන හඬ මට ඈතින් වගේ ඇහුණත් මං නැවතුනේ නෑ. රතු පාට දුම් ගුලි අහසට එක සැරේට පාවෙද්දි මුළු ලෝකෙම කර කැවෙනව වගේ මට දැනුණා. ඒ එක්කමයි මං මහා හයියෙන් කෑගැහුවෙ.

    “දිනූ... මගෙ රත්තරං.. ඇයි ඔයා මාවත් අරන් ගියේ නැත්තෙ..? ඔයාගෙ ජීවිතේ මොන තරම් ලස්සන බලාපොරොත්තු තිබුණද..! අනේ දෙයියනේ.. මං කොහොමද දැන් ඔයා නැතුව ජීවත් වෙන්නෙ.. ඇයි මාව මෙහෙම තනි කලේ... ඇයි... ඇයි දිනූ මාව මෙහෙම තනි කලේ..”

    කිතුල් රැහැන් වලින් කෙසෙල් කඳන්වලට හයි කරලා චිතකය වට කරලාතිබ්බ මල් වැට, ළඟට යනකොට මගේ දෙපා බිමට නැමුණා. කෙසෙල් කඳක මුණින් අතට නවලා තිබ්බ මුට්ටියක් සුදු විසුණු වෙලා යන්න ගහපු මං වටපිට බැලුවා. තාත්තයි, අම්මයි දෙන්නම විදුලි වේගයෙන් මං දිහාට දුවන් එනවා මං දැක්කා.. ඒත් පිච්චිල යන චිතකය අස්සෙ, ආදරේ පිරුණු හිතත් එකක්. දිනූෂිව පිච්චිලා යන විදිය මැවෙද්දි මං ආයෙමත් කෑගැහුවා.

    “මාව දාලා යන්නෙපා දිනූෂි.. මට මෙහෙම කරන්න ඔයාට බෑ රත්තරං.. ඔයා කොහොමද මාව දාලා ගියේ.. ඔයාට මාව දාලා ඩිංගක්වත් මතක් වුනේ නැද්ද දෙයියනේ..”

    ඩිංගකින් මුළු මහත් වටපිටාවම අඳුරු පාටට හැරෙන විත්තිය මං දැක්කා. මාව කොහේදෝ ඈතකට පාවෙලා යන විත්තියත්, මගේ හිතට තේරුණා.. ඊටප ස්සෙයි මට හැමදේම පේන්නැතුව ගියේ..

    ආයෙම මට සිහිය එනකොට මං ගෙදරට ගෙනැල්ලා තිබුණා. දිනූෂිගෙ අහිංසක මූණ, හිත උඩ ඉබේටම වගේ මැවෙද්දි මගේ පපුව හිරවෙනව වගේ මට තේරුණා.. ආයෙ කවදාවත් දිනූෂි මගේ ඇස් ඉස්සරහට එන්නෙ නෑ කියලා තේරුම් ගියාම මට මහා සද්දෙට හැඬුම් අවා.

    “මාව මෙහේට අරන් ආවෙ ඇයි..? මට.. මට දිනූෂීව බලන්න ඕන.. මට එයාව බලන්න ඕන.. මට එයා නැතුව ඉන්න බෑ කියලා ඔය දෙන්නට තේරෙන්නෙ නැද්ද..?”

    “අපි කොහොමද පුතේ ඒක කරන්නෙ..? ඔයාගෙ දුක අපිට නොතේරෙනවා නෙමෙයි දරුවො.. හිත හදාගන්න බලපං.. කොයි දේත් වෙන්නෙ මිනිස්සුන්ටනේ මගෙ රත්තරනේ.. මං කොහොමද ඔයාට ඒ දරුවව ආයෙම ගෙනත් දෙන්නෙ.. එයා අපිව දාලා යන්න ගියා පුතේ.. එයා අපිව දාලා ගියා..” අම්මත් මගේ දිහා බලන් මහා හයියෙන් අඬන්න ගත්තා.

    “නෑ... මට දිනූෂි ගාවට යන්න ඕන... මට යන්න දෙන්න... මං එයා ඉන්න ලෝකෙට යනවා....... මට එයා කතා කරනවා.. එයා මං නැතුව පාලුවෙන් ඉන්නෙ අම්මෙ.. එයාට මාව තුරුලු කරගෙන ඉන්න ඕනෙලු..... මං යනවා අම්මෙ.. මං එයා ඉන්න දිහාට යනවා.... මට එයා තරම් වටින වස්තුවක් මේ ලෝකෙ නෑ............”

    මං එහෙම කියද්දි අම්මගෙ ඇස්වලින් කඳුළු පොදියක් කඩන් හැලෙන හැටි මං දැක්කා.. ඒත් මට දුකක් දැනුණෙ නෑ.. වෙනද අම්මගෙ කඳුළු වලට උණුවෙන මගේ අහිංසක හිත අද මං ගාව තිබ්බෙ නෑ.. ඒ දුකටත් වඩා මට මගේ දිනූෂි තැනි දුක ලොකුවටම දැනෙන්න ගත්තා.. එයා මගේ ලෝකෙට ආයෙ එන්නෑ කියලා මගේ හිත මහා හයියෙන් කෑගැහලා මට කිව්වා.. ඒ අහිංසක කෙල්ල මගේ ආදරෙත් එක්කම ඒ පාලු භූමියෙ මිහිදන් වෙලා ගිහින් තිබුණා.. එතැන ඉදලා දවස් කීයක් ගෙවුණද කියලා මගේ මතකයෙ තිබ්බෙ නෑ..

    වැහි බීරුමට මුළු අහස් කුසම ඉකි ගහද්දි ජීවිතේ මං ප්‍රාර්ථනා කරපු අවසාන හෝරාව උදාවෙලා තිබුණා.. මං හැන්දෑ වෙලාවක ගෙදරින් එළියට බැස්සෙ මං දිනූෂිගෙ ලෝකෙට යනවා කියල හිතාගෙන.. මං ඒ වෙනකොට හිටියෙ අපේ ගෙවල් පැත්තෙ තියෙන රේල් පාර උඩ.. මං බලාන හිටියෙ කෝච්චියක් ඇවිත් මාවත් දිනූෂිගෙ ලෝකෙට අරගෙන යනකන්.. ඒත් ඒ එක්කම..

    “අනේ මගේ රත්තරන් පුතේ.... ඔයා මේ මොනවද කරගන්න හදන්නෙ...... අනේ...” මගේ අම්මා මහා හයියෙන් අඩාගෙන මගේ ගාවට දුවගෙන ආවා..

    “මං යනවා අම්මෙ දිනූෂි ගාවට... මට එයා නැතුව ජීවත් වෙන්න බෑ...” මං අම්මගෙ මූණ බලන්නෙ නැතුව කියාගෙන කියා.

    “ඔයා කොහොමද මගේ පුතේ මාව දාලා යන්නෙ.. මං කොහොමද ඔයා නැතුව ඉන්නෙ.. මෙච්චර දුක් විඳලා අපි ඔයාව හැදුවෙ මෙහෙම අපරාදයක් කරගන්නද..? ඔයා නැතිවුණොත් මාත් මේ ලෝකෙන් යන්නම යයි... තාත්තටත් ඔයා නැතුව ජීවත් වෙන්න බෑ මගේ රත්තරං පුතේ.... මේ අහිංසක අම්මයි තාත්තයි ගැන හිතලවත් අපි ආපහු ගෙදර යමු......... මං ඔයාට වැඳලා කියන්නම්...” මගේ අම්මා මගේ ඉස්සරහ අඬා වැටෙන්න ගත්තා.. ඒ අහිංසක මූණ දිහා බලාගෙන මට මගේ ජීවිතේ නැති කරගන්න හිතුනෙ නෑ.. ඒත් මගේ දිනූෂිව මතකයට එනකොට ඒ හැමදෙයක්ම අමතක වෙලා ගියා.. ඒත්....... මගේ ජීවිතේ නැතිවුණොත් මගේ අම්මටයි තාත්තටයි මොකද වෙන්නෙ.. එයාලා මාව මොන තරම් අමාරුවෙන්ද මේ තැනට ගෙනාවෙ.. මං වෙනුවෙන් මොන තරම් දුක් වින්ඳද.. එහෙම එකේ මං කොහොමද මගේ රත්තරං අම්මවයි තාත්තවයි දාලා යන්නෙ.. මං දෙලොවක් අතර තනි වුණා..

    “මට සමාවෙන්න දිනූෂි........ මට සමාවෙන්න.. මට මගේ අම්මයි, තාත්තයි මේ ලෝකෙ තනිකරලා ඔයා ගාවට එන්න බෑ.... මාත් එක්ක තරහ වෙන්න එපා දිනූෂි..” මං මහා හයියෙන් අඬ අඬාම කිව්වා.. මට හීනෙන් වගේ ඇහුනෙ “අනේ රත්තරං මං ඔයා එක්ක කොහොම තරහ වෙන්නද..?” කියලා දිනූෂි කියනවා... අම්මා ඒ එක්කම මාව තුරුලු කරගෙන අඬන්න ගත්තා.. වටපිටාවෙ ඉන්න අය අපි දිහා බලන් ඉන්න විදිය මං දැක්කෙ පස්සෙයි..

    “පුතේ මේ මිනිස්සුත් අපි දිහා බලනවා.. එන්න අපි ගෙදර යමු.....” එහෙම කියලා අම්මා මගේ අතින් අල්ලගෙනම ගෙදරට එක්කගෙන ගියා..

    මං එදා ඉඳන් අද වෙනකනුත් දිනූෂිගෙ ආදර මතකයන් එක්ක ජීවත් වෙනවා.. මට මගේ ජීවිතේ නැති කරගෙන දිනූෂි ගාවට යන්න හිතුණත් මට එහෙම කරන්න බැරි වුණේ මගේ අහිංසක අම්මයි තාත්තයි නිසා.. ඒ කොහොම උනත් මගේ හිතින් දිනූෂිගෙ මතකය, දිනූෂිගෙ ආදරය, ඒ අහිංසක හිනාව, ඒ අහිංසක කතාව බින්ඳක්වත් මැකිලා ගියේ නෑ.. මගේ ජීවිතේ අවසානය වෙනකම්ම ඒ මතකයන් එක්ක මං ජීවත් වෙයි.

    fdgdg.gif
     
    අඩෝ මේක සිරාවටම ඇත්ත කතාවක්ද බං??
    අම්මට හුඩු යකෝ..
    අඩෝ පව් බං සිරාවට ඒ කොල්ලා...!!
    මේක කියෙව්වට පස්සෙ මටත් මොකක්ද වුණා වගේ බං....
    කට උත්තරත් නෑ බං...
    මොනව කියන්නද කියල හිතා ගන්න බෑ.....
    අම්මට හුඩු යකෝ..
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    10,700
    1
    5,656
    113
    Sri Lanka
    සිරාවටම ඇඩුණා මචන්. උඹ කතාවක් විදිහට ලියලා තියෙනවා. එක ත්‍රෙඩ් එකකදි මට මතකයි කෙනෙක් කිව්වා ඔය සීන් එක වගේ එකක් (බූට් ත්‍රෙඩ් එකක) මං හිතන්නෙ මේ එයාගෙ කතාව තමයි. මටත් කවුද කියලා මතක නෑ. එදත් ඔය කතාව දැක්කම මාර දුක හිතුනා. ඒත් උඹ ලියලා තියෙන විදිහට ඇඩෙනවා.
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    anee paw ane ahinsaka aadarayak ..ai deiyane eyalata mehema une..,
    mata monawa kiyannada kiyala hitha gannawath baha......:(:(