බැට්ස්මන් කෙනෙක්ට තැන දීලා පොඩ්ඩක් පස්සට ගිහින් ගැහුවනම් සමහර විට ඔය වගේ එකෙක් දෙන්නෙක් මත ඩිපෙන්ඩ් නොවී ටීම් වර්ක් එකක් හැටියට සෙල්ලම් කරන්න තිබ්බා. දෝනි උනත් විකට් කීපින් නොදුන්නට කෝලිලට තැන දීලා ප්රෙශර් මැච් වල පස්සෙන් ආවා. ගොඩක්ම ප්රෙශර් තැන් වල ඌ ටූ ඩවුන් වගේ ඇවිත් ප්රෙශර් එක ගත්තා යට උන්ට නොදී. අපේ උන් කරේ ඒකේ අනික් පැත්ත විශේශයෙන්ම බෝලේ හොඳට ස්වින් වෙනවනම් මහේලලා බයේ බෝලේ පරණ වෙනකන් අලුත් උන්ව බිල්ලට දීලා යටින් ආවා. පිච් එක ෆ්ලැට් නම් උඩින් ආවා. අඩුම තරමේ ප්රෙශර් නැති මැච් වලවත් අලුත් එකෙක්ට අත්දැකීමක් ගන්න හැදෙන්න චාන්ස් දුන්නේ නෑ. නැත්තෙම නෑ දුන්නා ඒත් එක දිගට දුන්නේ නෑ. බලපන් ඩිවිලියර්, මයිකල් ක්ලාක් උනත් එහෙමයි. මහේලලා හැදුනෙත් බං අර්ජුන නිසා. අර්ජුන තමයි එදා මෙදා තුර අපේ රටේ බිහි උන දක්ෂම හොඳම නායකයා . නැත්නම් එදා අඩු ලකුණු වලට විකට දෙකක් ගිය ෆයිනල් එකේ අපේ උන් 150 ට ඕල් අවුට් වෙනවා. ඒ වගේම නවකයෝ ආවම උන්ට තැන දීලා පස්සෙන් ගැහුවා. රෙකෝර්ඩ් පස්සේ පන්නගෙන ගියේ නෑ බං. මම මේ මැච් එක පැරදුනු නිසා උන්ට බනිනවා නෙමෙයි. මගේ පරණ ක්රිකට් ත්රෙඩ් වල කමෙන්ට් වලත් සංගා මහේලට මම මේ කතාවම කියලා ඇති. අපිට ඕනේ සංගගේ 100 හතරක් නෙමෙයි බං. ටීම් වර්ක් එකකින් සෙල්ලම් කරන කණ්ඩායමක්. 2014 fifa world cup එක Germany ය දිනුවේ උන්ට නෙයිමාර්, මෙසී, සිල්ව, ඩියාගෝ, රොබෙන් වගේ එකා දෙන්න වැඩ පෙන්නන සුපර්ස්ටාර්ලා හිටියේ නැති නමුත් ටීම් වර්ක් එක හොඳටම තිබ්බ ටීම් එක වෙච්ච නිසා. 2014 අපි කප් එක දිනුවෙත් ටීම් වර්ක් එක හොඳට තිබ්බ නිසා. වර්ල්ඩ් කප් කන්ඩිශන් වලට හොඳටම් හුරුවෙන්න හොඳම චාන්ස් එක ලැබුනේ අපිට. ඒත් ඒකෙන් වැඩක් ගත්තේ නෑ හරියකට. සංගයි මහේලයි ගියා දැන් වත් චන්දිමාල් තිරිමාන්නට අසාධාරණයක් වෙන එකක් නෑ ටීම් එකේ කියලා මම විශ්වාස කරනවා. එදාට උන් දෙන්නා හොඳට සෙල්ලම් කරන්න ගත්තොත් උඹට අනිවාර්යයෙන්ම පිලිගන්න වෙනවා සංගයි මහේලයි දෙන්නත් මේකට වගකියන්න ඕනේ කියලා. නමුත් උන් දෙන්නා ඒත් දිගටම ෆේල් වෙන්න ගත්තොත් මම කියපු දේ වැරදි කියලා පිලි ගන්නවා.