එංගලන්තය සහ ඉන්දියාව අතර දෙවන T 20 තරගයේදී ඉන්දීය විනිසුරු C Shamshuddin ලබාදුන් වැරදි තීරණ තරගයේ තීරණයට ඍජුවම බලපෑම් කල බවත් ඒ තීරණ ලබාදුන් විනිසුරු සම්බන්දව පියවරක් ගන්නා ලෙසත් ඉල්ලමින් එංගලන්ත නායක ඔයින් මෝගන් තරග තීරක වරයාගෙන් ඉල්ලා ඇත.
ඊයේ පැවති තරගයේදී ඉන්දීය නායක කෝලි ලකුණු 7ක් ලබාසිටියදී කඩුල්ල මුවා කිරීමේ වරද කලද ඒ අවස්ථාවේ නොදැවුණ ක්‍රීඩකයෙකු ලෙසද,අවසන් පන්දු වාරයේ තීරණාත්මක පළමු පන්දුවේදී ලකුණු 38 ක් ලබා සිටි ජො රූට් පිත්තේ වැදී පා ආවරණයේ වැදුන පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස ලබා දුන් තීරණ මෙලෙස මත බේදයට තුඩු දී ඇත.
ශ්‍රී ලංකාව අවසන් වරට ඉන්දියාවේ සහභාගී වූ T20 තරගාවලියේ පළමු තරගය ජය ගැනීමෙන් පසු දෙවන සහ තෙවන තරග වල ඉන්දීය විනිසුරුවන් ලබාදුන් ඇතැම් තීරණ දැඩි ලෙස වැරදි සහගත වුවද ශ්‍රී ලංකා කණ්ඩායම එයට එරෙහිව පියවරක් ගත්තේ නැත










ada man le dunna man lankawata avilla giye October wala 

kalekin dakke...