ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් ඇතුළත් කිරීම සඳහා තමන්ට අල්ලස් දීමට කළ උත්සහායක් පිළිබඳ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු හෙළි කළේය.
ඒ ඊයේ (17දා) බීබීසි සේවය සමග ෆේස්බුක් සජීවී සංවාදයකට එක්වෙමිනි.
ඔවුන් පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට පැමිණිලි කළ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
“මටත් අල්ලස් දෙන්න කතා කරලා තියෙනවා ක්‍රීඩකයෝ කණ්ඩායම්වලට ඇතුළත් කරන්න කියලා, මම මේක මේ වෙනකොටත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට කියලා තියෙනවා. මේක මම ඊයේ (ජනවාරි 16) දිනයේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ ප්‍රධානියාට ලබා දුන්නා,
එතුමා ඔළුවේ අත තියා ගත්තා. මමත් ඔළුවේ අත තියාගත්තා මේක මට ආපු වෙලාවේ, මම හිතුවා මේක මට ආපු ලණුවක් ද කියලා මාව අල්ලගන්න, මම හිතන්නේ නැහැ මේවා ලංකා ඉතිහාසයේ කවදාවත් වුණ දේවල් කියලා," අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.